.

.

Sep 30, 2023

Food City Rap




 ෆුඩ් සිටි රැප්පෙක

➖➖➖➖➖➖🚛


ගෙදර යන ගමන් අපි යමු... ගොඩ වෙලා ඇති ළඟම ෆුඩ් සිටි...

වටවෙලා නෙලනවා ඉට්ටාප්පෙක...  සත්ත පට පට රොම්බ අලි ගුටි...

කපලා හොදි දාලා අරගෙන... කන ගමන් නානාගේ වඳ රොටි...

අරන් පැත්තක් නෙලමු වට වී... ඒ අපේ රට උපන් ගෙයි හැටි...


බැලුවා වාගෙයි ටැමිල් ෂෝ... මර දානේ පෝලිමෙ ඉඳ සිනේ සිටි...//


සිල් අරන් දැන් දරු වගේ අප්පා... ඉන්නෙ මැගසින් බන් ධනා ගාරේ....

කොළඹ ඇත්තේ නෑ නේ බං.... තලන් නත් ගල් දාලා බෝරේ...

ඒක වෙන්නැති ගොඩ උනේ... ෆුඩ් සිටිම යන්නට කොටා පාරේ...

ෂැෂේ පොඩි පැක් එකක් ගත්තොත්... මදි වේවි ඒ අපේ ආරේ...


හොද්ද බොර වෙයි ටික කලක් දැන්.... මොකෝ උඹ  යූ ටියුබ් බාරේ...//


පොලීසිය ෆුඩ් සිටිය පැත් තේ... ඉඳන් ඇඹරුවෙ ගල් පැලෙන බොරු...

උඹත් නැති බැරි කමෙයි කියලා... කළ වැඩේ නම් වෙන්නේ නෑ මරු...

එත් සුපිරිම හොරුන්ටත් අපි... කියන්නේ නම් මැති ඇමති ගරු....

එම නිසා ගෙන වරෙන් පනතක්... හොර කමත් නීතියේ පොත් කෙරු...


රංගනගෙ කොපි චැට් ටෙකට ආවම.. හොරු උනත් බැබලෙන සුපිරි තරු....//


- කාව්ව සිරෝමනී මාතලන් - 


#පොලිපොයට් 

.

7 comments:

  1. ඔය ෆුඩ් සිටි වලියට සම්බන්ධ සේවකයන්ට ගම් පළාත් මත පදනම්ව මඩ ගහපු බදුල්ල බන්ඩාරවෙල වගේ පළාත් ඩොටේ කියපු නෝනා මහත්වරු මේ දිග නිවාඩුවට සංචාරය කිරීමට ඇවිත් නිවාඩු ඉවර වෙලා යද්දී ගෙනාපු කුනු ටිකත් අරන් ගියා නම් තමයි හොඳ. 😌👍

    ReplyDelete
  2. හොරු හොරු හොරු හොරු හෑම තැනම හොරු
    අහුවෙන්නේමත් හින්නිකිතර හොරු
    බේරිල ඉන්නව යසටම රජ හොරු
    උන් අල්ලනවයි කියන්නේම හොරු!

    ReplyDelete
  3. ප්‍රගතිපුර ,මාදිවෙල නිවසක් කුලියට දීමට ඇත.
    මසකට 15000/=
    මස 4ක අත්තිකාරම්
    සාලය,කාමරය,කුස්සිය,බාත්රූම්
    ත්‍රීරිවිල් රථයක් හෝ ඇල්ටෝ කාරයක් නැවැත්වීමට ඉඩ ඇත.
    ජල විදුලිය වෙනම ඇත.

    689 බස් පාරට 150m
    153පාරට 500m
    138පාරට 3km

    0758228504

    ReplyDelete
  4. ලෝක ලමා දිනය දවසේ උදේ බුද්ධ පූජාව පූජා කරලා ,කන්න කෑම එක අතට ගන්නකොටම ගේට් එකට කෙනෙක් තට්ටු කරනවා...

    එතකොටත් යම් තරමක වැස්සක් තිබුණා...

    අනේ බලනකොට අවුරුදු හයක විතර පුතෙක් වඩාගෙන ,තරුණ අම්මා කෙනෙක් ...

    දරුවා උපතින්ම ආබාධිත යි ලු...

    ඇවිදින්න කරන්න මොකුත් බැහැ ඉණෙන් පහළ පණ නැහැ කිව්වා...

    මට මහවැස්සේ මොනවද clinic පොත් වගේකුත් ඇද්දා ...

