My Wife Is from A Thousand Years Ago සිංහල පරිවර්තනය

0



My Wife Is from a Thousand Years Ago(我家老婆来自一千年前) කියන්නේ චීන චිත්‍රකතාවක් නැත්නම් මන්හුව එකක්. මේක ආදර කතාවක්. ඒ වගේම slice of life කතාවක්. මේ කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නේ Paragon Scansල මේ තියෙන්නේ ඒ පරිවර්තනය අරගෙන සිංහලට පරිවර්තනය කරන්න දරපු උත්සාහයක්.



කතාව මෙහෙමයි

ජියැන්ග් හී මීට අවුරුදු දාහකට විතර කලින් ටැංග් රජකාලේ හිටපු රනශුරියක්. එයා මොකක්හරි හේතුවකට නුතන යුගයට එනවා. හිතල අවා නෙවෙයි අහඹු සිදුවීමක්. අපි දන්නවා අවුරුදු දාහකට කලින් ලෝකෙ ගොඩක් වෙනස් ඉතින් මෙයා එකපාරටම කඩා වැටුනම කරකියා ගන්න බැරුව අසරණ වෙනවා. මේ වෙලාවේ තමා කතාවේ ප්‍රධාන චරිතේ ෂු චින්ග්ව හම්බෙන්නේ. ෂු චින්ග් ජියැන්ග් හීව එයාගේ ගෙදර නවත්තගෙන එයාව නුතන සමාජයට හුරු වෙන්න උදව් කරනවා. ඉතින් මේ දෙන්නගේ හාස්‍යජනක එදිනෙදා ජිවිතේ තමා මේ චීන චිත්‍රකතාවෙන් කියවෙන්නේ.


මේක ස්ලයිස් ඔෆ් ලයිෆ් කතාවක්. ඉතින් මේකට අහවල් දේ කරන්න යනවා කියලා අරමුණක් නෑ  එදිනෙදා ජිවිතේ සමරන එක තමා තියෙන්නේ. මේක ෆැන්ටසි කතාවක්වත් ක්‍රියාදාම කතාවක් වත් නෙවෙයි. කාලය හරහා ආපු එකවත්, ජියැන්ග් හී රනශුරියක් වුන එකවත් මේ කතාවේ මුලික කරගන්නේ නෑ. ෂු චින්ග්ට නම් සටන් කලාව ඉගෙනගන්න ආසාවක් තියෙනවා ඒ වුනත් ඒ සටන් කරන්නනම් නෙවෙයි 😉 මෙයාලගේ ආදර කතාව වුනත් හිමින් තමා ගොඩනැගෙන්නේ.



මේකේ රසේ තියෙන්නේ...

මේක ඇවිල්ල සිතල දවසක උණු කොපි එකක් වගේ කතාවක්. මට පුද්ගලිකව මේක කියෙව්වම ඉඟුරු බිස්කට් ඕනේ නෑ mood fix වෙනවා. මේකේ රසේ තියෙන්නේ මෙයාලගේ හාස්‍යජනක හැසිරීම් වල, හිමින් දිගහැරෙන ආදර කතාවේ. සරලයි වගේ පෙනුනට තනියම ජිවිතේ පටන්ගන්න තරුණයෙක් විදිහට කන බොන දේවල් වල ඉඳන් ජොබ් එකක් කරන්න ඕනෙද? මේ ඇතිද?. තාත්තා ජොබ් එකකට පලයන් කියලා තල්ලු කරන එක. ගැන ලස්සන විදිහට කතා කරනවා. ඒ කාලෙට මුහුණදුන්න කෙනක් හැටියට ගොඩක් අයට මේ කතාව ලඟින් අහුවෙයි කියලා හිතෙනව



සිංහල පරිවර්තනය

කලින් කිව්වා වගේ මේක Paragon Scansල කරන ඉංග්‍රීසි පරිවර්තනය අරගෙන සිංහලට පරිවර්තනය කරන්න හදන උත්සහයක්. මේක කොච්චර සාර්ථකද කියන එක බලන්න කියවන ඔයාලට බාර දෙනවා. මේක රසික පරිවර්තනයක් මුදලක් ඉපයෙන්නේ නෑ නිකන් කැහිල්ලට කරන වැඩක්.


මේ වගේ පරිවර්තන සාමාන්‍යයේන් පලකරන්නේ Bato, Mangadex වගේ වෙබ් අඩවි වල. ඒව අතරින් Bato එකේ තමා සිංහල භාෂාවේ පරිවර්තන වලට ඉඩ ලැබෙන්නේ. ඒ නිසා මේකත් ඒකෙම දාල තියෙනවා



ඉතින් ඔන්ලයින් කියවනවා නම්

Bato එකේ ලින්ක් එක දාන්නම් ගිහින් කියවන්න. Ad තිබුනොත් ඒවා Bato ඒකෙන් දාපුවා. Adblocker එකක් දාගන්න. මටනම් දැනට හම්බෙලා නෑ හැබැයි.




Tachiyomi app එකෙනුත් කියවන්න පුළුවන්

Tachiyomi කියලා මන්ග කියවන app එකක් තියෙනවා. එකේ bato extension එක දාල තියෙනවා නම් ඔයාලට එකෙනුත් කියවන්න පුළුවන් මේක android වලට විතරයි. App store එකේ නෑ එළියෙන් ගන්න තියෙන්නේ මම එකේ ලින්ක් එක දාන්නම්



Pdfම ඕනේ අයට

Pdf වලින් නම් හොඳ අත්දැකීමක් ගන්න බෑ පින්තුර අතර පොඩි ගැප් එකක් හිටිනවා. කොහොමහරි ඕනේ නම් telegram වගේම WhatsApp channel තියෙනවා. එකතුවෙලා බලන්න ඒවගෙත් ලින්ක් දාන්නම්


ඉතින් මේක පටන්ගත්තේ අප්‍රේල් මාසේ. මම හිතන් හිටියේ සතියෙන් සතියෙවත් පරිච්චේදයක් දාන්න. කරදර ගොඩක් වුණා හරියටම කරගන්න බැරි වුණා. දැනට පරිච්චේද 26ක් දාල තියෙනවා. කියවන ප්‍රමාණයත් ගොඩක් අඩුයි පුළුවන්නම් කියවයි කියලා හිතෙන යාලුවෙක් එක්ක බෙදාගන්න. හොඳ නරක වැරදි අඩුපාඩු මේ බ්ලොග් එකේ නැත්නම් ෆේස්බුක් පිටුවේ හරි දාන්න. මේ එකක් කරන්න ලොකු මහන්සියක් වෙනවා. මේක කට්ටිය අතරට අරන් යන්න උදව් කරොත් ලොකු දිරිමත් කිරීමක්.




Post a Comment

0Comments
Post a Comment (0)