Yona of dawn

0

මේ කියන ඇනිමේ එක බලල කෝ යකෝ ඉතුරු ටික කියලා මට බනින්නත් ඉඩ තියෙනවා 😅 අකත්සුකි නො යෝනා කියන්නේ ඒ වගේ ඇනිමේ එකක්. මේක coming of age action adventure කතාවක්, හොඳ ශෝජෝ romance එකක් වගේම හාස්‍යජනක කොටස්  තියෙන කතවක්. මේ වගේ හොඳ ඒවා නම් ඉතින් කලාතුරකින් තමයි සෙට් වෙන්නේ 


යෝනා කියන්නේ කොවුක රාජධානියේ රජතුමාගේ එකම දුව. හුරතලේට හැදෙන මේ කුමාරිකාව හරි හිතුවක්කාරයි. යෝනගේ තාත්තා සාමකාමී රජකෙනෙක් හැටියට තමයි හඳුන්වාදෙන්නෙ. යෝනටත් එයාගේ මාලිගාවයි තාත්තායි පොඩි කාලේ ඉඳන් යාළුවා සෙන්පති හක් සහ යෝනගේ ක්‍රෂ් එක/ඤාති සහෝදරයා වෙන සු වොන් ඇරෙන්න ලෝකයක් නෑ. කවද්ද සු වොන් එන්නේ කියලා බල බල ඉන්න එක තමා වැඩේ. ඉතින් මේ ඔක්කොම වෙනස් වෙනවා එක රැයකින් සු වොන් රජතුමාව ඝාතනය කරනවා යොනටත් ඒ දේම වෙන්න යනකොට හක් ඇවිත් එයාව බේරගන්නවා. යෝනටයි හක්ටයි මහ රෑම මාලිගාවෙන් පැනල යන්න වෙනකොට රජතුමාගේ ඝාතනයට සු වොන් හක්ව අල්ලනවා.


කිසි දවසක මාලිගාවෙන් එලියට ගියේ නැති කුමාරිකාවට. දැන් අපරාධකාරයෙක් වගේ ජීවත් වෙන්න වෙද්දී. එයාට රාජධානියේ බලය ගන්න පුරාවෘත වල එන මකරු හතර දෙනෙක් එකතු කරගන්න වෙනවා. ඉතින් මෙයාලගේ මේ වික්‍රමාන්විත ගමන තමයි මේ කතාව


යෝනගේ චරිතේ වෙනස් වෙන විදිහ

යොන මුලදී මොනවත් දන්නේ නැති වලාකුළු වල ඔලුව ඔබාගත්ත කුමාරිකාවක්. එයාගේ ක්‍රෂ් එක ඒ දේවල් එක රැයකින් කුඩු කරලා දානවා. ඒ වුනත් එයාට සු වෝන්ට වෛර කරන්න බෑ. නීතියෙන් පැනල ගිය කෙනෙක් විදිහට රාජධානියේ ඇවිදින්න ලැබෙනකොට. රටේ මිනිස්සු දුකෙන් ඉන්න එක ගැන දකිනකොට එයාගේ අත්දැකීම් එක්ක යෝනා වෙනස් වෙනවා. මේ වෙනස්වෙන එක හිමින් වෙන්නේ ඒක කතාවේ චිත්‍ර වලින් පවා පෙන්නනවා. විශේෂයෙන් එක කොටසක් තියෙනවා යොන එයාගේ කොන්ඩේන් කෙනෙක් අල්ලන් ඉන්නකොට කැඩුව අරන් කොන්ඩේ කපල දානවා ඒ වෙලාවේ යෝනගේ ඇස් දෙකෙන් ඒ එන හැඟීම නිකන් ගින්දර වගේ. මොන කෙහෙල්මලක්ද කියලා හිතෙනවාද? බලන්නම ඕනේ ඒක තේරුම් ගන්න. මම ගැහුණු වීරයෝ ඉන්න කතා වලට ආස වෙන්න එක හේතුවක් උනා ඔය සිද්දිය


වෛර කරන්න බැරි හතුරෙක්

source: Akatsuki no Yona, Episode 23 – Mage in a Barrel 

සු වොන් කරපු දේට යෝනට විතරක්ම නෙවෙයි වෛර කරන්න බැරි අපිටත් එහෙමයි. මේ සිද්දියෙන් පස්සේ එයාගේ වැඩ දැක්කම අකමැති වුනත් වෛර කරන්න බැරි තැනකට එනවා. සංකීර්ණ දුෂ්ටයෙක් එයා.


මකරු හතරදෙනා



Source: https://pin.it/5jDQjBq

යොන හොයන් යන මකරු හතරදෙනා. යෝනට උදව් කරනවා වගේම යොන නිසා එයාලට සැහෙන දෙයක් ලැබෙනවා. කතාව ස්පොයිල් වෙන නිසා නොකිය ඉන්නම් එයාල ගැන ඒ වුනාට ඒ හතර දෙනාගේ චරිත මාර විදිහට ලියල තියෙනවා.


හක්ගෙයි යෝනගෙයි සම්බන්දෙ

හක් නම් යෝනට මුල ඉඳන් කැමතියි. පොඩි කාලේ වුනත් වාත චරිතයක් වගේ පෙනුනට යොන ඇතුලෙන් සෑහෙන්න හොඳ චරිතයක්. යෝන සු වෝන්ට කැමති නිසා යෝනට හක්ව පෙන්නේ හොඳම යාළුවා හැටියට. මේක හිමිට පෙරලෙන එක සැහෙන ලස්සනයි. ශෝජෝනේ ආයේ මරුවටම තියෙනවා


මේක කොහොමද බලන්නේ

මේක ඇනිමේ එකක් විදිහට බලන්න පුළුවන්. ඇනිමේ එක සුපිරියටම තියෙනවා හැබැයි එක සීසන් එකයි ඇවිත් තියෙන්නේ ආයේ එන එකකුත් නෑ ඉතින් මුලු කතාවම දැනගන්න ඕනේ නම් මන්ග එක කියවන්න වෙනවා එකත් තාම ඉවර නෑ දැන් අවුරුදු දහයක් විතර ඉඳන් යන්නේ දැනට පරිච්චේද 246ක්‌ ඇවිත් තියෙනවා


මේ මන්ග එකේ සිංහල පරිවර්තනයක්‌ පටන්ගත්ත මමයි යාළුවෙකුයි දැනට අවුරුදු හයකට විතර කලින් කියවන්න කවුරුත් නැති නිසා ඒක මග නතරවුනා. කරපු ටික Bato එකේ දාල තියෙනවා කැමති කෙනෙක්ට බලන්න පුළුවන්.


යෝනා බලල කියවල නැත්නම් බලන්න. මාරම ලස්සන කතාවක්. ලොකු ලොකු නම් කියද්දී මේක ගැන නොකියවෙන එක නම් අපරාධයක්. කතාව, චරිත කාලයක් හිතේ රැඳෙන කතාවක් මේක


බත් ගුලි 5න් 5ම දෙන්න වටිනවා මේකටනම්

 🍙🍙🍙🍙🍙



Post a Comment

0Comments
Post a Comment (0)