Tuesday, October 10, 2023

කුදා රජ වීම

සිදු වූයේ මෙසේයි. අහගන්න.

1. එකමත් එක රටක - සිටියේ ය කුදු මිනිහෙක්.
ඔහුට ම ගැලපෙනා - බිරිඳ ද කුදු ගැහැණියකි.

2. මේ කුදු ජෝඩුවට - උපන් දරුවෝ ද කුදු වූ.
කුදු පවුල එක් වී - වැවූ පලතුරු උයනකි.

3. පලතුරු උයනෙ වූ - පලතුරු ගස් ද කුදු වූ.
ගස්වල පලගත්ත - ඒ පලතුරු ද කුදු වූ.

4. කුදු පලතුරු නෙලා, - අසුරා ලොකු කූඩයක
කුදු මිනිහා ‍රටේ - රජ්ජුරුවන්ට යැව්වේ.

5. රජ්ජුරුවො තුටුව, - කෑ හ පලතුරු සේරම.
දවස් දෙක තුනකින් - රජ්ජුරුවෝ ද කුදු වූ.

6. තව ද දවසක කුදා - පලතුරු කඩා රැස්කොට,
කූඩයක අසුරා - බිසවට යැවී අදරින්.

7. පලතුරු ලත් බිසව - වැළඳුවා බොහො සතුටින්.
රජ්ජුරුවන් මෙන් ම - බිසව ද අනේ කුදු වූ.

8. නැවත දවසක කුදු - මිනිසා නෙළා පලතුරු
කූඩයක අසුරා, - ඇමතියන් හට යැව්වේ.

9. ඇමතියෝ එක් වී, - පලතුරු කෑ හ සතුටින්.
ඊට දිනකට පසු - ඒ ඇමතියො ද කුදු වූ

10. රජ, බිසව, ඇමතින් - කුදු වූ බව ඇසූ කල,
රට වැසියන් එක්ව, - කුදු මිනිසාව අල්ලා,

11. මරණ බව කී කල - කුදු මිනිසා ඔවුන් හට
කීයේ මේ ලෙසින් - කිසි බිය සැකක් නොමැ'තිව.

12. 'තොපි මා ගේ බලය - නොම දැන කරවු කලබල.
දැන්වත් දැනගනිවු - මා ගේ බලය හොඳ හැටි.

13. 'හෙට එළිවෙන්ට පෙර - තොප ගේ රජකමට මා
පත් කර නොගත්තොත් - තොපවත් කුදු කරන්නෙමි.'

14. කුදු මිනිහා මෙසේ - කී කල්හි රට වැසියෝ
කුදු වීමට බියෙන් - ඔහුට ම දුන්නු රජකම.

- කේ. ජී. පෙරේරා


හැත්තෑව - අසූව දශකයේ පාසල් කියවීම් පොතකින්...

40 comments:

  1. කොහෙං හොයා ගන්නවද බං මේවා!
    අපි ජාතියක් ලෙසට කුදු වී ඇත්තේ මේ නිසාද?

    ReplyDelete
    Replies
    1. අඩේ...! ඒකත් කල්පනා කරන්ඩ වටින ප්‍රශ්නයක්.

      Delete
  2. කුදු වෙලා හරි ආයෙ දිගටම ලියන එකයි වටින්නෙ. කපුගේත් කිව්වෙ "සබඳ අපි කුදු නොවෙමු" කියල.😉

    ReplyDelete
    Replies
    1. කුදු ස්ට්‍රෝබෙරිවලින් හදපු ජෑම් තියෙනව, ඕනෙද? (නිදිටත් එක සැරයක් දුන්නා.) 🤣🏃‍♂️🔦

      Delete
    2. ඒකනෙ. ඒක කාපු දා ඉඳල කවි ලියනව...

      Delete
  3. ඒ කියන්නේ කුදෙක් ඉහලට ආවොත් පහලින් ඉන්න ඔක්කොම කුදු වෙනවා. වඩා පහසු කුදාගෙ කුදේ අරින එකද, කුදු නැති කෙනෙක් පත්කරන එකද?

    ReplyDelete
    Replies
    1. ඒක කිව්වම මතක් වුණේ, නස්රුදීන් ඔටුවගෙ කුදේ දිගඇරපු හැටි...

      Delete
  4. හොඳ වෙලාවට කුදු னයෙක් හිටියෙ නැත්තෙ.
    දැං මුගේ ඉස්ට්‍රෝබෙරි කෑම ගැන දෙපාරකට වැඩිය හිතන්න වෙනව හිටගෙන.

    ReplyDelete
    Replies
    1. ටෝච් එකෙන් මසාජ් කරල කුදේ දිග ඇරල දුන්නට පස්සෙ මුගෙ තියෙන අකුරුතඤ්ඤ කම විතරක්🤜💥🐍🔦

      Delete
  5. ඒකාලෙ PC ( පොලිටිකල් කරෙක්ට්නස් ) අඩුයි හෝ වෙනස්නෙ.
    අන්ධ,කොර, කුදු, කැත, පිස්සු වචන එහෙමම පාවිච්චි කලා.
    දැන් කොහොමද කියන්න ඕනෙ? කොන්ද විශේෂිත? කොන්ද සිරස්ව විශේෂිත?
    spine vertically challenged? Spinally special? body vertically special?

    ReplyDelete
    Replies
    1. හෙහ්. මේ තියෙන්නෙ -

      https://www.latimes.com/archives/la-xpm-2002-jun-29-et-notredame29-story.html#:~:text=L.A.%20Times%20Archives,The%20Bellringer%20of%20Notre%20Dame.%E2%80%9D

      ඉස්සර මෙහෙම - Hunchback
      humpback, cripple, crookbacked, kyphosis, humpbacked person, quasimodo, crookback
      https://thesaurus.yourdictionary.com/hunchback

      දැන් මං හිතන්නෙ මෙහෙම -
      a person who has severe kyphosis /කයිෆොසිස් ආබාධයෙන් දරුණුව පෙලන්නා.
      ඕක දාල කවියක් ලියන්න.

      Delete
    2. මල කෙලියක් නෙ මේක... 🤣

      "වෙනස් හැකියාවන් ඇති" කියන එක ඊට වඩා අඩු සිත් රිදීමක් ඇති කරයි. ඒ නිසා කියමු "කොන්දෙන් වෙනස් වැඩ ගැනීමට හැකියාව ඇති" මිනිහා රජ වූ හැටි කියලා.

      වැඩේ තියෙන්නෙ, දැන් දැන් මිනිහා - ගෑණී කියන වචනත් අපහාසාත්මකයි කියලනෙ සැලකෙන්නෙ.

      ඔයිට හොඳයි තියෙන එච එහෙම ම තියලා, ඕනෙ එකක් කියා ගත්තාවෙ කියලා, කෝපි එකක් බීලා, සිංදුවක් අහලා, නිදා ගන්නං...
      🔦🏃‍♂️💥🏃‍♂️

      Delete
    3. "කයි-ෆෝසිස්" කිව්වම වෙන මගුලක් ඔලුවට ආව. සැක් විතරක් කැත හිත මගෙ

      Delete
  6. කොහෙන්ද යකෝ මේක හම්බුනේ?

    ReplyDelete
    Replies
    1. මං පොඩිකාලෙ, ළඟ ගෙදරක විසි කරල තිබිලා අරං ආපු පොතක්... එක පාරට ම මතක් වෙලා ආපහු හොයා ගත්තා. ඒ පොතේම තමයි , නිදිමත කිරා, වැල කෑ කසුනා (නෑ වැරදුණා. පබිලා) එහෙම තිබුණෙ...

      Delete
    2. අල බංගලාවෙ පරණ ඉස්ටෝරුව සුද්ද කරනකොට තමයි මේක හම්බඋනේ.

      Delete
    3. වැල කෑ වවුලා කියල නෙමෙයිද තිබුණෙ.

      Delete
    4. ටෝච් එකෙං කෑ නයියා කියල එකක් තියෙනව

      Delete
  7. ඉස්සර සිළුමිණ පත්තරේ ගියා අනුර විජේවර්ධන මහතාගේ චිත්රකතාවක්. කුදාගේ ආලය කියලා - පාදක කරගෙන තිබ්බේ වික්ටර් හ්යුගෝ කතුවරයාගේ නොත්‍රදාමයේ කුදා කියන විශ්ව සාහිත්‍ය කෘතිය. The Hunchback of Notre-Dame. එහි සිංහල පරිවර්තනයකුත් තිබ්බා.
    මට කල්පනා වෙන්නේ අද වගේ කාලයක ඒක ලියවුණා නං... නඩු ගොඩක් නෙව?

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික අයිතිවාසිකම් අපට ඒ තරම් දැනුණෙ නැතුවට, වැදගත් සංකල්පයක්...

      Delete
  8. කලින් නොකියවපු දෙයක් ඩ්‍රැකී. ස්තූතිය
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මේක කියවල නෑ කියන්නෙ, අපි තාම ලාබාල කොල්ලො කියලා, නොකියා කීමක් ද? 🤣🏃

      Delete
  9. මේවා ලියලා..උබලා දෙන අදහස් අපිට මාර හයියක්..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මෙව්වා ලියලා, කියවන්න ඇවිත් උබල අඳුරගත්ත එක ඊට වඩා හයියක්!

      Delete
  10. මේ කතා මෙන්ඩලාට කියන්නෙ උබේ නම දලා...උන් උබව බලන්න..එයි දවසක...
    අර මුවා මරන්න..පිට උඩ නැගලා ගිය ඉබ්බා..කෝ කියලා ඇහව්වොත්...මම නෑ...ඕවට

    ReplyDelete
    Replies
    1. ඉබ්බා කෝ කියල ඇහුවොත් මං උබව පෙන්නව.

      Delete
  11. කුදු වෙච්චි ඒවා දිගෑරෙන්න මෙව්වා කියවන්නට ඕනි.. 😉

    ReplyDelete
    Replies
    1. තව තියෙනව, ඉදිරියට දෙන්නං.

      Delete
  12. Replies
    1. ස්ස්ස්ස්තූතියියියි

      Delete

  13. කුදා රජ වීමටත් වඩා මරු කථාව "රජා කුජීත වීම!"

    ReplyDelete
    Replies
    1. රජා එහෙම ලේසියෙන් කුජීත වෙන්නෑ. ආපහු එනව කොහොම හරි...

      Delete
  14. රජාත් කුදුනං, රජ මායියත් කුදුනං, රට වසියෞත් කුදුනං... බොට මොකෑ 👶

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත. රටක පාලකයන්, ඒ රටේ වැසිියන්ට ම ගැළපෙන උදවිය. නොගැළපෙන උන් ඉන්නවනං තමන්ට ගැළපෙන රටකට යන එක තමයි කරන්න තියෙන්නෙ.

      Delete
  15. මම එවපු ලොකු comment එක අවතැන් වෙලා! දැනුයි මීටර් වුනේ.

    ReplyDelete
  16. හපොයි හපොයි...
    ඩ්‍රැකී ගේ කුදු මන්තර බලෙන් කුදු කරාවි කියා සිතලාම මමත් හිතුවා කොමෙන්ටුවක් කොටලාම යන්න.

    ReplyDelete
    Replies
    1. ඕං කුදු කුදු කුදු කුදු කුදුහ්...!

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි