Saturday, October 14, 2023

මුහුදු රළ | A Wave (ශනිදා දහයට!)

 



ඔබේ උදව්වක් ඕනෑකරන මිනිසුන්
බොහෝවිට
ඔබෙන් ඉල්ලීමක් කරන්න බැරි තරමට හෙම්බත්ය.
ඔවුනට අතදෙන්න.
දියේ ගිලීම
හැමවිටම
ගිලීමක් හැටියට
නොපෙනෙන්න පුලුවනි.


Iain S. Thomas කවියාගේ A Wave කවියේ පරිවර්තනයකි.
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

6 comments:

  1. හරිම ලස්සනයි සහෝදරයා .
    ශනිදා දහයට ස්තූති.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.
      ඔව්, ශනිදා දහයට හොඳ උත්සාහයක්, සාර්ථ්ක වේවා!

      Delete
  2. ඔව් මේ කව මොන විදියට ගත්තත් ඇත්ත!
    ඒ කියන්නේ ජීවිතාරක්ෂක පාඩමක් ලෙසටත්; මානසික මියැදීමත් දෙකටම!

    බොහෝ විට අප අවට ඉන්න බොහෝ අය (අප වගේමා හිස ඉහලින් තබාගෙන ජීවත් වෙන බවක් පෙන්වාගෙන සිටියත් ඇත්තෙන්ම සිරුරේ බොහෝ කොටසක් මරණයට සූදානම් වෙලා, ජීවිතේ අත ඇරලා!

    තාම "මම" කියන සාධකයට විතරයි ජීවිතේට වටිනාකමක් දැනිලා ඒක ට ලෝභ කමක් ඇතිවෙලා යන්තම් දියෙන් උඩ ඉන්නේ!
    සත්තකින්ම එවන් වෙලවකට අපට අත දෙන්නට කවුරු හරි ඉන්නවානම්!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම. පුංචි පදපෙලට ඔබ එක් කල වටිනාකමට බොහෝම ස්තුතියි!
      තව එකක්, ඇහුම්කන් දෙන්නාට අහුම්කන් දෙන්න ඕනේ. හේතුව, අප සමාජයේ ඉන්නවා මුහුදේ රළ වගේ කඩාගෙන එන ලොකු පොඩි, මුදු රළු හැම රළයක්ම පිළිගන්නා වෙරළ වගේ හැමට කන්දෙන්නෝ. ඒ හැම පීඩනයම විඳගන්න වෙරළ වගේ ඔවුන්ගේ සිත් පෙලෙනවා නොපෙන්නුවාට. එය කැඩුන දා වෙන්නේ අර වෙරළ වගේම මුහුදු ඛාදනය.

      Delete
  3. ළඟින් ආශ්‍රය කරන එකෙක් නොහිටියොත් උං ගිලිලම යනව.

    ReplyDelete
  4. අන්න ඒකයි ප්‍රසා කාරනය.
    //ශනිදා දහයට// concept එක දැනගත් වේලේ මතක් වුනේ ප්‍රසාව. ඒ බොහෝ තැන්වල කොමන්ට් අතර ඔබ ඉන්නවා දකිනවා. කවදත් ඔබ වගේ බ්ලොග් දිවිල්ලේදී වතුර ගැහුවා, එය අදත් දකිනවා. සතුටුයි මිත්‍රයා...

    ReplyDelete