Saturday, October 7, 2023

විශ්වීය සංගීතය (ශනිදා දහයට!)

"සංගීත ශිල්පියෙක් වෙන්න බැරි නම්, හොඳ රස විඳින්නෙක් වෙන්න" 

අපේ තාත්තා ගලහිටියාව සෙන්ට්‍රල් එකේ ඉගෙන ගන්නා කාලයේ, දවසක් ඒකෙ සංගීත ගුරුතුමා තාත්තට කිව්වලු, ඉස්කෝලෙන් පස්සෙ පැය දෙකක් සංගීතය උගන්නන්නම් කියලා.

ඉතින් තාත්තත්, ඉස්කෝලෙන් පස්සෙ නතර වෙලා.

පළවෙනි දවසෙ, මාස්ටර් තාත්තට කියල දුන්නලු, තබ්ලාව ළඟ වාඩි වෙලා, දකුණු අතේ දබරැඟිල්ලෙන් දකුණු පැත්තෙ වාද්‍ය භාණ්ඩය (මං හිතන්නෙ චල් එක) ට තට්ටු කරන්න. ඉතින් තාත්තත්, එදා පැය දෙක ම දබරැඟිල්ලෙන් තට්ටු කර කර හිටියලු.

ඒ අතරෙ මාස්ටර් ඇඳුම් මාරු කරලා, නාලා, කාලා, පත්තරෙත් බලලා... පැය දෙක ගත වුණාට පස්සෙ ඇවිත් තාත්තට යන්න දුන්නලු.

දෙවෙනි දවසෙ තාත්තාට කියා දුන්නලු දබරැඟිල්ලයි මැදැඟිල්ලයි දෙකෙන් තබ්ලාවට තට්ටු කරන්න.

තාත්තා ඒ කාලෙ, කටුවාලමුල්ලෙ ඉඳන් කිලෝ මීටර් හතරක් විතර පයින් යන්නෙ ඉස්කෝලෙට. ආප්ප දෙකක් කාලා, සෙරෙප්පු දෙක ගෙවෙනවට අතට අරං...

දවල්ට කන්න වෙන්නෙ ගෙදර ආවට පස්සෙ. ඉතිං හවස හතර විතර වෙනකං බඩගින්නෙ ඉන්න බැරි නිසා තාත්තගෙ සංගීත පංතිය ටික කාලෙකින් ම නතර වුණා ලු.

අර උඩින් මම සඳහන් කරපු කියමන, ඔන්න ඔය සංගීත මාස්ටර් අපේ තාත්තට කියපු එකක්.

පංති නොගියට, තාත්තා ඉතා ම දක්ෂ විදියට ඩෝලැක් ගහන්න පුළුවන්, ඒ වගේ ම ‌ඔලුව අතගානවා වගේ දැනෙන කටහඬකින් සිංදු කියන්න පුළුවන් සංගීත කාරයෙක්.

මගෙ හෝම් කමින් එකේ සෙල්ලම් කළෙත් තාත්තගෙ බෑන්ඩ් එක. (ඒ වෙනකොට තාත්තා මිය ගිහින්. තාත්තට කරන සැළකීමක් විදිහට එයාගෙ යාළුවො ටික නොමිලේ සංගීතය සැපයුවා හෝම් කමින් එකට)

අසූව දශකයේ අපේ ගමේ තිබ්බ වෙඩිමක සංගීතය සපයන තාත්තගෙ බෑන්ඩ් එක
සුදු ෂර්ට් එකක් ඇඳගෙන නැගිටලා සිංදු කියමින් ඉන්නෙ අපේ තාත්තා.

තාත්තගෙ ආභාෂයෙන් මටත් විවිධ භාෂාවල සංගීතය රස විඳින්න පොඩි කාලෙ ඉඳන් ම පුළුවන් වුණා.

මෙලෝ මළදානයක් පදමාලාවෙ නොතේරුණත් තනුව සහ සංගීතය නිසා මම හොඳින් ම රසවින්ද ටිකක් මෙතැන් සිට...

