goosebumps - හිරිගඬු!


ආදරණීය "ගූස් බම්ප්ස්" වෙත,

ඉරු බැස යන පිණි හැලෙන සන්ධ්‍යාවේදී....

අද උදැහැනැක්කේ බසයේදී බඹරාගේ පපු කැනැත්තට තුරුලු වූ ගූස් බම්ප් වූ ලස්සන බෙල්ලත් දෑතත් තිබුන ලස්සන ළමයෝ, ඔයාටයි ආදරය කැටි වුනු ලියුම...

බඹරාගෙන්....

අද උදෑසන බස් එකේ හරිම සෙනඟ!

උදේ වෙනද යන බස් දෙකම නැහැ. ඉතින් තදබදය අහන්නත් දෙයක් ද නේද?

ඔයා හැමදාම මේ රූට් එකේ යන එන සුකුමාලියක් නං නෙමෙයි කියල දැක්ක වෙලේම හිතුන. ඉස්සර දොරෙන් නැඟපු ඔයා සෙනඟ මැද්දෙන් තල්ලු වෙලා තල්ලු වෙලා ඇවිල්ල මේ බඹරා ලඟටම! ඉස්සෙල්ලම බඹර නැහැයට සංවේදනය උනේ ඔයාගෙ අපූරු සුවඳ. ඒක නහය කඩාන යන එකක් නම් නෙමෙයි. හරිම සෞම්‍ය සුවඳක්. පිනි වැහි මැද දේදුන්නක් පායනවා වගේ ඔයා එක පාරටම සෙනඟ මැද්දෙ පෑව්වා. ඒ මහ සෙනඟ මැද්දෙන් ඇවිල්ල ඔයා හිටං ඉදල එක සැරේම හනි හනිකෙම මේ බඹරගෙ පපු කැනැත්තට තද උනාම ඒක හරි අපූරු දෙයක් උනා නෙව. ඒ කතාව කෝම කියන්නත් මේ අකුරු කන්දරාව මදියි කියල හිතෙනව.

ඔව්! මේ අමාරුවෙන් හිතත් ගතත් පාලනේ කරං උන්නු උස කැත බඹරාගේ ලියමන. නම නොදන්න ඔයා ගූස්බම්ප්ස් ට!

ඉතින්,

ඔයාට කොහොමද ගූස් බම්ප්ස්! ඒ නම ලස්සනයි නේද ළමයෝ? මේ අවිහිංසක බඹර ඔයාට දාන නම ඒක. "ගූස් බම්ප්ස්" කියන්නෙ ඇඟේ හිරිගඬු පිපිල හිටං අත පයේ සහ සරීරෙ රෝම කූප බිබිලි දාල වගේ මුල් ඉලිප්පිලා ඉස්සිලා කෙලින් වෙන එක.

අපි කතාවට කියන්නෙ වස්තුවේ ඇඟේ මයිල් කෙලිං වෙනවා කියලා!

ගූස් බම්ප්ස් දන්නවද ඒම වෙන්නෙ කෝ වගේ වෙලාවට ද කියලා? 

සමහරු බය උනාමත්, සමහරු ප්‍රීතිමත් උනාමත්, සමහරු අධික සතුටින් ඉද්දිත්, සමහරු හිතට යමක් දැනෙද්දිත් සහ ප්‍රසංශා ආදී දෑ හිමිවෙද්දිත් මේ ගූස් බම්ප්ස් හෙවත් රෝම කූප උද්වේගජනක ලෙස නැඟී සිටිම සිද්ද වෙනවා නෙව. අත්දැකීම් ඇති කියලා හිතනවා ඔය ඇත්තිටත්.....

ආ තව සීතලටත් වෙන්නේ ඕමම තමා! 

හුඟක් කෙලි පොඩිත්තියන් නම් ගූස් බම්ප්ස් හදාගන්නේ වස්තුවේ ඉස් ඉස්සෙල්ලම කොල්ලෙක්ට තුරුල් වෙන වෙලාවෙ...

ඉතින් පුංචි ගෑල්ලමයෝ.

බඹරා අහන්නෑ ඔයා කාටහරි තුරුල් වෙනවාද කියලා. 

බඹර හිතනවා අද උදෙ අනාරාධිතව දැවටුන මේ පපුව සමහර විටෙක ඔයා ඉස්සෙල්ලම ස්පර්ශයක් ලබපු දාඩිය ගඳ දැනුන නියම පිරිමි පපුව වෙන්නැති. ආන්න ඒ වෙලාවෙ බඹරා එක පාරටම දැක්කෙ ඔයාගෙ ගූස් බම්ප්ස්. අනේ එව හරි ශෝක් ළමයෝ. ඒ පුංචි පුංචි රෝම කූප හරි ශෝක්!

ඉතින් ළමයෝ............

ඔයාගෙ උද්දීපනය උන රෝම කූපයක් ගානේ පියඹා යන්නට බඹරා කොච්චර ආස උනාද කියනවද කියල හිතද්දිම කොහෙන්දෝ ආව පුංචි හුළං පාරක් ඕන් ඔයාගෙ කෙහෙ රැල්ල නලවලා බඹරාගේ මූණට ලං කෙරෙව්වෙ ගූස් බම්ප්ස් ගෙ සොභාවික සුවඳ බඹරාගේ නැහැයෙ පුරෝමින්. අනෙ අම්මෝ ඒක..

