Tuesday, November 21, 2023

සිත නිවන මෙලඩි

විශ්වීය සංගීතය ගැන මගෙ කලින් පෝස්ටුව ගැන වෙන තැනක අසංග දාල තිබුණු කමෙන්ට් එකක "ඔලුව අතගාන සංගීතය" ගැන කියලා තිබුණා. ඒක කියවපු වෙලාවේ ඉඳන් විටින් විට මට මතක් වුණු ගීත කීපයක් පහතින් දක්වනවා.

ඔබේ රසවින්දනය මගේ රසවින්දනයට සමපාත විය යුතුයි කියා දෙයක් නැතත්, මේවායේ මම දැකපු විඳීම ඔබටත් දැනෙයි ද කියලා බලමු...

මුලින් ම නිහඬබවේ හඬ...


මේක මට හමුවුණේ, ක්ලැරන්ස් ගේ හිරු සඳු මැකිලා ගීතයෙන්. මම සිංහල සිංදුව ප්ලේ කරලා අහන්න සැළැස්සුවාම, මගේ යාළුවෙක් වන කවිඳු ට, එයා මට කීවේ ඒ මෙලඩියේ මුල් ගීතය sound of silence බව...

මී ළඟට මයිකල් ජැක්සන්...

ඔබ තනිවී නෑ...


ලෙයොන් ද ප්‍රොෆෙෂනල් එකේ ස්ටිං හෙවත් මී මැසි දෂ්ටනයා ගේ හදවතේ හැඩය ත් අමුතු මෙලඩියක්.


සීතලෙන් ගල් වුණු මැඩෝනා...


ජෝජ් මයිකල් - ළදරුවෙකු වෙත ජේසුතුමන් වගේ...


කුළුබඩු කෙල්ලන් සදහට දිනේවා...


ඒ වගෙම තොටුපල අයිනෙ වික්ටර් රත්නායක...


සිහිල් සුළං රැල්ල ඊට හතයි!

ජෝන් ඩෙන්වර්, දාලා ගියපු ඇනීට කියන ගීතය, මම අහපු සුන්දර ම විරහ ගීයක්...


අවසානයට... ඔලිවර් ට්විස්ට් තමන්ගෙ දුක්බර ජීවිතය අවසානයේ, කරුණාවන්ත මහත්මයෙකුගේ රැකවරණය යටතේ නින්දට වැටිලා, දකින පළමුවෙනි උදෑසන මේ...

මේක ලියලා ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් කරලා තියෙද්දී, මේ සෙනසුරාදා දහයට සොඳුරු සඳවතිය මේ දවස්වල ඇහෙන සිංදු ගැන පෝස්ට් එකක් දාලා තිබුණා. ඒ ලිපියත් බලන්න මෙතනින් ගිහින්...

40 comments:

  1. හොද සිංදු ටිකක්...ලස්සන මෙලඩීස් තියෙන සිංදු ටිකක් තෝරලා තියෙන්නේ... ඔය ජෝන් ඩෙන්වර්ගේ ඇනී සින්දුවා ඩෙන්වර් ලියලා තියෙන්නේ එයා හිම ස්කේටින් කරන අතර තුර කන්දපහල ඉදන් ඉහලට කේබල් කාර් එකේ යනගමන් විනාඩි 10කින්. ඇනී කියන්නේ එයාගෙ ලව් එක.

    සවුන්ඩ් ඔෆ් සයිලන්ස් සිංදුවට මමත් කැමතියි. ඉස්සර රේඩීයො එකේ නිතර ගිය සිංදුවක් - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඇනීස් සෝං ගැන ඒ විස්තරය මම දැනං හිටියෙ නෑ. ඩෙන්වර් නිතර ම break up එකක් ගැන කියනවනෙ. දිස් ඕල්ඩ් ගිටා එකෙත් කියනව, ගැප් එකක් ගැන.
      https://youtu.be/zlKLtnbU0xE?si=fgxpF5KbR1AhcWO_

      සේම් ටේස්ට් කියල දැනගන්න සතුටුයි මෛයා...

      Delete
    2. මගේ කැමතිම සින්දුවක්. අවුරුදු ගානක ඉඳන් ගිටාර් එකෙන් ගහන්න ඉගෙන ගන්නවා තවම බෑ

      Delete
    3. Sound of silence ද, ඇනීස් සෝං ද?

      Delete
  2. වික්ටර්ගෙ සිහිල් සුළං තමා මුලින්ම ඉතින් මගේ මනාප.ඊට පස්සෙ sounds of silence ජෝර්ජ් මයිකල්ගෙ සමහර සිංදු වලට ගොඩක් ආසයි.මේකටත් ටිකක් මනාපයි.

    https://kavisandalla.blogspot.com/2016/08/blog-post_55.html?m=1
    ඔය තියෙන්නෙ මගේ සිංදු 16 ඒ කාලේ රැල්ලේ ගිය.

    ReplyDelete
    Replies
    1. සඳගෙ සිංදු 16 ඇහුවා මායි මගෙ cc මහත්තයයි, නුවර ගිහිං එන ගමං...

      ජෝජ් මයිකල්ගෙ faith එකේ මේ වර්ෂන් එක අහල තියෙනවද?
      https://youtu.be/sHS2iqiqvHc?si=hVdND9tnlbAQTgUT

      Delete
  3. හොඳයි. සමහර ඒවා වැඩිය අහල නෑ. අර ඔලිවර් ට්විස්ට් එකේ වික්ටෝරියානු දර්ශන ටික මසුරං,👌😁

    ReplyDelete
    Replies
    1. https://www.upress.virginia.edu/title/5450/#:~:text=Broadway%20productions%20of%20musicals%20such,old%20British%20novels%20or%20memoirs.

      https://tvshowpilot.com/fun-posts/best-victorian-england-tv-shows/

      https://www.imdb.com/list/ls074484064/

      Delete
    2. Wow! That's a truck load of materials, mate. Thanks Pra Jay. I just skim through them. Some I have watched.

      Oliver! (1968) is truly a masterpiece. It's not exactly the strory I'm after, but the fascinating and vibrant colorful lifestyle of Victorian Londoners. Even social outcasts and underdogs, seems to had a interesting lives of their own.

      https://www.youtube.com/watch?v=4X48mxMPm9Q

      Delete
    3. Why don't you do a trip to London, again? (Weren't you there sometime ago? Or was it only to Paris?) Well worth it, given your fascination with the period.
      https://www.museumoflondon.org.uk/discover/victorian-london-history

      Delete
    4. It was just Paris, Lourdes, and Amsterdam. Being territorial creatures, we owls don't like to travel much. Let's say I'm a home-bound bird and quite enjoy my solitary life.

      Delete
    5. Just visit London, my Victorian buddy.

      Delete
    6. බකුස්,
      Oliver! මරු ෆිල්ම්එක. ඒ ගැන වෙන ම ලියනව වෙලාවක.
      https://youtu.be/U1-Q3nyMelc?si=dGQRa4S_-UiZoNw-

      Delete
    7. නාට්ටියකුත් ආවද කොහෙද , පොඩි කාලේ ඉඳන්ම කැමති කතාවක්

      Delete
    8. ඒ ඔක්කොමත් හරි, ඔය ෆිල්ම් එකත් හරි...

      Delete
  4. ලස්සන කලෙක්ෂන් එකක් නෙහ්

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං... තව තියෙනව

      Delete
  5. මම ආසම කීපයක් මේ අතරේ තියෙනවා
    ලස්සනයි
    ජයවේවා !!!

    ReplyDelete
  6. අල හිටෝන ගමං අහන්න මරු සින්දු ටික.

    ReplyDelete
    Replies
    1. සංගීතෙට, අලවතු වලට නයි එනවා.😁

      Delete
    2. මුගෙ සින්දු අහනකොට னයි කකුල් කඩාගෙන දුවන්නෙ.

      Delete
    3. ප්රසඥ්ඥ,
      මං ඕව වැඩියක් ම අහන්නෙ නයින්ට බූමිතෙල් ගහන ගමං.

      බකුස්,
      ආන්න ඒකයි... (අවයවය)

      නයිහාමි,
      කකුල් කැඩෙන්නෙ ටෝච් පාරට...

      Delete
  7. බැලුවේ එකයි කියවාලා පෝස්ටුව
    ඔලිවර් ට්විස්ට්, ඒ ඇති කාලෙකට වුව
    ගීයෙන් කර තිබෙන ඒ ලොකු සාත්තුව
    පුදුමයි; දැවැන්තයි නියමයි ඔපෙරාව!

    ReplyDelete
    Replies
    1. ඔලිවර් පට්ට නිර්මාණෙකි සැකක් නැත
      බාගෙන බලන්නට ඩේටා පාඩු නැත
      අනික් සිංදු ටික අහන්ට කරන ගත
      කාලය වටිනු ඇත, කාලය වටිනු ඇත

      Delete
  8. සමහර ඒවා මිට කලින් අහල නැහැ .. මයිකල් ජැක්සන් ගේ Will you be there මගේ ප්‍රියතම එකක්

    ReplyDelete
    Replies
    1. නිසැකව ම will you be there මයිකල් ජැක්සන්ගේ හොඳ ම, සුන්දර ම, හදට දැනෙන ම නිර්මාණය...

      Delete
  9. කාලෙක සිට සින්දු ඇහුවේ කාරෙකේ යනකොට විතරයි. දැන් එන කාර්වල සීඩී ප්ලේයර් නෑ. කැමති සීඩීවල MP3 හදන්න ලැප්ටොප් එකේ CD Drive එකක් නෑ. එක්ස්ටර්නල් එකක් ගත්තා නමුත් දැන් වෙලාවක් නෑ!
    🤔

    ReplyDelete
  10. Sound of Silence, Fool on the Hill, Imagine All the People වගේ ඒවා ඒ කාලේ A/L වගේම උපාධියටත් modern ballads කියලා පට්ට ගැහුවනේ. දැන් වගේ එක එක බට තිබුනේ නෑනෙ. අමාරුවෙන් තමයි හොයාගෙන ඇහුවේ. අදටත් ආසාවෙන් අහන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපි ඒවා රෙකෝඩ්බාර්වලින් කැසට්වලට ගහගෙන යාලුවන්ගෙ වෝක්මන් ඉල්ලගෙන ඇහුවෙ.

      Delete
  11. sound of silence... Dustin Hoffman හිටි 'The Graduate (1967)' පිල්ම් එකෙ සිංදුවක්. එ කාලෙ ගොඩක් ජනප්‍රිය වුනාලු මෙ සිංදුව

    ReplyDelete
    Replies
    1. මදෑ... මං ඒක දැනං උන්නේ නෑ නෙ. එහෙම උනා නං උඩ දාන්න තිබුණා ෆිල්ම් එකේ විඩියෝ ක්ලිප් එක. ෂ්තූතියි... ඈ

      Delete
  12. කෝ මේ වවුල හොඳටම නිමිලද?

    ReplyDelete
  13. මගේ පරණ යාළුවෙක් වන තේනුවර ලන්ඩන් වලදී ආයේ හම්බ වුනා. මෙන්න මේක එයා අහනවා. අලුත් එක්කෙනෙක්. හොඳයි. සංජීව් ලෝන්ලියස් https://www.youtube.com/watch?v=MhCRH4NeCCI

    ReplyDelete
    Replies
    1. අමු සිංදු ... අපිත් අහනව. වෙනසක් එක්ක කෙලිං යමක් බය නැතුව සමාජගත කිරීමක්.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි