She No Longer Wields Her Sword

0


මේක අලුතින් පටන්ගත්ත manhwa එකක්. තවම chapter 9යි ඇවිත් තියෙන්නෙ. ඒත් art වගේම කතාවත් හොඳයි වගේ නිසා මේ ගැනත් කියන්න හිතුනා. මේක හරියටම මෙහෙමයි කියන්න බෑ මේකේ තවම පොඩි chapters ප්‍රමාණයක් ඇවිත් තියෙන නිසා ඒ වුනාට බැලූ බැල්මට නැවත ඉපදීම මත පදනම් වෙන ෆැන්ටසි ආදර කතාවක් වෙයි වගේ.

කතාව මෙහෙමයි


කතාව ගත්තොත් මේකේ ප්‍රධාන චරිතේ ලුඩියා සෙන්ට්‍රින් කියලා ගැහැණු ළමයෙක් මෙයා රජ කුමාරයාගේ කැඩුව නැත්නම් පුද්ගලික නයිට් වරිය විදිහට සේවය කරනවා. එයා කුමාරයාට දිවුරුම් දීමක් කරලා තියෙන නිසා එයාගේ මුළු ජීවිතේම කුමාරයා එක්ක බැඳිලා තියෙන්නෙ. කුමාරයයි මෙයයි අතරේ සම්බන්දෙ ගත්තොත් ඒකපාර්ශවික අදරක් තමා තියෙන්නේ. ආදරයක් කියන්නත් බෑ ඒකට

ලුඩියාගේ ළමා කාලයක් එච්චර සුන්දර එකක් නෙවෙයි. එයා කුමාරයාගේ නයිට් වරිය වෙන්න තියෙන නිසා ඒ වෙනුවෙන් විශේෂ පුහුණුවක ලබන්න වෙනවා ඒ වගේම සම්ප්‍රදාය විදිහට මෙයා තනියම ජීවත් වෙන්නේ. ඉතින් මෙහෙම ඉන්න ළමයට කුමාරයා දවසක් ඇවිල්ල පොඩි කරුණාවන්ත රඟපෑමක් දැම්මම අහුවෙනවා. ඒකම හේතුවෙනවා "මට කුමාරය ලඟට වෙලා එයාව ආරක්ෂා කරමින් හිටියනම් ඇති කියලා" හිතන්න. ඉතින් මේ විදිහට කාලය ගතවෙනකොට.රටේ ශාන්තුවරියක් මතුවෙනවා එයා නිසා පල්ලියේ බලය වැඩිවෙනවා ඒකට රජ පවුල එච්චර කැමති නෑ. හැබැයි කුමාරයාව ගාතනය කරන්න ආපු කෙනෙක් අතින් කුමාරයට තුවාල වෙනවා මේ වෙලාවේ කුමාරයව බේරගන්න එන්නේ මේ ශාන්තුවරිය. එකෙන් පස්සේ කුමාරයා මේ ශාන්තුවරිය ගැන කැමැත්තක් ඇති කරගන්නවා. මේ ශාන්තුවරිය ලුඩියාව කරදරයක් විදිහට තමා දකින්නේ එයා ලුඩියාව එලවන්න ගොඩක් දේවල් කරනවා. කුමාරය දුන්න ලේන්සුවක් බලෙන් අරගන්නවා, තේ එක ඇඟේ හලනවා වගේ දේවල්.


කොහොමහරි ශාන්තුවරිය එයාගේ මායා බලෙන් ලුඩියාව රවට්ටලා කුමාරයාට කැඩුව දික්කරන්න වැඩේ සලස්සනවා. මේ වරදට ලුඩියාට මරණ දඬුවම දෙනවා. අන්තිම මොහොතේ ලුඩියා කුමාරයාට කියනවා කුමාරයාගේ කඩුව කියන දිවුරුම හරියට තරුම් ගන්නකම් ආපහු කඩුවක් විදිහට දිවුරුම් ගන්න එපා කියලා.මේකෙන් තරහ ගිය කුමාරයා ලිඩියගේ හිස ගසා දානවා.


ආපහු කතාව පටන්ගන්නේ අවුරුදු කිහිපයකට පස්සේ රෙයින්හර්ඩ් ආදිපාද වරයාගේ දුව එල්ෆ්රෙඩා අනතුරකින් මැරෙනවා. ලීඩියා එල්ෆ්රෙඩාගේ මතකයනුත් එක්ක එයාගේ ඇඟට වැහෙනවා. මේකෙන් ශාන්තුවරියගේ බලය ලිඩියට යනවා වගේ එකක් වෙනවා මේ කෑල්ල නම් හරියටම පැහැදිලි නෑ. කොහොමහරි ශාන්තුවරිය දැන් එල්ෆ්රෙඩා පස්සේ පන්නනවා සැකේට.


ඉතින් ඔහොම තමා කතාව. ආර්ට් අතින් නම් සැහෙන හොඳයි ඒ වගේම කතාව හොඳට ඉදිරිපත් කරලත් තියෙනවා. ලීඩියා ඉස්සරහට මොනවා කරයිද? ආපහු මැරෙන්න වෙයිද? කුමාරයා මොනවා කරයිද? වගේ දේවල් ඉතින් කියවලම තමා දැනගන්න වෙන්නේ. 



Post a Comment

0Comments
Post a Comment (0)