Saturday, October 21, 2023

220. හයිවේ ඉබ්බා . . ! (ශනිදා දහයට III )

මේ සිදුවීම සිදුවී වසර ගනනාවකි.

එදින මමත් බිරිඳත් කඩවතට එන්නට දක්ෂිණ අධිවේගී මාර්ගයට බණ්ඩාරගමින් ඇතුළු කලේ රාත්‍රී 10.00 පමණ වෙද්දීය.

ඒ ධාරාණිපාත වරුසාව මැද්දේය. ගමනාන්තය වූයේ කඩවතයි!

Toyota Hilux Surf KZN 185

ගමන් කලේ ටොයෝටා KZN 185 සර්ෆ් රථයේය.

මෙම රථය 1995 වසරේදී නිපදවූවක් වූ අතර එකල නිපදවුනු බොහෝ රථ වලට මෙන්ම ප්‍රධාන පහන් වලට සවි කොට එවා තිබුනේ 60/55 W හැලජන් බල්බයන්ය. 60/55 යන්නෙන් අදහස් කරණ්නේ ප්‍රධාන ධාරාව සඳහා 60W ද  ඇඳිරිකර එළිය (ඩිම් එළිය) සඳහා 55W ලෙස සැකසුනු බල්බයන් ය.

එහෙත් හොඳ එළයක් ලබා ගැනීමට නම් ඒවායේ බල්බ 100/90W ට සකසා ගත හැක. බල්බ පමණක් නොව ඊට අදාල පරිපතයේද සුළු වෙනස් කිරීමක්ද කරගත යුතුය. මෙවිට ප්‍රධාන ධාරාව සඳහා 100W ක එළියක්ද ඩිම් එළිය සඳහා 90W ක සුපිරි ධාරාවක් ලබා ගත හැකිය.

මෙම අදාල වාහනයේ තිබුනේ 60/55 දුර්වල එළියක් ය. පාර තෙමුණු විට විදුලි පහන් වල ආලෝකය ඊට උරා ගනී. එසේම වහින විට ආලෝක කදම්බය තවත් දුර්වල වේ! (මීදුම් පහන් Fog Lamps එළි වැදගත් වන්නේ මේ වෙලාවටය. ඒවා අතුරින්ද LED ලාම්පු වලට වඩා හැලජන් එළිය වඩාත් ප්‍රභල වේ. හැලජන් එළියේ ඇති අවාසිය වන්නේ එය අධික ලෙස රත් වීම හා එළියට හා රත්විම යන කාරණා දෙකටම බැටරියෙන් අධික ධාරාවක් ඇද ගැනීම නිසා බැටරිය ඉක්මණින් දුර්වල වීමය!

LED ලාම්පු සඳහා බැටරියෙන් ලබා ගන්නේ කුඩා බලයක් බැවින් එය බැටරියට හිතකරය! එහෙත් මීදුම හෝ වැස්ස ඉදිරියේ අසරණය. එසේම ඉදිරියෙන් එන වාහනයේ ඇත්තේ හැලජන් එළියක් නම් ඊට LED එළිය කැපී මෙල්ල වී යයි!)

Fog Lamps නොමැති 60/55 ප්‍රධාන පහන් සහිත රිය වර්ෂාව මැද්දේ රාත්‍රියේ පැදවීම  කරණුයේ ඉවෙන් මිස සැබැවින්ම පෙනුමෙන් නොවේ! "ඉදිරියේ බාධකයක් නැතිව ඇති!" යන විශ්වාසයෙන් රථය පැදවේ.

අළුත් ටයර වලින් සමන්විතව තිබුනු රථය පැදවුයේ මද වේගයකිනි.

1KZ ලීටර තුනේ ටොයෝටා ටර්බෝ එන්ජිමෙ සිලි සිලි හඬ ඇසෙමින් අඩ අඳුරේ අප ඉදිරියටම ගමන් කලෙමු.

ඒ වන විට වාහනය පැයට කිලෝමීටර 80 ක පමණ වේගයකින් ගමන් ගන්නට ඇති; එක වරම පාර මැද තිබුනු වස්තුව මා හඳුනා ගත්තෙමි.

"අන්න ඉබ්බෙක්!"

"අනේ මූ තව ටිකකින් යටවෙනවානේ . . !" මටම කියා ගනිමින් වාහනය මාර්ගයේ පසෙකින් නතර කලෙමි!

"මොනවද ඔයා කරණ්න යන්නේ? මෙහෙම නවත්වන්න පුළුවන්ද?" බිරිඳ චෝදනා මුඛයෙන් ඇසීය. මාගේ යටි සිත පවසන්නේ ඉබ්බාව බේරා ගන්නා ලෙසයි! ඉබ්බෙකු යනු වසර 150ක් පමණ ජීවත් වෙන සතෙක් යැයි සිත නැවත මතක් කර දෙයි! පසු පසින් වාහන එන්නේ තරමක දුරින් දුරින්ය!

මම කිසිවක් නොකියා වාහනයේ හැසාඩ් ලාම්පු Hazard Lamps (ඩබල් සිග්නල්) පනගන්වා හෙමිහිට පසු පසට ධාවනය කරණ්නට විය! 

"ඔයා මොනවා කරණවද මන්දා! ඔය වැඩේ වෙන කෙනෙක් කෙරුවොත් බලන්න තිබ්බා ඔයා ඒ මනුස්සයට බණින හැටි . . . .!" වාහනය ඇතුලේ බැනුම් එකක්ය! මම කරණ්නේ මා පමනක් නොව අනුන්ද අනතුරේ හෙලීමකි! කොටිම එකසිය ගානට වරදකි! "ඒත් අනේ ඉබ්බා!" මට ඉබ්බා මැරෙන්නට දෙන්න සිතක් නැත.

මීට කලකට ඉහත ලක්බිම පත්තරේ පලවූ ලිපියක් මාගේ මතකයේ අදත් පවතී! එම ලිපියේ මාතෘකාව මේ මොහොතේ හරියටම මතක නැති උනත් එහි අන්තර්ගතය වූයේ "අධිවේගී මාරගයේදී ඔබේ රථයට යටවන උරගයා මෙරට ඒ වර්ගයේ සිටින අවසාන සත්වයා විය හැකිය!" යන්නයි! අධිවේගී මාර්ගයේ යටවී සිටින තලගොයින් කබරයින් හා වෙනත් සත්වයින් දුටු හැම විටෙක දීම මගේ මනසට මේ අදහස ඒම සිදුවන්නේ අනායාසයෙනි.

අප ගමන් කල වේගය හා සසඳා බැලූ කල මා මීටර දෙතුන් සීයක්  ඉබ්බා පසුකොට ගමන් කර තිබෙන්නට ඇත.

මා තත්පරෙන් තත්පරේ ඉබ්බාට ලඟා වෙමින් ය!

තවත් විනාඩි ගනනක් යන විට මාගේ දකුණු පසින් පාර මැද  හොඳින් වැඩුනු ගල් ඉබ්බා පාර මැද්දේය.

පසුපස බලන කණ්නාඩියෙන් මොහොතක් බලා වාහනයක් නැති අවසරයෙන් වාහනයෙන් බැස ගත් මා දැන් සැරසෙන්නේ ඉබ්බාව පාරෙන් ඉවත් කර ගන්නටය!

කාලය විනාඩි ගනනක් ගෙවී යද්දීම පැමිණි වෑන් රථයකට ඉබ්බා යට විය!

මගේ හිත කඩා වැටුනි! "අනේ සතා මලාවත්ද?" මට එහෙත් ඉබ්බාව අතහැර දමා යන්නට සිතක් නැත! මුළු පාර පුරා කළුවරය. ඈතින් වූ පහන් එළියකින් යාන්තමින් කළු ගුලියක් පාර මැද පෙනේ. මූ ජීවතුන් අතර ඉන්නවා වත්ද?

මා කෂණිකව පාර මැද්දට පැන්නෙමි! ඉබ්බා නිසොල්මනේය ! ඊළඟ තත්පරේ ඌ ඔලුව එළියට දැම්මේය!

වාසනාවකි!

