September 10, 2023

කරුණාවන්තම මිනිස්සු

කරුණාවන්තම මිනිස්සු
උපතින් ඒ ගුණය ලද්දෝ නොවෙති
ඔවුන් එය වගා කර ගත් අයයි
තමන් සිරව සිටි කළු අඳුර කණිමින්
පිටතට ආ අයයි

හැම අහිමිවීමක්ම
පාඩමක් බවට හරවා ගැනීමට
සටන් කළ අයයි

කරුණාවන්තම මිනිස්සු
ඉබේ පහළ වූයේ නැත
ඔවුන්ට සිදු වූ දේවල් නිසා
දෘඩ වීම වෙනුවට
මොළොක් වීම
තෝරාගත් අයයි

ඔවුන් යහපත ගැන විශ්වාස කිරීම
තෝරාගෙන ඇත්තේ
දයාව කෙතරම් අවශ්‍යදැයි
දන්නා බැවිනි

මේ ලෝකයට
මෘදු බව කෙතරම් වැදගත්ද යන බව
අත්දැකීමෙන් දන්නේ ඔවුන් ය

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the poem 'The Kindest People' by Bianca Sparacino

Digital painting




11 comments:

  1. Replies
    1. මේබස්සා ගේ ටැග් ලයින් එක නේද? :D

      Delete
  2. ඒක නම් සම්පූර්ණ ඇත්ත. මමත් පොඩි කාලෙ හා teen වයසෙදි සෑහෙන නපුරු කෙනෙක්. තාත්තා තමයි මට කරුණාවන්ත වීමේ වැදගත්කම ටික ටික ඔලුවට දැම්මෙ. අපිට පොඩි කාලෙදි බාහිර පරිසරයෙ දකින්න ලැබෙන්නෙත් වැඩිපුරම නපුරු වැඩමනෙ. සත්තුන්ට ගල් ගහනවා, කුරුල්ලො එලවනවා, ටීචර්ස්ලට තරහ ගියාම ලමයින්ට නරක විදිහට බනිනවා, ඉස්කෝලෙදි 'පොශ්' මදි කියලා හිතෙන ලමයින්ට අපි හොරෙන් හොරෙන් හිනා වෙනවා; ඔය වගේ කේස්නෙ. දැනුත් මම හිටපු ගමන් නපුරු වැඩ කරනවා, නමුත් සියයට අසූවක් විතරම කරුණාවන්තයි.

    "ඔවුන් යහපත ගැන විශ්වාස කිරීම තෝරාගෙන ඇත්තේ දයාව කෙතරම් අවශ්‍යදැයි දන්නා බැවිනි" True, indeed.

    ReplyDelete
    Replies
    1. Lotus- සියයට අසූවක් ඇති නේද එහෙනම් උන්නු හැටියට? :)
      මට පොඩි කාලේ හරියට කේන්ති යනවා. අවධානය අඩුවෙන් ලැබුණු පවුලේ බාලයෙක් වීම නිසා වෙන්නැති කියලා දැන් හිතෙනවා. ඒක අවුරුදු විසි ගණන් කාලෙදිත් තිබුණා නේද කියලා මතක් වුනේ කැම්පස් එකේදී කමකට නැති කතාවක් කියපු මට වඩා දෙගුණයක් විතර උස මහත කොල්ලෙකුට ගහන්න ගිය හැටි මතක් වෙලා 🙈 පස්සේ ඒ අසනීපෙ නිට්ටාවටම හොඳ වුණා! දැන් උවමනාවටවත් කේන්ති ගන්න බැරි ගාණයි. ළඟදී බොහොම බාල වැඩක් කරපු service provider කෙනෙකුට බනින්න ගිහින් මගේ පපුවත් රිදෙන්න ගත්තා :D
      //තමන් සිරව සිටි කළු අඳුර කණිමින් පිටතට ආ අයයි//
      මේ තමයි මම කැමතිම කෑල්ල

      Delete
  3. හ්ම්.....හ්ම්...🙏👌

    ReplyDelete
    Replies
    1. මේකට කොපිරයිට් ගන්න වෙයි බස්සා :D

      Delete
  4. ඔව්. එය නිවැරදියි. ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමින්ද!

      Delete
  5. මම කරුණාවන්තද දන්නේ නැහැ. ඉයන් නම් සෑහෙන්න කරුණාවන්තයි කියල අත්දැකීමෙන් දන්නවා. හැබැයි මම පුළුවන් විධිහට උදව් කරනව කාට හරි. මට කේන්තිනම් යනවා. හදන්න බැහැ. හැබැයි මගේ පවුලේ උදවිය කියන්නේ කේන්ති යන්නේ කරුණාවන්ත මිනිසුන්ට, හරියට ඔයා වගේ කියල. කේන්ති ගිහිල්ල මිනිත්තු ගානකින් මගේ කේන්තිය නිමෙනවා ඊට පස්සේ ඉතින් දුකයි.

    ReplyDelete