September 12, 2023

සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව - කෙටිකතා එකතුව

2023 සාහිත්‍ය මාසයේදී පාඨකයන්ට මගෙන් පිරිනැමෙන මේ තිළිණය ගැන දැනුම් දෙන්නේ බොහොම සතුටින්.

ඒ මගේ අලුත්ම කෙටිකතා පොත - “සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව”

මගේ මුල්ම කෙටි කතා පොත එළි දැක්වුවේ 2019 දී. ඒ ‘සහස් පියවර - කෙටිම කෙටි කතා’ කියන පොත. ඉන්පස්සේ ලියවුනු කතා එකතු කරලා පොතක් හැටියට එළිදක්වන්න වුවමනාව තිබුණත් පහුගිය කාලේ ලංකාවේ මුද්‍රණ ක්ෂේත්‍රයේ අර්බුද ඒකට බලපෑවා. ඒත් ඒ ගැටලුවට විසඳුමක් ලැබුණේ විදර්ශන ප්‍රකාශන අනුබද්ධ ආයතනයක් වන Progress Publishing හරහායි. මගේ දෙවෙනි කෙටිකතා පොත මුද්‍රණය කරන්න භාරගත් ඔවුන් නොසිතූ තරමේ ඉක්මණින් ඒ කාර්යය බොහොම ලස්සනට කරලා දුන්නා.

ලංකාවෙන් පිට පදිංචි ව ඉඳන් මේ වගේ ව්‍යාපෘති කරන එක ටිකක් සංකීර්ණයි. ඒ වැඩවලට ලංකාවේ ඉන්න නෑදෑ යාලු මිත්‍රයන්ගේ උදවු නොඅඩුව ලැබුණු නිසා ලේසි වුණා. හැමදේම නූලට තිතට වුවමනා මට එහෙම දුරස්ථ පාලන වැඩ කරන එක ටිකක් ආතතිකාරීයි. ඒත් අලුත් පොතක සතුට ඒ හැම දෙයකටම ඉහළයි.

ඉතින් නිරතුරුව මගේ බ්ලොග් එකට යන එන, මගේ නිර්මාණ කියවන රස විඳින, ගුණ දොස් කියන මිතුරු හැම දෙනාටමයි මේ සතුටු ආරංචිය - එන්න ‘සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව’ ට ගොඩ වදින්න



කවරය - ගගන වර්ණකුලසූරිය 

21 comments:

  1. Replies
    1. මලිගෙ කලින් පොත් එලිදක්වද්දි ප්‍රා. ජේ. මාත් එක්ක එදා ආවනේ..

      Delete
    2. 👌👌🤝🤝👍👍

      Delete
    3. බොහොම ස්තූතියි Pra Jay!! ඔව්නේ දුමින්ද මගේ බ්ලොග් සහෘදයන්ගෙන් ඔය දෙන්නා ඒ උත්සවේට සහභාගී වුණු එක මට ලොකු සතුටක් :)

      Delete
  2. මලීගෙ කලින් පොතනම් මම රස වින්දා.. මේකත් හොද තත්වයක ඇති.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමින්ද, ඉඩක් ලැබුණොත් මේකත් කියවලා ගුණ දොස් කියන්නකෝ

      Delete
  3. Your Sulu Prathiharya Departhamenthuwa was one of the best stories of that genre I have ever read.
    It was such a fantastic story that I read it many times, over and over again.
    I'm sure, your short story collection by that name too would bring me another surprise!

    ReplyDelete
    Replies
    1. Thank you very much Sarath! I love writing with a twist of fantasy and this story was one of them. If you do get a chance to read the book, please let me know what you think.

      Delete
  4. Congrats මලී!!!

    "හැමදේම නූලට තිතට වුවමනා මට...." මලී perfectionist කෙනෙක්ද. මලීගෙ නිර්මාණ කියවද්දි නම් එහෙම vibe එකක් දැනෙන්නෙ නෑ. (I mean we don't feel the rigidity of a perfectionist).

    ReplyDelete
    Replies
    1. thank you Lotus!

      මම හරි අකමැතියි අන්තිම මොහොතේ දේවල් කරන්න. හොඳට කල් අරන් plan කරලා මගේ උපරිම මහන්සිය දාන්න වුණේ නැත්නම් මට උණ වගේ :D ඒත් ඉතින් රටවල් දෙකක, time zones දෙකක ඉඳන් පොතක් පබ්ලිෂ් කරන වැඩක් වගේ කරද්දී මම පැනික් වෙච්ච වෙලාවල් තිබ්බා. ඒත් මේ publisher ඇතුළු කාර්ය මණ්ඩලය ලොකු සහයෝගයක් දුන්නා හැම දේම පිළිවෙලට කරගන්න.

      Delete
  5. උණුසුම් සුබපැතුම්. ලංකාවෙන් පොතක් ගන්න උත්සාහ කරන්නම්. ආසාවෙන් කියවන්න බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අනුරුද්ධ!

      Delete
  6. අද නම් සුබම දවසක්
    මේ ආරංචිය අහන්න කොතෙක් බලා හිටියද
    සුබම සුබ පැතුම් මලී
    ඔය "සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව" කියන වචන පේලිය මට හරියට හිතට වැදුනා
    ඒ නම දැම්මට මට හරිම සතුටුයි
    well done

    ReplyDelete
    Replies
    1. කුමුදු- ස්තූතියි ආදරයට!
      ඒ නමට වෙනමම පැවැත්මක් තියෙනවා වගේ දැනුන නිසා ඒක දැම්මා
      කවරෙත් මගේ හිතේ ඇඳුනු විදිහටම නිර්මාණය වෙලා.
      සතුටු දවස්! :)

      Delete
  7. සුභ පැතුම්! 🙏👌
    මම කැමතිම කතාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බස්සා!
      නිරන්තරයෙන්ම යන එන, දිරි දෙන පාඨක බස්සෙක් වුනු එකටත්

      Delete
  8. සුභපැතුම් මාලි . (සුභපැතුම් හෙල් කියල ලියන්නත් හදල මලී ටම ගියා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්.
      මට හෙල් / මලී දෙකම කියනවා කට්ටිය :)

      Delete
  9. සුබපැතුම්ම්ම්ම්ම්💕💕💕

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නවීන්!

      Delete