Return of the Frozen Player

0

 


මේ දවස් වල මම ඔක්කොම වැඩ පැත්තකින් තියලා කියවන web novel එකක් ගැන තමා මේ ලියන්න යන්නේ.මේ කතාවේ පසුබිම ගත්තොත් මේක dungeon fantasy කතාවක්. ඉතින් මේකෙත් ඒවට අදාල පොදු පසුබිමම තමා තියෙන්නේ.


කතාවේ පසුබිම


කෙටියෙන් කිව්වොත් ලෝකය පුරා යක්කු නැත්නම් මොන්ස්ටර්ල ඉන්න විමාන (dungeon)පහල වෙනවා ඉතින් මේවාගෙන් එලියට එන මොන්ස්ටර්ල එක්ක සටන් කරන්න පුළුවන් වෙන්න සමහර මිනිස්සුන්ට හැකියාවන් ලැබෙනවා. එයාලට කියනවා ප්ලේයර්ලල කියලා. මේ හැමදෙයක්ම පාලනය වෙන්නේ ගේම් එකක් වගේ පාලන ක්‍රමයකින් මේ ක්‍රමය ගොඩක් දුර‍ට සාධාරණයි. ඒ කියන්නේ මේ විමාන නිකන්ම ඇරෙන්නේ නෑ ඒවා ඇතුලට ගිහින් එකේ ඉන්න යක්ෂයෝ මැරුවොත් මේවා එලියට ඇරෙන්නේ නැතුව අතුරුදහන් වෙනවා. ඒ වගේම ප්ලේයර්ලට කරන්න බැරි තරම් අමාරු දේවල් දෙන්නෙත් නෑ එයාලට හැකියාවන් වැඩිදියුණු කරගෙන level up වෙන්න අවස්ථාව දෙනවා. මේවා හරියට වෙනවද බලන්න පාලන ක්‍රමය(system) පරිපාලකයෙකුත් පත් කරලා තියෙනවා මනුස්සයෙක්නම් නෙවෙයි හැබයි.


ඉතින් මෙහෙම වෙනකොට මේ ප්ලේයර්ලල අතරින් බලවත් වීරයෝ පස් දෙනෙක් බිහිවෙනව. මෙයාල අනිත් අයට වඩා ගොඩක් බලවත්. මුළු ලෝකයේම බලාපොරොත්තුව වෙන්නේ මේ පස් දෙනා. මෙයාල මේ සටන අන්තිම රාක්ෂයා වෙන හිම රැජින වෙනකම් අරගෙන් යනවා. අන්තිම සටනෙදී මේ පස් දෙනාගෙන් හතර දෙනෙක්ම ජීවිතය පරිත්‍යාග කරනවා එක්කෙනක්ට හිම රැජින පරාද කරන්න අවස්ථාව අරන් දෙන්න ඉතින් මේ අනිතිම වීරයා තමා සිඕ ජන් හෝ එයා මේ අවස්ථාව අරන් හිම රැජිනව පරාද කරල ලෝකය බේරගන්නව හැබැයි මෙයත් අනිත් වීරයෝ වගේම අයිස් කුට්ට්යක්‌ වගේ ගල් වෙනවා හිම රැජිනගේ බලය නිසා.


ඉතින් මේක වෙලා අවුරුදු විසිපහක් ගතවෙනකොට මේ අයිස් වල හිර වුණු වීරයෝ පස් දෙනා කෞතුකාගාරයක ප්‍රදර්ශනට තියලා තියෙනවා. මෙතනදි තමයි අනිතිම වීරයා මේ අයිස් කුට්ටිය කඩාගෙන එලියට එන්නේ. එයාගේ කලින් තිබුන බලය දැන් බින්දුවටම බැහැල හැබැයි එයා මරපු හිම රැජිනගේ බලය එයාට ඇවිල්ල. මෙයාට ආපහු මුල ඉඳන් පටන්ගන්න වෙනවා හැබයි දැන් ලෝකය ගොඩක් වෙනස් බලගතු ප්ලේයර්ල වෙනම කැඩිලා ගිහින් වෙනම සන්සඳ හදාගෙන දුෂ්ට ප්ලේයර්ල දැන් බොහොම බලගතු විදිහට සංවිධානය වෙලා. මෙහෙම වෙද්දී ජන්හෝට දැනගන්න හම්බෙනවා එයාගේ යාලුවෝ මැරිලා නෑ බේරගන්න පුළුවන් කියලා. ඒකට එයාගේ බලය වැඩි කරගන්න වෙනවා. ඉතින් ජන්හෝ තව පරණ හතුරෙක් වුන පුංච් යාලුවෙක් එක්ක ආපහු level up වෙන්න හදන කතාව තමා මේකෙන් කියවෙන්නේ. මම මේ උඩින් උඩින් කියන් ගියේ මෙතන මීට වඩා දේවල් තියෙනවා කියවන කෙනෙක්ට spoil වෙන්නේ නැති වෙන්න කිව්වේ


මේකේ තියෙන ෆන් එක මොකක්ද?


අපි මහන්සිවෙලා දෙයක් ගත්තහම තියෙනවා නේද තෘප්තියක්.ඒ මහන්සියෙන් ගත්ත දේ පාවිච්චි කරකර තව දේවල් ගන්නකොට. මහන්සියෙන් ගොඩනගන දේවල් වලින් තවතවත් උඩට යනකොට තියෙන සතුට වගේ සතුටක් තමා මේ ජාතියේ කතා වල තියෙන්නෙ. මේක හරියට rpg game ගහනවා වගේ.


ඊට අමතරව මේ කතාවේ හාස්‍ය රසයත් තියෙනවා. කතාවේ ඉන්න ප්‍රධාන චරිතයයි එයාගේ කේක් කන්න කැමති පුංච් සගයයි අතරේ තියෙන හාස්‍යජනක දෙබස් එක්ක මේ කතාව ගොඩක් serious පැත්තට යන එකෙන් වැළකෙනවා. එකෙන් තමා මේක ගොඩක්ම ෆන් වෙන්නේ.


ප්‍රධාන චරිතේ ගොඩක් තනියම දේවල් කරත් එයාගේ යාළුවො එයාට ලොකු හයියක් වෙනවා. වැටෙන හැම වෙලාවේම අත දෙන්න කවුරු හරි ඉන්න එකෙන් කතාවට මානුෂිය ගතියක් එනවා


මිත්‍රත්වය හාස්‍ය වගේ දේවල් එකතුවුන නිසා මේ කතාව පරිච්චේද හාරසිය ගානක් වුනත් සැහැල්ලුවෙන් කියවන්න පුළුවන් වුණා


දැන් මේ කතාව අල්ලගන්නේ කොහොමද?


මේ කතාව manhwa (චිත්‍ර කතාවක්) වගේම web novel (අන්තර්ජාලයේ කොටස් වශයෙන් පලවෙන නවකතා) එකක් විදිහටත් කියවන්න පුළුවන් manhwa එකේ නම් දැනට පරිච්චේද 93ක්‌ වගේ පලවෙලා තියෙනවා web novel එකේ නම් පරිච්ඡේද 416ක්‌ දැනට පලවෙලා තියෙනවා. Manhwa එක කියවල ඉතුරුටික දැනගන්න web novel එකට පනින්න ඕනේ නම් web novel එකේ 120 වන පරිච්චේදයෙන් (The Kobold Hunting Competition) පටන්ගන්න පුළුවන් කතා දෙක අතරේ ලොකු වෙනසක් නෑ හැබැයි web novel එකේ විස්තර වැඩි නිසා වඩා හොඳයි කියන්න පුළුවන්. මේක අර පොතයි ෆිල්ම් එකයි අතර තියෙන වෙනස වගේ කතාව එකයි සමහර පොඩි පොඩි දේවල් අතහැරෙනවා එච්චරයි.

ඉතින් මීට වඩා දෙයක් කියන්න යන්නේ නෑ spoil වෙන නිසා. Dungeon manhwa කියවන්න කැමතිනම් කියවල බලන්න මරු කතාවක් 



Post a Comment

0Comments
Post a Comment (0)