Sunday, October 1, 2023

පැන්ඩීසියානු පුරාවෘත්ත - හතරවැනි මහා පැන්ඩිස්

තුන්වැනි මහා පැන්ඩිස් රජතුමා පැන්ඩීසියාවේ රජකම් කරන කාලය... 

පැන්ඩීසියාව ලස්සන ගහ කොල, කඳු, දිය ඇලි, ගංගාවලින් පිරුණු රටක්. මල් පැණි එකතු කරන කඩිසර මී මැස්සො, බඹරු නිතර ම තමන්ගෙ වදවල පැණි පුරවන්න මහන්සි ගත්තා. ඒ, මේ රටේ පාලකයන් වෙච්ච පැන්ඩීසියානුවන්ට රසවත් ම ආහාරය වුණේ පැණි නිසා. 

තුන්වැනි මහා පැන්ඩිස් රජතුමා බොහො ම කරුණාවන්ත රජ කෙනෙක්. එතුමා අනෙක් පැන්ඩීසියානුවන්ට වගේ ම, ගහ කොළ, මල්, අනෙක් සත්තු හැම දෙනාට ම බොහො ම යහපත් විදිහට සළකමින් ආරක්ෂා කරගත්තා.


මහා පැන්ඩිස් රජතුමාගේ රැජිණ අසනීප වුණේ ඔය අතරෙ. රාජකීය වෛද්‍ය කොන්ඩිස් තමන් දැනගෙන හිටපු සෑම වෙදකමක් ම කරලත්, රැජිණ සනීප කරන්න බැරි වුණා. 

ඔය අතරෙ දවසක් දා රජතුමාගෙ පුස්තකාලය භාර ඇපෙන්ඩික්ස් හති දාගෙන දුවගෙන දුවගෙන රජ මාළිගාවට ආවා "රජතුමා!... රජතුමා !!" කියලා කෑ ගහගෙන. එයාගෙ අතේ තිබුණෙ රෝල් කරපු පාච්මන්ට් එකක්.

"මම හිතන්නෙ මේක හොඳ විසඳුමක් වෙයි අපේ රැජිණ සනීප කරන්න..." ඇපෙන්ඩික්ස් පාච්මන්ට් කඩදාසිය දිග අරින ගමන් රජතුමාට කිව්වා. 

මායා ස්ට්‍රෝබෙරි පඳුරක් ගැන තමයි ඒ පාච්මන්ට් එකේ ලියලා තිබුණෙ. ඒ ස්ට්‍රෝබෙරි පඳුර හැදුණෙ බඹරකැලේ කියන ඝන වනාන්තරේ මැද. එතැනට යන පාර ගැන යන්තම් සඳහන් කරලා තිබුණා අර පාච්මන්ට් කඩදාසියෙ.

ඉතින් මහා පැන්ඩිස් රජතුමා තමන්ගෙ දක්ෂම ‌සෙන්පතියා වුණු වන්ඩිස් ට කිව්වා මායා ස්ට්‍රෝබෙරි පඳුරෙන් ස්ට්‍රෝබෙරි එක ගෙඩියක් හරි අරගෙන එන්න යන්න ලෑස්ති වෙන්න කියලා. වන්ඩිස් කියන්නෙ බොහො ම උස මහත, වළහෙක් වගේ රළු පෙනුමක් තියෙන, සටන් ශිල්ප ඔක්කොමට ම දක්ෂ කෙනෙක්. ඒ වගේ ම එයා හරිම යහපත් කෙනෙක්.

ඉතින් පහුවදා උදේ පාන්දර ම වන්ඩිස් එයාගෙ කඩුවත්, දුන්නත්, පළිහත් අරගෙන රජතුමා එක්ක පිටත් වුණා බඹරකැලේ යන්න. වෙන රජ කෙනෙක් නම් සෙන්පතියා පිටත් කරලා තමන් මාළිගාවේ නතර වෙනවා. නමුත් තමන්ගෙ රැජිණට තිබුණු ආදරේ නිසා රජතුමාත් මේ ගමන යන්න තීරණය කළා.


සෑහෙන දුරක් ගිහින් ගිහින් රජතුමයි සෙන්පතිතුමයි බඹරකැලේ ළඟට ආවා. පාච්මන්ට් කඩදාසිය ආපහු දිග ඇරලා බලපු රජතුමා, ස්ට්‍රෝබෙරි පඳුර තිබුණෙ බඹරකැලේ මැද දිය ඇල්ලක් පාමුළ තිබුණු ගල් ගුහාවක් ළඟ කියලා දැන ගත්තා. 

පාච්මන්ට් එකේ තිබුණු මග සළකුණු බල බලා ඉස්සරහට ම ගිය මහා පැන්ඩිස් රජුයි වන්ඩිස් සෙන්පතියයි අන්තිමේ දි දිය ඇල්ල ළඟ ගල් ගුහාව පේන තරමට ළඟට ආවා. ඒත් එතන දැවැන්ත මකරෙක් නිදාගෙන උන්නා.

"මකරා අවදි ‌වෙන්න කලින් අපි ගිහින් ස්ට්‍රෝබෙරි කඩා ගම්මු" වන්ඩිස්, රජතුමාගෙ කණට කරලා කිව්වා. ඒත් රහසින් කියපු ඒ කතාව මකරට ඇහුණා. මකරා නැගිටලා සෙන්පතියාට පහර දෙන්න ඉස්සරහට පැන්නා.


වන්ඩිස් බය වුණේ නැහැ. එයා ඔහුගේ දැවැන්ත කඩුව දෑතින් ම අරගෙන මකරාට පහරක් දුන්නා. මකරාට කේන්ති ගිහින් ලොකු හුස්මක් ගත්තා, ගින්දර පිඹින්න හිතාගෙන. 

මහා පැන්ඩිස් රජතුමා ඉස්සරහට පැන්නා. රජවරු ඒ විදිහයි. එහෙම නැතුව වෙන කෙනෙක් ඉස්සරහට දාලා තමන් බේරෙන්න හිතන්නෙ නෑ.

මකරා ගින්දර පිඹින්න කට ඇරපුවාම තමයි රජතුමා දැක්කෙ, මකරගෙ ඉස්සරහ දත් දෙකක් අස්සෙ ලොකු කෝටු කෑල්ලක් හිර වෙලා තියෙන හැටි. එයා වන්ඩිස් ගෙ දුන්න අරගෙන ‍ඊතලයක් විද්දා කෙලින් ම මකරාගෙ ඉස්සරහ දත් දෙක අතරට.

ඊතලය වැදිලා දත් දෙක අස්සෙ හිර වෙලා තිබුණු කෝටු කෑල්ල ගැළවිලා විසි වුණා. 

එක පාරට ම දැනෙන්න පටන් ගත්ත සනීප දායක හැඟීම එක්ක මකරාගෙ තිබුණු කේන්තිය නැති වුණා. මකරා තමන්ගෙ ඔලුව බිමට පාත් කරලා, පැන්ඩිස් රජතුමාටයි සෙන්පතියාටයි ආචාර කළා.

තමන්ට උදව් කරපු නිසා ඒකට කළ ගුණ සැළකීමක් විදිහට තමන්ගෙ ගුහාවෙ තිබුණු ස්ට්‍රෝබෙරි ගොඩක් කඩලා, මකරා රජතුමාට තෑගි කළා.

රජතුමායි සෙන්පතියයි ආපහු නුවරට ආවේ ලොකු සතුටකින්.

ඒ දෙන්නා මීට පෙර ගියපු වීර චාරිකාවල දි කවුරු හරි සතෙක්ව මරන්න සිද්ධ වුණා ම මේ වගේ සතුටකින් ආපහු එන්න ලැබෙන්නෙ නෑ. මකරව මරන්නෙත් නැතුව ගිය වැඩේ කරගෙන එන්නත් ලැබුණු නිසා තමයි ඒ තරම් සතුටක් දැනුණෙ.

