October 03, 2023

ආදරය යනු

වයස අවුරුදු පහේදී ආදරය යනු කුමක්දැයි මම අම්මාගෙන් ඇසුවෙමි
එය අසා ඈ මා වඩාගෙන වටයක් කැරකෙද්දී ඇගේ සිනා හඬින් කාමරය පිරුණි.
‘ආදරය විශාල රතු බැලුමක් මෙනි’ ඈ කීවාය. ‘එය තදින් අල්ලාගෙන සිටින්නට ඔබ කැමති වූවත් එය අතහැර නිදහසේ අහසේ පාවෙනු දකිනු රිසි කෙනෙක් ද ඔබ තුළ වෙසෙයි.’

දස වැනි වියේදී ආදරය යනු කුමක්දැයි මම නැවත අම්මාගෙන් ඇසුවෙමි. ඈ පිළිතුරු දෙද්දී ඇගේ දෙතොලේ මුදු සිනාවක් ඇඳිනි.
‘ආදරය නිදිමත කුඩා බළල් පැටවෙක් මෙනි. ඔබ අඬනොගසාම ඌ ඔබ වෙත පැමිණ, ඔබේ උකුලේ වැතිරී, ඔබව තම ලෝකයම කරගනී.’

මට විසි වැනි විය ලැබූ දිනයේදී අවසාන වතාවට ආදරය ගැන අම්මාගෙන් අසන්නට තරම් මම එඩිතර වූවෙමි. මගේ කෙස් රොදක් කන පසුපස රැඳවූ ඈ මගේ තරුණ, බලාපොරොත්තු සහගත මුහුණ මුදු ලෙස තම දෑතට මැදි කර ගත්තා ය. ඈ පිළිතුරු දෙද්දී ඇගේ දෑස අභිරුචියෙන් පිරී තිබිණි.
‘ආදරය, තමන්ගේ වාරය එනතෙක් ඉවසීමෙන් බලා සිටින නිදි ගත් ගිනි කන්දකි’

පරිවර්තනය-හෙල්මලී ගුණතිලක

Translation of the prose poem 'About Love' by Lang Leav

Digital sketch




16 comments:

  1. ආදරය යනු
    හිතට හැම දාමත් වද දෙන
    එහෙත් හදවත් ඒ වදයට කැමති
    සුන්දර වදයකි

    ReplyDelete
    Replies
    1. අජිත් - නිර්වචනයක් නැති එකම ප්‍රස්තුතයකි!

      Delete
    2. හැමදේකටම නිර්වචන තියෙනව මේකට විතරක් නෑ.

      ඒකත් මාර වැඩක්😮

      Delete
    3. නවීන් - බලමුකෝ ඒකෙත් හැටි නේද? :D

      Delete
  2. හරිම ලස්සනයි මලී.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද!

      Delete
  3. ආදරය සුන්දර වරදකී
    යළි යළි කරන්නට පෙළඹෙනා ....

    ReplyDelete
    Replies
    1. නිදි - කිසිදා සමාවක් නම් නැති කීවේ නිකම් නෙවෙයිනේ :)

      Delete
  4. මම කැමති දෙවෙනි අර්ථ දැක්වීමට. "ආදරය නිදිමත කුඩා බළල් පැටවෙක් මෙනි. ඔබ අඬනොගසාම ඌ ඔබ වෙත පැමිණ, ඔබේ උකුලේ වැතිරී, ඔබව තම ලෝකයම කරගනී". ආදරය විතරක් නෙවෙයි ජීවිතේ ඕනෙම දෙයක් ඒ විදිහට වෙනවා නම් තමයි හොඳ (wishful thinking).

    අම්මා මුලින්ම දීලා තියෙන උත්තරේ තමයි වඩා ප්‍රායෝගික කියලා මට හිතෙන්නෙ. බැලුන් බෝලයක්ම උදාහරණයකට අරන් බබාට ඒක කියා දුන්න එක හොඳයි.

    තුන්වෙනි අර්ථ දැක්වීම නෙගටිව් වැඩියි. I think it just fuels our (natural) fear and anxiety.

    ReplyDelete
    Replies
    1. දෙවෙනි අර්ථ දැක්වීම තමයි මම හිතන්නේ වඩාත් ගැලපෙන්නේ. අපිට ඕන වෙලාවට නෙමෙයි ආදරේට ඕන වෙලාවටයි එන්නේ, ඇවිත් අණසක පතුරවන්නේ කියන අදහස බොහොම ලස්සනට දීලා එතැන.
      අම්මා දුවට ඒ ඒ වයසට ගැලපෙන උදාහරණ වලින් එක එක කාලවලදී පැහැදිලි කරන්න උත්සාහ කරලා නේද?

      අපේ පුත්‍රයා අවුරුදු පහේදී විතර මගෙන් ඇහුවා "Amma how do you know when you meet 'the right one'?" කියලා.
      "You just know" ඇරෙන්න ඒකට හරි උත්තරයක් එවෙලේ දීගන්න බැරි වුන බව හොඳට මතකයි :D

      Delete
    2. "You just know", yep, that's the only answer.

      Delete
  5. මේක කියවද්දි සිංදුවක් මතක් වුණා...

    https://www.youtube.com/watch?v=czteUXAq86g&pp=ygUNcXVlIHNlcmEgc2VyYQ%3D%3D

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී ඊස් බැක් නේද? :)
      මම ආසාම සින්දුවක් මේක!

      Delete
    2. I'm back baby!

      https://www.youtube.com/watch?v=ba8vkOwEHY8

      Delete