October 30, 2023

ලෝකයේ ධනවත්ම රට කුමක්ද? (The Richest Country In The World?)

                              

ලෝකය වටකර ඇති මුදල්, ලෝකයේ වැඩිපුරම ඇත්තේ කාටද?

2021 වසරේදී ඉහත පැනයට පිළිතුරෙහි ඉහළම වෙනසක් සිදු විය: එක්සත් ජනපදය ලෝකයේ ධනවත්ම රට (ශුද්ධ වටිනාකම අනුව) යන මාතෘකාවෙන් ඉවත් කරන ලද චීනය ලෝකයේ ධනවත්ම ජාතිය බවට පත්විය. එම ගෝලීය ධන ප්‍රමුඛ පුවරුවේ මාරුවීම ගැන McKinsey & Co. හි වාර්තාවකින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම කතාව මුලින්ම ඉදිරිපත් කළ බ්ලූම්බර්ග් පැවසුවේ, චීනයේ වටිනාකම 2000 දී ඩොලර් ට්‍රිලියන 7 සිට 2020 දී ඩොලර් ට්‍රිලියන 120 දක්වා වේගවත්ව ඉහළ ගොස් ඇති බවයි. එම කාලය තුළම එක්සත් ජනපදයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 90 කට ආසන්න වූ හෙයින් ඔවුන්ගේ අංක එකේ ස්ථානය නැති විය.

එම කාල රාමුව තුළ ඩොලර් ට්‍රිලියන 156 සිට ඩොලර් ට්‍රිලියන 514 දක්වා  වැඩි වූ ගෝලීය ධනයේ වැඩිවීමෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් චීනය ලබාගැනීමෙන් ඹවුන් ලකුණු පුවරුවේ ඉහළට පැමිණීමට සමත් විය.

ජාතීන් අතර වෙළඳාම නියාමනය කරන අන්තර් රාජ්‍ය සංවිධානයක් වන ලෝක වෙළඳ සංවිධානයේ (WTO) සාමාජිකයෙකු වීමෙන් පසු චීනයේ ආර්ථික නැගීම වේගවත් වූ බව විශ්වාස කෙරේ. ජාත්‍යන්තර වෙළඳාමේ නීති රීති ස්ථාපිත කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින වෙළඳපොලවල් තුළ ඒවා බලාත්මක කිරීම සඳහා WTO රටවල් වලට ආධාර කිරීම වැනි කාරණා නිසා  WTO සාමාජිකත්වය ලැබීමෙන් රටවල්වලට ප්‍රතිලාභ ලැබිය හැකිය.

චීනයේ දැවැන්ත සමස්ත ධනය එසේ තිබියදීත්, එම ධනයෙන් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් සියයට 10 ක් පමණක් වූ  ධනවත්ම කුටුම්භ වලට පමණක් හිමිවන බව ඇස්තමේන්තු කර තිබේ. එබැවින් එය රටේ  සමස්ත මුළු ජනතාව අතර බෙදී නොයයි. මෙම අනුපාතය එක්සත් ජනපදයේ ද දක්නට ලැබේ.

එහෙත්, වසර දෙකකට පසුව, චීනය තවමත් ලෝකයේ ධනවත්ම රටද? Global Citizen Solutions අනුව එය එසේ නොවේ. එක්සත් ජනපදය සිය ප්‍රමුඛස්ථානය නැවත ලබාගෙන ඇති අතර පසුගිය වසරේ ශුද්ධ වටිනාකම අනුව ලොව ධනවත්ම ජාතිය වූ එක්සත් ජනපදයයි. එහි දැවැන්ත ශුද්ධ ධනය ඩොලර් ට්‍රිලියන 145.8 ක් විය. ලෝකයේ විශාලතම ආර්ථිකය සමඟින්, එක්සත් ජනපදය ඩොලර් ට්‍රිලියන 145.8 ක මුදලක් සහ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 25.46 ක් සමඟ ශුද්ධ වටිනාකමින් පොහොසත් ලැයිස්තුවේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටී.

කෙසේ වෙතත්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP per capita) විනිශ්චය කළහොත් මෙම කතාව බොහෝ සේ වෙනස් ස්වරූපයක් ගනියි. ලක්සම්බර්ග් $127,673 ක මුදලක් සමඟින් මෙහි ජයග්‍රාහකයා වන අතර පසුව අයර්ලන්තය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය ඊළග ස්ථාන හිමි කර ගෙන ඇත.

2023 අයර්ලන්තය පෙරට පැමිණ තිබේ. සාමාන්‍ය අයර්ලන්ත ජාතිකයෙකුට ලැබෙන ප්‍රතිලාභවලට වඩා බහුජාතික සමාගම්වලට ප්‍රතිලාභ ලැබෙන ලොව විශාලතම ආයතනික බදු තෝතැන්න අයර්ලන්තය වීම නිසා 2010 දශකයේ මැද භාගයේදී, බොහෝ විශාල එක්සත් ජනපද සමාගම්-ඇපල්, ගූගල්, මයික්‍රොසොෆ්ට්, මෙටා සහ ෆයිසර් (කිහිපයක් පමණි) ඔවුන්ගේ මූල්‍ය වාසස්ථානය අයර්ලන්තයට ගෙන ගොස් එහි අඩු ආයතනික බදු අනුපාතය වන 12.5% කින් ප්‍රතිලාභ ලබා ගැනීම මෙයට මුලික හේතුව බව සදහන් වේ.

ලෝකයේ විශාලතම ආර්ථිකය ඇති අංක 1 රට වු එක්සත් ජනපදය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් ලොව 7 වන ස්ථානයේ සිටී. එහෙත් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ඇති අංක 2 රට වූ චීනය ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් ලොව 71 වන ස්ථානය දක්වා බොහෝ සේ පසුබැස තිබේ.

ඉන්දියාව, ලෝකයේ විශාලතම ආර්ථිකය ඇති අංක 5 රට වුවද ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් ලොව 139 වන රට ලෙස ශ්‍රී ලංකාවටද පිටු පසින් සිටී.  ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP per Capita) ලොව අංක 132 වන ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකයේ (GDP) අංක 76 රට වේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස් කළේ හර් ෂ

0 comments:

Post a Comment