The Great Cleric

0

The Great Cleric කියන්නේ මේ දවස්වල යන ඇනිමේ එකක්. මේක ලියන වෙලාව වෙනකොට එපිසෝඩ් අටක් ඇවිත් තියෙනවා. මේක නම් මාරයි අනිවාර්යෙන් බලන්න ඕනේ කියලා නෙවෙයි මම කියන්නේ. කාටහරි අහන්න පුළුවන් එහෙනම් මොකටද මේක ගැන ලියන්නේ කියලා. මේක බලවත් වීරයෙක් ඉන්න ක්‍රියාදාම වලින් පිරිච්ච කතාවක් නෙවෙයි. හිමිට යන ශෝජෝ වගේ පේන ඉසෙකායි කතාවක්. ඉතින් 8ම බලල මදි වගේ කියලා හිතල ගිහින් මන්ග එකත් කියවන්න පටන්ගත්ත 


තවත් එක ඉසෙකායි කතාවක් 

මේ කතාවේ වීරයා ඔෆිස් එකක වැඩ කරකර හිටපු කෙනෙක් දවසක්‌ වැරදිලා වදින වෙඩිල්ලක් නිසා මැරිලා ගිහින් ඉපදෙනවා ෆැන්ටසි ලෝකෙක. ඉතින් මෙයාට සාමාන්‍ය ඉසෙකායි වල වගේම තියෙනවා ගේම් එකක වගේ status window එකක්. එකෙන් මෙයා තෝරාගන්නවා ක්ලෙරික් කෙනෙක් වෙන්න. දන්නේ නැති අයට ක්ලෙරික් කියන්නේ මැජික් බලයෙන් ලෙඩ හොඳ කරන වෙදෙක්. ඉතින් මෙයා එකපාරටම බොහොම බලවත් කෙනෙක් වෙන්නේ නෑ. මෙයාට සිද්දවෙනවා බල්ලෙක් වගේ පුහුණු වෙන්න. පුහුණු වෙන පුහුණුවිල්ලට නම් වනම් පවා වැටෙනවා. එහෙම කලා කියලත් එකපාරටම බලවත් වෙන්නෙත් නෑ. අඩියෙන් අඩිය යන්න තියෙන්නේ.


බැලූ බැල්මට ලුණු මදි වගේ නේද?

ඒක තමයි වැඩේ අපිට මේ වගේ කතා දැන් දැකල දැකලම එපා වෙලා. හැබැයි ඉතින් ඉසෙකායි ට්‍රෑෂ් නේ. පොඩ්ඩක් කියවගෙන ගියා මොකක් හරි ඇති කියලා. දැන් අහන්න එපා ඉතින් තිබ්බද කියලා. ඕවු තිබ්බ හැබැයි හිතන විදිහේ එකක් නෙවෙයි. ලොකු පෙරලියක් හොයන් යද්දී මෙයාගේ පුහුණු වෙන එක. මගදී හම්බෙන කට්ටිය. වීරයත් කෙල්ලෙක් වගේ ඇඳලා තියෙන ශෝජෝ කලා ශෛලිය එක්ක කියවගෙන යනකොට මට මගේ තිබ්බ වැඩ/ප්‍රශ්න අමතක වුණා. මේකේ වීරයා වුනත් දන්නවා එයා බලවත් කෙනෙක් නෙවෙයි කියලා. ඒ වුනාට එයාට කලින් ජිවිතේ වැඩ කරනකොට තිබ්බ අතදකීම් මුලිකව තනියම නෙවෙයි වැඩ කරන්නේ කට්ටිය තව ඉන්නවා, බැරි දෙයක් නම් වෙන කෙනෙක්ගෙන් උදව් ගන්න පුළුවන් වගේ නිකන් කණ්ඩායම් හැඟීමක් එක්ක යන ගතියක් තියෙනවා මේකේ.


ඉතින් ලස්සන චිත්‍ර ශෛලියක්‌ තියෙන හාස්‍යජනක ගතියකුත් තියෙන වැඩිය සීරියස් ගන්නේ නැතිව බලන්න කියවන්න පුළුවන් කතාවක් මේක. කාලයක් මතක හිටින්නේ නැති වෙයි මේක. ගන්න දේකුත් නැතිව ඇති මේකේ. නිකන් පොප් කොර්න් කෑවා වගේ වෙන්න පුළුවන්. මුණේ හැප්පුණු නිසා කියෙව්වා. සතුටුයි, පැනල යන්න පුළුවන් වුණා ටික වෙලාවකට හරි

බත් ගුලි 3ක්‌ දෙනවා 5න්

🍙🍙🍙



Post a Comment

0Comments
Post a Comment (0)