Saturday, October 14, 2023

තුන් සොල්දාදුවෝ 1973 - ශනිදා දහයට!

අලිසන්දිරී දූමා නමැත්තාණෝ මහා පබඳුවාණ කෙනෙකි...

කළු දළ මල හෙවත් The Black Tulip පොතේ සිංහල පරිවර්තනයේ හැඳින්වීම පටන් ගන්නේ උඩ තියෙන වාක්‍යයෙන්.

ඇලෙක්සාන්ද්‍ර දියුමා ගේ ඉතා ම ප්‍රසිද්ධ නවකතාවක් වන තුන් සොල්දාදුවෝ කතාවෙන් හදපු චිත්‍රපටි ගණනාවක් තියෙනවා. එයින් මම කැමති ම චිත්‍රපටිය ආවෙ 1973 දි. A Hard Day's Night, The Beatles Help!, Supperman II ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රිචර්ඩ් ලෙස්ටර් ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි සිනමා තිර පිටපත ජෝජ් මැක්ඩොනල්ඩ් ලීවේ.


කූඹියෝ ටෙලි නාට්‍යයෙ කුඩා චරිතවලට ප්‍රසිද්ධ නළුවො අරගෙන තිබුණා වගේ, මේකෙත් ඉන්නව සහය චරිතවලට ක්‍රිස්ටෝෆර් ලී, චාල්ටන් හෙස්ටන්, රිචඩ් චේම්බර්ලේන්, ඔලිවර් රීඩ්, රාකේල් වෙල්ච්, ජෙරල්ඩීන් චැප්ලින් (ඔව්, අරයගෙ දුව...) ආදී උදවිය.

මේකෙ මම දකින හොඳ ම දේ තමයි, කතාවට යටින් දිවෙන සරළ හාසයය. හාස්‍යය මතු කරන්නෙ එදිනෙදා යථාර්ථවාදී අවස්ථාවලින්. මේ ඊට හොඳ උදාහරණයක්...

බේබද්දෙකුත් ඇතුළත් වුණු මස්කිටීයර් තුන් දෙනා, ලේසියෙන් කෑම ටිකක් එකතු කරගන්න රෙස්ටොරන්ට් එකේ දාගන්න වලිය ඒ වගේ තවත් තැනක්...


ඉතින්... සුප්‍රකට කතාවක් නිසා තිර පිටපතේ සාරංශයක් මෙතන ලිවීම වැඩක් නෑ. ඒ වගේ ම, කාඩිනල් රිෂලියු හැටියට චාල්ටන් හෙස්ටනුත්, රොෂ්ෆෝ හැටියට ක්‍රිස්ටෝෆර් ලීත් කැපී පෙනෙන "සුළු" රඟපෑමක් කරන බව පැවසීම ප්‍රමාණවත්.

මේ චිත්‍රපටිය 1975 වර්ෂයේ බ්‍රිතාන්‍ය ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් සිනමා සම්මානවලින් හොඳ ම විකට චිත්‍රපටිය හැටියටත්, ගෝල්ඩන් ග්ලෝබ් සිනමා උළෙලේ හොඳම විකට හෝ සංගීතමය නිළිය සම්මානයත් දිනාගත්තා. ඒ වගේ ම මෙහි තිර පිටපත, මහා බ්‍රිතාන්‍යයේ රයිටර්ස් ගිල්ඩ් සම්මානවලින් 1975 බ්‍රිතාන්‍යයේ හොඳ ම විකට තිරපිටපත හැටියටත් තේරුණා.

චිත්‍රපටිය බාගත කරගන්න ටොර්න්ට් සබැඳිය මෙතනින්...

54 comments:

  1. උදෙන් පළ කළෙමි ‘තිස් එක’ පෝස්ටුව
    මිතුරෙකු කීය බලනා ලෙස කමෙන්ටුව
    බලනකොට ඩ්‍රැකී පටන් ගෙනනේ ‘කවි මඩුව’
    තනිවත් නෙවෙයි, තව පිරිසක් හා එක්ව!

