September 19, 2023

විදුළි වාහන පරිශීලනය වැඩි කිරීමට, මෝටර් රථ බෙදාගැනීමේ වැඩසටහන්- (car-sharing for more accessible electric vehicles)

 

ගෝලීය දේශගුණික ඉලක්ක සපුරා ගැනීම සඳහා ශුන්‍ය විමෝචන වාහන අත්‍යාවශ්‍ය වේ. නමුත් කාලගුණ ප්‍රතිපත්ති විශේෂඥයින් අනතුරු අඟවන්නේ ගෑස් සිට විදුලි මෝටර් රථ දක්වා විශාල ලෙස මාරුවීම වෙනත් ආකාරයේ සමාජ අසාධාරණයන් උග්‍ර කළ හැකි බවයි. එවැනි වෙනසක්, උදාහරණ ලෙස, බැටරි සඳහා අවශ්‍ය බොහෝ ලෝහ කැණීම් කිරීමෙන් වන පාරිසරික හානිය සහ ඉන්ධන පාරිසරිකත්වය අඩුවීමෙන් කම්කරු ශ්‍රම අවශ්‍යතාව හීනවීම. ඒ් අතර අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට EV (විදුළි වාහන ) ලබා ගැනීමට අපහසුවීමද ගැටඵවකි.

  "මම හිතන්නේ අපි ශුන්‍ය විමෝචන වාහන දෙසට ගමන් කිරීම ඉතා හොඳ දෙයක්, නමුත් අඛණ්ඩව එයින් පරිබාහිර වන ප්‍රජාවන් තවමත් ඉතිරිව ඇත." Huerta පවසයි.

එවැනි බාධක වළක්වා ගැනීම සඳහා, Miocar වැනි නව වැඩසටහන් මගින් බැටරි බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි ලෙස බලගන්වා ඇත. එමගින් ශුන්‍ය විමෝචන හෝ පරිසරයට වඩා හිතකර ප්‍රවාහනයට ඵලදායි මාවතක් සකස් කර ඇත. එවැනි උත්සාහයන් මිනියාපොලිස්-සාන්ත පෝල් සහ ලොස් ඇන්ජලීස් වැනි විවිධ ස්ථානවල මතු වී ඇති අතර එය රාජ්‍ය සහ ප්‍රාදේශීය ආධාර මගින් අර්ධ වශයෙන් ශක්තිමත් කර තිබේ. නිදසුනක් වශයෙන්, මෙම වසර මුලදී, වොෂිංටන් ප්‍රාන්ත ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ප්‍රාන්තය පුරා අඩු ආදායම්ලාභී ප්‍රජාවන් සඳහා (EV) විදුළි මෝටර් රථ බෙදා ගැනීමේ උත්සාහයන් දිරිගැන්වීම සඳහා ඩොලර් මිලියන 2.8ක් ප්‍රදානය කරන ලදි.

වඩා සුදුසු සංක්‍රාන්තියක් (වෙනස්වීමක්) සක්‍රීය කිරීම සහ ප්‍රවාහනය විද්‍යුත්කරණය කිරීම අවශ්‍යතාවයකි. ඒ් වෙනුවෙන් අවශ්‍ය වන වාහන සංඛ්‍යාව සහ සම්පත් ප්‍රමාණය අඩු කිරීමෙන් ඔබ්බට, විදුලි මෝටර් රථ බෙදාගැනීම හොද විකල්පයකි. එය හිමිකාරිත්වයේ ආර්ථිකයකින් ප්‍රවේශයේ ආර්ථිකයක් (පරිශීලනයේ හැකියාව) වෙත මාරුවීමක් නියෝජනය කරයි. මිනිසුන්ට පාරිසරික සංචලනය දැනුවත්ව වැළඳ ගැනීමට ඉඩ සලසයි. බස් මාර්ගයෙන් ඔබ්බට කොතැනකට හෝ යාමට මෝටර් රථය පහසු ක්‍රමයකි. Miocar වැනි නව වැඩසටහන් මගින ප්‍රජාවට තමන්ගේම එකක් මිලදී ගැනීමට පෙර විදුලි මෝටර් රථයක් (EV ) භාවිතා කිරීමට අවස්ථාව උදා කරයි.

Miocar හි බොහෝ පරිශීලකයින් ලියාපදිංචි වීමට පෙර කිසි විටෙකත් EV එකක වාඩි වී නොතිබීම නිසා සමහරු මුලින් අවිනිශ්චිත බියකට පත් වෙති. Huerta පවසන්නේ වඩාත්ම පොදු සැලකිල්ල වන්නේ බැටරිය ප්‍රාණවත්ව නොතිබීමයි. නමුත් Miocar ව්‍යාපෘතිය, අනෙකුත් EV මෝටර් රථ කොටස් මෙන්, එහි මෝටර් රථ ආරෝපණය කර ඇති බව සහතික කරයි. චාජර් සමඟ කැපවූ වාහන නැවැත්වීමේ ඉඩකඩ සපයයි. මිනිසුන් බැස යන විට නැවත බැටරිය බලගැන්විමට ප්ලග් ඉන් (plug in) කිරීම සඳහා යොමු කෙරේ. ඔවුන් අමතක කළහොත්, අනතුරු ඇඟවී මේ සංඥා ඇති වේ. නැවත නැවත වැරදි කිරීම කුඩා දඩයකට හේතු වේ. බැටරිය ප්‍රාණවත්ව නොතිබීමේ කණස්සල්ල තවදුරටත් සමනය කිරීම සඳහා, Miocar සේවකයින් කටයුතු කරයි. වැඩසටහනට නවකයන් යොමු කිරීමේදී, සංචාරයක් සැලසුම් කරන ආකාරය සහ එක් එක් වාහනය සමඟ නොමිලේ ලබා දෙන කාඩ්පත් පිළිගන්නා චාජර් සොයා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම සිදුවේ.

Popular science වෙබ් පිටුව ඇසුරෙන් හර්ෂ


0 comments:

Post a Comment