My Daughter is the Final Boss

0


මේක ඇවිල්ල හන්ටර් තාත්තා කෙනෙක් දුවෙක් බේරගන්න හදන ඩන්ජන් රිග්‍රෙෂන් කතාවක්. වෙන ඩන්ජන් කතා වගේ තමා මේක හොඳ සටන් එහෙම තියෙන කතාවක්. රිග්‍රෙෂන් කියන්නේ ඉතින් පලවෙනි පාර වැඩේ හාගෙන යන්තම් වාසනාවට අයෙත් පාරක් කරන්න අවස්ථාව හම්බෙන එකට. 


හන්ටර්? ඩන්ජන්? කන්ෆියුස් උංග බුංග 


මන්හ්ව වල විද්‍යාප්‍රබන්ධ කතා ප්‍රභේධයක් තියෙනවා ඩන්ජන් කියලා. ඒවගේ මේ ලෝකේ ඩන්ජන් කියලා යක්කු ඉන්න විමාන පහල වෙනවා ඉතින් ඒ යක්කු පරද්දන්න මිනිස්සු අතරින් පහල වෙනවා හන්ටර්ල කියලා පිරිසක් මෙයාලට ගේම් එකක වගේ තමන්ගේ බලය වැඩිකරගන්න පුළුවන් අර යක්කු එක්ක සටන්කරලා නැත්නම් අර ඩන්ජන් වල තියෙන අභියෝග ජයගෙන. මේ ඔක්කොම පාලනය වෙන්නේ සාධාරණ සිස්ටම් එකකින්. මේ වගේ තව ප්‍රභේධ ගැන මම කලින් පොස්ට් එකක කතාකරා මම ලින්ක් එකක් දාන්නම්.


කැඩිච්ච පවුලක්

මේ කතාවේ වීරයා තමයි ලී සිඕජූන් මෙයා හන්ටර් කෙනෙක්. එයාට ඉන්නවා Eunhye කියලා ලස්සන පෙම්වතියක්. හැබැයි රණ්ඩුවක් නිසා මේ දෙන්න වෙන් වෙනවා. Eunhye පස්සේ දැනගන්නවා එයා ප්‍රෙග්නට් වෙලා කියලා මේ ගැන ලී සිඕජූන්ට කියනවා වෙනුවට Eunhye තීරණය කරනවා තනියම ළමයව හදාගන්න. ඒ කාලේ උගෙ හැටියට උට කිව්වත් වැඩක් නෑ හැබැයි. මේ ළමය තමයි Seol-ah. මේ ළමයා ටිකක් විශේෂ ළමයෙක්, මෙයා සැහෙන බලවත් මන්තර කාරියෙක්. Seol-ah ටික ටික ලොකු වෙනකොට එයාගේ බලය මතුවෙන්න ගන්නවා. Eunhye මේක දැනගෙන ළමයාගේ බලය ලෝකෙන් හංගනවා  එහෙම කරන්නේ Seol-ahව ආරක්ෂා කරගන්න මොකද මේක දැනගත්තොත් Seol-ahට පරීක්ෂණ භාණ්ඩයක් විදිහට කුඩුවක තමා මැරෙන්න වෙන්නේ. හැබැයි දවසක් Seol-ah අතින් වැරදිලා එයාලගේ ගේ ගිණිගන්නවා. ඉන්න තැනක් නැතුව Eunhye එනවා ළමයා එක්ක සිඕජූන් හම්බෙන්න.



සිඕජූන්ට වරදිනවා


Eunhye කාලෙකින් ළමයෙක් එක්ක දොරකඩට ආවම සිඕජූන් මේ මගෙ ළමයෙක් නෙවෙයි කියලා එයාලට බැනල එලවගන්නවා. Eunhye ළමයව බලාගන්න ඕනේ නිසා හන්ටර් කෙනෙක් විදිහට හන්ටර් සමූහයකට බැඳෙනවා. Eunhyeගේ අවාසනාවට මේක හොර රැලක්. ඉතින් Eunhye ට වෙන්නේ ණය ගොඩක හිරවෙලා මැරිලා යන්න. Eunhye මැරුණට පස්සේ Seol-ahගේ භාරකාරත්වය හම්බෙන්නේ සිඕජූන්ට. සිඕජූන්ට එකත් හරියට කරන්න හම්බෙන්නේ නෑ ණය ගොඩක හිරවෙලා වැඩකරන සිඕජූන්ට Seol-ahව හරියට බලාගන්න වෙන්නේ නෑ. Seol-ah බලය ගැන දැනගන්න බලධාරියෝ එයාව පැහැරගෙන ගිහින් හිර කරගෙන පරීක්ෂණ කරනවා. මේකෙන් අන්තිමට වෙන්නේ Seol-ah ලෝකෙටම වෛර කරන නපුරු මන්තර කාරියෙක් වෙන එක