ඒ ගෙනාපු මායා ස්ට්‍රෝබෙරිවලින් එක එක විදිහෙ කෑම ජාති හදලා පැන්ඩිස් රජතුමා තමන්ගෙ රැජිණට දුන්නා. ස්ට්‍රෝබෙරි යුෂ, අයිස් ක්‍රීම්, ජෑම්... එක එක විදිහෙ කෑම.

ඒවා කාලා බීලා රැජිණ ඉක්මණට ම සනීප වුණා. ඊට පස්සෙ ටික කාලයකින් පැන්ඩිස් රජතුමාටයි රැජිණටයි පුත් කුමාරයෙක් ඉපදුණා.

එයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු පාටයි, බඩ පැත්තයි, මූණයි, අතුල් පතුල් හතරයි විතරක් රෝස පාටයි.

ඒ කුමාරයාට හැමෝම කිව්වෙ, හතරවන පැන්ඩිස් කියලා.

ඒත් එයාට පැන්ඩීසියාවෙ රජවෙන්න බැරි වුණා. ඒ වෙනුවට එයා මිනිස් ලෝකෙට ඇවිත්...

ඒක වෙන ම කතාවක්. ඒ ගැන අපි වෙන දවසක කියවමු.

හතරවැනි මහා පැන්ඩිස් සහ හුටංබරස්

*    *    *

බ්ලොග් ලෝකයට ආපහු එන්න සෑහෙන දවසක් ගියා. මේ පහුවුණු කාලය තුළ මගෙ ජීවිතය සහ ජීවන රටාව සෑහෙන ව්‍යාකූල තත්ත්වයක පැවතුණේ. "ඇයි?" කියලා මට කතා කරලා අහපු සහෝදර බ්ලොග් වැසියන්ට යම් තාක් දුරකට ඒ ගැන කියන්න ලැබුණා.

ඇත්තට ම කාර්යබහුල වුණා. ඒ වගේ ම රෑ අවදියෙන් ඉඳීම - ශරීර සෞඛ්‍යය වෙනුවෙන් කැප කරන්න වුණා. ඒ එක්ක මම මීට කලින් ගොඩ වැදුණු බ්ලොග්වලට ඇවිදින් කියවීමත් දිරිමත් කිරීමත් කරන්න වෙලාව නැති වුණා.

නමුත් මින් පස්සෙ ආපහු ඒ දේවලට වෙලාව හදාගන්නයි බලාපොරොත්තුව.

ඉතින්, එහෙනම්, මට වෙල්කම් බැක්!

43 comments:

  1. වෙල්කම්දත් කියනව ✌🙏
    වෙලේ යන්නැතුං හරි එනව... මෙහෙට්ට 😂

    ReplyDelete
    Replies
    1. ඒක කියෙව්වම මතක් උනේ, දවසක් කෝපි කඩේ අප්පුව කියනව සිංදුවක්...

      "සදාදර னයා බෙණේ - මං වෙල දිගේ..." කියල

      Delete
  2. කතාව පහසුවෙන් කියවන්න ලියල තියෙනව වගේම... අගේ ඇති පොටෝ ටිකකුත් දාල තියෙන්නෙ.
    ජය. දිගටම ලියමු !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි නමියා... ඔය කතාව දැන් මාසෙක විතර ඉඳං ලියනව.

      Delete
  3. හා ඔය වැඩල තියෙන්නෙ. වෙල්කම් බැක්!. නිවාඩු පාඩුවෙ කියවන්න ආයෙ එන්නම්.🙏👌

    ReplyDelete
    Replies
    1. වැඩල කියන්නෙ... වැඩ්ඩ වැඩිල්ලක් කොහො ම ද දන්නව ද?

      Delete
  4. ඔබ එන්න
    ඇවිදින් ලියන්න
    කියවන්නො එන්නේ
    එතකොටයි ඔන්න!

    ReplyDelete
    Replies
    1. කෙටි කයි
      ලියයි
      නිදි

      පහුගිය කාලෙ නිදිට ගොඩක් ගැටළු තිබුණා කියල දැක්කා. දැන් මොක ද තත්ත්වෙ?

