කවුද මේ ඔතකුල?

0

ඔතකු කියපුවම මොනවද සාමාන්‍යයෙන් මතක් වෙන්නේ? ටිකක් වැඩිහිටි කෙනෙක්නම් කන දෙයක්ද කියලා අහයි, සාමාන්‍ය තරුණ කෙනෙක්ට නම් අර WhatsApp එකේ cartoon status දාන හෙන cringe යාලුවෙක් මතක් වෙයි. කොහොම වුනත් ලංකාවේ තරුණ පිරිස් අතර ඇනිමේ ජනප්‍රිය වෙන කාලෙක මේ ගැනත් පොඩ්ඩක් ලියන්න හිතුනා.


වචනේ තේරුම   





මලෙලසේකරට අනුව නම් (මං නම් ගූගල් කරලා බැලුවේ) සමාජීය සම්බන්දතා වලට හානිකරගනිමින් ප්‍රසිද්ධ සංස්කෘතියේ යම් දෙයක් කෙරෙහි දැඩි ලෙස ඇබ්බැහිවීම


වගේ තේරුමක්. වගේ කිව්වේ මම පරිවර්තනය කරලා ගත්ත නිසා මුල් එකත් තියෙනවා මෙතනම. මෙහෙම කිව්වම පුළුල් පරාසයක් අහුවෙනවා. එහෙම බලනකොට ගේම් ඔතකු, ඉතිහාස ඔතකු, අර ඔතකු, මේ ඔතකු වගේ වුනත් ගන්න පුළුවන්. හැබැයි මම අද කතාකරන්නේ ඇනිමේ සහ මන්ග සම්බන්දව. මේ ඔක්කොම පටන් ගන්නේ ජපානෙන් 


ජපන් වලින් 御宅(ඔතකු) කිව්වම එන්නේ ඔබේ නිවස වගේ තේරුමක් හැබැයි මෙහෙම එකක් ගැන නෙවෙයි දැන් කතාවෙන්නේ. ඇනිමේ පිස්සන්ට මූලිකව මේ නම වැටෙන්න හේතුවෙන්නේ අකියෝ නකමොරි 1983 ලියපු රචනාවක් නිසා. මේකෙන් කියන්නේ නෑ මීට කලින් ඇනිමේ/මන්ග රසිකයෝ හිටියේ නෑ කියල 70 ගනන් වල ඉඳන් ඇනිමේ ජපානේ ලොකුවටම ජනප්‍රිය වෙමින් තිබිල තියෙනවා. ඒ වුනාට මේ රචනාවෙන් පස්සේ තමා රසිකයෝ මේ නම තමන්ව හඳුන්වාගන්න පාවිච්චි කරන්න ගන්නේ. තව ලියන විදිහෙනුත් වෙනසක් තියෙනවා.  හිරගනා වලින් ඔතකු(おたく) කිව්වම ගොඩක් වැඩිහිටියෝ වල් මන්ග බලන අය කියල කිව්වත් කතකනා වලින් ඔතකු  (オタク) කිව්වම ජපන් රජයෙන් එයාලගේ මෘදු බලය පතුරවන්න ප්‍රවර්ධනය කරන දෙයක් විදිහටලු සමාජය දකින්නේ.    


අපි දන්නවා අපේ රටේ වගේ තමා ජපානෙත් ගොඩක් තද සංස්කෘතියක් තියෙන රටක්. ඉතින් මුල ඉඳන්ම මේ ඔතකුල දෙහා වපර ඇහෙන් තමා බලල තියෙන්නේ. දිලිසෙන දේවල් වලට ගල් ගහනවා කියලා කියමනකුත් තියෙන්නෙ ( "Peoples Throw Rocks At Things That Shine" ). හැබැයි මේ ඔක්කොම පත්තුවෙනවා එක සිද්දියක් නිසා  


ඔතකු මිනීමරුවාගේ සිද්දිය 


Tsutomu Miyazaki කියන්නනේ ජපානේ හිටපු serial killer කෙනෙක්. මෙයා අවුරුදු 4ත් 7ත් අතර ගැහැණු ළමයි හතරදෙනෙක් මරල දුෂණය කරනවා. නෑ මට පැත්ත වැරදුනේ නෑ මරල මිනිය දුෂණය කරනවා. තව මරපු ළමයින්ගේ කෑලි සිහිවටන විදිහට තියාගෙන ළමයින්ගේ දෙමව්පියෝන්ටත් යවල තියෙනවා. දැන් හිතෙනවා නේද මුව මරලත් මදි කියල. බය වෙන්න එපා මේක ලංකාව නෙවෙයි. මෙයාව 1983 ජුලි 23 තව ළමයෙක් නිරුවත් කරලා චායාරුප ගන්න යද්දී අහුවෙනවා. පස්සේ නඩු අහනකොට මෙයා මානසික රෝගියෙක් කියල ඔප්පු වෙනවා ඒ වුනාට මෙයා මේ අපරාධ සිහිබුද්ධියෙන් කරලා තියෙන නිසා 1997දී  මෙයාව මරණ දණ්ඩනයට නියම කරනවා පස්සේ 2008දී මෙයාව එල්ලලා මරනවා. 


අපේ කතාවට මේක අදාල වෙන්නේ මෙයා අත්අඩංගුවට ගන්න වෙලාවේ එයාගේ ගෙදර තිබිල හම්බෙන ඇනිමේ වීඩියෝ පට වගයක් වගේම slasher film වගයක් එක්ක. මාද්‍ය මේක ඔතකුලට සමාජයේ තියෙන තියෙන තරහත් එක්ක එකතුකරලා "ඔතකු මිනීමරුවා" කියල කතාව අරගෙන යනවා. මේ ඇනිමේ බලල මනහ්කල්පිත සහ යතාර්ථය වෙන්කර හඳුනාගන්න බැරි වෙලා කියල තමා කතාව යන්නේ. පස්සේ මේ දේවල් බොරු කියල ඔප්පු වෙනවා. අනික සමහරු කියනවා මෙයාගේ වල්කම උලුප්පා දක්වන්න නිල් චිත්‍රපටි පස්සේ එකතුකරන්න ඇති කියල. ඒ වගේම ඒ අවදියේ තෝකියෝ වල තරුණයෝ ගාව ඇනිමේ මන්ග තිබිම සාමාන්‍ය දෙයක්ලු. මට මේක ගැන කියවද්දී මතක් වුනේ අපේ සේයා දැරියගේ සිද්දිය මතකද අවුරුදු 17ක අහිංසක තරුණයෙක් අල්ලගත්ත ලැප් එකේ නිල් චිත්‍රපටි තින්බුන කියල. අපේ මාද්‍යත් ඒ වෙලාවේ හැසිරුනේ මෙහෙම තමා. 


ඉතින් මේ කළු පැල්ලම ඔතකුල එක්ක සැහෙන කාලයක් තියෙනවා දැනටත් ජපානේ වැඩිහිටි පරම්පරාව ඔතකුල ගැන හොඳ මතයක නෙවෙයිලු ඉන්නේ. කොහොම වුනත්  90 ගනන් වල ඉඳන් මේ තත්වේ ටික ටික වෙනස්වෙන්න ගන්නවා. ඔතකුල කියන්නේ යම්කිසි දෙකට ගොඩක් ලැදි පිරිසක් කියල සමාජ මතය වෙනස්වීගෙන එනවා. මේකට ජපන් රජයෙන් 2005දී පටන් ගත්ත "Cool Japan" ප්ලෑන් එකත් බලපාන්න ඇති. මේක එයාලගේ සංස්කෘතිය ලෝකය පුරා පතුරවන්න ගත්ත උත්සහයක්. කොටින්ම කිව්වොත් එයාලගේ මෘදු බලය පතුරවන්න. ඉතින් මේ වැඩේට මෙයාල යොදාගත්තේ ඇනිමේ මන්ග. සාර්ථකයි එයාලගේ වැඩේ.   



ඉතින් මේ ඔතකුල මොනවද කරන්නේ?


සුහද හමු තියෙනවා 

ඔතකුල ඔන්ලයින් විතරක් නෙවෙයි සැබෑ ලෝකෙදිත් හම්බෙලා කතා කරන්න කැමතියි. ඉතින් ලඟපාත අය එක තැනකට. රෙස්ටුරන්ට් එකකට වගේ එකතුවෙලා. බලපු ඇනිමේ කියවපු මන්ග ගැන කතා වෙනවා. ලංකාවෙත් මේවා තියෙනවා. මම ඇනිමේ බලන්න පටන්ගත්ත කාලේ Facebook සමුහයක් තිබ්බ එයාල හැම මාසෙම හම්බෙනවා. දුර නිසා මමනම් ගියේ නෑ. ෆොටෝ එහෙම දාල තිබ්බ.


ඇනිමේ ප්‍රදර්ශණ කරනවා 

ඔතකුල එකතුවෙලා ජපානේ කොමිකෙට් කියලා ප්‍රදර්ශනයක්‌ තියෙනවා අවුරුද්දට දෙපාරක්. මේක බටහිර කොමික් කොන් වගේ. ඇමරිකාවෙත් තියෙනවා ඇනිමේ එක්ස්පො කියලා එකක්. ලංකාවෙත් නුවර කොළඹ දෙකේම තියෙනවා කොමික් කොන්


ඇනිමේ චරිත වගේ අඳිනවා (කෝස්ප්ලේ)

තමන් කැමති ඇනිමේ චරිත වගේ ඇඳුම් හදාගෙන ඇනිමේ ප්‍රදර්ශණ වගේ ඒවල ඒවා ඇඳගෙන. ඒ චරිත වගේ හැසිරෙමින් සැහෙන ෆන් එකක් ගන්නවා. ලංකාවෙත් මම කලින් කියපු කොමික් කොන් එකේ පින්තුර දාල තිබ්බ මේ වගේ කෝස්ප්ලේ කරපු අය 


රසික නිර්මාණ කරනවා

මේ ඔතකුල තමන් කැමති ඇනිමේ චරිතවල චිත්‍ර, රසික කතා, සින්දු වගේ දේවල් හදල අනිත් අයත් එක්ක බෙදාගන්නවා. මේක ලංකාවෙත් තියෙනවා.


මෙහෙම බලනකොට සාමාන්‍ය රසිකයෝ කරන දේවල් තමා මෙයාලත් කරන්නේ.


සමාජීය සම්බන්දතා වලට හානිකරගනිමින්

මතකද දන්නේ නෑ වචනේ තේරුම ගැන කියනකොට " සමාජීය සම්බන්දතා වලට හානිකරගනිමින්" වගේ කෑල්ලක් කියවුණා. ඒ අලියව අතහැරලා යන්න බෑ අපි ඒ ගැනත් කතාකරමු. 


මේ ගැන ලොකුවට කතාකරල තියෙන පර්යේෂණ වාර්තාවක් කියවන්න හම්බුනා මේ බ්ලොග් පොස්ට් එක ලියන්න කරුණු හොයන ගමන් මම එකේ ලින්ක් එක දාන්නම් බොරුවට බය වෙන්න ඕනේ නෑ මේක තියෙන්නේ ජපානේ ගැන මේක අනිත් රටවල් වලට ලොකු බලපෑමක් නෑ.එකේ හැටියට සමහරු කියවනවා ඔතකුල පෞරුෂය වර්දනය වෙන අවදියේ මේ ඇනිමේ, ගේම්, මන්ග වලට වහවැටිලා මහත් උනන්දුවෙන් ඒවා පස්සේ පන්නගෙන ගිහිල්ල. එන්න එන්නම ගෙදරට හිරවෙලා. රස්සාව කියන්නේ මේ තමන් ආස දේවල් ගන්න සහ ජිවත්වෙන්න තියෙන දෙයක් විතරයි කියල හිතල. මේ දේවල් වලට මානසිකව අනවශ්‍ය වැදගත්කමක් දීල. සමාජ සම්බන්දතා අතහැරලා ඇනිමේ එකේ තියෙන පුංච් පුංචි දේවල් වුනත් මහා හැදෑරීම් විදිහට අරගෙන මනෝ ලෝකෙක හිරවෙලා බඳින වයසේ ඉඳගෙනත් අර ඇනිමේ චරිත වල පුංච් බෝනික්කෝ  මෙසේ උඩ හරි රාක්කේ හරි තියාගෙන මගේ වයිෆු කිය කියා ඉන්නවා කියලා. ඔක්කොම සමාජ සම්බන්දතා ඔන්ලයින් කරලා මනුස්සයෙක් එක්ක හරියට කතාකරගන්න බැරි තැනට වැටෙනවා කියල. සමහරු ඉන්නවා මේ ඇනිමේ වල චරිතයක් කසාද බැඳපු. 


හිකිකොමරිල 


මෙහෙම සමාජෙන් ඈත් වෙලා තනියම ගෙදරට වෙලා තමන්ගේ සනීපාරක්ෂාව අතින් පිරිහිලා . රැකියාවකට එලියට යන්නේ නැතිව ගෙදරින් එලියට බහින්නේ නැතිව. ගෙදරට වෙලා මනෝලෝකයක හිර වුණු මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා ජපානේ එයාලට හිකිකොමරිල කියලා කියනවා. මාද්‍ය වලින් මෙයාලට ලොකු නරක නාමයක් දීල තියෙන නිසා කියන හැම දේම පිළිගන්නත් බෑ.


ජපානේ මෙහෙම වුනත් වෙන කොහෙවත් එහෙම වෙන්නේ නෑ

මේ හිකිකොමරි ප්‍රශ්නේ ජපානේ තියෙන සමාජ ප්‍රශ්නයක්. ඇත්තම කතාව මේකට ඇනිමේ සම්බන්ද නෑ. නිකන් ගූගල් කරලා බලන්න shut in කියලා ඒවාට හේතු එයි. ඔතකුල ගැන මුලින් හදපු නරක නාමය නිසා බැන්නට මේක බොරුවක්. ඇනිමේ මන්ග ජපානේ විතරක් නෙවෙයි ලෝකෙම ජනප්‍රියයි. ඇමරිකාවේ, යුරෝපේ අපේ එහා පැත්තේ තියෙන ඉන්දියාවේ වුනත් ඇනිමේ වලට තැනක් තියෙනවා හැබැයි ඒ එක තැනකවත් මෙහෙම ප්‍රශ්නයක් නෑ. ඒ නිසා බොරුවට බය වෙන්න ඕනේ නෑ.

අනිත් එක තමයි ජපානේ වුනත් ඕතකුලට තැනක් එන්න පටන්ගත්තේ බටහිරෙන් මේ ඇනිමේ මන්ග වඩාගත්තට පස්සේ. එයාල ඔතකුල වුනාට ජිවිතේ අනිත් දේවල් අතහැරලා දැම්මේ නෑ. තමන්ගේ වැඩත් කරගෙන නිවාඩු වෙලාවට පනදාගෙන ඇනිමේ රස විඳිනවා. ඒ නිසා මේක ඔතකුලගේ ප්‍රශනයකට වඩා රටේ ප්‍රශ්නයක් වගේ කියලා තමා හිතෙන්නේ මට නම්. හැබැයි ඕනෑම දේකට ඕනෑවට වඩා ඇබ්බැහිවීම හොඳ නෑ. 


ඉතින්මේ  ඔතකුල කියන්නේ ඇනිමේ මන්ග රසිකයෝන්ට. එයාල ගැන සමාජයේ නරක අදහසක් තිබ්බත්. එයාල සාමාන්‍ය මිනිස්සු. ලංකාවේ වුනත් මෙයාල ඉන්නවා. හැමෝටම අනතර්ජාල සම්බන්දතා හම්බෙනවත් එක්ක දැන් දැන් මේ පිරිස වැඩි වෙනවා. ඉතින් කට්ටිය වැඩිවෙනකොට සමහරු ඉඳියි ලොකු කම් පෙන්නන, ඒවා ගනන් ගන්න එපා ක්‍රිකට් වගේ තමා live chat එකේ මරාගන්නවා ඒ වුනාට අපි ක්‍රිකට් වලට ආදරෙයි. 






Tags

Post a Comment

0Comments
Post a Comment (0)