The Ancient Sovereign of Eternity

0


මේක පරිච්චේද දෙසීයකට වඩා තියෙන හොඳ murim/martial arts මන්හුව එකක්. සමාන්‍ය විදිහට මාෂල් ආර්ට් පැත්තෙන් ලොකු බලවතෙක් මැරිලා කාලෙකට පස්සේ වැඩකට නැති කෙනෙක්ගේ ඇඟට වැහෙනවා. ඉතින් මේකේ අවසානේ ගොඩක් විට දැනටමත් තේරිලා ඇති. වැඩේ තියෙන්නේ මේවගේ කතාවල අවසානය එච්චර වැදගත් නෑ ගමන තමා වටින්නේ. මේකේ ඒක නම් නියමෙට තියෙනවා


කතාව


ගු ෆෙයියැනග්(Gu Feiyang) මාෂල් ආර්ට් ලෝකේ ඉහල තලයක් ඉන්න කෙනෙක්. මෙයා තව කෙනෙක් එක්ක වලියක් ගිහින් මැරිලා අවුරුදු 15කට පස්සේ ඉපදෙනවා ලී යුන්ෂියාවෝ කියලා අවුරුදු 15ක කොල්ලෙක් වෙලා. දැන් අහන්න එපා ඌ ඉපදෙනකොට අවුරුදු පහලවද කියලා. එහෙම නෙවෙයි ඉපදිලා අවුරුදු පහලවක් ගිහාම තමා ගු ෆෙයියැනග් මෙයාගේ ඇඟට වැහෙන්නේ. නැත්නම්  කලින් ජිවිතේ මතකය එන්නේ. කොහොමහරි යුන්ෂියාවෝ මාෂල් ආර්ට් වීරයෙක් නෙවෙයි. මිනිහා සමාන්‍ය කෙනෙක්.


බලය නීතිය වෙලා

චීන කතාවල මේ මාෂල් ආර්ටිස්ල වෙන්න වටේ තියෙන චී (මැජික් බලය වගේ කියමුකෝ) භාවනා කරලා එකතුකරගෙන ඇඟ ඇතුල් තියාගන්නවා. ඇඟේ කිව්වට ඉතින් තියෙන්නෙ බඩේ. ඉතින් මේ එකතු කරගන්න බලය වැඩි වෙනකොට මෙයාල ලෙවෙල් අප් වෙනවා. මේ ලෙවෙල් වලට අනුව එයාලගේ සටන් බලයත් වැඩි වෙනවා. ඉතින් ලොකු වුනහම සාමාන්‍ය අය දෙහා මෙයාල බලන්නෙත් නැති ගානක් තියෙන්නේ. ලොකු රෑන්ක් වල ඉන්න අය පොඩි රෑන්ක් වල ඉන්න අයව යටකරන් තමා ඉන්නේ. බලය තියෙනවානම් ඕනේ දෙයක්. මිනිස් අයිතිවාසිකම් වගේ දේවල්  ගැන වගේ  වගක් නෑ. දැන් මේ අපේ වීරයා මේ වගේ තැනක ඉඳන් සටන් බලවතෙක් වෙන කතාව තමයි මේ.


කනට ගහන ආතල් එක

අපේ වීරයා දැනට බලවත් නොවුනත් කලින් ජිවිතේ අත්දැකීම් සහ දැනුම ගොඩක් තියෙන කෙනෙක්. ඒවා ඉතින් එලියට පේන දේවල් නෙවෙයිනේ ඒ නිසා පණ්ඩිත චරිත "මේක වැඩක් නැති එකෙක් මුව තලන්න ඕනේ" කියලා වලි දාගන්නවා. මේකේ වැඩේ තියෙන්නෙ වටේ ඉන්න උන් විස්තර කරන එක මුන් කොච්චර බලවත්ද කාගේ කවුද කිම්ද මන්ද කියලා. එයාලගේ වැඩ වලිනුයි කතාවේ art වලිනුයි පවා අපිට කියන්නේ මුන් හෙන පණ්ඩිත චාටර් පොරවල් මුන්ට කනේ පාරක් දෙන්න ඕනේ වගේ. ඉතින් අපේ වීරයා අරුන්ට බලු වෙන්න ගහනකොට අපිට ආතල්. මෙතන හාස්‍ය රසයක් එක්ක හිතට පොඩි තෘප්තිමත් ගතියක් තියෙනවා


Art නම් මරු ඈ

චිත්‍ර ටික ලස්සනට ඇඳලා තියෙනවා. තාක්ෂනික පැත්තෙන් හොඳටම හොඳයි. හදිසියට බාගෙට ගහල හැම තැනම කොපි පේස්ට් කරලා වගේ තැන් අඩුයි. ඉරියව් වලින් පවා කතාවට එකතුවෙනවා සටන් එහෙම වුනත් හොඳටම පැහැදිලිව ඇඳලා තියෙනවා.ලස්සනම වැඩේ චිත්‍ර වල ස්ටයිල් එක කතාවට ඕනේ විදිහට වෙනස් කරන එක 


කතාවේ තැනක් කවුරු හරි යුන්ෂියාවෝගේ වැඩක් නිසා පුදුම වුනා කියමු දැන් මෙහෙම ඉඳිද්දී ආපහු තවත් පුදුම වෙන්න දෙයක් වුණා කියමු මේකට උඩින්. ආයේ පාරක් පුදුම වෙන්න ගිහාම හාර්ට් ඇටැක් ලෙවල් නේ ඉතින් ඒක පෙන්නන්න වෙලාවකට චිත්‍ර පිකාසෝ ස්ටයිල් එකකට යනවා නැත්නම් බටහිර කොමික් ස්ටයිල් එකකට යනවා ඒවා ලස්සනට ඕනෙවට වඩා දාන්නෙත් නැතුව පාවිච්චි කරනවා හාස්‍ය රසය ගන්න. 


කියවල බලන්න හොඳයි මේක 

ඉතින් මේකේ කතාවෙන් අලුත්ම දෙයක් කරේ නැති වුනත්. කරන ටික හොඳටම කරලා තියෙනවා. ඒ නිසා මාරම රහයි මේක. හාස්‍යජනක කතාවලට, ක්‍රියාදාම කතාවලට එහෙම කැමති අයට හොඳටම අල්ලලා යයි. ඇත්තටම කාලෙකින් සෙට් වුනේ මේ වගේ එකක්.


බත් ගුලි පහෙන් හතර හමාරක් දෙනවා බය නැතුව


🍙🍙🍙🍙



Post a Comment

0Comments
Post a Comment (0)