      Delete
    2. කරදරත් එක්ක සහජීවනයෙන් ජීවත් වෙන්න පුරුදු වෙමින් ඉන්නවා, මහත්තයෝ.

      Delete
    3. ඇත්ත... මල්ටිපල් මයොලෝමා එක්ක සහජීවනයෙන් උපවාසයකුත් කරපු යකඩ මිනිහට තව වෙන මොනව ද නේ?

      Delete
  5. ආ.... තවුසෙ ආයෙ ආවද මේ පැත්තෙ.
    ඉතිං ඉතිං අල බිස්නස් එකෙන් සෑහෙන වාසි ඇති නේද?
    තව අක්කර ගානක් ගත්තය කියල ඔය ලෝකයා කියන්නෙ.
    ඔය ගත්ත ඉඩං කෑල්ලක ඉස්ට්‍රෝබෙරි ටිකකුත් වවනෝ.
    අපිටත් බැරියැ ඇවිල්ල ඉස්ට්‍රෝබෙරි ජූස් එකක් බීල යන්න ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. ස්ට්‍රෝබෙරි ජූස් මොන ‌ෆ්ලේවර් එකෙන් ද ඔ්නෙ?

      Delete
    2. බනානා ෆ්ලේවර් හොඳා

      Delete
    3. හරි හරි... බනානා තමයි, මොන රස ද හත්තිලව්වෙ?

      Delete
    4. බුවෑක්ක... තුක් විතරක්!

      Delete
  6. ඒක නෙමෙයි මොකද හදිස්සියෙ බඹරකැලේ ගියේ.
    නිදානයක්වත් ලයින් කරන්න හදනවද?

    ReplyDelete
    Replies
    1. මේකෙ ඇඩ්‍රස් එක පොඩ්ඩක් බලන්ඩකො...

      https://maps.app.goo.gl/FZEhQodXW7Bj92wS7

      Delete
    2. ඉලව්වයි. ඔහේ කැලේයැ ඉන්නෙ.

      Delete
    3. ආයෙ අහල... හද්ද කැලේ!

      Delete
  7. මාතෘකාවට අදාලව කියනවනං.....

    ඇත්තටම ඒ ගැන නොකිය ඉන්නෙක හොඳයි.
    අර ෆොටෝ එක ලස්සනයි.
    එතොට අර චිත්‍රෙ ඇන්නෙ හුටංබරස් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මාතෘකාවට අදාළව කියන්ඩ ද යකො, කමෙන්ට් සෙක්ෂන් එක තියෙන්නෙ?

      නෑ නෑ... චිත්‍රෙ ඇන්දෙ හුටංබරස් නෙමෙයි. ඒකත් අන්තර්ජාලෙන් ම හොයා ගත්ත එකක්.

      Delete
  8. පොඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩීඩී අඩුපාඩුවකට තියෙන්නෙ ඉතිං මේ කතාවෙ னයෙක් නැති එක තමයි.

    ReplyDelete
    Replies
    1. නරිබස්සෙකුත් නෑ

      Delete
    2. ප්‍රසා,
      හැම එකේ ම චාන්ස් දෙන්ඩ බෑ. දැං බූමිතෙල් ගණං වැඩියි.

      ප්‍රා,
      ඔය කියන්නෙ ටොමිබකනරිය ගැන නෙ?

      Delete
    3. අර දි.ග.ම. බස්සනං හිටියෙ නැතත් කමක් නෑ.

      Delete
    4. ඌ හොඳ එකා. ඌට මොකවත් කියන්ඩෙපා. උගෙ බ්ලොග් බැනර් එකේ මාවත් ඇඳලා, මානසික අල්ලසක් දීල තියෙන්නෙ.