අන්තිමට බලවත් හන්ටර්ල එකතු වෙලා ලෝකේ බේරගන්න කියලා Seol-ahව මරන්න යද්දී Seojoon මැදට පැනල මැරෙනවා. ඉතින් මේ වැරදි හදන්න Seojoon ට අපහු අතීතයට යන්න අවස්ථාවක්‌ හම්බෙනවා system එකෙන්. එයාට තියෙන්නේ Seol-ah ට වෙන ලොකු නරක පහ වලක්වන්න මෙතන ඉඳන් තමා කතාව පටන්ගන්නේ. සිඕජූන් පරණ ජිවිතේ වෙනස් කරදිදී කලින් වුන දේවල් ඒ විදිහටම වෙන්නේ නෑ බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක නිසා අනික සිඕජූන් එකපාරටම බලගතු කෙනෙක් වෙන්නෙත් නෑ අනාගතෙන් අවා කියලා.



සටන් සහ ෆ්ලෆ් එකතුව

මේ කතාවේ ලොකුම ආතල් එක තමා මේකේ තියෙන සටන් සහ ෆ්ලෆ් එකතුව. මේක ඩන්ජන් කතාවක්නේ ඒ වගේම සිඕජූන් එච්චර බලවත් නොවුනත් කලින් ජිවිතේ නිසා අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙක්. එයා ලොකු දේවල් කරනවා ඒ අත්දැකීම් එක්ක ඉතින් සමහර සටන් නුලටම එනවා. ගල් රෝලෙන් තලනවා වගේ නිකන්ම දිනනවා වෙනුවට මෙහෙම තියෙන එකේ මාර ආතල් එකක් තියෙනවා. ඒකත් එක්‌ක Seol-ah ගේ cute වැඩ. Seol-ah එයාගේ අම්මවයි තාත්තාවයි එකතු කරන්න කරන වැඩ පවුලේ කට්ටියගේ ආදරණිය හැසිරීම් වගේ මිශ්‍ර වෙනකොට මාර ගති. Seol-ah විතරක්‌මත් නෙවෙයි තවත් කෙනෙක් හම්බෙනවා එතනත් වෙන ලස්සන වැඩ ටිකක් වෙනවා.


කතාව පිටිපස්සේ තියෙන අභිරහස්

කතාව යද්දී ටිකෙන් ටික දිගහැරෙන අභිරහස් ටිකක් තියෙනවා. සිඕජූන්ට උදව් කරන ගැහැණුළමයා කව්ද. මොන අමාරුවටද එහෙම කරන්නේ. ආයේ කවුද මේ යක්කුන්ගේ රජතුමා. තිරේ පිටිපස්සේ වැඩ කරන අය කවුද වගේ. මේවට උත්තර කතාව යද්දී ටික ටික එළිවෙනවා.


රිග්‍රෙෂන් වුන නිසා හොයාගන්න සුපිරි කණ්ඩායම

සිඕජූන්ට මගදී හම්බෙනවා චරිත ටිකක්. මුලදී එච්චර බලවත් නැති වුනත් මෙයාල ඉස්සරහට සැහෙන බලවත් වෙන අය. සිඕජූන් මෙයාලට උදව් කරනවා එකෙන් මෙයාලව එකතුකරලා පොඩි සෙට් එකක් හදාගන්න පුළුවන් වෙනවා සිඕජූන්ට. මේක නිකන් all-star team එකක් පොඩි කාලේ වගේ මේකට එකතු වෙනවා Eunhyeත්. කලින් පාර Eunhye කලින්ම මරුන නිසා එයාගේ බලය ලෝකෙට දකින්න වෙන්නේ නෑ හැබැයි එයත් බලද්දී මේ ගොඩටම දාන්න පුළුවන් කෙනෙක්. මෙයාලගේ කණ්ඩායමේ සටන් සිඕජූන්ගේ අත්දැකීම් එක්ක ලෙවල් එකක් උඩට එනවා කියන්න පුළුවන්.


මේ මන්හ්ව එක ටිකක් හිමින් තමා එන්නේ ඒ වුනත් සටන් සහ ෆ්ලෆ් දෙකටම කැමති අයට. සුපිරියක් වෙයි. එක හුස්මට බලන්න පුළුවන් තරම් හොඳයි මේක.


Seol-ahයි එයාගේ ගුරයි නිසා බත් ගුලි පහෙන් පහම දෙනවා මේකට. 

 🍙🍙🍙🍙🍙



Post a Comment

0Comments
Post a Comment (0)