World’s Strongest Troll

0


සුපිරි gamer කෙනෙක්. අලුත් VR MMORPG එකක් ගහනවා. මේක හරියට Legendary Moonlight sculptor නැත්නම් Sword art online වගේ. හැබැයි පොඩ්ඩක් කරකවනවා මැදදී.


කතාව මෙහෙමයි

අපිට මුලදීම පෙන්නනවා DEX කියලා සුපිරි gamer කෙනෙක්. එයා ගහන ගේම් එකේ ඉන්න සුපිරිම ප්ලේයර්ල ටිකටත් ගහල rankings වල අංක එකට එනවා. දැන් මෙයාට ඕනේ අලුත් අභියෝගයක් එතකොටම තමා අලුත් VR ගේම් එකක් එන්නේ Arcadia කියලා. මේක නිකන්ම ගේම් එකක් නෙවෙයි මොලේටම සම්බන්ධ කරලා ගහන්න තියෙන්නේ. ඔව් මේක විද්‍යා ප්‍රභන්ධයක්. Matrix වගේ වයර් නෑ කටු අනින්නේ නෑ පොඩි ඇඳක් වගේ උපකරණයක් තියෙනවා එකට බැස්ස ගේම් එක ගැහුවා.


MMORPG ගේම් වල ගේම් එකේ චරිත වලට class තියෙනවා(නෑ අමතර පන්ති නෙවෙයි) ඒවගේ නයිට් වරු, මන්තර කාරයෝ වගේ කැමති කෙනෙක් තෝරාගන්න පුළුවන්. මේ ජාතියේ කතා වල මේ ජාතියේ ගේම් වල තියෙනවා තව හැංගිච්ච class. ඒ වගේම රහස් දේවල් ගේම් එකටම එකක් වගේ තියෙන. ගත්ත එකාට සැහෙන බලවත් වෙන්න පුළුවන් අනිත් අයට වඩා. ඉතින් DEX මුල ඉඳන්ම හොයන්නේ ඒ වගේ දෙයක්. මිනිහා කට්ටක් කාල කොහොමහරි මෙහෙම class එකක් හොයාගන්නවා




මේ class එක තොරනකොටම මිනිහට අනතුරු අඟවනවා ෂුවර්ද කියලා කිහිප පාරක්ම. ඒවා අහන්නේ නැතුව තෝරනවා ගොඩ තමා කියලා. මේ අතර අමුතු පණිවිඩයකුත් එනවා මේකත් එක්ක. මේ class එක තමා Bard of Anarchy. මේකට level up වෙන්න බෑ, skills නෑ ගේම් එකේ බලවත් වෙන්න ඕනේ කිසිම දෙයක් නෑ. අලුත් stat එකක් එනවා plausibility කියලා. තව එනවා mission කියලා ක්‍රමයක්. මොන රෙද්දක්ද මේ කියලා හිතුනද? Reset කරලා මුල ඉඳන් ගහන්න හිතුනද? DEX ටත් එහෙම හිතෙනව හැබැයි කරන්න දෙයක් නෑ මේක වෙනස් කරන්න බෑ. මේ වෙලාවේ අලුත් mission එකක් එනවා. මෙතනින් තමා වැඩේ හැරෙන්නේ.


මේක ගේම් එකක් ඇත්ත ලෝකෙ නෙවෙයි. ඒ උනාට නිකන් හරි නෑ වගේ නේද. හැබැයි මේවගේන් හම්බෙන plausibility අරන් මුලු ගේම් එකේ නීති වෙනස් කරන්න පුළුවන්. නමේ තියෙන Troll කෑල්ල එන්නේ මෙතනින්. 


මේක Legendary moonlight sculptor එකේ කොපියක්ද?

 සමානකම් නම් තියෙනවා

ගොඩක් දුර‍ට ඔව්. සමානකම් ගොඩක් තියෙනවා Legendary moonlight sculptor එකේ Weed වගේම  DEX කියන්නේ කලින් ගේම් එකේ OPම player. Weed ට වගේම DEX ටත් පරණ ගේම් එකේ හතුරෝ ඉන්නවා. LMS එකේ වගේම මේකෙත් තියෙන්නේ අලුතෙන් පටන්ගන්න VR ගේම් එකක් දෙකේම AI කෙනෙක් ඉන්නව ගේම් එක පාලනය කරන්න. හැංගිච්ච චරිතයක් ඉන්නවා දෙකේම. හැංගිච්ච class එකක් හබෙනවා දෙන්නටම. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා එක වගේ.


ඒ වුනාට මදේ වෙනස්

ගේම් එකක් ගහල එකෙ නීති එක්ක යනවට වඩා නමේ තියෙනවා වගේ ගේම් එකේ නීති වෙනස් කරගෙන අනිත් ප්ලේයර් ලව කඩේ අරිල්ලක් තමා මේකේ වෙන්නේ. LMS එකේ weed මහන්සිවෙලා ගොඩ යන එකට වඩා හැක් කරලා නැත්නම් ගේමක් ගහල ගොඩ යෑමක් තමා මේකේ වෙන්නේ. අපේ රටේ වගේ තමා නේද.


 සමකරන්න බැ හැබැයි වෙනම රහක් තියෙනවා

Legendary moonlight sculptor කියන්නේ ඉතින් classic එකක්. දෙක සසඳන්නේ නැතුව බැලුවොත් සැහෙන හොඳයි මේක. මේ DEX ගේ වැඩ සමහරවිට සදාචාරාත්මක නෑ ෆන් හැබැයි. Art එහෙමත් හොඳයි. තව කතාව යනකොට තව දේවල් එකතු වෙලා ලස්සන වෙයි


ඉතින් SAO වගේ බලල ආස හිතුනානම්. ගොඩක් බලවත් චරිත ඉන්න කතා වලට ආස නම් අල්ලලා යයි. බත් ගුලි පහෙන් තුන හමාරක් දෙනවා මේකට


Post a Comment

0Comments
Post a Comment (0)