      Delete
    5. මේ දවස්වල පනං හතරක් හොයා ගන්නෙ බැනර් ඇඳලා. ලඟකදී ලටපට නයෙකුටත් බැනර් එකක් ඇඳලා දුන්නා.😉

      Delete
    6. බොට චිත්‍ර කර්මයෙන් අනාගතයක් තියෙනව කියල මට පේනව.

      Delete
  9. මමනං හිතුවෙ මකරගෙ ටූත්පික් එකට දුන්නෙං විදල බිම දාපුවහම ඌට තරහ යයි කියල හිටං.

    ReplyDelete
    Replies
    1. ටෝච් පාර වගේ නෑ හැම එක ම... ආතල් ගුටිත් තියෙනව.

      Delete
  10. මහා පැන්ඩිස් රජතුමා ඉස්සරහට පැන්නා. රජවරු ඒ විදිහයි. එහෙම නැතුව වෙන කෙනෙක් ඉස්සරහට දාලා තමන් බේරෙන්න හිතන්නෙ නෑ. - ඒ රජා ඉතින් බ්ලොග් වල විතරයි ඉන්නේ. ඒක නෙමේ නුවර පැත්තේ ආවනේ මම ගිය මාසේ , එහාට යනවද කියලත් හිතුව. විභාග හෙම කරනවා ඇති කියල අත ඇරලා දැම්ම. වෙන වෙලාවක තමා ඉතින්

    ReplyDelete
    Replies
    1. ආාා... ආපහු ආව වෙලාවක එන්ඩ ඉතිං. පහුගිය ටිකේ ඉස්පාසුවක් නැතුව උන්නෙ, වෙන වෙන පවුලේ අපහසුතා නිසා. ආයෙ ඉතිං විභාගයක් කරන්ඩ හිතාගෙන ඉන්නෙ තව අවුරුදු හයකින් විතර.

      Delete
  11. වෙල් බැරිනම් ඕවිට හරි කමක්නෑ ඔහේ බැක් ටු බ්ලොග් නොවැ..
    හුටංබරංට ස්ටෝබෙරි කවලා රජකරවමු..

    ReplyDelete
    Replies
    1. මාගේ මේ වියායාමය හුදෙක් හුටංබරස් රජ කරවීම උදෙසා ම වන්නේ ය, හෝරස්...

      Delete
  12. වෙල්කම් බැක් දැතිහුලහ

    ReplyDelete
    Replies
    1. හෑ! මට වෙල්කම් කියන බුවා බලහල්ලකො.

      අහසිං එන්න කියල බ්ලොග් එකක් තිබුණා තරුණ ජෝඩුවක් හවුලෙ ලියපු. කසුවා මොනව හරි දන්නව ද ඒක ගැන?

      Delete
    2. තිබුනද? මට මතක නෑනෙ බං. උඹට මතකයිද?

      Delete
    3. මටත් එහෙමට නිච්චියක් නෑ...

      Delete
  13. ආයෙමත් ආයෙමත් නියමයි . එක හුස්මට කියවගෙන ගියා. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ... දිරිගැන්වීමට

      Delete
  14. ඔව් මට පස්සෙ හිතුනා මගේ පාහර උපදෙස් වලට උඹේ හිත රිදුනද කියලත්!
    ඒත් එහම තමයි මම! (මේක මේ විදියට හිතන්න පුරුදු කලේ අපේ රනිල් ගොයියා!)
    ඕන දෙයක් ඔහේ කියනවා!
    ඉතින් අපි සියල්ලෝම දීර්ඝ නිවාඩුවකින් පස්සේ තමයි ලියන්න අරන් තියෙන්නේ.
    කමක් නෑ ඒ නිවාඩුවත්!
    ආයෙමත් ලියමු.
    ජයවේවා - සුවවේවා!

    ReplyDelete
    Replies
    1. හිතරිදෙන දෙයක් කිව්වෙත් නෑ, පාහර දෙයක් කිව්වෙත් නෑ. හෙණ ගහනව වගේ ඇත්ත කිව්වෙ. ඒක භාර ගන්න බැරි නං මොකද්ද මගෙ කොලිටිය?

      ඉත්තිං... ජයවේවා!

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි