Translate

Tuesday, November 14, 2023

මීරිගම විත්ති - 04 (මීරිගම බාලදක්ෂ කඳවුරට කඳවුරට ගිහින් කරන්න තව වැඩ ගොඩක් තියෙනවා)

ජාතියේ පියාගේ තිඹිරිගෙය බෝතලේ "සේරුගොල්ලෑව" වලව්ව - මීරිගම බාලදක්ෂ කඳවුරට අවොත් ජාතියේ පියාගේ වලව්ව බලන්නත් යමූද?

අප "ජාතියේ පියා" ලෙසින් හැඳින්වෙන නිදහස් ශ්රී ලංකාවේ ප්රථම අග්රාමාත්ය මහාමාන්ය ඩී.එස් සේනානායක ශ්රීමතාණන් සහ සේනානායක පවුල සම්බන්ධව දේශපාලනික, සාමාජීය තොරතුරු රාශියක් ගැන ඔබ දැනුවත් බවට සැක නැත.මේ ලිපිය බෝතලේ වලව්ව සහ එය බිහිකිරීමට මුල්වූ සේනානායක පරපුරේ මූලයන් හා විකාශනය සම්බන්ධ හැදෑරීමකි.යටත්විජිත යුගයන්හී ලංකාවේ සමහර ප්රධාන පවුල් තම ආගම කිරීටයේ මව් ආගමට සාපේක්ෂව වෙනස් කලත් පහතරට ප්රමුඛතම බෞද්ධ පවුලක්වූ සේනානායක පරපුර තම ඉතිහාසීය බෞද්ධාගමික මූලය වරප්රසාදයන් උදෙසා වෙනස්කොට නැත.සේනානායක පරපුරේ මූලයන් අනුරාධපුර යුගය දක්වා දිවයයි.ගෝඨාභය රජුගේ පාලන සමයේදී (ක්රි.ව 253-266) ශ්රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රජ අණින් අත්තනගල්ල රජමහා විහාරය වෙත ගෙනයමින් සිටි දූත පිරිසක් මීරිගමට තදාසන්න ග්රාමයක විඩාලනු පිණිස ලැගුම්ගත් තැනක බෝධි අංකුරය පැලවිය.මේ සිද්ධිය හේතුවෙන් බෝධිය හටගත් තලය යන අර්ථයෙන් "බෝතලය" යන නමින් එම ග්රාමය නම්කල බවත් එම බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සහ සමෘද්ධිය උදෙසා "කුලවර්ධන සේනානායක බ්රාහ්මණ" නම් ඇමතිවරයෙකුට ගම්වරයක්දී ඔහු යටතේ අනුෂාංගික කුල 18කින් යුතු පිරිසක් පදිංචි කල බවත් ඉන්පසු ඒ ප්රදේශය කෘෂිකාර්මිකව, ආර්ථිකව ස්ථාවර කරවූ සේනානායක ඇමති අත්තනගල්ල විහාරය වැඩිදියුණු කොට පනාලිය ගෝඨාභයද විහාරය කරවූ බව ඉතිහාසගත ප්රවාදයකි.ගෝඨාභය විහාරය හා බෝධීන් වහන්සේ තවමත් නිරුපද්රිතව පවතින අතර සේනානායක පරපුර දඹදෙණිය හා කෝට්ටේ යුග වලද බෞද්ධාගමික පුනර්ජීවනය වෙනුවෙන් දායකවී ඇත.


මෑත ඉතිහාසයේ මේ පරම්පරාවේ ප්රධානියා වන්නේ අඹන්විට වලව්වේ කුලවර්ධන සේනානායක මුදියන්සේ රාලහාමිලාගේ දොන් බර්තොලමෙව්ස් සේනානායකයි.ඔහුගේ දරුවන් වන්නේ ආඳාගල වලව්වේ දොන් ඩොමින්ගෝ සේනානායක, පඹුරුගමුව වලව්වේ දොන් චාල්ස් සේනානායක, දොන් ලුවිස් සේනානායක, දොන් විලියම් සේනානායක හා බෝතලේ සේරුගොල්ලෑව වලව්වේ මුදලිඳු දොන් ස්පේටර් සේනානායක (21/08/1847-07-11-1907) මැතිතුමාය.ඔහුගේ බිරිඳ වන්නේ කෑගල්ලේ කෙහෙල්ඇල්ල වලව්වේ කැතරිනා එලිසබෙත් පෙරේරා ගුණසේකර සේනානායක මැතිණියයි.ඔවුන්ගේ දරුවන් වන්නේ දොන් චාල්ස් සේනානායක(02/01/1878-07-07-1931), දෝන මාරියා ෆ්රාන්සස් සේනානායක, දොන් ෆෙඩ්රික් රිචඩ් සේනානායක(20/10/1882-01/01/1926) හා දොන් ස්ටීවන් සේනානායක (20/10/1884-27-03-1952)යි.ඩී.සී සහ ඩී.එස් සහෝදරයන් විවාහ වූයේ නුවර එකම පවුලේ සොයුරියන් දෙදෙනෙක් වූ පිලිවෙළින් ග්රේස් හා මොලී දුණුවිල සමගය.ඩී එස්ගේ සොයුරිය වූ මාරියා විවාහවූයේ බන්ඩාරනායකවරයෙකු වූ ෆෙඩී බන්ඩාරනායක සමගය.ඩී.එස් ගේ සොයුරු එෆ්.ආර් සේනානායක එලන් ආටිගල හා විවාහවූ අතර මේ විවාහ තුලින් සේනානායක පවුල දහනවවෙනි සහ විසිවෙනි ශතවර්ෂවල ප්රබලම පවුල්වූ නිදහසෙන් පසු වැඩිම කාලයක් ලංකාව පාලනය කල කුටුම්භ කාටලයට ඇතුලත්විය.ඩී.එස් ගේ දරුවන් වූයේ දොන් ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක(19/06-1911-13/04/1973) සහ දොන් රොබට් පරාක්රම සේනානායක(1913-1986) දෙපලයි. 
 
මෙයින් ලංකාණ්ඩුවේ තෙවරක් අග්රාමාත්ය ධූරයට පත්වූ "බත්දුන් පියා" යන විරුදාවලි ලත් තම පියාගේ අභාවයෙන් අඩපණ වූ ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයට අමිල මෙහෙවරක් කල ඩඩ්ලි සේනානායක මැතිතුමා අවිවාහකවම මියගිය අතර රොබට් සේනානායකට පිරිමි දරුවන් තිදෙනෙක් (දේවින්ද,රන්ජිත්,රුක්මන්) සහ දියනියන් දෙදෙනෙකි(රංජනී සහ යස්මින්).ඔවුන් අතරින් බෝතලේ වලව්වේ හිමිකාරිත්වය දේවින්ද සේනානායකට හිමිවූ අතර ඩී.එස් සහ ඩඩ්ලි දෙදෙනාම වාසය කල බොරැල්ලේ වර්තමාන "හවුස් ඔෆ් ෆැෂන්ස්" විලාසිතාගාරය ඉදිරියේ මහ ගොඩනැගිලිවලින් වැසී අප්රකටව පවතින "වුඩ්ලන්ඩ්ස්" මන්දිරය එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වූ රුක්මන් සේනානායකට හිමිවිය.බොරැල්ල සේනානායක හන්දියේ වූ දොන් ස්පේටර් සේනානායක විසින් ඉදිකල "සිරිමැදුර" මන්දිරය අද පොලොවට සමතලාවී ඇති අතර අද එතැන ඇත්තේ සුපිරි නිවාස සංකීර්ණයකි.රන්ජිත් සේනානායකගේ පුත්රයා වූ වසන්ත සහ රංජනී+රන්ජිත් විජේවර්ධනගේ යුවලගේ පුත් රුවන් විජේවර්ධන පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කලේය.
 
සේනානායක පරපුරේ සම්භාවනීයත්වය පිටුපස වූ අයෝමය හස්තය නම් මුදලි දොන් ස්පේටර් සේනානායකය. මිනිරන් පතල් හා වතුපිටි වලින් ඔහු විසල් ධනස්කන්දයක් ඉපයූ අතර ස්පෙටර් සේනානායක මිනිරන් ව්යාපාරයේ කෙතරම් දැවැන්තයෙක් වූයේද යත් වර්ෂ 1907 දී අශ්ව බල තිස්හතරක, මෝටර් යාන්ත්රික ඇන්ජිමකින් ක්රියාත්මක වූ හාපිටිගම් කෝරළයේ අඹේපුස්ස මිනිරන් පතලේ පමණක් ඉංග්රීසි ජාතිකයින්ද ඇතුළු සේවකයින් 3000 ක් පමණ සේවය කොට ඇත.ඔහුට අයත් කොලඹ නගරයේ මිනිරන් නිස්සාරණ වැඩපල හා ගබඩාද පිහිටා තිබිණි.වර්ෂ 1865 වසරේදී මෙරට ප්රධාන දුම්රිය මාර්ගයේ පළමු නැවතුම ලෙස අඹේපුස්ස දුම්රිය ස්ථානය පිහිටුවීමට හේතුවූ ප්රධාන කරුණු ද්විත්වයකි. එක් කරුණක් වූයේ අඹේපුස්ස තානායම වෙත අශ්ව කරත්තයෙන් ගමන්කළ හැකි දුරකින් එය පිහිටීමයි. අනෙක් ප්රධාන හේතුව වූයේ බෝතලේ පිහිටා තිබූ දොන් ස්පෙටර් සේනානායකගේ මිනිරන් පතල් සංකීර්ණයයි. එකල යුරෝපයට මිනිරන් අත්යාවශ්යම නිෂ්පාදන අමුද්රව්යක් විය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය යන රටවලින්ද මිනිරන් සඳහා දැඩි ඉල්ලුමක් තිබුණි. එකල මිනිරන් “බ්ලැක් ගෝල්ඩ්" හෙවත් "කළු රන්” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතර එමගින්ම එම අවධියේ මිනිරන්වලට හිමිව තිබූ වටිනාකම කෙතරම්ද යන්නද මනාව පැහැදිලි වෙයි. එකල මිනිරන් ව්යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයා වූයේද දොන් ස්පෙටර් සේනානායකයි.මීගමු දිස්ත්රික්කයේ පමණක් අක්කර 600ක් වූ බෝතලේ වලව්ව සහ ඉඩමද ඇතුලත්ව අක්කර 2000 ක පමණ පොල් වතු හතරක්ද නාරම්මල වර්තමානයේ ජාතික වතු සංවර්ධන මණ්ඩලයෙන් පාලනය වන එකල අක්කර සියගණනක් වූ "කොවුල්වැව" වත්තද ඇතුලත්ව කුරුණෑගල දිස්ත්රික්කයේ පොල් වතු පහක්ද වීය.1890 ගනන්වල රේන්ද කටයුතුවලට පිවිසි ඔහු 1897දී මීගමු- ගිරිඋල්ල සහ පස්යාල ගිරිඋල්ල මාර්ගවල රේන්දද අත්පත් කර ගත්තේය.දහනවවෙනි ශතවර්ෂයේ දෙවෙනි භාගයේ කීර්තිමත් දානපතියකු ලෙස ප්රසිද්ධවූ දොන් ස්පේටර් සේනානායක තම කුළුඳුල් මුණුපුරා වන ඩඩ්ලි උපන්දා තම "තිරිවාන වලව්ව" සහ ඉඩම "සේනානායක මුදලින්දාරාමය" ලෙස නම්කොට සඟසතුකොට පූජාකලේය.තවද දොන් ස්පේටර් සේනානායක විසින් එවක කොළඹ - වික්ටෝරියා අනුස්මරණ අක්ෂි රෝහල වෙත සහ ඉන්දියානු නියං සහනාධාර අරමුදල වෙත සිදුකළ නිර්ලෝභී පරිත්යාග එම මෙහෙයට ගෞරවයක් ලෙස යටත්විජිත ආණ්ඩුකාර ශ්රීමත් ජෝශප් වෙස්ට් රිජ්වේ විසින් මුදලි තනතුරක් ලබාදීමට හේතුපාදක විය. 
 
 
  
