December 15, 2023

නව විද්‍යාත්මක තොරතුරු කිහිපයක් කෙටියෙන් (Some new scientific information in brief)

 1.ගණිතය සහ කෘත්‍රිම බුද්ධිය එක්වීමෙන් ගැටළු විසඳීමේ නව යුගයක්  

යන්ත්‍ර ඉගෙනීම යනු AI හෙවත් කෘත්‍රිම බුද්ධියේ උප ක්ෂේත්‍රයකි, එහි පරිගණක වැඩසටහනක් විශාල දත්ත කට්ටල මත පුහුණු කර නව රටා සොයා ගැනීමට සහ අනාවැකි සැකසීමට ඉගෙන ගනී. ශුද්ධ හා ව්‍යවහාරික ගණිතය සඳහා වූ නව Richard N. Merkin මධ්‍යස්ථානය විසින් ප්‍රථම වරට ආරම්භ කරන ලද ගණිතය සහ යන්ත්‍ර ඉගෙනුම් 2023 සම්මන්ත්‍රණය, කැල්ටෙක් (Caltech) හිදී දෙසැම්බර් 10-13 පැවැත්වේ. එය යන්ත්‍ර ඉගෙනුම් මෙවලම් සංවර්ධකයින් (දත්ත විද්‍යාඥයින්) සහ ගණිතඥයින් අතර පරතරය පියවීමට උපකාරී වනු ඇත.https://youtu.be/Cuel7sog-vk?t=9

  

2.ස්ථර 5 හේ  ග්‍රැෆින් ඉතා දුර්ලභ ඉලෙක්ට්‍රොනික ලක්ෂණ පෙන්වයි.

ග්‍රැෆීන් යනු honeycomb (පැණි වද ) රටාවකින් සකස් කර ඇති කාබන් පරමාණුවල ද්විමාන ස්ඵටිකයක් වන අතර, එහි ඉහළ විද්‍යුත් සන්නායකතාව, සුවිශේෂී ශක්තිය, සුවිශේසි ලෙස බරෙන් අඩු (සැහැල්ලු) වැනි විශ්මයජනක ගුණාංග 2004 දී ප්‍රථම වරට සංස්ලේෂණය කිරීමට පෙර පවා හඳුනාගෙන ඇත. බහු ස්ථර වල ග්‍රැෆීන් ගොඩගැසීම නිසා සුපිරි සන්නායකතාවය සහ "පැතලි" ඉලෙක්ට්‍රොනික පටි ඇතුළුව අසාමාන්‍ය ඉලෙක්ට්‍රොනික හැසිරීම් රාශියක්ද දිස්වේ. දැන් එක්සත් ජනපදයේ පර්යේෂකයන් තවත් එකක් සොයාගෙන ඇත. එය නම් බහු ෆෙරොයිසිටි නම් දුර්ලභ ඉලෙක්ට්‍රොනික තත්වයයි.  මේනිසා අනාගත ග්‍රැෆීන් පාදක උපාංගවල ගබඩා කර ඇති තොරතුරු ප්‍රමාණය දැන් මෙන් දෙගුණයක් විය හැකිය.

3.හුස්ම ගැනීමෙන් පාලනය වන රොබෝ තුන්වන හස්තය

 

මිනිසුන්ට ඔවුන්ගේ ඇස් සහ පපුවේ මාංශ පේශි භාවිතයෙන් රොබෝ අතක් තමාගේ තුන්වන අතක් ලෙස පාලනය කිරීමට ඉගෙන ගත හැකිය. එවැනි අමතර අත් පා ශල්‍ය වෛද්‍යවරුන්ට හෝ කාර් මික රැකියාවල නියුතු පුද්ගලයින්ට අත්‍යවශ්‍ය මෙවලම් බවට පත්විය හැකි බව පර්යේෂකයෝ පවසති.

Dominijanni සහ ඇයගේ සගයන් විසින් VR පරිසරය තුළ සැබෑ රොබෝ තුන්වන අත් සහ අතථ්‍ය ඒවා නිර්මාණය කරන ලදී, සියල්ල අක්ෂි චලනයන් සහ ප්‍රාචීරය හැකිලීම් වල එකතුවකින් පාලනය වේ. පරීක්ෂණවලදී, ස්වේච්ඡා සේවකයන් 65 දෙනෙකුට ඔවුන්ගේ සාමාන්‍ය හුස්ම ගැනීමට, කථනයට හෝ දර්ශනයට බාධාවක් නොවී තෙවන රොබෝ අතින් කාර්යයන් රාශියක් සාර්ථකව සිදු කිරීමට හැකි විය.

https://youtu.be/aJXVnPGCCck?t=3

අන්තර් ජාලයෙන් 

 

0 comments:

Post a Comment