බඹරාගේ සිත වන මලක් ලඟදි වගේ පිබිදුනා. හැබෑට ඔයා මලක් නෙව. අපූරු සුවඳැති මලක්. එහෙව් මලක් ලඟ ඔකඳ වෙන්න බැරි නම් බඹරගෙ ඇති බඹරකමින් වැඩකුත් නෑ. එහෙව් මොහොතෙ තව බ්‍රේක් පහරවල් කිහිපයක් ඔයාව ගූස්බම්ප්ස්,  බඹරගෙ පපුවෙ හෙමින් ඝට්ටනේ කෙරෙව්ව මතකද? ඒක හරි මිහිරියි බඹරට නං.

ඔව්, බඹර දන්නව. බඹරාගෙ අතේ තිවුන කෑම පාර්සලේ බිරිඳ හදලා දුන්න එකක් තමා කියල ඔයා අනුමාන කරපු එක අතිශයින්ම නිවැරදියි. ඔයාට වරදින්නෑ පුංචි ලමයෝ එහෙම. හැමවෙලාවෙම ඔයා තමා හරි!

ඒත් අපි ඒ සිතුවිලි ඉවතලමු! තව බිරිඳක් ගේන්න උනත් මේ බඹරාගේ බඹරකම විසාලයි. ඒ බත් මුලේ තිබ්බ බීට් කොල මැල්ලුමෙන් ටිකකුයි සෝයා මීට් ඇබින්දකුයි කැකුළු හාල් බත් එක්ක අනල බත් කටක් කමුද අහන්න හිතුනට වචන ආවෙ නෑ. ඒ වෙලේම මේ බඹරා හිතාගත්තා ඔයාට ලියුමක් දෙනවාමයි කියල.

ඒ සේරටම හේතුව,ඇඟ පුරා බෙල්ලෙ, දෑතේ හිරිඟඩු පිපුනු ලස්සන පුංචි දුඹුරු පාට ගෑල්ලමයෙක් බඹරාගෙ පපුව අසබඩ නිසා. කාලෙකින් නෙව.

ඉතින් ඒක දැනුනා.

ඉතින් දුඹුරු ගෑනු ළමයෝ,

හිරිගඬු පිපෙන්නම සිපගන්න හෙමින් ඔය මල් පෙති වගේ තොල්, බඹරාට අවසරද? ගූස් බම්ප්ස් දිගේ හෙමින් හෙමින් හුස්ම ගැටෙන්නටම සුසුම් හෙලන්න අවසරද? ඒ ගූස් බම්ප්ස් මත්තෙන් බඹර ඇඟිලි තුඩු හෙමින් සිතුවමක් මත්තේ සියුමැලිව ඇලී ගැලෙන පින්සලක් වගේ එහෙ මෙහෙ ගෙනියන්න අවසරද?

දුඹුරු පාට ළමයෝ, සෙනඟ මැද්දෙම දෑස් දිහා බලාන හෙමින් හෙමින් ඔයාට අනුරූපව එකම රටාවකට හුස්ම උඩ පහලට දාන්න අවසරද? හෙමින්ම හෙමින්ම ලං වෙලා ගූස් බම්ප්ස් ගෙ ගූස් බම්ප්ස් පිරුණ කම්බුලක දැවටෙන්න අවසරද? සෙනඟ මැද්දෙන් ඉන වටේ අත දාගෙන පරෙස්සමින් අල්ලාගෙන ඉන්න අවසරද? හෙමීට අනිවාර්යයෙන්ම ගූස් බම්ප්ස් හුගක් පිබිදිලා ඇති ඔයාගෙ පුංචිවට තිවුනු ඒ දෙන්නව බඹර පපුවට තද කරගන්න නම් අවසර ඕනි මයි. මේ බස් එකේ හොරෙන් කෙරෙන්නට ඇහැකි ඔච්චරයි නෙව...

සේරමටත් වඩා මේ පපුවේ රෝම කූප අතර ඔය චූටි ඇඟිලි එහෙ මහෙ යවන ගමන් හොරෙන් හොරෙන් පුංචි තොල් තොත්තුවකුත් ලැබුන නම් තමා ගමන සම්පූර්ණ වෙන්නෙ ළමයෝ...

ඉතින් ගූස් බම්ප්ස් ලමයෝ,

මේ බඹරා විවාපත් වුනත් එකයි නැතත් එකයි එයා කවදත් කැමැතියි ගෑල්ලමයින්ට. ඉතින් බසයේදී හම්බු උන ඔයාටත් ඒ කැමැත්ත ඇති වෙලා නිසා මේ ලියුම ලියනවා. ඒ ලියුමට පිළිතුරක් අත්‍යවශ්‍යයි.

ඒ නිසා මෙතනින නවතින ඹබර උන්නාන්සේ මේ ලියුම පොකැට්ටුවේ රුවාගෙන හුඟක් පරෙස්සම් කොරලා තියාගන්නවා ගූස්බම්ප්ස්!

අද අහම්බයක හමු උනු නමක්, වයසක්, ලිපිනයක් නොදන්න පුංචි කෙල්ල, ඔයා ආයේ හමුවේවි අනිවාර්යයෙන්ම දවසක. ඒ දවසේ ඔයා ඉස්සරහ දන නමලා මේ ලිපිය ආදරෙන් ඔයාට තිළිණ කරන්නයි බලාපොරාත්තුව.

එතෙක් මේ බඹරා මේ ලිපිය පොකැට්ටුවේ සුරක්ෂිතව තියා ගන්නවා.

මිට ඔබට අදරැති බඹරා.
එකමත් එක දවසක බසයේ සිහිනයේ සිට.....

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form