පළමුවෙන් ම එනිග්මා වෙතින් දුක...


මී ළඟට ජේම්ස් ලාස්ට් ගේ හුදෙකළා වූ එඬේරා...


මේ මියුසික් එක ඉස්සර කාලේ ගෝයා ඇඩ් එකෙන් ඇහුණු නාකි උදවිය මේ කොණට... 

මේ ඒක ම නෑනා මුස්කුරි වෙතින්...


මේ ඒක ම ලියෝ රෝහාස් වෙතින්...


ලියෝ රෝහාස් කියන්නෙ පැය ගාණක් එක දිගට අහං ඉන්න පුළුවන් සංගීත සයුරක්... මේ එයා lion king ‌ෆිල්ම් එකේ circle of life කරන හැටි.


 යොන්නා යින්ටොන් ගෙන් නෝර්ඩික් දරු නැළවිල්ලක්...


මේ තවත් එකක්. වෘකයාගේ ගීතය...


මෙයා තමයි අර... මගෙ කලින් කතාවෙ ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් අවුරුදු හාරසීයක් විතර අතීතයට ගිහින් ඇහැරෙනකොට ක්‍යුනිං ගායනා කරමින් හිටපු එඬේර කෙල්ල ගැන ලියන්න මට අනුභූතිය සැපයුවේ...


සෙල්ටික් කාන්තාවෝ මී ළඟට...


ෆාඅන් හෙවත් යක්සයෝ මේ...


අදට අවසාන වශයෙන් මේ ක්ලැනැඩ්...


උඩ මියුසික් ඇහෙනකොට, මේක මතක් වෙන්න ම ඕනෙ...


තට්ටයියගේ සිහිල් සුළං රැල්ලට සමාන්තර ලිවීමක් වශයෙනි...

55 comments:

  1. මේ පෝස්ටුවේ මුල කියෙව්වාම ලියන්න ආපූ අදහස් ගොන්න මෙතැන නොලියා කොළොම්පුරේ අලුත් පෝස්ටුවක් හැටියටම ලියනවා කියලා හිතා ගත්තා.. ලියෝ රොජාස් ගේ එකක් ඇරෙන්නට අනෙක්වා අහලා නෑ. ස්තූතියි අලුත් මානයන් දුන්නාට...
    අහපු නැ

    ReplyDelete
    Replies
    1. අනිවා... ලියනකං බලාගෙන ඉන්නව මං...

      Delete
    2. අඩෝ කැත වැඩ කරන්නෙපා! මම ලියන්න හදන කොට මූ ලියලා දොයියන්නත් ගිහිං!

      Delete
    3. කැත වැඩ නේන්නං... ඒකනෙ අපට තියෙන එකම විනෝදෙ.
      https://www.youtube.com/watch?v=pVgwARzBI70

      Delete
  2. ඩ්‍රැකී අම්මපා කියන්න!
    ඔබ මාව ගෙන ගියේ මා කිසිදා නොගිය මානයකට.
    මන්ද බටහිර සංගීතය තුල මා අත් දැක ඇත්තේ ජෑස්, රොක්, හාඩ් රොක්, රොක් ඇන්ඩ් රෝල් සහ රෙගේ විතරයි.
    මෙවැනි (ඔබේ වචනෙයන් කියනවා නම්) හිස අතගානවා වැනී හඬ මට මග ඇරී ඇත. ඒ නිසාම මා බටහිර සංගීත ආර කෙරෙහි ඒ තරම් නැඹුරුවක් නැත!

    බටහිර සංගීතය ලෙසින් මා මදක් හෝ රස විඳින්නේ රෙගේ ශෛලිය පමණි.
    ඊට ප්‍රධාන හේතුව රෙගේ රජු බොබ් මාර්ලේ මාගේ සිත් දිනාගත් තරුවක් නිසාම නොවේ.
    බොබ් මාර්ලේ ගේ මා පලමුව උකහා ගත් ගීතය Get up Stand up යි.
    එහි ඇති අධිරාජ්‍ය විරෝධී පද හා හඬ මා සිත පැහැර ගත්තා.
    ඉන් පසුවයි ඔහුගේ අනෙකුත් ගීත අසන්නට පටන් ගත්තේ.

