My Awkward Senpai

0

 


මේක ඇවිල්ල Classic ශෝජෝ slice of life මන්ග එකක්. ඔෆිස් එකේ අලුතින් ආපු කොල්ලයි එයාට ඔෆිස් එකේ වැඩ ටික කියලා දෙන්න දාන කෙල්ලයි අතර ආදර කතාවක්. Slice of life නේ ඉතින් මරන්න මකරෙක් නෑ බේරගන්න කෙල්ලෙක් නෑ. එදිනෙදා සරල ජිවිතේ.


කතාව 

කතාවේ ප්‍රධාන චරිතේ කමෙගාව. එයාට මුලින්ම ජොබ් එකක් සෙට් වෙලා ඔෆිස් එකකට යනවා වැඩ කරන්න. මෙයාට ඔෆිස් එකේ වැඩ ටික කියලා දෙන්න බාරදෙනවා කන්නාව කියලා කලින් ඉඳන් වැඩ කරපු ගැහැණු ළමයෙක්ට. බොසා වගේ තමා. කන්නාව ටිකක් සැර ලංවෙන්න බැරි චරිතයක් වගේ තමා එලියට පෙන්නේ. හැබැයි මේ ඔක්කොම වැරදි වැටහීම්. කන්නාව ඇත්තටම ගොඩක් ලැජ්ජයි. ලැජ්ජාවේ අන්තෙටම ගිහින් තියෙන්නේ මේක හින්ද කියන්න ඕනේ දේ නෙවෙයි කියවෙන්නේ.




අනිත් අයට නොතේරුනාට කමෙගාවට මේක ටිකක් තේරෙනවා ඒ නිසා කන්නාව කියන දේ ඒ විදිහටම නැතුව මෙයා මේක තමයි අදහස් කරන්න ඇත්තේ කියලා ගන්නවා. කන්නාවට ලොකු උවමනාවක් තියෙනවා හොඳ සෙන්පායි කෙනෙක් වෙන්න. සෙන්පායි කෝහයි සම්බන්දෙ ජපානෙ ලොකුවට තියෙනවලු මමත් දන්නේ නෑ මමත් කියවල තියෙනවා එහෙමයි කියලා. කොහොමහරි මේ දෙන්නගේ මේ සම්බන්දෙ එදිනෙදා ජීවිතේ ගැන තමයි කතාව 





සරල ගුෆි ෆන් එකක් තමා මේකේ තියෙන්නෙ 

කමෙගාව තනිකර  "nice guy". කන්නාව පට්ට ලැජ්ජයි ටිකක් ගුෆි ගොඩක් වෙලාවට හිතෙන දේ නෙවෙයි එලියට එන්නේ ඒ වුනාට ඕනේ වෙලාවට professional වෙනවා. ඒ වගේම වගකීම අරගෙන වැඩ කරනවා. මේ දෙන්නගේ එකතුව මරු. මෙයාල අතර වෙන සමහර දේවල් මාර cliché ඒ වුනාට නරක විදිහකට නෙවෙයි. මේකේ තියෙන්නේ පිරිසිදු අහිංසක ෆන් එකක්. පුංචි හිනාවක් මුණේ තියාගෙන කියවන්න පුළුවන්. කාලෙකින් පුරුදු තැනකින් අයිස්ක්‍රීම් එකක් කෑවා වගේ මේක


ලොකු පරිච්චේද නෑ පොඩි පිටු ප්‍රමාණයක් තියෙන්නේ. ඕනෙවට වඩා සංකීර්ණ කරගන්නේ නැතුව චරිත ටිකත් හෙමීට දිගහරින ගමන්. ලස්සන ස්ලයිස් ඕෆ් ලයිෆ් ආදර කතාවක් තියෙනවා. ඒ වගේ දේවල් වලට ආස අයට රස විඳින්න


බත් ගුලි පහෙන් තුනක් දෙන්න පුළුවන් මේකට

🍙🍙🍙



Post a Comment

0Comments
Post a Comment (0)