සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


අපේ රටට අයත් දුරින්ම පිහිටි දූපත තමා කච්චතිව්. කන්කසන්තුර වරායේ සිට කිලෝමීටර් 90ක් දුරින් මේ දූපත පිහිටලා තිබෙන්නේ. ජන ශූන්‍ය දූපතක්ව පවතින මෙයට ජනතාවට යන්න අවසර ලැබෙන්නේ වසරකට එක් වරක් පමණයි.
ඒ අවස්ථාව උදාවන්නේ දූපතේ පිහිටුවා ඇති ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අවස්ථාවට එක් වෙන්නයි. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ පුර්ණ දායකත්වය එක්ක සංවිධානය වන මේ මංගල්‍යයට ඉන්දියාවේ මෙන්ම මෙරට බැතිමතුන් විශාල පිරිසක් මේ දිනයට දූපතට එක් වෙනවා. 
මේ වසරේ කච්චතිව් මංගල්‍ය පසුගිය දා පැවැත් වුණා. එයට මෙරට හා ඉන්දීය බැතිමත්හු 8500ක් පමණ එක්ව සිටියහ.
පැමිණෙන සෑම බැතිමතෙක් වෙනුවෙන්ම නාවුක හමුදාව ආහාර පානාදිය ලබා දෙනවා. 
මේ වෙනුවෙන් නාවික හමුදාව මාස කීපයක් තිස්සේ එම දුපතේමෙහෙයුම් කරටයුතු සිදුකරනවා.
සංචාරයට ලැදි ඔබටත් කච්චතිව් දූපත යනු අපුරුම අද්දැකීමකි. එය විඳගන්න නම් යළිත් ලබන වසරේ දේව මෙහෙය වෙන තුරු සිටින්නට වෙනවා.

3 comments:

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT