October 18, 2023

The Five Largest Islands - ලෝකයේ විශාලතම දූපත් පහ?

 අමුතුම සතුන්ගේ නිවහන වන දූපත් පෘථිවියේ වඩාත්ම විවිධාකාර හා ආකර්ෂණීය ස්ථාන අතර වේ. ගොඩබිම් අනුව විශාලතම දූපත් වන මේවායේ පෘථිවි ජනගහනයෙන් සියයට 11 ක් පමණ සිටිති.  ඒ්වා නම් ග්‍රින්ලන්තය, නිව්ගිනියාව, බොර්නියෝව, මැඩගස්කරය සහ බැෆින් දූපත වේ. මිලියන 22 ක ජනගහනයක්  හා ප්‍රමාණයෙන් වර්ග කිමි 65,610 ක් වන  ශ්‍රී ලංකාව, ලොව 25 වන විශාල දිවයින ලෙස ද,  මහා බ්‍රිතාන්‍යය වර්ග කිලෝමීටර් 209,331 ක භූමි ප්‍රමාණයකින් යුත් සමස්ත නවවන විශාලතම දූපත ලෙස ද සැලකේ. එක්සත් ජනපදයේ විශාලතම දූපත, වර්ග කි.මි. 10,430 ක භූමි ප්‍රමාණයකින් සමන්විත අතර එය හවායි හි විශාල දූපත ලෙස නම් කර ඇත

මෙහිදී  මහාද්වීපික ගොඩබිම් ගණන් නොගෙන ඇත. එබැවින් ඇෆ්‍රෝ-යුරේසියාව, ඇමරිකාව, ඇන්ටාක්ටිකාව සහ ඕස්ට්‍රේලියාව බැහැර කර තිබේ. මෙයින් සමහර විශාල ගොඩබිම් සාගර කබොලෙහි දිගුවක් වන හෝ විශාල භූමි ස්කන්ධයක් සහිත මහාද්වීපික තලයක් මත පිහිටා ඇත. එනිසා ඒවා සැබෑ දූපත් වලට ප්‍රතිවිරුද්ධව, ඔවුන්ගේම මහාද්වීපික ලිතෝස්ෆියර් සහ භූ තල මත පිහිටා තිබේ. මිලියන 25.7 ක ජනගහනය සහිත ඕස්ට්‍රේලියාව ප්‍රමාණයෙන් වර්ග කි.මි. 7 692 024 වේ. එය වර්ග කි.මි. 149 450 000 වන ලෝකයේ භූමි ප්‍රමාණයෙන් සියයට පහක් පමණක් වන ලොව කුඩාම මහාද්වීපික භූමි ස්කන්ධයක් සහිත ලොව විශාලතම දූපත වේ..

1)      ග්‍රීන්ලන්තය

ග්‍රීන්ලන්තයේ ප්‍රධාන දූපත පෘථිවියේ විශාලතම දූපත වන අතර වර්ග කිලෝමීටර් 2,130,800  ක විශාලත්වයකින් යුක්ත වේ. එම ප්‍රධාන භූමි ප්‍රදේශය සමඟ ග්‍රීන්ලන්තයේ මුඵ භූමි ප්‍රදේශයට, එහි මායිම වටා විසිරී ඇති කුඩා දූපත් 100 කට වඩා ඇතුළත් වේ.

ග්‍රීන්ලන්තය, ඩෙන්මාර්ක රාජධානියේ ස්වයං පාලන ප්‍රදේශයක් වේ. ග්‍රීන්ලන්තය දැවැන්ත වුවද එහි ශීත දේශගුණය නිසා අතිශයින් විරල ජනගහනයක් සිටියි. වෙරළ තීරයේ දක්නට ලැබෙන ජනාවාස කිහිපයකට සීමා වූ මිනිසුන් 56,000 ක් පමණකගේ නිවහන ලෙස හඳුන්වයි. ග්‍රීන්ලන්ත වැසියන්ගෙන් බහුතරය Inuit වන නමුත් සැලකිය යුතු සුළුතරය යුරෝපීය සම්භවයක් ඇති, මූලික වශයෙන් ඩෙන්මාර්ක ජාතිකයන් වේ. ග්‍රින්ලතයට අමතරව කැනඩාව, ඇලස්කාව, ඈත නැගෙනහිර රුසියාව වැනි රටවල Inuit වරු වෙසෙන අතර සම්පුර්ණ Inuit ජනගහනය මිලියන 1.8ක් පමණ වේ.

2)    නිව් ගිනියාව

ලෝකයේ දෙවන විශාලතම දූපත වන්නේ අග්නිදිග ආසියාවේ නිව් ගිනියාව වන අතර එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 785,753 වේ. දිවයින දේශපාලනික වශයෙන් බෙදී ඇති අතර, දිවයිනේ නැගෙනහිර අර්ධය පැපුවා නිව්ගිනියාවට අයත් වන අතර බටහිර අර්ධය ඉන්දුනීසියාවේ කොටසක් වේ.

ගොඩබිම හරහා තිරස් අතට දිවෙන නිව් ගිනියා උස්බිම් වේ. මීටර් 4,884 (අඩි 16,024) ක උන්නතාංශයක් සහිත ඕෂනියාවේ උසම කඳු මුදුන සහ උසම කන්ද වන පුන්කාක් ජය ඇතුළු කඳු වැටි දාමයකි.

3)   බෝර්නියෝ 

තුන්වන ස්ථානයට පැමිණෙන්නේ වර්ග කිලෝමීටර් 748,168 ක වපසරියකින් යුත් බෝර්නියෝ ය. එයද අග්නිදිග ආසියාවේ නිවර්තන කලාපවල වේ.
                                                                
දිවයින දේශපාලනික වශයෙන් රටවල් තුනක් අතර බෙදී ඇත: උතුරේ මැලේසියාව සහ බෲනායි සහ දකුණින් ඉන්දුනීසියාව.

මිලියන 21 කට අධික ජනතාවක් බෝර්නියෝ හි ජීවත් වෙති. එය සපුෂ්ප ශාක විශේෂ 15,000 ක්, ගස් විශේෂ 3,000 ක්, භෞමික ක්ෂීරපායින් විශේෂ 221 ක් සහ පක්ෂීන් විශේෂ 420 ක් ඇතුළුව තේජාන්විත ලෙස පොහොසත් ජෛව විවිධත්වයකින් යුත් කලාපයකි. ඔරංඔටන් විශේෂ තුනෙන් එකක් වන Bornean orangutan (Pongo pygmaeus) එහි වඩාත් ආකර්ෂණීය සතුන්ගෙන් එකෙකි.

4)  මැඩගස්කරය                                                                    

හතරවන විශාලතම දූපත වර්ග කිලෝමීටර් 587,041 ක වපසරියකින් යුත් මැඩගස්කරයයි.

දකුණු අප්‍රිකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති මැඩගස්කරය ග්‍රීන්ලන්තයෙන් පසු දෙවන විශාලතම දූපත් රට වේ. බෝර්නියෝ සහ නිව්ගිනියාව මෙන් එය ජෛව විවිධත්වයෙන් බහුලයි. එහි විශේෂත්වය වන්නේ Aye-aye සහ fossa ඇතුළු ලෝකයේ වෙනත් තැනක දක්නට නොලැබෙන අද්විතීය සතුන්ය

Aye-aye (Daubentonia madagascariensis) යනු මැඩගස්කර දූපතට ආවේණික වූ විශේෂයක් වන අතර ලොව විශාලතම නිශාචර primate වේ. primate යනු වඳුරන්, වානරයින් සහ මිනිසුන් ඇතුළත් වන කාණ්ඩයේ ඕනෑම ක්ෂීරපායි සතෙකු වේ. fossa යනු සිහින් සිරුරක් ඇති බළලුන් වැනි සත්වයෙකි.

5) බැෆින් දූපත

පෘථිවියේ පස්වන විශාලතම දූපත වන්නේ වර්ග කිලෝමීටර් 507,451 ක භූමි ප්‍රමාණයකින් යුත් කැනඩාවේ බැෆින් දූපතයි.

ග්‍රීන්ලන්තයේ සිට කිලෝමීටර් 350 ක් දුරින් පිහිටි බැෆින් දූපත තවත් අයිස් යෝධයෙකි. එහි ඇත්තේ 13,000 ක පමණ කුඩා ජනගහනයකි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් Inuit ය. එය තෝර් පීක් (THOR peak) ලෙස හැඳින්වෙන මීටර් 1,675 උසින් පිහිටි ලෝකයේ උසම සිරස් පිහිටීම වේ.

  IFL ඇසුරෙන් හර් ෂ

0 comments:

Post a Comment