 
මීරිගම ඉහළ බෝතලේ ප්‍රදේශයේ තමා මේ වලව්ව තියෙන්නේ. මේ වලව්වේ තමා අපේ රටේ පළමු අග්‍රා­මා­ත්‍ය­ව­රයා බිහිවන්නේ. ජාතියේ පියාගේ ජන්ම නිවහන මෙයයි. 1884 ඔක්තෝ­බර් 20 දා බෝතලේ වල­ව්වේදී දොන් ස්ටීවන් හෙවත් DS සේනානායකයන් උපන්නා. දොන් ස්පේටර් සේනා­නා­යක මුද­ලි­තු­මා­ගේත් කෙහෙල්ඇල්ල වලව්වේ කැත­රින් එළි­ස­බෙත් පෙරේරා කුමා­රි­හා­මි­ගේත් හත­ර­වැනි දරුවා විදි­යට තමා ඩී.එස් සේනාසනයකයන් උපන්නේ. 1865 දී දොන් ස්පේටර් සේනානායක විසින් තමා මේ විශාල තනි මහල් නිවස ඉදිකරලා තියෙන්නේ. එතුමා විවහ වෙලා තියෙන්නෙත් මේ නිවසේ. මේ බෝතලේ වල­ව් වත්තේ ඉඩම අක්කර 600 ක්. ඉඩම් පන­තෙන් ඔක්කොම ආණ්ඩු­වට ගත්තා. දැන් තියෙන්නෙ අක්කර 50 ටත් අඩු­වෙන්. බෝතලේ කුස්සිය හුඟක් ලොකුයි. දර පෝර­ණුම හතර පහක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඩී.එස්. මහතාගේ පියා හදවපු වී පෙට්ටියෙ ගම­ටම වුණත් කන්න දෙන්න පුළු­වන් තර­මට හාල් තිබුණා කියලයි කියන්නේ. මේ වලව්ව බලන්න ‍යන්න අවසර ගන්න ඕනේ. මෙම ලිපියේ සඳහන් සියලුම පින්තූර,ආශ්රිතයන් හා උපුටාගැනීම් අන්තර්ජාලයෙනි. මෙහි ප්රදර්ශිත දේපල පුද්ගලික වන හෙයින් යම් කෙනෙක් ඒවා නැරඹීමට කැමත්තේනම් ඒවායේ වර්තමාන හිමිකරුවන්ගෙන් අවසරගත යුතුය.  


1907 දී දොන් ස්පේටර් සේනානායක මහතාගේ මරණයෙන් පසු ඔහුගේ සොහොන බෝතලේ වලව්ව භූමියේ ඉදිකරලයි තියෙන්නේ. ඒ වගේම ඩී.එස්. සේනානායකයන්ගේ සමාධියද මේ වලව්ව ඉදිරිපිට තමා තියෙන්නේ.

බෝතලේ වලව්ව කිව්වාම ශ්‍රී ලංකාවේ දේශපාලනයට වගේම අලි ඇතුන්ට බොහෝම ප්‍රසිද්ධ ස්ථානයක්. මේ බෝතලේ අලි පන්තියේ ජීවත් වූ අවසාන හස්තියා ගාමිණී ඇතා (බෝතලේ වලව්ව)

පාරම්පරික අලි හාම්පුතුන්ගේ අලි - ගාමිනී ඇත් රාජයාගේ කතා පුවත

ඩී.එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ ජීවිතයයේ ඉතාම සතුටුදායක දිනයක් ලෙස සනිටුහන් වී ඇති එදින තවත් සුවිශේශී සිදුවීමයක් සිදුවුනි.නොතාරිස්වරයෙකු මාර්ගයෙන් එම අලි ඇතුන් සිවු දෙනාගේ අයිතිය තම මුනුපුරන් තිදේනාට සහ මිනිපිරියට නීත්‍යානුකූලව පවරාදීමයි.ඩී.එස් සේනානායක මහතාගේ පුත්‍රරත්නයන් දෙදෙනාගේන් ඩඩ්ලි සේනානයක මහතා අවිවාහක වූ අතර විවාහකව සිටී රොබට් සේනානායක මහතාට ඒ වන විටත් පුතුන් තිදෙනෙක් හා එක් දියනියක් වූහ.එම පුතුන් තිදෙනා වූ දේවින්ද රංජිත් හා රුක්මන් යන මහතුන්ට මෙන්ම රංජනී නම් දියනියට මෙම අලි ඇතුන් සිවු දෙනාගේ අයිතිය හිමි විය.මේ අනුව ගාමිනී දළ ඇතා දේවින්ද සේනානායක මහතාටද කන්ඩුල නම් දළ ඇතා රුක්මන් සේනානායක මහතාටද ගජබා නැමති අලියා රංජිත් සේනානායක මහතාටද නීලගිරි නැමති අලියා රංජනී සේනානායක මහත්මියටද ලැබුණි. මෙම අලි ඇතුන් සිවු දෙනා අතරින් කුඩා කල සිටම නායක්තවය ගත්තේද බෙහෙවින් කැපී පෙනෙන ගති ලක්ශන පෙන්නුවේද ගාමිනී හස්තිරාජයාය.
ඩඩ්ලි හාමුට ඇත් බානයි අලි බානයි, එතකොට එතුමා රටේ අගමැතිතුමා

වසර හැත්තෑ පහක පමන කාලයක් ජීවත් වෙමින් එම දිගු කාලය තුල ආගමික ,සංකෘතික, ජාතික කටයුතු වලට අප්‍රමාන ලෙස දායක වෙමින් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කලහ.තම අයිති කරු වූ දේවින්ද සේනානායක මහතාට බක්තිය ඇත් ගොව්වාට දැක්වූ කීකරු බව කෙලෙහි ගුනය සැලකීමේ ගුනය බුද්දිමත් බව,ඉවසීම සන්සුන් බව මගුල් ඇතෙකුට හිමි ගති ලක්ශන වලින් මෙම තේජාන්විත හස්තියා සමන්විත විය. මත්පැන් පානය කොට තමා අසලට පැමිනෙන අයව නුරුස්සන ගාමීනි හස්තියා මහා සංඝරත්නය කෙරෙහී දැක්වූයේ අප්‍රමාන වූ ගෞරවයක් මෙන්ම පූජනීය බක්තියකී.
 
ගාමිණී ඇතා සහ නිලමේ අලි බාසුන්නැහේ

ඇතුගේ අවසන් අයිතිය හිමි වූයේ ඩී.ඇස්.සේනානායක මහතාගේ මුනුබුරු වූ දේවින්ද සේනානායක මහතාටය. ඩී එස් සේනානායක මහතාගේන් පසුව මෙම ඇතාගේ හිමිකරු වු දේවින්ද සේනානායක මහතා පවසන්නේ පුණ්‍යවන්ත හස්තියෙකු වූ ගාමීනී පුද්ගලයෙකුට හෝ දේපලකට කිසිදු හානියක් කර නොමැති බවය. මෙම හස්තියා මිය යන තෙක්ම වසර හැටක් පමන මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අලුත් නුවර දැඩුමුන්ඩ දේවාලය,සබරගමු මහ සමන් දේවලය,හුනු පිටිය ගංගාරාම විහාරය, කෝට්ටේ රාජමහා විහාරය, කැලනිය රාජමහා විහාරය, නවගමු පත්තිනි දේවාලය, බෙලිගල රාජමහා විහාරය, බෙල්ලන්විල විහාරය, බෝතලේ විහාරය ඇතුලු දිවයිනේ වෙනත් විහාර හා දේවාල රාශීයක වාර්ශිකව පවත්වන පෙරහැර මංගල්‍යය වල දේවාබරන, කරඩුව වැඩම වීමට සහබාගී වි ඇත. ගාමිණි ඇතා වර්ෂ 60ත් 65ත් අතර කාලයක් මහනුවර ශ්රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැරට සිය දායකත්වය ලබා දුන් අතර දළදා වහන්සේ වැඩම කරවීමේ දුර්ලභ භාග්යයද හිමිකරගන්නා ලදී.මෙම හස්තියා අවසන් වරට ශ්රී දළදා පෙරහැරට තම දායකත්වය ලබා දුන්නේ 2010 වර්ෂයේදීය. බෝතලේ සේනානායක පරපුරේ වන්දනාමානයට පාත්රවූ සර්වඥ ධාතූන් සහිත කරඬුව පූජා කිරීම නිමිත්තෙන් සිදු කෙරෙන බෝතලේ පෙරහරේ මෙතෙක් පැවති පෙරහැර 26 න් 23 ක දීම එම සධාතුක කරඬුව වැඩමවීම සිදු කෙරුනේද ගාමිණි ඇත් රජු විසිනි. මිල්ලන්ගොඩ රාජාගේ අභාවයෙන් පසුව දිවයිනේ සිටි වයස්ගතම හීලෑ ඇතා ලෙස සලකනු ලැබූයේ බෝතලේ වලව්වේ ගාමිණී ඇත් රජුය.

ගාමිණි ඇත් පැටවා එවකට රජය විසින් නිකුත් කල බල පත්රයක් මගින් අල්ලා ගත් හස්තියෙකි. ඒ පුත්තලම ගල්ඔය මිටියාවතේ ප්රදේශයේ වනාන්තරයකින් 1947 වර්ෂයේ අගෝස්තු 02වන දින තවත් හස්තියෙකු හා අලින් දෙදෙනෙකු සමගය. ගාමිනි ඇත් රජු 1947 වසරේදී බොතලේ වලව්වට රැගෙනවිත් හීලෑ කොට වසර විස්සකට අදික කාලයක් රැක බලාගන්නා ලද්දේ ආරෝන් බාස් උන්නැහේ විසිනි. ඔහුගේ මරනින් පසුව අරනෝරිස්, තලගම හේරත්, පිංචි අප්පුහාමී සහ විපුල සේනයන ඇත්ගොව්වන් එම කාරය ඉටුකරන ලදී. මෙම හස්තියා අවසන් වරට රැකබලා ගත්තේ විපුලසේන නම් අලි බාසුන්නැහේය. මෙම සියලු ඇත් ගොව්වන් ඇතා බාර ගැනීමට පෙර දේවින්ද සේනානායක මහතා සමග ගිවිසුමකට එල බීම අත්‍යවශ්‍ය වේ. නිසි පරිදි ඇතා රැක බලා ගැනීමේ නීතී හා කොන්දේසී රැසක් මේ ගිව්සුමට ඇතුලත් විය. එයින් එක් කොන්දේසියක් වූයේ සෑම සති අන්තයකම කොළඹ වුඩ්ලන්ඩ්ස් මන්දිරයේ සිට බෝතලේ වලව්ව වෙත පැමිනෙන දේවින්ද සේනානායක මහතා විසින් රැගෙන එන පළතුරු හකුරු වැනි දෑ පිලිගැන්වීමටත්, පශුවෛද්‍යවරයෙක් ලවා සෞඛ්‍ය තත්වය පරීක්ශා කිරීමටත් ඇතා සූදානම් කර තැබිය යුතුය යන්නයි. පශුවෛද්‍ය ආචාර්ය අශෝක දංගොල්ල, සහ පාරම්පරික හස්ති වෛද්‍ය ප්‍රදීප් මියනපලාව යන මහත් වරුන්ගෙ පරීක්ශාවට නිතර ගාමිනි ඇතා යොමු කිරීමට දේවින්ද සේනානායක මහතා කටයුතු කලහ.
 



 

වසර හැටක් පමන මහනුවර දළදා පෙරහැරට සහබාගි වී ඇති ගාමිනී ඇතා 2010 වසරේදී එම පෙරහැරට සහබාගී වූයේ මදක් අසනීප තත්වයේ සිටියදීය. තම දත් ගෙවීයාම හේතුවෙන් ආහාර ජීරනය නෝවීමේ ගැටලුවට මුහුන පා සිටි ගාමිනි ඇතා එවර පෙරහැර හමාර කොට දලදා මාලිගය ඉදිරි පිටට පැමින කදුලු පිරි දෙනෙතින් දණ නමා නමස්කාර කරන ලද්දේ තමාට යලි කිසි දිනෙක දළදා පෙරහැරට පැමිනෙන්න නොලැබෙන බව දලදා හාමුදුරුවන්ට පවසා සිටින්නාක් මෙනි. තම ජීවීතයේ අවසන් වර්ශයේදී ශරීරය දුර්වල වීම නිසා අදාරකයක් උපකාරයෙන් ඇත් ගාලේම කාලය ගත කල ගාමීනී ඇතාගේ සුවය පතා දේවින්ද සේනානායක මහතා සෑම කාර්‍යක්ම ඉටු කරන ලැබුවද වසර හැත්තෑවක් පමන ආයූ වලදා ඇත් රජු අවසන් හුස්ම හෙලුවේය. මේ ඇතු 2011 වර්ෂයේ සිව් මසක් තිස්සේ අසනීපව එක්තැන්ව සිට වර්ෂ 2011 වූ දෙසැම්බර් 20 දින පෙරවරුවේ මිය ගියේ ය. මිය යන විට මෙරට සිටි වයස්ගතම හස්තියා ගාමීනී විය. අවසන් ගමන් යන විට මේ ඇතු වයස අවුරුදු හැත්තෑව පසුකර සිටි අතර ඇතු අලව්ව කහඹිලියාව වත්තේ ඒ වන විට රදවා සිටියේය.බොහෝ කාලය ආයු වැලදූ ඇත් රජු ඒ වන විට වයෝවෘද්ධභාවය නිසා දැඩි ලෙස අසනීපව සිටියේ ය.

මීරිගම බාලදක්ෂ කඳවුරට කඳවුරට ගිහින් කරන්න තව වැඩ ගොඩක් තියෙනවා...

මීරිගම විත්ති - 01

මීරිගම විත්ති - 02

මීරිගම විත්ති - 03

No comments:

Post a Comment