Saturday, October 21, 2023

වැල කෑ පබිලා - ශනිදා දහයට!



මෙන්න ඔහු දවසක් කී කථාව. අහගන්න.

"තොසින් වසන හේනේ දැන් කාලේ
ඉසන් අප්පුගේ පුත් මම පබිලේ
ගසින් වැටුණු වැල කුණකට ආලේ
අසන්න මහතුනි මට වුනු අවුලේ

ලාබෙට ලැබුනට පුහු පොල් කෑවා
ඒපිට වැල කුණකුත් ඇද       බෑවා
මේවට බඩ පුම්බාගෙන        ආවා
කෑමට නරකයි කොයිවත්   මේවා

ගහේ තිබුණු කුණු වැල ගෙඩියකට වෙලා   ඔට්ටු
රහේ ඉඳන් හොඳයි කියා ඔක්කොම කලෙ තට්ටු
ඔහේ ඉතින් බඩ පිපුනයි ගෙඩියක් සේ        පිට්ටු
කොහේ ගියත් වැල නොකන්න එදා          වුනයි මට්ටු

රෝගේ තදවී හැදුනයි         වමනේ
වාගේ බෙර ගෙඩියක් බඩ   පිපුනේ
මාගේ ලොකු අයියගේ කර පිටිනේ
මෝගේ ගෙදරට කෙරුවයි ගමනේ

තාත්තා ඇයි බොල ආවේ ඇහුවා
බේත් ගන්න මම ආවයි       කීවා
සාත්තුවට කවුරුත් නැත     කීවා
මාත් ඔහේ වැටිලා         බුදියෑවා

තුන් වේලක් ලුණු කැඳටම      වේලුනි
ඉන් මගේ පණ ටික යාන්තම් බේරුනි
ඔන්න ඉතින් මේ වුන දේ       අහමිනි
කන්ට එපා කුණු වැල හෙම   මහතුනි"


දයානන්ද ගුණවර්ධනයන්ගේ “ආනන්ද ජවනිකා” නාට්‍යයෙන්
රචනය: ශිමත් ඩි. බී. ජයතිලක



54 comments:

  1. රසක් දුටුව මොහොතෙම වැල ගෙඩි කඩලා
    බඩක් පිරෙන තරමට එය කා දමලා
    ලෙඩක් හැදී විදවන හැටි පව් පබිලා
    කවක් එගැන මේ ඩ්‍රැකියා මෙහි ලියලා...

    ජයවේවා ඩ්‍රැකී...

    ReplyDelete
    Replies
    1. මං පොඩි කාලේ අපේ තාත්තා
      මාත් එක්කගෙන ළඟක ගිහිල්ලා
      වැල ගෙඩියක් තියෙනව පෙන්නාලා
      “දීල අදිමු“ කිවු හැටි සිහි වූවා

      Delete
  2. දුමීගෙ කොස් ඇට කාලා මෙහෙ ආවම වැල ..🤗😀

    ReplyDelete
    Replies
    1. හෑ...! ඉස්සෙල්ලා වැල කන්ඩ. එතකොට තමයි කොස් ඇට හම්බුවෙන්නෙ...

      Delete
    2. ඉස්සෙල්ල එහෙනෙ ගියේ 😀

      Delete
    3. ඒකනෙ... කේතුධර වනයක සැඟවුණු ප්‍රේමයක් රස වින්දා

      Delete
    4. ආහ්. කෝ සඳූ ඒ පැත්තට ආව බවක් පේන්න නැහැනෙ. හොරෙන් ඇවිත් ගිහින්ද ?

      Delete
    5. ඔහොම ගිහිං අන්තිමේ සඳු මිදුලට ම එයි බලාගෙන...

      Delete
  3. වරකා වලට ලුනු, ගම්බිරිස් ටිකක් ඉහලා ගත්තාම නං නියමයි. වැල රහ වුනාට, කන එක මෙසී ජොබ් එකක්.

    ReplyDelete
    Replies
    1. වැල වල කන්ඩ දෙයක් නෑනෙ. සුරුස් ගාල ගිලින්ඩ තියෙන්නෙ

      Delete
    2. වරකා නම් එහෙම අපි කනවා.

      Delete
    3. ඔව්. ලුණු ගම්මිරිස් දැම්ම ම, වෙන ම රසක් තියෙන්නෙ. එතකොට හැබැයි වරකවල පැණි රස දැනෙන්නෙ නෑ.

      Delete
  4. වැල වරකා
    කයි හරකා
    ඒත් නොකයි
    මී හරකා

    ඔහොමයි පත පොතේ ලියැවිලා තිබුනේ. වැල කියන්නේ මගේ නොම්මර එක! (වරදවා එහෙම තේරුම් ගන්නවා එහෙම නොවෙයි ඔන්න!)
    කොහොමත් ගේ වටේ කොස් ගස් වැඩිපුර ඇති නිසාත් ටිපිය තියෙන ඉසව්වෙත් කොස් පොලොස් වලට කප් ගහපු පැත්තක් නිසාත් මගේ ඇඟෙන් භාගයක්ම කොස්ම තමයි!
    ඒත් වැල වරකාවට් ඇති ආසාව නං තවමත් එහෙමමය.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් කොස් ඇට අග්ගලේකුත් හදන් කමු. රෙසපියේ විදිහට කවියෙන්ම. 😀

      Delete
    2. තට්ටයියා,
      ඔව්. මට මතකයි පරණ ජන කතාවක තිබුණා, වේල් තුනක් වෙනස් විදියට කන්න පුළුවන් කියලා කොස් ගැන. එක දවසක් උයල / තම්බල කනව. දෙවෙනි දවසෙ ඉදවං කනව. තුංවෙනි දවසෙ, ඊට කලින් දවස්වල කාපුවයෙ ඇට ටික බැදල කනව. අනික, ඔ්නෙ ම තරමක ගෙඩියක් උනත් උයන්නැහැකි ඉදෙන්න ඇවිත් නැත්තං. එක්කො මාළු පොළොස්, එක්කො මැල්ලුමට, නැත්තං කිරි කොසට, නැත්තං තම්බලා. ‌කොත්මලේ පැත්තෙ කිරි කොස් වගේ උවය, තෙල් තෙම්පරාදුවකුත් දාල ගන්නව, පට්ට රසයි.

      දුමී,
      කවියෙන් අග්ගල හදන්නෙ කොහොම ද?

      Delete
  5. එතකොට වැල කියන්නෙ කන දෙයක්ද? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් තමයි. ඔන්නං බොන්ඩත් පුළුවන් ජූස් හදල.

      Delete
  6. Replies
    1. ඔ්ක මැකුවට මං දැක්කා.

      Delete
  7. මේක තිබුණේ සිංහල පොතේ ද, පද්‍යා රසය පොතේ ද?

    ReplyDelete
    Replies
    1. කීවෙනි ශ්‍රේණියේ ද?

      ස්තුතියි.

      Delete
    2. සමාවෙන්න ප්‍රමාද වුණාට.
      මා ළග තියෙන පොතේ මුල් පිටු ටික නෑ. ඒ නිසා කියන්න අමාරුයි. අකුරු සයිස් සහ අන්තර්ගතය අනුව පහ ශ්‍රේණියට අඩු අසූව දශකෙ පොතක් කියල හිතා ගන්න පුළුවන්. මේකෙ ම තමයි තිබුණෙ කුදා රජ වුණු හැටි, නිදිමත කිරා, කපටි කිරයියා, සහ ඔටුවා ගෙට ඔලුව දාපු කතාව. ඔක්කොම තිබුණෙ කවි නිසා පද්‍ය රසය වෙන්න පුළුවන්.

      Delete
  8. ලුණු ගම්මිරිස් මුසු කොට
    වැල වරක කනකොට
    දැනෙනා දිවිය රසයට
    හැකිද මොනවා සම කරන්නට

    ReplyDelete
    Replies
    1. "දිවිය" රස කිව්ව ම
      හිතට ආ තේරුම
      දුක ය දුකයැයි කිම
      කියන්නේ මේ රසැති දිවිය ම

      Delete
  9. ඒ වැල නම් රහ වගේ, අපූරු කවිය. ඒ කාලේ බ්ලොග් ලියවිල්ල මතක් වුනා, ශනිදා දහයට! ජය වේවා!
    (ඊයේ රැයේම දාපු කොමන්ටුව නැහැ නෙවැ)

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඉතිං වැලත් මතකයට විතරක් සීමා වුණු රහක්. ශනිදා දහයට ප්‍රොමෝට් කළාට, කමෙන්ට් කරන්නවත්, උත්තර දෙන්නවත් වෙලාවක් ලැබුණෙ නෑ මේ සතියෙ.
      ඔයාගෙ කලින් කමෙන්ට් එකක් හම්බුණේ නෑ. ස්පෑම් එකෙත් බැලුවා.

      Delete
  10. ඔන්න මාත් සෙනසුරාදා බ්ලොග් ලියන වැඩේට එකතුවුණා. ඇමරිකාවේ හවායි වේලාවෙන්.

    https://rasikalogy.blogspot.com/2023/10/some-temples-are-permanently-under.html

    😀

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... ජ්‍යෙෂ්ඨයෙකුත් එකතු වුණා කියන්නෙ වැඩේ ජයයි...!

      Delete
  11. (එරන්දි නැවත ලිවීම අරඹා ඇත! එහෙත් සින්ඩි සහ බ්ලොග් රෝල් වල ඒ බව නොපෙනේ. මේ ලින්කුවෙන් ඊට ගොඩ වදින්න! https://buddhikaerandijayasinghe.blogspot.com/ )



    (ඉවාන් පවුලූෂා නැවත පැමිණ ඇත ! මෙතැනින් ගොස් හමුවී කතා බස් කරණ්න! එහෙත් සින්ඩි සහ බ්ලොග් රෝල් වල ඒ බව නොපෙනේ. මේ ලින්කුවෙන් ඊට ගොඩ වදින්න! https://iwanpaulooshaa.blogspot.com/2023/10/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. ස්ස්ස්තූතියියියි... මේ දෙන්නා ලියවන්න පුළුවන් වුණා කියන්නෙ ඉතිං...

      Delete
  12. ඕකටම ඊස්ට් ටිකකුත් දැම්මනං බඩ ඇතුලෙ ඉස්කාගාරයක් හදාගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. කටුකම්බියකුත් ගිලලා, ගැරඬියෙකුත් කෑවනං කම්ප්‍ලීට්.

      Delete
  13. අර හැට්ටරයත් වැල කතාවක් ඇද බාල. ඒ අස්සෙ ඩ්‍රැකියත් වැල කතාවක්. අනේ මංදන්නෑ. අහේතු කාලේන කජ්ජේන පුහුලං කිව්වලු.

    නරක සමනලය 🤭🤭🤭

    දැන් මෙහෙම තමයි ඔහේලා ශනිදා 10 ගිනි අවුලලා ලෙස්සල යන්නෙ

    නේ
    හා

    ReplyDelete
    Replies
    1. සුරුස්! (ලෙස්සල ගිය සද්දෙ)

      Delete
  14. ගමේ වැල නං ගමේ බැසිල් මහත්තයලට ලු! ඈ..
    බලාං බං ඒකටත් අර අහක හිටිය බැසිල් මහත්තයව අල්ලලනේ.

    ඔබට ජයවේවා!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඔය බැසිල් මහත්තයලත් නිකන් ඉන්න බෑනෙ . වැල කාලා බැසිල් මහත්තයල හිට් ද ප්ලේන්.

      Delete
    2. හැට්ටර්,
      බැසිලස් හිට් ද විලෙජ් වැලගෙඩිය!

      බක්ෂා,
      අවුල් හිට් ද අඹතලේ බේදිං වෙල්!

      Delete
  15. ශනි දා දහයට
    පට-පට ගා පෝස්ට්
    වැටෙනා විට
    වැල කෑ කපුටට
    වඩා සතුටුයි මට

    සොයා ගොස් ගෙන් ගෙට
    සරලොක් හෝම් විලසට
    ඇදගෙන ඇවිත් මෙතනට
    පෝස්ට් ලියවෙයි පට-පට

    ReplyDelete
    Replies
    1. පට පට ගෑවිල්ලෙ ලියනා විට ගොයියෝ
      එකවර ට්‍රැෆික් වැඩිවෙයි අපගේ අයියෝ
      රන්මය යුගය යලි එනු පේනව මයියෝ
      සමඟින් අනික් උදවිය ලියනව දෙයියෝ

      Delete
  16. අම්මට සිරි 'කුණුවැල කවියක්

    ReplyDelete
  17. කවි වලින් මොනවා කිව්වත්, හම්බ උනොත් අපි නම් කනවා වැල වතුර බොනවා වගේ
    ඇතතටම මේ සමහර කොස් වැල වෙන්නේ ඇයි කියල අපේ බයෝ මිස්ගෙන් අහන්න බැරි උනානේ
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ආයි අහල. වැල කන්ඩ ලේසියි නිකං කජු කනව වගේ.
      කොස් වැල වෙන්නෙ ගසේ ආරෙටලු, විජේ.

      Delete
  18. මේ මහත්තය තියන්නෙ මොන වැල ගැන වෙන්ටෑ 🤔

    ReplyDelete
    Replies
    1. කෞ බොල කමෙන්ට් වලට ඔහේ උත්තර දීලත් නැහැ නොවැ

      Delete
    2. ආං උන්දෑ වැල කන්න ගිහින් ගහ යට වැටිලා.

      Delete
    3. වැල ගහේ හිටපු னයෙක් ගහල.

      Delete
    4. නමියා,
      ඔව්. මොන වැල ගැන.

      ආපහු නමියා,
      ඇයි බොලං ඇස් පේන්නැද්ද, මේ උත්තර දීල තියෙන්නෙ.

      භක්ෂා,
      වැල ටිකක් පැසවල වැඩියි. ඩෝප්!

      ன,
      ගහේ වැලක් වගේ උන්නෙ னයෙක් ද එතකොට?

      Delete
  19. හපොයි...... ඔයින් ගියා මදැයි.



    https://sithiwilimanpetha.blogspot.com

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි