Kings Avatar

0


මේක ටිකක් දිග චීන web novel එකක්. මේකේ තේමා වෙන්නේ වෘත්තියෙන් පරිගණක ක්‍රීඩා කරන කණ්ඩායමේ සහ ක්‍රීඩකයෝ. ගොඩක් බලවත් ප්‍රධාන චරිත ඉන්න කතා වලට කැමති අයට අල්ලල යයි මේක


ඉතින් මෙහෙමයි කතාව.


මේ කතාවේ වීරයා බොහොම ප්‍රසිද්ද e-sport ක්‍රීඩකයෙක්. මෙයා සෙල්ලම් කරන ගේම් එකේ නම  Glory. මේක MMORPG, first person ගේම් එකක්. සැබෑ ලෝකේ ගත්තොත් The Elder Scrolls වගේ හැබැයි multiplayer. මේ ක්‍රීඩාව ලංකාවේ ක්‍රිකට් තරම් ජනප්‍රියයි කොච්චර ජනප්‍රියද කියනවා නම් වෙනම ක්‍රීඩාංගන තියෙනවා ලොකු තිර වල සජීවීව බලන්න. ඉතින් එහෙම වෙද්දී මේ කතාවේ වීරයා ක්‍රීඩාවේ මුල ඉඳන්ම හිටපු ජෙෂ්ටතම ක්‍රීඩකයෙක්. ඒවගේම මිනිස්සු  මෙයාට කියන්නේ Grory වල පෙළපොත කියලා ඒ තරම්ම දැනුමක් තියෙන දකෂයෙක්. දෙපාරක් ශුරතාවය දිනාගෙන තියෙන මෙයා සෙල්ලම් කරන්නේ battle god one autumn leaf කියන Golory වල තියෙන බලවත්ම account එකකින්. හැබැයි මේ ක්‍රීඩකය දැන් අවුරුදු 10ක්‌ විතර සෙල්ලම් කරලා විශ්‍රාම යන්න ඔන්න මෙන්න වගේ ඉන්නේ.


හැබැයි මේ ක්‍රීඩකයාගේ පොඩි ගැටළුවක් තියෙනවා. මෙයා මුණ පෙන්නනේ නෑ. වෙළඳ දැන්වීම් වලට ඉන්නේ නෑ ඉතින් මේක මේ කණ්ඩායමේ අයිතිකාරයන්ට ලොකු හිසරදයක්. මොකද ගොඩක් සල්ලි හොයන්න පුළුවන් අවස්ථාවක් එයාලට මගහැරෙනවා. හැබැයි මේ ක්‍රීඩකය ගොඩක් බලවත් නිසා එලවන්නත් බෑ මොකද මෙයා වෙන එකකට ගියොත් ඒ කණ්ඩායම පරද්දන්න අමාරුයි ඒ වගේම මෙයාගේ රසිකයෝ තරහ වෙනවා කණ්ඩායම එක්ක. ඉතින් මෙයාල අවුරුදු ගානක් ඉඳන් යටින් ගේම් දෙනවා එලවන්න  හැබැයි දැන් අලුත් ක්‍රීඩකයෙක් එනවා මෙයාගේ account එක දෙන්න පුළුවන් ඉතින් එක හිම වැටෙන රැයක් අයිතිකාරයෝ අපේ වීරයාගේ account අරන් එයාව පන්නල දානවා. එයාල එහෙම කරන්නේ නීතිමය ක්‍රමයට ඒ වගේම ආයේ අවුරුදු දෙකකට විතර තරඟාවලියට එන්නත් බැරි වෙන්න. මෙයාගේ සගයා සු මුචන්ග් එයා එක්ක අයින් වෙන්න හදද්දී මෙයා එයාව නතර කරනවා. "මට දැන් මහන්සියි මම විවේකයක් අරගෙන එන්නම් කියලා"


ඉතින් ඉන්න හිටින්නවත් තැනක නැතුව සීතලේ ඇවිදගෙන යනකොට අපේ වීරයා දකිනවා ඉන්ටෙර්නෙට් කැෆේ එකක්. ඉතින් එතනිදි එයාට හම්බෙනවා Glory ගහගහ ඉන්න ලස්සන චෙන් ගුවෝ කියලා ගැණුළමයෙක්...මම ඒ කෑල්ල නොකිය ඉන්නම් මොකද ලස්සන වැඩක් වෙනවා එතන. මොකද අපේ වීරයාගේ නමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා එයාගේ ඇත්ත නම යේ ෂු හැබැයි ගේම් එකේදී එයාට කියන්නේ යේ චු කියලා  ඉතින් කොහොමහරි යේ ෂු ට මෙතන ජොබ් එක්ක හම්බෙනවා night shift එක වැඩ කරන්න. කෑම බිම ඉඳුම් හිටුම් එක්ක. ඒක කරනගමන් යේ ෂු Glory මුල ඉඳන්ම ගහන්න පටන්ගන්නව. මෙතැනදී මෙයාට හම්බෙනවා දක්ෂ ක්‍රීඩකයෝ එයාලත් එකතු කරන් ආපහු තරගෙට එන කතාව තමා තියෙන්නෙ.



මොකක්ද මේකේ තියෙන රස?


මේකෙත් ලොකුම රසය තමා යෙ ෂුගේ එයාගේ දැනුම පාවිච්චි කරල එන අබියෝග ජයගන්න එක. Fight එහෙම වුනත් මොනවා වෙයිද කියල හිතන්න බැරි ගානට කුතුහලය අරන් යනව. හාස්‍ය රසයත් තියෙනවා ඒ වගේම fluff 


කොහොමද කියවන්නේ?


මේකේ නම් ඇනිමේ, live action drama, අලුත් manhwa එක වගේම පරණ කළු සුදු manhwa එකත් තියෙනවා light novel එකට අමතරව. ඔය අතරින් හොඳම light novel එක තමා අනික අනිත් කිසිම එකක සම්පුර්ණ කතාව නෑ. ඉතින් මුළු කතාවම දැනගන්න ඕනේ නම් novel එක කියවන්නම වෙනවා  


මම මේක කියෙව්වේ දවසට එක ගානේ මොකද පල වුනේ ඒ විදිහට.  එහෙම අවුරුදු ගානක් කියවන්න උනා සමහර වෙලාවට පරිවර්තනය නොවුන කොටස් වල machine translation (Google translated කරපු එක)එක කියවනවා කුතුහලය වැඩි කමට ඒ තරම් අසාවෙන් කියවන්න පුළුවන් කතාවක් මේක. ඉතින් පුළුවන් නම් කියවල බලන්න හොඳ අත්දැකීමක්‌ ගන්න පුළුවන්.



Post a Comment

0Comments
Post a Comment (0)