    නැ ,නෑ ඕවා ඕන නැහැ එන්නකො ඇතුලට කිවුවහම ...,

    ක්ෂණිකව ඇතුලට ඇවිල්ලා අපේ බබා දැකලා අනේ නෝනා බබාගෙ පරණ ඇඳුම් තියනවද කියලා ඇහුවා ...

    ගණන් කරලා ටීෂර්ට් අටක් , short පහක් එක්ක දුන්නා ..ඔක්කොම තුන් හතර වතාවකට වඩා අඩුවෙන් ඇඳපුවා ..

    මම සල්ලිත් එක්ක කනබොන බඩු දාලා ලොකු බෑග් එකක් දුන්නා ඒ අම්මට ...උදේට කන්න කියලා ගෙදර හදපු කිරිබත් පවා මම බෙදලා දුන්නා ..

    ඇත්තටම දුකයි මොකද Children's day එක දවසේත් ඒ වගේ දරුවෙක් වැස්සේ තෙමිලා දකින එක 🥺🥺🥺

    හිතට සතුටක් තිබුන ,ඒ දීපු දේ ගැන ..ඒත් දුකක් තිබුන ඒ දරුවා ගැන ..

    අද හවස අපි දෙන්නා ගියා බබාගේ hair cut එකක් ගන්න..

    පුතා එක පාරට කිව්ව අම්මි, අම්මි මගේ වගේ ටී ෂර්ට් එකක් කියලා ...

    ඇත්ත බලනකොට අපේ බබා ගාව තිබිච්ච disney collection එකේ ටී ෂර්ට් එකක් ..

    වෙන කවුරුත් නෙමේ , නෝනා වාට්ටුවේ තියාගෙන බෙහෙත් කරනවා කිව්ව ජීවිතේ කවදාවත් ඇවිදපු නැති අර පොඩි දරුවා ...😑😑😑

    අනේ ප්‍රාතිහාර්යක් වෙලා , තුනටියෙන් පහළ පණ නෑ කිව්ව දරුවා ඇවිදගෙන යනවා ..😌😌

    එකපාරට දැක්ක ගමන් මට අවංකව මාර තරහක් ආවා..

    මොකද අද දවසම මගේ හිත ඇතුළේ හොල්මන් කරේ ඒ දරුවා ..

    ඇයි මෙහෙම වෙන්නේ අසරණ දරුවන්ට ,ඒ මගේ දරුවාට වගේ ලස්සන ජීවිතයක් හැම දරුවෙකුටම නොලැබෙන්නේ 🥺🥺

    යකෝ අවංක හිතින් මම ගොඩක් දුක් වුණා ...

    මට ඇත්තටම අර ගෑනු කෙනාගෙන් අහන්න හිතුනත් , දරුවෙක් ගාව අම්මා කෙනෙක් ලැජ්ජාවට පත් කරන්න ඕන නැහැ නේද කියලා මම නිහඬ වුනා 😒😒😒

    මෙවරත් ලෝක ළමා දිනයේ තේමා පාඨය " හොඳම දේ දරුවන්ට "...

    මගේ දරුවා ඇතුළු තව දරුවෝ ඉන්නවා එක දවසක් විතරක් විශේෂ නොවන ,අවුරුද්දේ හැම දවසක්ම අති විශේෂ ආකාරයට දෙමව්පියන්ගේ රැකවරණය, ආදරය, සැලකුම් ලබන...

    ඒත් මොන තරම් කැත ද අහිංසක දරුවෙක් ආබාධිතයි, ඇවිදින්න බෑ කියල කිසිම දෙයක් නොතේරෙන අහිංසක දරුවෙක් පෙන්නලා හිඟා කන එක ...

    කලේ එක ප්‍රාර්ථනයයි , පුතේ ඉපදෙන්න එපා ඔය වගේ අම්මා කෙනෙක්ගෙ කුසේ නං ආයෙත් ...

    ඇත්ත කියල ඉල්ලනවා නං කොච්චර සාධාරණද...

    මම නම් හිතන්නවත් බයයි හතුරෙක් ගේ දරුවෙකුටවත් ඇවිදින්න බැරි වෙනවා කියන දේ ...😑😑😑😑😑

    ඇයි මිනිස්සු මෙච්චර බොරු කරන්නේ ???

    ඒකත් දරුවෙක් පෙන්නලා 😑😑

    හැබැයි පුතේ අවංකවම හිත සතුටුයි ,ඔයා කිසිම ආබාධයක් නැති හොඳට ඇවිදින්න පුළුවන් දරුවෙක් කියලා මගේ ඇස් දෙකට පැය ගානක් යන්න කලින් දැකපු එක නම් 🤗🤗🤗🤗

    - ජයත්‍රි -

    ReplyDelete
  5. 🐴🐑🐎අපේ ගම් පළාතේ එක ගොවිපලක අශ්වයෙකුයි, බැටලුවෙකුයි හිටියා. (ඔව්, අපේ ගමේ අශ්වයෝයි බැටලුවෝයි ඉන්නවා, ඇයි අවුල්ද?).

    මේ අශ්වයා කාලයක්, ඔය පළාතේ ඉඳපු වේගෙන්ම දුවන්න පුළුවන් අශ්වයා.

    හැබැයි පොඩි අසනීපයක් හැදිලා මේ අශ්වයා ටික ටික දුර්වල වෙන්න පටන් ගත්තා.
    පශු වෛද්‍ය තුමා අශ්වයාට බෙහෙත් නියම කරලා කිව්වා "සතියකින් මූ සනීප නොවුනොත්, අනිත් සත්තුන්ට ලෙඩේ බෝ නොවෙන්න, වෙඩි තියලා ඉවරයක් කරලා දාන්න වෙයි" කියලා.

    මේක අහගෙන ඉඳපු බැටළුවාට තමන්ගේ යාලුවා ගැන දුක හිතුනා.

    "අඩෝ! උඹට ඔහොම ඉන්න දෙන්න බෑ... නැගිටලා දුවපන්". බැටළුවා අශ්වයාව දිරි ගන්වලා ගත්තා.

    සතියකින් පශු වෛද්‍ය තුමා ආවම, අශ්වයා එදාට වඩා ටිකක් හොඳ තත්වයේ ඉන්න බව දැක්කා.
    "අපි මෙයාට තව සතියක් කල් දීලා බලමු. තව ටිකක් හොඳ අතට හැරුනේ නැත්නම්, ඩිෂුම් ඩිෂුම් කරමු" කියලා අයිතිකාරයට කිව්වා.

    මේක අහගෙන ඉඳපු බැටළුවා, තමන්ගේ යාළුවාව තව තවත් දිරිමත් කරා "මචන්... උඹ ගේම අත අරින්න එපා... නැගිටපන්. ඉස්සෙලා පස්සේ කකුල් දෙක උස්සපන්. දැන් ටිකක් දුවපන්".

    ඔය cycle එක තව සති දෙක තුනක් යද්දී, දැන් අපේ අශ්වයාට හොඳටම සනීපයි. ඌ දැන් නැගිටලා වෙනදා වගේම හොඳට දුවනවා.

    පශු වෛද්‍ය තුමා සතාව බලලා අයිතිකාරයාට කියනවා "ආ! දැන් මූට හොඳටම සනීපයි. වෙනදා වගේ දුවලා පැනලා ඉන්න පුළුවන්" කියලා.

    මේක අහපු ගොවිපල අයිතිකාරයාට මාර සතුටියි.

    "අඩේ... මේ සතුටට අද මම ගමටම පාටියක් දෙන්න ඕන. මෙන්න මේ කිසි වැඩකට නැති බැටළුවා මraළා ගමටම කන්න දෙන්න ඕන. කොහෙද, ගොවිපලට වෙලා පිනට කකා ඉන්නවා මිසක් මුගෙන් මෙලෝ වැඩක් නෑ" කියලා කියා කියා තමන්ගේ තුවක්කුව හොයන්න යන්න ගියා.

    ඔය කතාවේ අශ්වයා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම.
    බැටළුවා තමයි නායක දසුන් ශානක.
    ගොවිපොළ අයිතිකාරයා තමයි පිටතින් පෙන දේ විතරක් දැකලා තීරණ ගන්න ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ.

    ආ... ඕක අපේ ගමේ ගොවිපලක සිද්දියක් නෙවෙයි. අප්‍රිකානු ජන කතාවක්....!

    ReplyDelete
  6. ශ්‍රී ලංකාවේ දී අධ්‍යාපනය අවසන් කිරීමට අනෙක් රටවලට වඩා වැඩි කාලයක් ගතවෙනවා ද?

    වැඩිදුර කියවන්න:👇

    https://bbc.in/3PCHxbx

    'අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් කිරීමට අවධානය යොමු කර තිබෙනවා'

    කියවන්න

    https://www.bbc.com/sinhala/articles/c6pkmln8e0mo

    ReplyDelete
  7. කාලෙකින් කවි පෝස්ට් එකක් දැක්කා...
    ජයවේවා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න