මා ක්ෂණිකව ඉබ්බා අතට ගත්තෙමි! ඉබ්බාව ගෙන මාගේ වාහනයේ පසුපස නැවතුම් ලාම්පු හා හැසාර්ඩ් එළියෙන් ඉබ්බාට සිදුවී තිබුනු හානිය බලා ගත හැකි විය!  A4 පිටුවක් තරම් වූ ඉබ්බාගේ කටුවෙන්; පසුපසට වන්නට අලුවා කෑල්ලක් තරම් කෑල්ලක් ඉවත්වී තිබුනි! 

ඉබ්බා යට වී තිබුනේ පසු පසට වන්න පැත්තකින්ය.

අප නවතා තිබුනේ කහතුඩුව අසන්නයේ විය යුතුය. එතැන මාර්ගය සකසා තිබුනේ වෙල් යායක් හෝ වගුරු බිමක් මත පස් දමා උස් කොට සෑදූ වේල්ලක් මතුපිටින් ය. මා ඉබ්බාව පාර අයිනේ මාර්ගයෙන් ඉවතට හරවා තබා වාහනයට නැග ගියර ලීවරය D ස්ථානයට සකසා යන්නට පටන් ගන්නවාත් සමග බිරිඳ ඇසූ ප්‍රථම ප්‍රශ්ණය වූයේ "ඉබ්බා ආයේ පාරට යයිද?" කියාය!

"අම්මට සිරි! එහෙමත් වෙන්න පුළුවන්නේ!?" මම නැවතත් වාහනයෙන් බැස ඉබ්බා සොයා ගියෙමි.

මීටර පහක පමණ දුරි ඉබ්බා ඉබි ගමනේය! ඒ මාරගයෙන් ඉවතටය! ඊළඟ විනාඩියේ වේල්ලේ ගැට්ට ආසන්නයට ඉබ්බා වේල්ලෙන් පහලට පෙරළී ගියේය!

එතැන් පටන්; සිද්ධිය අටුවා ටීකා ටිප්පණී සහිතව බිරිඳට කියන්නට පටන් ගත්තෙමි. සියල්ල අසා සිටී බිරිඳ කට හඬ අවදි කලාය.

"මොනවා කිව්වත් මොනවා කලත් ඔයා කලේ අන්තිම වැරදි වැඩක්!'

"හ්ම්ම්! ඒ උනාට ඉබ්බා කියන්නේ අවුරුදු 300ක් ජීවත් වෙන සතෙක්!" මම මගේ ආයුෂත් තව ටිකකුත් ඌට එක් කොට කීවෙමි.

විනාඩියක් නිහඬව සිට බිරිඳ නැවත කට හඬ අවදි කලාය!

"කවුද දන්නේ උගේ පරමායුෂ ඉවර වෙලා ඌ තිරිසන් ආත්මයෙන් මිදෙන්න යන වෙලාවේ ඔයා ඌව වැලැක්වුවාද කියලා?'

"මගුලයි!?"


(එරන්දි නැවත ලිවීම අරඹා ඇත! එහෙත් සින්ඩි සහ බ්ලොග් රෝල් වල ඒ බව නොපෙනේ. මේ ලින්කුවෙන් ඊට ගොඩ වදින්න!) 

https://buddhikaerandijayasinghe.blogspot.com/2023/10/blog-post.html

(ඉවාන් පවුලූෂා නැවත පැමිණ ඇත ! මෙතැනින් ගොස් හමුවී කතා බස් කරණ්න! එහෙත් සින්ඩි සහ බ්ලොග් රෝල් වල ඒ බව නොපෙනේ. මේ ලින්කුවෙන් ඊට ගොඩවදින්න!)

 https://iwanpaulooshaa.blogspot.com/2023/10/blog-post_22.html

47 comments:

  1. සැක්..කහතුඩුවෙන් එක්සිට් වෙලා ඒ ගල් ඉබ්බා මට දීලා යන්න තිබුනා..😀

    ReplyDelete
    Replies
    1. ලෝටස් කේටරින් එකේ ඩෙවල් ටෝටීස් එකකටද?

      Delete
    2. අපොයි නෑ ආදරෙන් රැකබලා ගන්න.මට නෙවෙයි ඉස්තලන් ට.එයා මාර ආසයි.ඒත් තාත්තා කැමති නෑ සත්තු නිදහසේ ඉන්ට ඕනේ කියල තමා උන්දා කියන්නේ.

      Delete
    3. හම්බුනොත දෙන්නම්කො! තට්ටයා

      Delete
  2. යන එන අතර දුටුවා ගල් ඉබි හාමී
    ගෙන දිවි බේරුවා ඌටම වී ප්‍රේමී
    දැන ගනු ඔබට ඒ ගැන තුති මල් පාමී
    මොන දේ වුනත් ජීවිත රැකගනු සාමී.....
    ජයවේවා තට්ටයියේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී! ජය වේවා!

      Delete
    2. ස්තූතිය කියලා මදියෝ. ඒ පැත්තෙ කවි කොස් ඇට අග්ගල තියෙනවා දැක්කෙ නැද්ද ?

      Delete
  3. කිරි අප්පට බල්ලො බුරපි! පට-පට ගාලා පෝස්ට් වැටෙනව. තාම පොස්ස්ට් එක කියෙව්වෙ නෑ, මේ ආවෙ ස්තූති කරල යන්න. ආයෙ පස්සෙ එන්නං.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා! කමෙන්ට් කොටලා ඇඟිල්ල රිදෙනවා!

      Delete
  4. හිතවත් මංජුල මහතා වෙත,

    එදා ඔබට ස්තුති කිරීමට නොහැකිවීම ගැන මට සමාවන්න.
    ඇත්තටම මා ඒ වෙලේ කොන්ෆියුස් තත්වයට පත්වී සිටි නිසා ඔබගෙන් ටැලිපෝන් නොම්මරය හෝ ඊ මේල් ලිපිනය ඉල්ලා ගැනීමට නොහැකිවීම ගැන මා සිටියේ මා ගැනම ඇතිවූ කේන්තියෙනි.
    කෙසේ වෙතත් මේ බ්ලොග් පෝස්ටය මගේ ප්‍රීතිය දෙගුණ තෙගුණ සිව්ගුණ පස්ගුණ සිට නවගුණ දක්වා වැඩි කරලීමට සමත් විය.


    සදා ජය පතමින් මෙතනින් නවතින මා,

    ජී. ඉබ්බා

    ප.ලි.: අර වෑන් කාරයා ගැන විස්තරයක් ඔබට මතක ඇතිනම් මට දන්වන්න. ඌට හොඳවයින් දෙකක් කතාකිරීමට අවශ්‍ය වී ඇත.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ! උඹට ඒ වැඩේ මතක නං ඒකත් ලොකු දෙයක්! අපේ පවුල නං කියන්නේ උඹට මැරෙන්න නොදී මම කලේ වස වැරැද්දක් කියලයි. මම උඹට අපේ පවුලගේ නොම්මරේ ඉන්බොක්ස්ස් කරණ්නම් . ඒ ඇත්තිට කියලා ඩ්ඝියං මම කරපු වැඩේ තියෙන වටිනාකම!
      වැන්න් එක කිරි පාට L300 එකක් වාගෙයි මතක!
      වෙච්ච දේ උනා දැන් ඕවා අමතක කරලා දාපං!
      හමුවුනු වෙලාවක කතා කරමු!

      Delete
    2. ඔව් ඔව් ලබන පෙබරවාරිදීත් ඇහැක් නං හමුවෙමු!

      H

      Delete
    3. අම්මට සිරි දැන්නේ අඳුන ගත්තේ ඉබ්බව! එකෙන්ම!

      Delete
  5. ඔව් අපි බොහෝ දෙනෙක්ට වයිෆ් ගේ වචනය අවසාන වචනයනේ, මේ වෙලාවේ නම් එයා කිව්ව දේ සේරම හරි, අන්තෝ ජටා බහි ජටා නේද, හැබැයි ඉතින් ඉබ්බාගේ උනත් ඉරණම වෙනස් කරන්න බැ කියනන්වනේ, ඔයා හරි දේ කරානේ.

    අපිට නම් කියලා තියෙන්නේ වේගයෙන් යන වෙලාවට සතෙක් පැන්නොත් සතා ගැන බලන්න එපා කියලා, එත් ඉතින් අව්රුදු 300 නිසා ඉබ්බා වෙනස් නේ.

    මම දැකපු හොඳම අධි වේගේ පස්සට රිවර්ස් කිරීම ගැන, දවසක් මම බැංකොක් අධි වේගේ ටැක්සි එකක යනකොට මැන් වැරදි exit එක ගත්තා, පහල පාර දැක්කම මැන්ට වැඩේ තේරුණා, මු ටක් ගාල පස්ස බලලා මිටර් සීයක් විතර වන්ගුවේ අධි වේගේටම රිවර්ස් කරානේ.

    අනේ මේ, ඔයාගේ මේ රථ වර්ණනාව අපේ රථගාය වැඩි වෙනවනේ.

    අම්මට සිරි, මට ශනිදා පොස්ට් කීපයක්ම මිස් වෙලානේ.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. මගේ තියෙනවා අධිවේගේ රිවර්ස් කිරිල්ලක් නම් දරාපු! හිතුනොත් ඔය ගැම්මටම ඒකත් ලියන්නම්!
      දැන් ඔබ තුමන්ලාට සෙනසුරාදා ඉඳන් සති අන්තෙ බ්ලොග් එක්කම ඉන්න් පුළුවන්!
      අපේ සමහර බ්ලොග් වලට ඇවිත් තියෙන්නෙම කමෙන්ට් දාන ඔබලා වගේ අය විතරමයි!

      Delete
  6. හයියෙන් ගියත්, ඉබි ගමන දැකලා ඇහැක් විදියට කොරපු දේ මැදැයි. පුළුවන් හැම වෙලේම් අනික් සතුන්ට උපකාර කරන්න එපැයි මනුසතා. කතාව රසවත්.

    ReplyDelete
    Replies
    1. ඔව් දැනටත් මම ඔය කස්ටිය සෙට මෝල් වුනු තැන් වල වීරාභිවන්දනයෙන් යුතුව කියන කයිවාරුවක් තමයි ඔය "ඉබි ජාතකේ!"

      Delete
  7. ඔහොම වෙච්ච ඉබ්බෙක්ගේ කටුව අලවලා ප්‍රතිකාර කරපු පශු වෛද්‍යවරයෙක් ගැන මමත් අහලා තියනවා.

    ReplyDelete
    Replies
    1. මේ මගේ "ඉබි ජාතකේ " දෙසා වදාලන බොහෝ තැන් වල එවුන් කියනවා ඉබ්බාව ගෙනත් පශු වෛද්‍යලාට දෙන්න තිබ්බනේ කියලා! ඒත් එක්සිට් එකේදි නිකමට හරි චෙක් කරලා පහුවෙනිදා පත්තරේ වැටෙන කොට කොහොමද "බොග් ලියන්නා:; මසට ඉබ්බෙක් රැගෙන යද්දී මාට්ටු වෙයි!" කියලා.
      අපේ ඩ්‍රැකීලා අසංගලා මහේෂ්ලම වැඩේට ප්‍රසිද්ධිය දීලා මගෙ කලිසම ගලවයි!

      Delete
  8. සුජිත් අමරකීර්තිOctober 22, 2023 at 6:57 AM

    අපි රුසියාවේ ඉගෙනුම ලබන කාලේ ඉබි මස් ආහාරයට ගත්තා. රසවත් මස් වර්ගයක්. මසට ඉබ්බන් ඇති කරන ගොවිපල තිබුනා.

    ReplyDelete
    Replies
    1. මම මේ දවස් වල හොයනවා "රිලා මස් රෙසිපියක්"!
      රිලා මස් කන්න පුරුදු කලොත් චිකන් ප්‍රශ්නෙයි ගොවිතැන් ප්‍රශ්නෙයි සෑහෙන්න විසඳෙනවා.

      Delete
    2. සුජිත් අමරකීර්තිOctober 22, 2023 at 10:11 AM

      88/89 භීෂණ සමයේ ජෙවිපේ ත්‍රස්තයන් ගොවින් සතුව තිබුණු ගිනිඅවි පැහැර ගත්තා. ඒ නිසා තමයි දඩයම් කිරීම අඩුවී ගොවිතැන් සදහා හානි කරන වල් ඌරන්, මොනරුන්, රිලවුන් වගේ සතුන්ගේ අසීමිත ගහනයක් ඇති උනේ.

      දැන් රජයෙන් ගිනිඅවි බලපත්‍ර ලබා දීගෙන යනවා අවම අක්කර 5 ක වගාවක් කරනා ගොවීන්ට.
      හැබැයි එතකොට ගොවීන්ගේ වගා සතුන් හානි කරනවට රජය කිසිවක් කරන්නේ නැහැ කියලා කෑ මොර දෙන ජෙවිපේ ත්‍රස්තයන් ඊළගට කෑගහයි ගොවීන්ට තුවක්කු දීලා සත්තු මරනවා කියලා.

      Delete
    3. ඉතිං ජෙප්පො තුවක්කු ටික ගත්තනං ඒ ටික ආණ්ඩුවට පුලුවන්නේ රී ප්ලේස් කරණ්න!
      මමත් තුවක්කුවක් ගන්න බැලුවා. මට අක්කර 5ක් නැති එකයි කේස් එක!
      ඔඉන එකටයි එඔආ එකටයි හොට දාන රිලව් ටිකක් ඉන්නවා මේ පැත්තේ!

      Delete
  9. අහිංසක සතුන් ගැන ඇති ඔබේ සෙනේ
    මේ ලියවිල්ලෙන් හොඳටම කැපී පෙනේ
    හැම හිතකමත් ඇති වීලා මෙවන් ගුණේ
    සාමයෙ මල් පිපේවා ලොව හතර කොණේ

    ReplyDelete
  10. ශනිදාට ඉබි කතා! :D
    අපි කැම්පස් යන කාලේ රත්තණපිටියේ තැනක නැවතිලා හිටියා ජපුරේ පිට්ටනියේ එහා වත්තේ. දවසක් එහෙ වත්තට ඔය වගේ තඩි ගල් ඉබ්බෙක් ඇවිත් හිටියා. ඒ ගෙදර මල්ලි ඌ ව "ඩිග්රියක් අරන් වර!" කියලා කැම්පස් එක පැත්තට දැම්මා. මොනවා උනාද දන්නේ නැහැ ඊට පස්සේ :D

    ReplyDelete
    Replies
    1. අඩේ ඌ ඩිග්‍රිය අරං යනකොටද මංදා මට හම්ම්බුනේ!?
      උගේ
      පොඩි බක ලයින් එකකුත් තිබ්බා තමා!

      Delete
  11. මම ගියානං මාත් කරන්නෙ ඔය වැඩේම තමයි. ඒත් ඉතිං අන්තිමේ ඉබ්බගෙ ඉබි ආත්මෙ තව ටිකක් දික්උනාද මන්ද. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ බං! එහෙමනේ මේ උපාස්කම්මලා කියන්නේ! තට්ටයා

      Delete
  12. ඉබ්බෙක් අහුවෙලා බේරිලා ගියා නං ඌ තාරකා ඉබ්බෙක්ම තමා.
    ගල් ඉබ්බෙක් කිරි ඉබ්බෙක් බේරිලා ගියා කියන්නෙ
    මොන කාල මානයක වුණවැඩක් වෙන්න පුලුවන්ද කියල කම්පනා කලේ

    ReplyDelete
    Replies
    1. උඹ එහෙමයි අපි ගැන හිතන්නේ ඈ.? තට්ටයා

      Delete
    2. වෙන කොහොම හිතන්නද

      Delete
  13. තාරකා ඉබ්බොන්ගෙ (star tortoise) ජීවිත කාලය නම් අවු 60-100ක් විතර. ගල් ඉබ්බො (black turtle) කොහොමද දන්නෙ නෑ. කොහොමවුනත් ගොඩක් දිග කාලයක්.
    ඉස්සර වියලි කලාපයේ ලේසියෙන් දකින්න හිටපු තාරකා ඉබ්බො දැන් අඩුයි.
    තෙත් කලාපයේ ගල් ඉබ්බොනම් සෑහෙන්න ඉන්නවා තාම.

    ReplyDelete
    Replies
    1. මෑත භාගයේ වියළි කලාපයේ ඇතිවුනු ලැව් ගිණි වලට බොහෝ තාරුකා ඉබ්බන් ගොදුරු වුනා විය හැකියි!
      ඉබ්බාගේ ජීවිත කාලය අවුරුදු 150ක් කියලයි ගූගලයා නම් කියන්නේ!~~

      Delete
    2. https://www.kashmirworldfoundation.org/post/sri-lankan-star-tortoise-smuggling-for-the-exotic-pet-market-1#:~:text=They%20live%2C%20on%20average%2C%2040,Sri%20Lanka%2C%20and%20southeastern%20Pakistan.

      Delete
  14. ඇත්තනෙ. පිරිසිදු සිතින් ඉබ්බගෙ තිරිසන් ආත්මය අවසන් කළා නං දිවියලෝකෙ යන්ඩ තිබුණ.

    ReplyDelete
    Replies
    1. ඉබි මස් රෙසිපියක් හොයා ගන්න ඕනෙ ඉබ්බන්ව නිවන් යවන්න!

      Delete
  15. හිතුන දේ එක්කලා කරපු දේ හරි. නැහ්නං හිතට වද දෙන්න පුලුහං පස්සෙන් පහු. හිත වද නොදෙන තැනක තමා තියාගන්නට ඕන... මටනං

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි මම මගේ ජීවිතකාලයෙදි වැඩියෙම්ම කරලා තියෙන්නේ මට ආතල් ඒවා තමයි!
      (තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා ~ හිරේ විලංගුවේ වැටෙන්න බැරි නිසා ඉතුරු වෙලා!)

      Delete
  16. ස්තූතියි! - තට්ටයා

    ReplyDelete
  17. මටත් ඔයවගේ අත්දැකීමක් තියෙනවා තට්ටයා මහත්තයෝ.....
    උදේ පාන්දර වැඩට යනකොට පටු පාරකදී වාහනේ 100/90 ලයිට් එලියට , හෙමින් හෙමින් පාර මාරුවෙන ඉබිහාමිත් එක්කම ඊලඟ මොහොතේ වංගුවෙන් මතු⁣වෙන්න නියමිත වාහනේ ලයිට් එලියත් ඇහැ ගැටුනා. ඉස්සරහට එන වාහනේට යන්න බැරි විදිහට පාරේ මැදම වාහනේ නවත්තලා ඒ අහින්සකයා පාරේ අයිනේ තිබුන වෙලට පට්ටල් කරා. මේවා කථා කරන්න තරම් සිද්ධි නොවුනට, අපට නොතේරෙන විදිහේ බරක් තියෙනවා කියලා හිතෙනවා තට්ටයා මහත්තයෝ. ඔබතුමා ජීවිත අවදානම සාක්කුවේ දාගෙන කල ක්‍රියාව ගැන හිස නවා ආචාර කරනවා.... බොහොමත්ම ස්තුතියි මේ වේදිකාව තැනුවාට....
    - වීරසිරි බන්ඩාර -

    ReplyDelete
    Replies
    1. ඔව් පිං පව් විශ්වාස කලත් නොකලත් තව එකෙකුගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට හැකිවීම සතුටුයි!
      අපේ බණ පොත් වල හැටියට මරණා සන්න මොහොතේ ඇතිවන සතුටු සිත හොඳ ප්‍රතිසන්ධියක් ලබනවා කියලයි කියන්නේ! මගේ නම් ඔය දේවල් පිළිබඳව විශ්වාසයක් නෑ!
      ඒත් මරණාසන්න වෙලාවේදී ඕවා මතක් උනොත් සතුටින් මේ ජීවිතයට සමු දෙන්න පුළුවන් වේවි!
      එහෙම නේද?

      Delete
    2. ඇත්තෙන්ම.........

      Delete
  18. තිලින ප්‍රියසාද්October 30, 2023 at 11:40 AM

    වාසනාවන්ත ඉබ්බෙක්.... ඉබ්බාට දිගාසිරි...

    ඒක නෙමේ.... මේ වාහනේ ගැන කලින් මොනවත් ලියලා තිබුනේ නෑ නේද....

    ReplyDelete
  19. මේක අපේ පවුලගේනේ!?

    ReplyDelete
  20. ස්වභාව ධර්මයට සහයෝගය දක්වන්නාට ස්වභාවය ධර්මය හිතෛෂී වෙයි. 💐🙏

    ReplyDelete
    Replies
    1. ඔව්! මා තුල ඔබව ලියැවී ඇත්තේත් ස්වභාවධර්මයේ පෙම්වතියක් ලෙස!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...