    ඩ්‍රැකී වම්හ, ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන්
    බස්සා මාතියා එහෙමත් ඇවිත් ගිහින්
    යන්නට කලින් කවි කමෙන්ටු ලියා ගිහින්
    ලිව්වා ඉතින්, උත්තර මම එතන ඉඳන්

    උදේ වේල වැරදිණි මට ඒ හින්දා
    ස්නානයත් පහු විණි මගෙ ඒ හින්දා
    ඒත් මොකෝ, වටිනවනේ කවි හින්දා
    නිඳි මරපංකො නිදි ‘ශනිදා’ රෑ හින්දා!

    ReplyDelete
    Replies
    1. රහට ගැලපු පදවැල් එහෙ මෙහෙට වෙවී
      හිතට දැනෙයි සතුටක් කුමකටද තැවී
      අදට රැයත් එළබෙනවා දිනය ගෙවී
      මෙමට වුනත් නිදිමත නැහැ ලගදි කවී....

      ජයවේවා

      Delete
    2. රහට ගැලපු පදවැල් එහෙ මෙහෙට වෙවී
      හිතට දැනෙයි සතුටක් කුමකටද තැවී
      අදට රැයත් එළබෙනවා දිනය ගෙවී
      මෙමට වුනත් නිදිමත නැහැ ලගදි කවී....

      ජයවේවා

      Delete

      Delete
    3. කවිය අවදි කරවයි අපෙ සිතිවිල්ල
      එවිට පෙනෙයි සරසවියගෙ සෙවණැල්ල
      එතකොට නැතිව යනවානේ ඉවසිල්ල
      ඉත්න් කොහෙද නින්දක ඇති සැනසිල්ල

      Delete
    4. නිදි,
      තිස් එක පෝස්ටුවෙ අදහස් ලිව්වා ම
      මට ම දැනුණි ලැබෙනා වූ උත්තරය
      වලියක් ඇද ගන්න ඇත්නම් මසුරන් ය
      අනික් උනුත් ගොඩ බැස්සා නොකියා ම

      දුමී,
      ජයවේවා ඔබටත් ආපහු ලියන
      වැදගත් දිගට රැ‍ඳෙනා එක බ්ලොගේ තැන

      Delete
    5. හුම් හිටු... මාත් කයියක් ලියන්න. අන් අය කොරවෙන්ට 😁

      කිරි පැණි ලෝකෙ - රැලි නැති මාලේ
      මේ නමියා කොහෙන්දෝ - හිමාලයෙන් ඇහින්දෝ
      දඩිං බිඩිං ඩෞම්!

      Delete
    6. අනේ උඹේ ළමා කවිය
      උඹට උනත් හොඳින් වැඩිය

      Delete
    7. ලිව්ව නේද යස කවියක් අපෙ නමියා
      මෙව්ව දැකලා බඩ කොරවිය මේ දුමියා

      Delete
  2. වටිනවා දැණුමට මෙය.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ජය වේවා දුමී. මේක නම් වටින්නෙ රස වින්දනයට, දැනුමටත් වඩා.

      Delete
  3. සනිදා 10යෙ පෝස්ටුව... 7 විතර දාන්ටත් ඇහැක්ද 😂

    ReplyDelete
    Replies
    1. ඇහැක් කනක් අතක් පයක් හරි කමක් නෑ..

      Delete
    2. නමියා‍,
      ටෙස්ටිං මං මං මං...

      අසංග,
      වෙන මොන අවයවයක් හරි කමක් නෑ කියල සිසිර කුමාර මාණික්ක ආරච්චිත් කියල තියෙන්නෙ...

      Delete
    3. කොලෞම්බුස්, ඩැකුස් -
      මේ සනිදා පෞස්ට් ලිසට් එක කියෝල... මයෙ ඇහේ පොට ගියොත් බොලා දෙන්න තමයි හිටං 😁

      Delete
    4. කියල වැඩක් නෑ බොලං. ට්‍රැෆික් වෙලාවට කඩවත ඉඳං ටවුන් හෝල් ගියා වගේ තමා...

      Delete
  4. ගිය සුමානේ ඔලුවා අතගාන සිංදු ඇහැව්වා.. දැන් බලාහකංකෝ පිචැර්..

    ReplyDelete
    Replies
    1. ඊ ළඟ සුමානෙ දෙන්නං ටීටර් එකක්?

      Delete
  5. කළු දල මල ආසාවෙන් කියවපු පොතක්.👍

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ... ඒ කතාව පටන් ගන්නෙත් මහා ආන්දෝලනයකින්. ඔලුවට ම කා වදිනව.

      Delete
  6. මේ චරිතාංග නළුවන්ගෙන් රිචර්ඩ් චැම්බර්ලියන් සහ චාල්ටන් හෙස්ටන් දෙදෙනාම මගේත් සිනමා වීරයෝ.
    රිචර්ඩ්; අලිසන්දර දියුමා පබුදුවානන්ගේම "සිට්වර මොන්තක්‍රිස්තෝ" හී ප්‍රධාන චරිතය රඟ පානවා. ඔහුගේ විඩාබර එහෙත් අධිශ්ඨාන පුර්ව , අවංක මුහුණ මොන්ත ක්‍රිස්තෝට අගේට ගැලපුනා!

    ඒවගේමයි චාල්ටන්හෙස්ටන්. ඔහු ගැන මතකයේ රැඳෙන්නේ "බෙන්හර්" චිත්‍ර පටයේ!
    කථාව මොන තරමර්ඨ්Hආන්විත හා රසාලිප්ත එකක් උනත් තවමත් හිතේ සතුට උපරිමයෙන් ඇතිවන්නේ අශ්ව රිය ධාවන තරඟය නර බද්දීම වීම කෙතරම් අරුමයක්ද? එක්කෝ මොළේ වැඩිලා නෑ! එහෙම නැත්නම් තාම සිත වයසට ගිහිල්ලා නෑ!!

    තව එකක් ඔය රිය ධාවන ත්‍රඟයේ එක් තැනක; ඈත රතු පාට MG කාර් එකක් තියෙනවලු!
    මමත් ඕකම බලන්න දෙතුන් පාරක් බැලුවා.
    කොහෙද බෙන්හර් එක්ක අරූට ගේම කෝල් කලාම MG එකමතක නෑ නොවැ!

    ReplyDelete
    Replies
    1. ටයිටස් තොටවත්ත විසින් රිචර්ඩ් චේම්බර්ලේන් ට ගැළපෙන්න විජය කුමාරතුංගගෙ හඬ යොදා ගැනීම ගැන මොක ද හිතෙන්නෙ?

      චාල්ටන් හෙස්ටන් ගැන මට තියෙන හොඳ ම මතකය නම් බෙන් හර් ටත් වැඩියෙන් එල් සිඩ්. බෙන් හර් මම ඉස්සෙල්ලම කියෙව්වෙ පොත. පස්සෙ මට මතක හැටියට, ටීඑන්එල් එකේ ඓතිහාසික කතා කීපයක් පෙන්නුවා, නිදි මරාගෙන බැලුවෙ.

      බෙන් හර් එකේ චැරියට් රේස් එක ගොඩක් දෙනෙකුට ඉන්ෆ්ලුවන්ස් වෙච්ච එකක් නෙව. සූරපප්පා - මල් කුමාරි එකටත් බළපාල තියෙන්නෙ... තව, සූර පප්පා ඔලිම්පික් ගේම්ස්වලත් තියෙනව

      ඒ විතරයැ, ස්ටාර් වෝස් පළවෙනි ෆිල්ම් එකෙත් තියෙනව...

      Delete
    2. අනික, අර කාර් එක එම් ජී නෙමෙයි, ෆෙරාරියක්. මෙච්චර ලොකුවට තිබිලත් දැක්කෙ නෑ කියන්නෙ, ඇස් කණ්ණාඩි දෙක මාරු කරගන්න වටිනව.
      https://media.cnn.com/api/v1/images/stellar/prod/170512112242-ferrari-horse-chariot-tease.jpg?q=w_2437,h_1625,x_0,y_0,c_fill

      Delete
    3. ඔබ එහෙම කිව්වාම මම නැවතත් බැලුවා රිචර්ඩ්ට විජයගේ හඬ එක් කොට! හ්ම්ම්! සුපිරි!
      මට ෆෙරාරියනම් බලා ගන්න බැරි උනා ඒ කණ්නාඩියේ අවුලක් නිසා නොව ඒ ලින්කුව සොයා ගැනීමට මගේ කොම්පීතරේ අපොහොසත් වීම!

      Delete
    4. ගෙදර වැඩ කළා ද කියල ඇහුවම "ඒක ෆේස්බුක් අප්ලෝඩ් කරල ටීච ව ටැග් කළා " කිව්ව වගේ, ෆෙරාරිය ෆේස්බුක් දැම්මා.

      ටයිටස් තොටවත්තගෙ යවෙස්ලූ මිනිසා එකෙත් රිචර්ඩ් චේම්බලේන් ඉන්නව විජයගෙ කටහඬ සමග...
      https://www.youtube.com/watch?v=nFglaGmKAXk

      Delete
    5. යවෙස් ලු මිනිස් අ කිව්වේ දම්වැලින් බැඳ සිටින අර්ථයෙන්ද

      Delete
    6. යකඩ වෙස් මූණක් දාපු මිනිසා... කොහොම ද, ටයිටස් තොටවත්තගෙ වදන්?

      Delete
  7. https://en.m.wikipedia.org/wiki/The_Musketeers

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... කියෙව්වා. ස්තූතියි.

      Delete
  8. මම ඔය නම අහල තිබ්බට අද වෙනකල් ඕක බලල නෑනෙ.
    දැංවත් බලන්න ඕන හිටගෙන.

    ReplyDelete
  9. මේ අවුරුද්දෙත් ආවා The Three Musketeers: D'Artagnan කියලා එකක්. බලන්න නං බැරි උනා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... බලන්න ඉන්නෙ ඔය එන එන ෆිල්ම් ඔක්කොම ටික පැන්ෂන් අරගෙන. අර නම කියන්නෙ ඩාටැන්ඥොං කියල නේ? මම උඩින් දාපු ෆිල්ම් එකේ තම සීක්වල් එකක් හෝ දෙකක් ඇවිත් තියෙනවලු.

      Delete
  10. ඉස්සර කැමති, දැන් .. err....... කතාවක්.🫠

    ReplyDelete
    Replies
    1. කතාවට අකමැති උණාට, මේ ෆිල්ම් එකට කැමති වෙයි?

      Delete
  11. ඩ්‍රැකී ශනිදා දහයේ ඔබේ සටහන් සතියෙන් සතිය වෙන වෙන ඉසව්වලට යනවා. ඒ තුලින් අපිට අතීතයට විතරක් නෙවෙයි ලෝකෙ වටේත් යන්න පුළුවන්. මේවා අනාගතයට ඩිජිටල් කරන්න කෙටි යූ ටියුබ් හරි ටික් ටොක් ක්ලිප්ස් කරන්න පුළුවන්ද බලන්න. එහෙම වුණොත් ඔබේ මහන්සියට තවත් අගයක් එකතු වෙනවා වගේම බ්ලොග් රසිකයින්ට අමතරව තවත් පිරිසකට ඒවා යනවා. ( කාරිගේ චැනල් එක වගේ )

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ අදහසක්. මගෙ අදහසක් තියෙනව යූ ටියුබ් චැනල් එකකට. බ්ලොග් ලිපි ම තෝරගෙන විඩියෝ කරල බලන්න ද, එහෙනං? වැඩේ තියෙන්නෙ විඩියෝ එඩිට් කරන්නත් ටිකක් වෙලාවක් යොදවන්න වෙනව. ශරීර සෞඛයයෙ හැටියට රෑ 10 ට පස්සෙ ඇහැරලා ඉන්න හොඳ නැහැ. මේ සති අන්තයෙ ට්‍රයි කරනව.

      Delete
    2. ඩ්‍රැකී ඒක නරක නැහැ . එකපාරටම චැනල් එකකට කලබල වෙන්න එපා. ඉඩ තියෙන වෙලාවට ඩමී චැනල් එකකට විනාඩි 3 ට අඩු වීඩියෝ දෙක තුනක් දාල වැඩේ යනහැටි බලන්න. හොදට ගියොත් හරි චැනල් එකටත් දාල පොඩි ප්‍රොමෝෂන් එකක් කරන්න. ඩමියේ නම එවන්න . බලලා අවංක අදහස් කියන්නම්. සෞඛ්‍ය 1 , අනෙක්වා පස්සට දාන්න .

      Delete
    3. ගොඩක්ම ස්තූතියි අත දීමට. මම චැනල් එකක් හැදුවා මාස කීපයකට කලින්. https://youtube.com/@drackeyjr?si=Gh35STN0bH0uWEt4
      විඩියෝ මොකුත් නෑ තවම. අද පොඩි එකක් දාන්න අදහස් එනව. ඩයි එකක් හදන්න දන්නෙ නෑ.

      Delete
  12. මං ළඟ ෆෝ මස්කටියර්ස් පොත නං තියේ
    ඔ්ක බලල නෑ බොසා

    දවසක බලමු නේත

    ReplyDelete
    Replies
    1. මේක ද පොත? https://archive.org/details/fourmusketeerstr0000maun

      අලෙක්සාන්ද්‍ර දියුමා ගෙ නෙමෙයි නේ ද ඒක?

      මේ ෆිල්ම් එක බලන්න. පට්ට ඈ...

      Delete
  13. තුන් සොල්දාදුවෝ - හික්ස් 😀 මස්කටියෝ තුන්දෙනා කීවනම් මොකදඕකෙ පින් ඔෆ්ෆ් එක්ක හැටියට ටීවී සීරිස් එකක් ගියා හෙන ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මස්කටියා? ඒ මොකුන් ද? මට මතක හැටියට, තුන් සොල්දාදුවෝ කියන නම හෙණ පරණයි.
      ටී වී සීරීස් එකක්? පෙන්ෂන් ගියාමවත් බලන්න ඕනෙ. මේදවස්වල බලන්නෙ පුතාට බලන්න ඕනෙ කියන එව්ව විතරයි නෙ. වැඩේ තියෙන්නෙ, එයා මේ දවස්වල බලන්නෙ ස්ටා වෝස්...

      Delete
    2. https://www.imdb.com/title/tt2733252/

      Delete
    3. https://www.youtube.com/watch?v=pmDWE8Jy9EE

      Delete
    4. ස්ටාර් වෝස් සීරිස් එකට අහුවුනා කියන්නේ ගැලවීමක් නැහැ. මං ළඟ පොඩි මිලේනියම් ෆැල්කන් එකකුත් තියනව.

      Delete
    5. ම්ම්ම්... ඒ ලිංක් ටික නං තව දාහක් වටිනව.
      ගොඩක් ස්තූතියි ඔත්තුවට. හුටංබරස්ගෙ බර්ත් ඩේ එක හෙට. මොනවද දෙන්නෙ කියල කල්පනා කර කර ඉද්දි තමයි මේ කමෙන්ටුවට දැක්කෙ. දැක්ක ගමං ඩරාස් ගිහින් ලයිට් සේබර් එකක් ඕඩර් කළා.

      Delete
    6. හුටන් බරස් ගේ උපන් දිනේට මිට පස්සේ ප්‍රශ්නයක් නැති වෙයි. අපේ ගෙදර උන්දැලත් කාලයක් මට ඒවා තමා දුන්නේ. ස්ටාර් වොස් තේ ජග්ගුවක් තියනව රත්වේච්ඡ තේදැම්මම ලයිට් සෙබර් පේලියක් මතු වෙනවා. ටි ෂර්ට් එකක් තියනව. ඒවානම් අඳින්නේ නැහැ. ස්ටාර් ෆයිටර් එකක්, එක්ස් වින්ග් එනිමි ෂිප් එකක් හෙම තියනව.

      Delete
    7. හුටංබරස් ට ලබන්නාවූ උපන් දිනයට සුභ පැතුම්. 🎂

      Delete
    8. එපික් ඈ... මාත් හෙව්වෙ මිලෙනියම් ෆැල්කන් එකක්. නමුත් දවස් දෙක තුනෙන් ගෙන්න ගන්න පුළුවන් එකක් තිබුණෙ නෑ. අනික් අතට, මුන්දැ රවුම් චීස් පෙට්ටියකුයි තව කාඩ් බෝඩ් වගේකුයි අරං සෙලෝටේප් ගහල මිලෙනියම් ෆැල්කන් එකක් හදල තිබුණා.

      සුබ පැතුමට ස්තූතියි මාමේ... (හුටංබරස් කියන්න කිව්වෙ)

      Delete
    9. ෂාහ් හුටන්බරස් ට හොඳ නිර්මාණ නෙව තියෙන්නේ.

      Delete
    10. මේ ඒකෙ පින්තූරයක්... එච්චර කොලිටි වැඩක් නෙමෙයි ඉතිං.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි