I’ll Be The Matriarch In This Life

0


අද කතාකරන්නේ මගේ ප්‍රියතම manhwa එකක් ගැන. මේක දෙපාරක් කියෙව්වා ඒත් තව පාරක් කියවන්න පුළුවන් ඒ තරම් හොඳයි.

මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි ෆ්ලොරෙන්ටියා එයා කොරියාවේ ඉඳලා කාර් එකක හැප්පිලා මැරිලා ගිහින් ඉපදෙනවා ෆැන්ටසි ලෝකෙක. ෆැන්ටසි කිව්වට හයි ෆැන්ටසි එකක් නෙවයි එල්ෆ්ල මකරු එහෙම නෑ. මේක මැද යුගයේ  යුරෝපය වගේ එකක්. ඉතින් මේකේ ලැම්බාඩී කියලා බොහොම බලවත් පවුලක තමා මෙයා ඉපදෙන්නේ. මේ පවුල කොච්චර බලවත්ද කියනවා නම් රජතුමාටවත් හිස නමන්න ඕනේ නෑ මෙයාලට. හැබැයි ෆ්ලොරෙන්ටියා ඉපදෙන්නේ පවුලේ ප්‍රධානියගේ තුන්වෙනි පුතාගේ එකම දුව හැටියට. හැබැයි ෆ්ලොරෙන්ටියාගේ අම්මා රදල පවුලක කෙනෙක් නෙවෙයි. ඒ නිසා එයාලගේ විවාහය පවුලෙන් පිළිගන්නෙ නෑ. ෆ්ලොරෙන්ටියා පොඩි කාලෙම එයාගේ අම්මා මැරෙනවා. එයාගේ තාත්තා දේශපාලන අතින් බලවත් කෙනෙක්වත් ඒවට තණ්හාවක් තියෙන කෙනක්වත් නෙවෙයි. එයත් ෆ්ලොරෙන්ටියා පොඩි කාලෙම මැරෙනවා. ඉතින්. එයාගේ පවුලේ අනිත් අයගෙන් විශේෂයෙන්ම ලොකු පුතාගේ පවුලේ අයගෙන් කුඩම්මාගේ සැලකිලි තමා ලැබෙන්නේ. ෆ්ලොරෙන්ටියා ගොඩක් පරිපාලනට දක්ෂයි ඒ නිසා එයාගේ සීයට ගොඩක් උදව් වෙනවා එයා. ඒ වුනත් ගැහැණු ළමයෙක් වීම සහ දෙමව්පියොන්ගේ බලය නැති නිසා එයාට මුල් පුටුවට තරඟ කරන්න අවස්ථාව හම්බෙන්නේ නෑ. සීයට වුනත් ෆ්ලොරෙන්ටියාගේ වටිනාකම තේරෙන්නේ පරක්කු වෙලා. ඒ නිසා පවුලේ ප්‍රධානිය වෙන්න සුදුසුම කෙනා වුනත් එයාට කිසි දෙයක් හම්බවෙන්නෙ නෑ. එයාගේ සීයත් මැරුණට පස්සේ එයාගේ නපුරු ඤාති සහෝදරයෝ එයාට ගහල පන්නල දානවා


වැඩි කල් යන්නේ නෑ නපුරු ඤාති සහෝදරයෝ පවුලේ මුළු සේසතම විනාස කරලා දානවා තව එයාල දේශපාලනයෙන් පලවෙනි කුමාරයාට උදව් කරලා. දෙවනි කුමාරයා අතින් මරණ දඬුවමට ලක්වෙලා මුළු පවුලම නැති කරගන්නවා. ෆ්ලොරෙන්ටියා එයාගේ ලැම්බාඩී පවුලේ කඩාවැටීම ගැන දුක් වෙලා හොඳටම බොනවා. බීල පාරේ යනකොට පාරේ අශ්වකරත්තයකට යටවෙලා මැරෙනවා.


ෆ්ලොරෙන්ටියා ආයේ ඇස් ඇරලා බලනකොට එයාට අවුරුදු හතයි. එයා අතීතයට ඇවිත්. මේ පාරත් මෙහෙම මැරිලා බෑ කියලා ෆ්ලොරෙන්ටියා හිතා ගන්නවා මේ පාර මම පවුලේ ප්‍රධානිය වෙලා තාත්තාවයි සීයවයි දෙන්නම බේරාගන්නවා කියලා. ඉතින් පටන්ගන්නවා බල අරගලය පවුල ඇතුලේ. මේ වෙලාවේ දෙවෙනි කුමාරය ඉන්නේ අසරණ වෙලා ඉතින් ෆ්ලොරෙන්ටියා එයාට උදව් කරනවා. ඒ වගේම එයාගේ තාත්තට අවස්ථාවක් අරන් දෙනවා ව්‍යාපාරයකට.


මේකේ මොකක්ද තියෙන ආතල් එක


Art අතින් බැලුවොත් මේක හොඳටම ඇඳලා තියෙනවා චරිත වල ගති ලක්ෂණ රූපෙන් බලල කියන්න පුළුවන් ගානට තියෙනවා ඒක එකක්. අනිත් එක තමයි මේ පොලිටිකල් ඩ්‍රාම කෑල්ල.මේවා බිහිසුණු ගානට යන්නේ නෑ හැබැයි ප්‍රධාන චරිතේ කාලය හරහා ආපු නිසා එයාට ලොකු වාසියක් තියෙනවා වෙන්න යන දේවල් වල. හැබැයි ඒ දේවල් ඒ විදිහටම වෙන්නේ නෑ බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක නිසා. ඒ වුණාට දක්ෂ අය කලින්ම අල්ලගන්න පුළුවන් එයාට. රෝමෑන්ස් පැත්ත බැලුවොත් ෆ්ලොරෙන්ටියාට ඒ ගැන තේරුමක් නෑ ඒකත් එක ආතල් එකක් කියන්න පුළුවන්. තව මම ආසම කරපු දෙයක් තමා ෆ්ලොරෙන්ටියා එයාගේ තාත්තා සහ අනිත් පවුලේ අය එක්ක තියෙන සම්බන්දෙ මේක හරි හොල්සම් හැඟීමක් එන දෙයක් විශේෂයෙන්ම තාත්තාගෙයි දුවගෙයි නැටුමක් තියෙනවා හරි ලස්සනයි ඒක.


ඉතින් හොඳ manhwa එකක්. රෝමෑන්ස්, ඩ්‍රාම එහෙම බලන අයට ගැලපෙයි. 


Post a Comment

0Comments
Post a Comment (0)