Mr. Zombie

0


සමාන්‍යයෙන් කතාවක ප්‍රධාන චරිතේ මනුස්සයෙක්නේ මේ කතාවේ ප්‍රධාන චරිතේ නිකන්ම zombie කෙනෙක්. ඔව් zombie කෙනෙක් කෙල පෙරාගෙන මිනිස්සු කන්න යන අර zombie ගොඩේ තවත් එක zombie කෙනෙක්. මෙහෙම කියනකොට හිතෙනවද මේ නම් zombie ස්ලයිස් ඕෆ් ලයිෆ් කතාවක් වෙන්න ඇති කියලා. නෑ මේක action මන්හුව එකක්. සැහෙන බලවත් ප්‍රධාන චරිතයක් ඉන්න කතාවක්


මොකක්ද මේකේ වෙන්නේ?

අපේ ප්‍රධාන චරිතේ අහිංසක විදිහට ඉස්කෝලේ ඉන්නකොට Zombie Apocalypse එකක් වෙලා. Zombie කෙනෙක් වෙනවා. ඉතින් මෙයා සාමාන්‍ය zombie කෙනෙක් වගේ සෙට් එක එක්ක එහෙ මෙහෙ යයා ආතල් එකේ ඉන්නවා. මෙහෙම යද්දී දවසක මිනිස්සු ඇවිත් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මෙයාලට වෙඩි තියෙනවා. සමහරු මැරෙනවා සමහරුන්ව අල්ලාගෙන ගිහින් විදුලි බලයත් හදනවා ඉතින් බේරෙන්න ඕනේ නිසා ශක්තිමත් වෙන්න කියලා මෙයා පුහුණු වෙන්න පටන්ගන්නව zombieල මැරෙන්නෙත් නෑ නේ මහන්සි බලන්නේ නැතුව ව්‍යායාම කරන්න පුළුවන්. මෙහෙම කරලා මෙයා කාලයක් යනකොට සැහෙන බලවත් zombie කෙනෙක් වෙනවා. 



ඉතින් දැන් මෙයා බලවත් හොඳ zombie කෙනෙක්. මිනිස්සු එක්ක හොඳින් ඉන්න එක තමා මෙයාගේ බලාපොරොත්තුව. ඉතින් මෙයා මිනිස්සු බේරගන්නව. මිනිස්සු එක්ක ජිවත් වෙනවා මාස්ක් එකක් දාගෙන. අනික් පැත්තෙන් Zombieලගේ නායකයෙක් වෙලා තව බලවත් zombie ල ටිකක් වට කරගෙන. zombie ලට මිනිස්සු කන්නේ නැතුව බිත්තර කන්න පුරුදුකරනව.





එහෙමයි කියලා මිනිස්සු zombie ලව මරණ එක නවත්තන්නේ නෑ. මෙහෙම දවසක් මෙයා ඉන්න තැනට මිනිස්සු ගහද්දි මෙයා මනුස්සයෙක් කියලා රැවටිලා zombieල මරන්න පුරුදු කරන ඉස්කෝලෙට බලෙන් බඳවගන්නවා.





මේක ටිකක් වේගෙන රෝල් වෙන කතාවක්

මේ කතාව හරිම වේගයෙන් ගලනවා. ඒ නිසා යටගියාවේ කතා. සහය චරිත ගැන එහෙම වැඩිය කතා කරන්න වෙන්නේ නෑ. මුලික කතාව වේගෙන් යනවා. ඉතින් වැඩිය හිතන්න දෙයක් නෑ මේකේ හාස්‍ය සහ සටන් තමා තියෙන්නෙ. පොප්කොර්න් කනවා වගේ තමා. ඒ වගේම තමා ලොකු පරිච්චේද ගානක් නෑ පැයක් දෙකක් ඇතුලත කියවන්න පුළුවන්

 

හාස්‍ය සහ හොඳ සටන් තියෙන සරල ලස්සන කතාවක් බලන්න කැමති නම් Mr. Zombie බලන්න. ඉක්මනට බලන්නත් පුළුවන්. හොඳ ෆන් එකක් ගන්නත් පුළුවන් වෙයි.


බත් ගුලි පහෙන් තුන හමාරක් දෙන්න පුළුවන් බය නැතුව

🍙🍙🍙



Post a Comment

0Comments
Post a Comment (0)