    නමුත් බටහිර චිත්‍ර පට වල නම් දරාපු පසුබිම් සංගීතයන් සැපයූ Ennio Morricone ගේ හඬ මා සිත වසඟයට ගත්තා කීවොත් ඒ ඇත්ත.
    The Good, The Bad and The Ugly
    https://www.youtube.com/watch?v=J9EZGHcu3E8

    For a few Dollars more
    https://www.youtube.com/watch?v=yyV_eb3p3Zw

    Fist full of Dollars
    https://www.youtube.com/watch?v=bznM9VD1biM

    ඒ වගේම Bridge on the River Kwai චිත්‍ර පටයේ අද්විතීය සංගීත ඛන්ඩය සැකසූ Malcome Arnold ගේ නමද මා සිත පැහැර ගත්තා.
    https://www.youtube.com/watch?v=83bmsluWHZc

    සංගීතය විශ්ව භාෂාවක් යන්න මා හට දැනෙන්නට පෙර හිංදි මෙලඩියේන් ගීතය කියවා ගන්නට මට හැකියාව තිබුනා.
    මෙය මාහට පමනක් උරුම වූ කාරණාවක් නොව හිංදි ගීත ප්‍රිය කරණ අසන සෑම සියළු දෙනාම විඳින අත් දැකීමක්.

    මා බොහෝ තැන් වල මේ පිළිබඳව කතා වෙන සාකච්ඡා මණ්ඩප වලදී ගෙනෙන නිදසුනකි එස් ඩී බර්මන් ගේ ආරාධනා චිතර පටයේ ගීතය.
    https://www.youtube.com/watch?v=biBkjzJ2ypw

    ඒ ලිසින්ම බෙංගාලි ගීත මොන තරම් සුන්දරද?
    ඔබ අසා ඇත්ද සුනිල් ශාන්තයන් ගයන ප්‍රසිද්ධ බෙං ගාලී ගීතය.
    https://www.youtube.com/watch?v=s1XdqdCPkgo

    මේ සියල්ලක්ම මෙන්ම ඉතා රසවත් සංගීත ඛණ්ඩ හා ගීත ගෙන ආවාට බෙහෙවින්ම තුති.

    ඔබගේ එක් වීඩියො දර්ශ්ණ පෙලක ගැයෙන ශිශිර හඬ සේම වූ ලයාන්විත පයිප් ඕර්ගන් හඬක් රාජ් කුමාර්ගේ චිත්‍ර පටයක (Sangam) එක් කොට තිබෙනවා.
    https://www.youtube.com/watch?v=5wqAFL9gsME

    ගීත් චිත්‍ර පටයට ගැයෙන මහේන්ද්‍ර කපූර්ගේ ගීතයේත් මෙවැනිම හඬක්.
    https://www.youtube.com/watch?v=KyZit6cxfBw

    ඇයි දෝස්ති හී මේ ගීතයේ ඉන්ට්‍රො එක?
    https://www.youtube.com/watch?v=_uvARnJxh3w

    ReplyDelete
    Replies
    1. මේ ටික කොපි පේස්ට් කළා නං වෙන ම බ්ලොග් පෝස්ට් එකක් නෙ...

