Sunday, October 15, 2023

ඔබය මාහැඟි | The Finest

 


ඔබය මාහැඟි,
ආදරණීය,
මුදු,
වඩාත් සෝබමාන
පුද්ගලයා මා සොඳින් දන්න
-- එනමුදු එයද අවතක්සේරුවකි
(නොදනිමි කෙසේ පවසන්න ද?)

නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: F. Scott Fitzgerald)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

6 comments:

  1. ඔය කියල තියෙන ටික මදෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒත් කරද්දි වර්ණනාව වයද්දි ගුණ මදියි ඒත් මදියි කියල හිතෙන අවස්ථා නැතිව නෙවෙයි නේද? ජීවිතය සුන්දරයි. බොහෝම ස්තුතියි මිත්‍රයා.

      Delete
  2. ඔව් සමහර විශේෂන පදයකට ලඝු නොකල හැකි තරම් අය සිටියි!

    එහි අදහස ඔහුව හෝ ඇයව විස්තර කිරීමට භාෂාවේ වදන් මද බවද?

    මෙතෙක් තිබුනු හැම වදනකින්ම පැවසූ අයටත් වඩා "ඔහු හෝ ඇය" උසස්, ශ්‍රේෂ්ඨ, ඉහල කියන එකද?

    ඒ අයව හැඳින්වීමට අලුත් වදනක් අවශ්‍යයි කියන එකද?

    ඔව්! සමහර අයගේ ලස්සන දැක්කාම බලන්න ලෝභයි! එක වරක් බලලා ක්ෂණිකව ඇස් වහ ගන්නට හිතෙනවා; ඉතිරි කාලය පුරා මනසින් දකින්නට!

    ගති ගුණත් එහෙමද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, කතෘ වචන ලඝු කරන්න බැරි අවස්ථාවක. මේ පුංචි පදපෙල ඔබ සඳහන් කර අන්දමට හරවන හරවන පැත්තට බරට දිස්නෙ දෙන අරුත් කීපයක් ඇති එකක්. ආදරය, සෙනෙහස, ගරුත්වය පිටාර ගලන වර්ණනාවක්.

      ගෙවීගිය සාහිත්‍ය මාසය පුරා, විවිධත්වයෙන් යුතු, තෝරාගත් විදෙස් කවි ගනනාවක් පරිවර්තනය කරා. මේ ඉන් එකක්.

      බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

      Delete