      අග ඉඳං මුලට උත්තර දෙන්නං. දෝස්ති එකේ ගායකයා මුහම්මද් රාෆි නෙ. අපේ තාත්තා දේවත්වයෙන් සළකපු ගායකයා. රෑ නින්ද යනකං අහගෙන උන්නොත් තාත්තා පිටිපස්සෙන් ඇවිත් ඔලුව අතගානවා වගේ දැනෙනව ඒ කටහඩ. අනික මුහම්මද් රාෆි සිංදුව කියන්නෙ, ජවණිකාව මොනවගේ ද කියලා බලලයි. මේක හොඳ උදාහරණයක්...
      https://www.youtube.com/watch?v=2pGmzVin6fc

      මහේන්ද්‍ර කපූර් හොඳ ම හොඳට ම සංයෝග වෙන්නෙ රවි එක්ක. (අර අණ්ඩ කම්ප්‍රෙෂර් අයිය නෙමෙයි) https://www.youtube.com/watch?v=wYIIz0vy1e4

      සංගම් එකේ පයිප් ඕගන් සීන් එක මට හොඳට මතකයි පොඩි කාලෙ දැක්කා.

      එස් ඩී බර්මන් ගෙ ආරාධනා සිංදුව මම වරක් ඉස්කෝලෙ සාහිත්‍ය සමිතියෙ දි කිව්වා සංගීතය නැතුව. (ඒක අහං හිටපු උන්ට මගෙ ප්‍රණාමය)

      එනිනෝ මොරිකෝන් ගෙ (උච්ඡාරණය හරිද දන්නෑ) එයිට අමතර පුළුල් පරාසයක සංගීතයක් තියෙන වග මේ දැන් තමයි ගූගල් සර්ච් කරල දැනගත්තෙ. මෙව්ව අහල ඉවර කරන්ඩ බෑ අප්පා...

      බොබ් මාලේ හරියට ම අපේ ජයතිලක බණ්ඩාර වගෙයි. හැබැයි එයිට වඩා ජනප්‍රියයි. ඒ වගේ ම විලාසිතාවක්. මේ කවුද එතකොට?
      https://www.youtube.com/watch?v=TLcEXhto05o&pp=ygUlbWlsbGUgc295YSBtYWhlbmRyYSBwZXJlcmEgYm9iIG1hcmxleQ%3D%3D

      හාඩ් රොක්වල මං ආසම ගොස්පෙල් රොක්. වැඩේ තියෙන්නෙ ඒ රුචිකත්වය ම තියෙන එක යාළුවයි මට මේ දක්වා මුණ ගැහිලා තියෙන්නෙ.
      https://www.youtube.com/watch?v=qnkuBUAwfe0&pp=ygUVY3JlZWQgb25lIGxhc3QgYnJlYXRo

      Delete
    2. ඔව් ඇත්තෙන්ම ලියන්න තියෙන තැන ලියන්නෝන ඩ්‍රැකී!
      ඔයා ටෙන් පොඉන්ට්ස් දාලා මගේ ඉස්සරහ නෙට් එකට අඩි 4ක් විතර උඩට අරන් දුන්නාම ඒකට ඩෑෂ් එක ගහන්නේ නැතිව පාස් කරණ්න මට බෑ.
      අර ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ද කොහෙද කියලා තියෙනවා Full toss is the most dangerous ball ! කියලා. ඒ කියන්නේ ෆුල්ටෝස් එකට එලියටම ගහන්න ඕනේ!
      ඒකයි මේ උනේ! ඔයාගේ පෝස්ට් එකට මම මෙහෙම කමෙන්ට් එකක් නැතිව කොහොම එකක්ද දාන්නේ.
      මේ රිප්ලයි එක ගැන කියන්නේ නැත්තේ ඒක තවත් දිග කතා බහක පටන් ගැන්මක් වෙන නිසයි!

      Delete
    3. අරේ... එහෙම දැනුණු එක ගැන සතුටුයි

      Delete
  3. Replies
    1. එන සතියේ රෑ 10ට පෝස්ට් එකක් දාන්ඩෝ!

      Delete
    2. ස්තූතියි අජිත් අයියෙ

      Delete
  4. කියවන්නට නෙවෙයි සවන් දීමට වෙලා මදී
    මතකයි මිහිර බෝ ගීවල තිබුණු රැඳී!

    ReplyDelete
    Replies
    1. අයියාවත් වැඩේට සෙට් කර ගන්න කෝල් කලා ඔයා ඉස්සුවේ නෑ තලපනුව! එන සතියේ රෑ 10 ට පෝස්ට් එකක් ඕනේ ඔන්න - තට්ටයා

      Delete
    2. අහලා බලා ආපහු මෙහෙ එන්ඩ නිදී
      උත්තර දෙන්ඩවත් කාලය මෙ මට මදී

      Delete
    3. "ශනිදා දහය" තට්ටයියාගේ අදහසක්... මුලින් මායි, තට්ටයියයි, නිදියි, අසංගයි එකවර පෝස්ට් දාමු කියලා අදහස් කළේ. හැම සතියක ම මේක කරමු කියන අදහස ආවෙ පස්සෙ.

      Delete
    4. වෙල්කං... හිහික්!

      Delete
  5. ඔන්න මමත් ඇවිත් කියෙව්වා...මෙලෝ මලදානයක් නොතේරෙන ඒත් පිස්සුවෙන් වගේ අහන සිංදු මටත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒ මගුල් ගැන ලියලා එන සතියේ රෑ 10ට දාමුකෝ පෝස්ට් එකක් - නගා!

      Delete
    2. සඳවතිය මෙහෙ ආවම ද මේ? වෙල්කම්!

      ඔය වගේ තව මෙලෝ අල බෝලයක් නොතේරෙන සිංදුවකට තව උදාහරණයක්...
      https://www.youtube.com/watch?v=rVSOo045wFg

      Delete
    3. යකෝ මේ වගේ සින්දු දාලා මිනිස්සුන්ව අසරණ කරණ්න එපා!

      Delete
    4. එහෙනං මේක?
      https://www.youtube.com/watch?v=o95WL6qojCI

      Delete
  6. කලින් අහලා තිබුන ඒවා නෙවෙයි එකක්වත්. සිත සන්සුන් කරන සංගීත රටා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි... හිත සන්සුන් කරන රිද්ම... මම ගොඩක් ම නින්ද යන වෙලාවට ඇහෙන්න දාල තියනවා.

      Delete
    2. මම ඉස්සර අහන්නේ හෝපළු වන පෙත! දැං අහන එකත් කියන්නද? ඇස් දෙක වහ ගනිං කියන්න! "දොරලොක් හෝන්ස්!"

      Delete
    3. හෝපළු වනපෙත ඉස්සර මාත් දානව, තව සිංදු සෙට් එකක් එක්ක, හුටංබරස්ට නින්ද යන්න. "සිහිල් සුළං රැල්ලේ" සහ "තොටුපොල අයිනේ" ත් "සිහින නෙලුම් මල"ත් ඒ ලිස්ට් එකේ තිබුණා.

      Delete
  7. යකෝ මුං ඒ ගමන රෑ දහයට පෝස්ට් දාන්න අරගෙන හිටං.
    අපිනං ඉතිං බොනියම්ස්ලගෙ, වෙන්ගාබෝයිස්ලගෙ සින්දු තමයි ඒ කාලෙ පිස්සුවෙන් වගේ ඇහුවෙ.

    බලමු ඉතිං මේ ටිකත් අහල னයි කකුල කඩාගෙන දුවයිද කියල.

    ReplyDelete
    Replies
    1. னයි හාමි බෑක්ස්ට්‍රීට් බෝයිස් අහල නැත?

      කකුල් සහිත නයෙක් මේං ඉන්නව...
      https://www.youtube.com/watch?v=izUw7KFkqRg

      Delete
  8. බොලයි තාත්තට මාස්ටර් කරල තියෙන්නෙ අර කරාටේ කිඩ් එකේ කොල්ලට කරපු දේම තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත... තාත්ත කියනව, ඒ මාස්ටර් ඉන්දියාවෙ ඉගෙන ගත්ත කෙනෙක්ලු. එයා එහෙ ඉගෙන ගෙන තියෙන්නෙත් ඒ විදිහට ලු.

      https://www.youtube.com/watch?v=DSgJ1sejWtw

      Delete
  9. නියමයි යකෝ මේක. සුමානයකට ඇති මේ ටික. ඇත්තටම මෙහෙම රෙකමඩේෂන් මට නං දාහක් වටිනවා.🙏👌

    තට්ට සෑර්ටත් ස්තූතියි, මේ සනිදා දහය පටන් ගත්තට.🙏

    ReplyDelete
    Replies
    1. බකුසත් ලියමු ඊළඟ ශනිදා...

      ඔයිං අර සෙල්ටික් ගෑණු සෙට්ටෙකගෙ සිංදුව මං දැක්කා බකුසගෙ බ්ලොග් එකේ දාල තිබුණ...

      Delete
    2. ඊළඟ ශනිදා එක ඔන්න කලින්ම දැම්මා අද. කලේ ටිකක් කපටි වැඩක්, ගූගල්ට කියලා කරවපු පරිවර්ථනයක්.

      සෙල්ටික් ඇහෙන කොට මාව සෙල්-මුවා වෙලා හඳුන්පොත ටික්-ටික් ගාන ගන්නවා.

      Faun ලගෙ "ඇඩම්ස්-ඔන්ලි" එක තමා Walpurgisnacht ( කැහ්..කැහ්)😉

      වල්- පුර්ග- නාහ්ක්ට්
      https://www.youtube.com/watch?v=nLgM1QJ3S_I&list=PL3Aco8dp_NqFPmWPA6l5IgAveiDISZpdm
      Wal·​pur·​gis·​nacht väl-ˈpu̇r-gəs-ˌnäḵt. : the eve of May Day on which witches are held to ride to an appointed rendezvous : walpurgis night. The place was San Francisco, the year 1966, the date April 30—Walpurgisnacht, the highest holiday on the Satanic calendar.

      Delete
    3. ෆාඅන් කණ්ඩායමේ තව තව පට්ට මියුසික් තියෙනව. වල්පුර්ගිස්නාහ්ට් මේ පෝස්ට් එකට ඔබන්ඩ ම ගිහිං පස්සෙ නිකං හිටියා.

      වල්පුර්ගිස්නාහ්ට් ගැන මම ඉස්සෙල්ල ම කියෙව්වෙ බ්‍රෑම් ස්ටෝකර්ගෙ ඩ්‍රැක්‍යුලාස් ගෙස්ට් කතාවෙන්.

      Delete
  10. Replies
    1. ඔව් නේ? රෝහාස් තමයි හරි ම උච්ඡාරණය.

      Delete
  11. හ්ම්. වැඩේ පංකාදුයි. (අපි කොහොමද බොලං උබල එකසැරේ ලිව්වම කියවන්නෙ 😁). මරැ. ජයින් ජයම වේවා !
    තාත්ත මරැ ඩෑල් එක ❤. මේකෙ සිංදු ටික අහන්න... දවස් දෙකතුනක්වත් දියව් 😂

    ReplyDelete
    Replies
    1. බොට තියෙන්නෙ, අපි වගේ ම එන සෙනසුරාදා දහයට ලියන්ඩ, වෙනද ලියන ඒවට අමතරව.

      හැක්! තාත්ත මට වඩා හොඳයි.

      සිංදු දාල තියෙන්නෙ සාම්පල් විදියට. ඒ ඔස්සෙ ගිහින් තව තව සිංදු අහපම්...

      Delete
  12. සුදික ආපහු බ්ලොග් එකට ආවා...
    https://awidda-paya.blogspot.com/2023/10/2023.html

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඒක හොඳම නිව්ස් එකක්!

      Delete
    2. උඹේ කැපවීම ගැන මගේ අවංක ස්තූතිය.🙏👌

      Delete
    3. ඔව්. මාර කොලිටියක් තිබුණු ලේඛකයෙක්...

      Delete
    4. ඩ්‍රැකී අයියෙ බ්ලොක් කාරයො බුකී ගතවෙන්න හේතු මක්කවෙන්න ඇතිද?

      Delete
    5. සරලයි.

      පොටෝ එකක් දානව, වදන් කීපයක් එක්ක. පැයක් යද්දි ලයික් හැටයි, කමෙන්ට් පණහයි. ආතල්...!

      බ්ලොග් එහෙමද? මහන්සියෙන් ලියන්ඩ ඕනෙ. දැකපු එකක් හැමෝටම දකින්න ෂෙයා කරන්ඩත් බෑ. කමෙන්ට් එඩිට් කරන්ඩත් බෑ...

      Delete

  13. සංගීත ඛණ්ඩ නම් ඉතා අපුරුයි. වෙනමම ලෝකෙකට යනවා. කලිනුත් ඔය වගේ කිහිපයක් රස විඳලා තියෙනවා. අගය කියා නිමකළ නොහැකියි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔයා රස විඳපුවත් මෙතන දැම්මනං මරු...

      Delete
  14. මේවා කියවනකොට තමයි තේරෙන්නෙ ඩ්‍රැකී අයියෙ අපිට කොච්චර මගෑරුණ තැන් තියෙනවද කියලා සංගිතය ඇතුලෙ. සමහරවිට ඒ එක එක්කෙනාගෙ කැමැත්ත වගේම ඒ ඒ කාලෙ කනට වැටුන දේවල් එක්ක වෙන්න ඕනි. මගෙ එදා ඉඳලම හිස ඉහලින්ම තියෙන බෑන්ඩ් එකක් තමයි පිටිපස්සෙ පාරෙ කොල්ලො සෙට් එක හැක්! ඕඩියෝ ජැක් ගහන්න පුලුවන් CD Rom එකක් හොයාගෙන power supply, amp circuit අමුණගන ඕඩියෝ සීඩී වලින් ඔය සිංදු අහපු කාලෙ තාම මතකයි!

    ReplyDelete
    Replies
    1. මේක දැක්ක ද?
      https://youtu.be/6fBjCyU1Ak0?si=VBNmD7MHkEH_EzhI

      තව එකක් තිබුණා, බැක්ස්ට්රීට් බෝයිස්ලගෙ බෑන්ඩ් එක තරහ වෙලා ගිහින් කොල්ලො පස් දෙනා ඉන්ස්ට්රුමන්ට් ප්ලේ කරන වීඩියෝ එකක්.

      අපේ එකෙක් ගාව තිබුණා ක්රියේටිව් සීඩී රොම් එකක්, රිමෝට් තියෙන. ඌ ඒකට පව සප්ලයි එකක් ගහල, ඕඩියෝ ජැක් එක ඈම්ප් එකට ගහල තිබුණා...

      Delete
  15. Enigma කියන්නේ පිස්සුවක් ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ... මේකේ දාල තියෙන අනිත් ඒවත් ඒ වගේ ....


    https://www.youtube.com/watch?v=JsNJuhBfbPg
    Enigma එක්ක හම්බවෙච්ච තව එකක් ..

    මේ මියුසික් කියන්නේ නිකන් කුඩු ගැහුවා වගේ තමා .. උන් හිටි තැන් අමතක වෙනවා

    ReplyDelete
    Replies
    1. අඩෙහ්! ලොරීනා මං අහල නෑනෙ...

      අර කතාව හරි. තනිකර හෙරොයින්... අපි ඒ ලෙවල් කරන කාලෙ කතාවක් තිබුණා, එනිග්මා තහනම් කරල කියලා, ඒක අහපු උං දිවි නහ ගන්න නිසා...

      Delete
  16. අඩෝ......
    අර ගෝයා ඇඩ් එකේ මියුසික් එක.........
    ඒකට මාර ටැංකූ ඈ........

    ReplyDelete
    Replies
    1. හම්මට...! සූට්ක්කත් හද්ද නාකියිනෙ, (මං වගෙ) 🤣🏃‍♂️

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි