.

.

Sep 3, 2023

මහ බැංකු අධිපති වැඩ්ඩෙක්ද?

 


මහ බැංකු අධිපති වැඩ්ඩෙක්ද?

➖➖➖➖➖➖➖➖➖➖⭕


එයා ගත්ත ඔක්කොම තීරණ හරි කියන්නේ නෑ..


නමුත්... IMF එකේ යෝජනා අපිට ගැලපෙන විදියට ක්‍රියාත්මක කිරීමේදී ඔහු ගත් තීරණ හේතුවෙන්... 

උද්ධමනය අඩු වීම වගේම... 

දේශීය ව්‍යාපාරික ප්‍රජාව හා බැංකු පද්දතිය ආරක්ෂා කර ගනිමින්... 

දේශීය ණය ප්‍රසස්තිකරණය තුල ඔහු ගත් තීන්දූ තීරණ.. 

විපක්ෂයේ හාල්පාරුවන් මෙන්ම ළිං මැඩි ආර්ථික උස්තාද්ලාත් කොර වෙන්නම ගත්තු තීරණ..


මෙහිදි ... බය නැතිව රජයේ සේවකයින්ද බදු ගෙවීමට යටත් කිරීමෙන් ආදායම වැඩි කර ගැන්ම මෙන්ම... 

ජනතාවට එතරම් නොදැනෙන ආකාරයට සේවක අර්ථසාධකේ පොලිය ඉතා සුළු ප්‍රමාණයකින් අඩු කිරීම හා.... 

කොටස් වෙළඳපොල මෙන්ම බාන්ඩාගාර හා බැඳුම්කර ව්‍යාපාරයට බලපෑම් එල්ල නොකිරීමත් අගය කළ යුතුමයි. 


මොකෝ මේ රට මෙහෙම හරි දුවන්නේ සේවා ආර්ථිකයකින් නිසා...


▪️ඒකෙන් සල්ලි අච්චු ගහන වැඩේ අඩු වෙලා ගියා. 

▪️ඒ වගේම බංගලාදේශයෙන් ගත් ණයත් ගෙවනවා..

▪️සංචිතවල වැඩි වීමකුත් තියෙනවා...

▪️රාජ්‍ය වියදමෙන්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමේ ප්‍රතිශතය 20% කින් වගේ අඩු වෙලා තියෙනවා...

▪️ඉන්ධන සලාකේ අහෝසි වෙලා තියෙනවා..

▪️උද්ධමනය තනි ඉලක්කමකට ගෙනත් තියෙනවා...


අනික විල්බැරෝවල සල්ලි ගෙනියන්න වෙයි කිව්ව ආර්ථික උස්තාද්ලා හිටපු රටක්.. 

තෙල් ටික බාගන්න සල්ලි නැතිව හාබර් එක වටේ කැරකි කැරලි තිබ්බ නැව් වලට දඩත් එක්කම ගෙවපු රටක්...

උද්ධමනය 75% කින් ඉහළ ගිය රටක්...

මේ තරමින් හෝ ගොඩ ගැන්ම අගය කළ යුතුමයි..


එමෙන්ම කළ වැරදි අවබෝධ කරගෙන මේ තීන්දූ තීරණ ක්‍රියාත්මක කරන්න පුලුවන්... ඊට උපරිම සහාය ලබා දෙන... ආර්ථිකය ගැන යම් හෝ අවබෝධයක් සහිත නායකයකු රටේ සිටීමත් ජනතාවගේ වාසනාවක්.


මොකෝ ... එයාට මෙන්ම මහ බැංකු අධිපතිටත් අභියෝග කරන දේශපාලන නායකයෝ ආර්ථිකය ගැන අබ මල් රේණුවක මොළයක් නැති ළිං මැඩි ගෝත්‍රික හාල්පාරුවෝ නිසා...


උන් ඇවිත් කරයි ලබ්බ...


.

15 comments:

  1. මේ කතාව නම් ඇත්ත මාතේ, ඔය අන්තිමට කියපු කතාව සම්පූර්ණ ඇත්ත තමයි. ඔය කයිය ගහන බූරු පුතාණෝ සහ උගේ හෝතඹු හරක් හැත්ත සහ මාලිමාවේ මෙලෝ වැඩකට නැති කයියනායක ගෝතකරුමටික ගැන කියනවානම් මට කියන්න තියෙන්නෙත්

    "උන් ඇවිත් කොරයි ....වාසුදේව ... ක් " කියන්න තමයි

    ReplyDelete
  2. උද්ධමනය අඩුවෙලා. බඩුමිල වැඩිවෙලා.

    ReplyDelete
    Replies
    1. නොදැනීම තමයි. උද්ධමනය කියන්නේ යම් කාලයක් තුල බඩු මිල වැඩිවීම මනින විදිහක්. උද්ධමනය අඩුවුනා කියන්නේ බඩු මිල තවදුටත් ඉහලයාම අඩු වුනා කියලයි. බඩු මිල අඩුවෙන්න නම් උද්ධමනය රින වෙන්න ඕන. තවදුරටත් සල්ලි අච්චු ගගහ ආර්ථිකය දිව්වනම් දිගටම බඩු වැඩි වෙනවා ඒ කියන්නේ උද්ධමනය අඩු වෙන්නේ නැහැ.

      Delete
  3. නූතන අධ්‍යාපන හා අධ්‍යාත්මික
    ක්‍රමවේද පසෙක ලා,
    විරෝධතා නගමින්,
    ජල, ගෑස් ප්‍රහාර ඉල්ලන් කන පරපුරට
    අභියෝගක් වන,
    මල් වැසි හා ලේ දහඩියෙන් තෙත්ව
    මහ ජාතියේ සමාජ, සංස්කෘතික මෙහෙවර හා උරුමයන් මැනවින් සහ නූතනයට ඇවැසි අයුරින් ඔප් නංවමින් තාල, රංග අනුව හිස්, මස්, ලේ චලනයට වෙර දරමින් වයන, නටන, මෙ බි⁣මහි ජීවනාලිය බඳු දරුවන්ට හාතාරුණ්‍යයයට...
    දළදා සමිදු පිහිට හා ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය !

    (අලුත උපන් තාරුණ්‍යයට මේ කෘත ගුණ අකුරු ඇමිණෙන්නේ, රටකට අභයදානය දුන් සෙන්පති මේජර් ජෙනරල් චාගි ගාල්ලගේගේ පන්හිඳෙනි...)❤

    ReplyDelete
  4. මෙහෙමයි මාතලන්, රටේ විදේශ විනිමය රටින් පන්නන අයගේ ඔය ඔය ලෙඩේ සනීප කරන්න පුළුවන් රැකියා සදහා යන්නන් හැරුනු කොට අනිත් ඔක්කොම අයගේ ලංකාවේ පුරවැසිකම තහනම් කරලා දාන එක. බැසිල් රාජපක්‍ෂගෙන් පටන් අරන් ගේම දුන්නා නම් කවුරුත් විරුද්ධ වෙන එකකුත් නෑනේ

    බැසිල් වගේ ලොකු හොරුන්ගේ පටන් පොඩි හොරු දක්වාම ද්විත්ව පුරවැසිකම වගේම එහේ රෙෆියුජි ඉඳලා වයසට ගියාම විතරක් මවු රටේ පදිංචි සදහා එන එකත් තහනම් කරන්න ඕනෑ . . එතකොට රෙෆියුජි යන හාල්කෑලි වෙනුවට හරියට යන අප ප්‍රමාණය ගොඩක්ම වැඩි කර ගන්න පුළුවන්කම ලැබෙනවා ටික කාලයකින්

    ලංකාවේ ඉන්න අමාරුයි කියලා සරණාගත වීසා ඉල්ලන අයට කරන්න ඕනෑ ඒ අයට ඉන්න බැරුව ලංකාවෙන් යන නිසා නැවත ලංකාවට එන්න ඕන නැති නිසා ඒ පවුලේ ලංකාවේ ඇති දේපළ රාජසන්තක කරන එක. දැඩි නීතිය ක්‍රියාත්මක කලා නම් ඔහොම ඒවා වෙන්නේ නැහැ,

    පිලිපීන්වල නීතිය තියෙනවා නැව් වල වැඩට ගිහින් ඒ වෙන රටකට පැන්නොත් පවුලේ දේපළ රාජසන්තක කරන එක . ඒ හින්දා ඒ මිනිස්සු පනින්නේ නැහැ . ඒකට ලංකාවේ උන් පනිනවා කියලා දැන් අපේ රටෙන් රැකියාවලට ගන්න එක හුගාක්ම නතර කරලා තියෙන්නේ. එවැනි දේවල් හින්දා රට රැකියාවලට සාධාරණ විදියට ඒවාට යන්න බලාන ඉන්න ස්කිල්ස් කොලිෆිකේෂන් තියෙන අපි වගේ බහුතරයක් උන්ට තමයි අසාධාරණයක් වෙන්නේ ඔය මෙලෝ වැඩක් බැරුව බොරු බයිල ගහල රට පැනල ලේබරර් ජොබ් විතරක් කරන්න දන්න දෙකයි පණහේ කාලකණ්නි ටික දෙනෙක් නිසා.

    ReplyDelete
  5. මහ බැංකු අධිපති නන්දලාල් බැංකු නන්දේ ලෝකයේ හොඳම රිසර්ව් බැංකු අධිපතිවරු සෙට් එකට දාල තියෙන්නේ පොර අයි එම් එෆ් එකේ හොඳම කකුලක් නිසා විතරයි ඒත් ඇත්තටම පොර බෝන් ටැලන්ටඩ් බුවෙක් ද නැද්ද කියන කාරණය ගැන කියන කොට ලෝක ක්‍රීඩා ඉතිහාසයේ බෝන් ටැලන්ට් එකක් සහමුලින්ම නාස්ති වෙනවා දැකලා තියෙනව ද මාතා?

    මතකද මාතා 2014 FIFA World Cup එකට නේමාර් එනකොට ඔහුව සැලකුවේ මීළඟ පාපන්දු ලෝකේ රජ්ජුරුවෝ විදිහට. ඔහුට ඒ ටැලන්ට් එක හරියටම පිහිටලා තිබුණා.

    ප්‍රතිවාදීන් අන්ද මන්ද වෙන විදිහට කරන්න පුළුවන් පන්දු පාලනය, ඉලක්කය, පන්දු හුවමාරු කිරීමේ දක්ෂතාවය ඔහුට උපතින්ම පිහිටලා තිබුණේ ඉතාම සාර්ථක විදිහට. ඔහු පාපන්දු ක්‍රීඩාවට ලැබුණ අපූරු නිර්මාණයක්.

    සාමාන්‍යයෙන් දකුණු අමරිකානු කලාපයෙන් පාපන්දු ක්‍රීඩා කරන්න එන දක්ෂයන්ගේ තියෙනවා අමුතුම ෆැෂන් එකක්. ඔවුන්ට ප්‍රතිවාදීන් ව සහමුලින්ම පිටිය මැද පරාජය කරලා දාන්න පුළුවන්. ගෝල වක්කරන්න පුළුවන් විතරක් නෙමෙයි ඒ ගෝල වලට පාර කැපෙන්නෙ ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් ව පහු වෙලා.

    පෙලේ, ගරීන්චා, තියෝෆිලෝ කියුබිලාස්, ඩැනියෙල් පසරෙල්ලා, ජුආන් ඇල්බර්ටෝ ශ්කාෆිනෝ, ජයිර්සින්හෝ, ඩිඩි, රොමාරියෝ, රිවාල්ඩෝ, සොක්‍රටීස්, කාර්ලෝස් ඇල්බර්ටෝ, රොනාල්ඩීනෝ, රොනාල්ඩෝ, දියේගෝ මැරඩෝනා, ලියොනල් මෙසී. මේ දක්ෂ දකුණු අමරිකානු පාපන්දු තරු අතරට ඊළඟට එකතු වෙන්න නියමිත වෙලා තිබුණේ නේමාර්.

    නේමාර් තමන්ගේ හැකියාව ලෝකෙටම පෙන්නුවා. 2014 පාපන්දු ලෝක කුසලානය පුරාවට ඔහු පෙන්වපු දක්ෂතා ඒකට සාක්ෂි දරනවා. ඔහු 2009 ඉඳන් 2013 වෙනකන් බ්‍රසීලයේ සැන්ටෝස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. පේලේ ගෙන් පස්සේ සැන්ටොස් වල ක්‍රීඩා කරපු දක්ෂතම ක්‍රීඩකයා විදිහට නේමාර් ව හඳුන්වන්න පුළුවන්.

    තමන්ගේ ඉරණම හොයාගෙන යුරෝපයට එනකොට ඔහුගේ වයස යන්තම් අවුරුදු 22 ක් වුණා විතරයි. නේමාර් ගේ මීළඟ නවාතැන්පොළ බවට පත් වුණේ ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජය. නේමාර් ට හමුවන දකුණු අමරිකානු සගයන් දෙදෙනත් එක්ක ඔවුන් වාර්තා පොත් අලුතෙන් ලියනවා.

    මෙසී, නේමාර් සහ සුවාරෙස්! MSN විදිහට ප්‍රසිද්ධ වන මේ ත්‍රිත්වය ඉතාම අලංකාරව ක්‍රීඩා කරනවා. 2014/15 තරගවාරයේ දී ම නේමාර් බාසිලෝනා එක්ක Treble හෙවත් කුසලාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කරනවා. ඔහු චැම්පියන්ස් ලීග් තරගාවලියේ බාසිලෝනා ට අවශ්‍ය වූ අවස්ථා කිහිපයකදීම ගෝල ලබා ගැනීමටත් සමත් වුණා. අවසන් තරගයත් එයට ඇතුළත්...

    ReplyDelete
    Replies
    1. බාසිලෝනා සමග ජයග්‍රහණයන් රැල්ලක් ලබා ගත්තත් නේමාර් ගේ පාපන්දු අනාගතය හිතාගන්න බැරි විදිහට වෙනස් වුණා. ඔහු 2017 දී දැවැන්ත මුදලකට බාසිලෝනා හැර යමින් PSG හෙවත් පැරිස් සෙන්ට් ජර්මෙයින් සමගින් එකතු වෙනවා. සමහරෙක් කියන විදිහට ඔහුට මෙසීගේ සෙවනැල්ල වෙලා තවදුරටත් බාසිලෝනා ක්‍රීඩා කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ.

      සමහරෙක් කියන විදිහට ඔහුට අලුත් අභියෝගයක් අවශ්‍ය වුණා. ඒත් නේමාර් එදා පැරිසියෙන් ලැබුණ දැවැන්ත මුදල් කන්දරාවට තමන්ගේ ක්‍රීඩා ජීවිතය දෙවනියට දැම්මා. ඔහුට Glory Days හොයාගෙන යන්න අවශ්‍ය වුණා නම්, බාසිලෝනා ඉන්නකොට තමන්ට තනි චරිතයක් විදිහට කැපී පේන්න බෑ කියලා හිතුනා නම්, පැරිස් කියන්න ඒකට හොඳම තැන නෙමෙයි.

      නේමාර් තමන්ගේ ක්‍රීඩා ජීවිතයට උඩින් මුදල් තෝරගත්තා. එතන ඉඳලා ඔහුගේ ක්‍රීඩා ජීවිතය ධන පැත්තට වඩා ගමන් කළේ සෘණ පැත්තට. පැරිස් සෙන්ට් ජර්මෙයින් සමගින් එකතු වුණාට පස්සේ නේමාර් ට දක්වන්න පුළුවන් වුණ ලොකුම දක්ෂතාවය චැම්පියන්ස් ලීග් අවසන් තරගයක් ක්‍රීඩා කිරීම පමණයි.

      තමන්ගේ අවුරුදු 6 ක පැරිස් ක්‍රීඩා දිවිය අවසන් කරලා සෞදි අරාබියේ අල් හිලාල් කණ්ඩායම සමගින් එකතු වෙන 31 හැවිරිදි නේමාර් තවදුරටත් ලෝකයේ ප්‍රමුඛ පෙලේ පාපන්දු ලීගයක ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් විදිහට නම් දරන්නේ නෑ.

      2014 දි, 2015 දි පාපන්දු ගැන කෙනෙක් ඇහුවොත් කියවෙන නම් තුනක් තිබුණා. ඒ තමයි මෙසී, රොනාල්ඩෝ සහ නේමාර්. හැබැයි නේමාර් ව අර උඩ කියන මෙසී රොනාල්ඩෝ කියන නම් දෙක ළඟින් තියන්න පුළුවන් ද?

      රොනාල්ඩෝ චැම්පියන්ස් ලීග් ශූරතා 5 ක් දිනලා තියෙනවා. මෙසී 4 යි. එතකොට නේමාර් 1 යි. යුරෝපයේ වැඩිම ගෝල ලාභියාට හිමිවෙන යුරෝපීය රන් පාවහන් 6 ක් මෙසී දිනලා තියෙනවා. රොනාල්ඩෝ 4 යි. නේමාර් එකක්වත් දිනලා නෑ.

      වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමිවෙන බැලොන් ඩොර් සම්මාන මෙසී 7 ක් දිනලා තියෙනවා. රොනාල්ඩෝ 5 ක් දිනලා තියෙනවා. නේමාර් ට එකක්වත් නෑ. තමන්ගේ ජාතික කණ්ඩායමත් එක්ක රොනාල්ඩෝ යුරෝ ශූරතාවයක් සහ නේෂන්ස් ලීග් එකක් දිනුවා.

      මෙසී කොපා අමරිකා ශූරතාවයක්, ෆිනාලිස්සිමා ශූරතාවයක් සහ ලෝක කුසලානයක් දිනුවා. නේමාර් ලොකු මේජර් ඉවෙන්ට් එකක් දිනලා නෑ. 2013 දිනපු කන්ෆෙඩරේෂන් කප් එක සහ 2016 ඔලිම්පික් රන් පදක්කම පමණක් ඔහුගේ කුසලාන කැබිනට්ටුවේ තියෙනවා.

      අවුරුදු ගණනාවක් යුරෝපයේ සෙල්ලම් කරත් ඔහුට කිසිම වැදගත් තනි සම්මානයක් දිනා ගන්න බැරි වුණා. තත්ත්වය මේ විදිහට තියෙනකොට ඒ ජෙනරේෂන් එක ඇතුළෙම ලුයිස් සුආරෙස්, චිරෝ ඉමොබිලේ, රොබට් ලෙවන්ඩොස්කි ගෝල්ඩන් බූට් දිනුවා.

      කරීම් බෙන්සෙමා, ලුකා මොඩ්රිච් බැලොන් ඩොර් දිනුවා. ඒත් මේ කිසිම දෙයක් නේමාර් ජයග්‍රහණය කළේ නෑ. තවදුරටත් මෙසී රොනාල්ඩෝ සහ නේමාර් කියලා කියන්න පුළුවන් ද? පාපන්දු ප්‍රේක්ෂකයෙක් විදිහට ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා.

      නේමාර් ට ආයෙමත් බාසිලෝනා එන්න වුවමනා වෙලා තිබුණා. ඒත් බාසිලෝනා ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඔහු බාසිලෝනා හැරගිය විදිහට සහ උසාවි ගිය විදිහට නේමාර් ට තවදුරටත් බාසිලෝනා කැමැත්තක් නෑ. අනික ඉස්සර හිටපු සුපිරි නේමාර් ව දැන් දකින්න ලැබෙන්නේ නෑ. ඔහු Injury Prone එකක් වෙලා ඉන්නේ. නේමාර් ව ලොකු මුදලකට ලබා ගැනීමත් රිස්ක් එකක්.

      මේ ජෙනරේෂන් එකේ බිහිවුණ ලොකුම ටැලන්ට් එකක් කිසිම දෙයක් නැතුව අද රිටායමන්ට් ලීග් එකක සාමාජිකයෙක් වෙලා අවසන්. රොනාල්ඩෝ සහ මෙසී දෙන්නම රිටායමන්ට් ලීග් වලට ගියා. ඔවුන් එතනට යද්දි කරලා ගිය දේවල් වලින් දශමයක් වත් නේමාර් ට කරන්න බැරි වුණා.

      ඔහු තවමත් ලෝකෙ වැඩිම මුදලකට හුවමාරු වුණ පාපන්දු ක්‍රීඩකයා. හැබැයි ඒ මුදලටවත් සාධාරණයක් නේමාර් ගෙන් සිද්ධ වුණේ නෑ. අද ඔහු ගත්ත සමහර තීරණ සම්බන්ධයෙන් ඔහුම පසුතැවෙනවා ඇති. නේමාර් ගේ තාත්තත් මේ තීරණයන්ට සෘජුවම සම්බන්ධයි.

      Delete
    2. මම හිතුවේ 2014දි නේමාර් කියන නම රොනාල්ඩෝ නමටත් වඩා වටින එකක් වේවි කියලා....එදා කොහොමත් නේමාර් නැති වෙන්න අරවගේ චාටර් විදියට සෙමියෙදි පරදින්නෙත් නෑ, ඒ අවාසනාවන්ත සිදුවීම නොවෙන්න 2014 කප් එක උස්සන්නෙම බ්‍රසීලෙ.ඒ තරම් පර්ෆෙක්ට් විදිහට සෙල්ලන් කරේ ඒ ටීම් එක.තනිකරම නේමාර්ගෙ වටේ තමා ටීම් එකත් හැඩගැහුනෙ.තියාගෝ,ඩැනී,ලුයිස්,මාෂෙල්ලෝ එහෙම පට්ටම පර්ෆෝමන්ස් වල හිටියෙ.හෝම් කන්ඩිෂන් එක්ක තනිකර අත උඩ තිබ්බ වර්ල්ඩ් කප් එක නැති උනේ එදා ඒ ඉන්ජරිය නිසා..ඒ වෙද්දිත් මතක විදිහට නේමාර් ගෝල් 5 හෝ 6ක් අරන් තිබ්බෙ.ගෝල්ඩන් බූට් එකටත් යන්න තිබ්බා.මුලු බ්‍රසීල් ටීම් එකට වැටුනෙ එතනින්.සෙමියෙන් අන්ත කෑමක් කෑවේ. මතක විදිහට ජර්මනිය ගැහුවෙ 7-1ක් විදිහට.ඒක නේමර්ගෙ කැරියර් එකේ ටර්නින් පොයින්ට් එක කියලා මං හිතන්නෙ.මෙසී රොනල්ඩෝලගෙන් පස්සෙ ෆුට්බෝල් වල පතාක යෝධයෙක් වෙන්න හිටපු එකෙක්.

      කොහොම වුණත් තවමත් ඔහුට එක් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි 2026 පාපන්දු ලෝක කුසලානය. අඩුම ගානේ තමන්ව ලෝකයක් ඔසවලා තිබුණ තැනට යම් සාධාරණයක් හරි කරන්න පුළුවන් එකම අවස්ථාව විදිහට මේක නම් කරන්න පුළුවන්. එතනින් එහාට යුරෝපයෙන් පිටදී ඔහුට වෙන අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

      සමහරවිට මේක සමස්ථ ක්‍රීඩා ඉතිහාසයේම බෝන් ටැලන්ට් එකක් මේ විදිහට නාස්ති වෙලා ගියපු දැවැන්තම මොහොත විදිහට නම් කරන්නත් පුළුවන් ඇති. මෑත කාලීන පාපන්දුවේ නම් විනයක් නැතිකම, තමන්ගේ ක්‍රීඩා දිවියට උඩින් මුදල් තබා ගැනීම වගේ කාරණා නිසා විනාශ වුණ ලොකුම චරිතය වෙන්නෙ නේමාර්!

      නේමාර් ලොකු කතාවක් කියනවා. ඒ තමයි විනය නැති තැනක ඔබ කෙතරම් දක්ෂයෙක් වුණත් විනාශ වෙන මොහොතක් එනවා කියන එක.

      හැබැයි නේමාර් තාම පරක්කු නෑ. ඉදිරි අවුරුදු වල ඔහු ගන්න තීරණ මත මේ තත්ත්වයෙන් අඩියක් හරි උඩට ගිහින් පාපන්දුවෙන් සමු ගන්නවද නැත්තන් මේ තියෙන තැනෙනුත් පහළට වැටෙනවද කියන එක තීරණය වේවි!

      Delete
  6. Forwarded many times;

    මේ මහා සිදුවීමෙන් නැත්නම් 2022 ජූලි 09 දින වූ සෝ කෝල්ඩ් "මහා" විප්ලවීය මහජන ව්‍යාපාරයකින් ලංකාවේ හිටපු ජනපතිවරයා ඉතිහාසය තුල පළමු වතාවට ධූරයෙන් ඉවත් කිරීමේ සුවිශේෂී සිදුවීමෙන් අවුරුද්දකට පසුව අප නැවත සුපුරුදු පරිදිම ණයට කමින් සිටිමු.... කිසිඳු නව නිශ්පාදනයක්, නව ආර්ථික වෑයමක්, නව මාවතක් ගැන වගේ වගක් නැත.... රටක් පෙරලීමට තරම් විසාල ශක්තියක් තිබුණ බව පෙන්වන ලද මහා අරගලකාරී ජනතාවක් නැවත අද්භූත ජනක ලෙස උදාසීනව ගොස් ඇත....

    දැන් මේ දවසද වසරකට වරක් "සමරන දවසකි"..... හේතුව අපි ආසා ''සැමරීම්'' වලටය.... මේ සුවිශිෂ්ඨ දවස සැමරිය යුත්තේ එදා ඒ දවස යෝජනා කළ ''අරමුණ'' දිනාගැනීමෙනි..... නැතිව අයි.එම්.එෆ් ණයෙන් තුන්වේල කෑමේ ප්‍රීතියෙන් නොවේය.....

    රනිල් වික්‍රමසිංහ යනු 'ජනතාව විසින්' පත්කළ ජනාධිපතිවරයෙක් නොවේය. ඔහු කිසිම ආර්ථික දේශපාලන දර්ශණයක් ඉදිරිපත්කොට එය ක්‍රියාත්මක කිරීමට "ජනතා වරම" ලැබූවෙක් නොවෙයි. සත්‍ය නම් ඔහු එය ඉදිරිපත්කළ හැමවිටකම ජනතාව ඔහු ඉදිරිපත් කළ ආර්ථික දේශපාලනය ප්‍රතික්ෂේප කළ බවය. ඒ 1994 පමණ ඈතක සිට පහුගිය 2019 දක්වාම එහෙමමය.

    ඇත්තෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට 'ලංකාව' නම් සමාගමේ වැඩිම කොටස් හිමි බලය හිමි නේටෝ හවුලේ ආර්ථික අංශය වන IMF නමැති ආයතනය විසින් තමන්ගේ Funds නිවැරදිව කළමණාකරණය වෙනවාදැයි සෙවීමටත් සියලුම ප්‍රධාන අංශ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව නැටවෙන බව සහතික කර ගැනීමටත් පත්කළ ප්‍රධාන විධායක නිළධාරියෙකි (CEO). නැතිව රනිල් ජන+අධිපතිවරයා නොවේය. එහෙම නමුත් ලංකාව ඇතුලත ඔහුගේ පත්වීමේ ක්‍රමය ව්‍යවස්තානුකූලය. අපේ රටේ ජනාධිපතිලාට වඩා ඉන්නේ ඇත්තටම ඔය CEO ලාය. වැඩිම කොටස් හිමියා චීනය වන විට චීනය තම CEO පත්කරණ අතර ව්‍යපාරය පාඩුලබා එය IMF විසින් කොටස් මිළදීගැනීමකින් පසු ඔවුන් තම CEO ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ඇත.

    රනිල් වික්‍රමසිංහ ඊළඟට බොහෝවිට ජනාධිපතිවරණයකට නොයා ජනමතවිචාරණයකට යාමට ඉඩ ඇත. ප්‍රතිවාදියා ලෙස මහින්ද රාජපක්ෂ නැතිනිසාත් වැලේවැල් නැති පොහොට්ටුව රනිල්ට මුක්කුවක් ගැසිය හැකිනිසාත් චන්දයට යාමට ඉඩක් ඇතත් එය සීයට සීයක් ෂුවර් නැත. තවම ජනාතාවගේ යම් තරමක බරක් NPP එක දෙසට ඇති නිසා චන්ත්දයකට යාමේ අවදානම රනිල් ගත්තත් ඉංදියාව ගනීදැයි මට විශ්වාසයක් නැත. ඉන්දීය අධීක්ෂණය සහ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන නූතන 2023 IMF වැඩසටහනේ ​ෆන්ඩ්ස් ආරක්ෂිත බව දැනුන වහාම රනිල්ගේ වැඩකොටස අවසන් වෙයි. එවිට ඉංදියාව රනිල්ට ගෙදර යන්නට යයි දැනුම් දෙනු ඇත.

    නමුත් එයින් පසුව එන නව ඇමරින්දියානු අනුප්‍රප්තිකයා කව්ද...?

    චින පිළ රාජපක්ෂවරුන් දුර්වල වනවිට තම CEO ලෙස තෝරාගෙන ඇත්තේ කව්ද....?

    මේ පිල් දෙකේ CEO කෙනෙක් නොවී සැබෑ ජනාධිපතිවරයෙක්ට බලයට පත්වීම කොයිතරම් අමාරුවෙයිද...?

    එහෙම නොවී ඉන්න දැනටමත් විදේශ අතකොලු බවට පත් වී ඇති බව පැහැදිලිව පෙනෙන අනුරට පාඨලීට හෝ සජිත් ප්‍රේමදාසට හැකිද....? එසේ කිරීමට ඔවුන් කිසිවෙකුට හෝ කොන්දක් තිබේද? යම් හෙයකින් එසේ කිරීමට තැත් කලොත් එවිට ලෝකයෙන් එන ප්‍රතිචාරය කොයිවගේ වෙයිද...?

    දැනටම රටේ හැම තැනම රිංගමින් කෝචිචියෙත්, ඉරිදා පොලේත් යමින් බලය තහවුරු කරගෙන ඇති ජුලීචන්ග් ​නෝනා ඒ වෙනුවෙන් නිකංම ඉඳියිද...? කෝන්ක්‍රීට් විතරක්ම දාන්නට නොව තවත් දිගුකාලීන වුවමනා ඇතිව ඩොලර් බිලියන ගණං අඩු පොළියට කොන්දේසි විරහිතව ණයදුන්න චීනා නිකංම බලා ඉඳියිද? අප මත අයෝමය හස්තයකින් වෙර යොදා මෙහෙයවන භාරතීය ලොකු අයියා කුමක් කරාවිද?

    Con....

    ReplyDelete
    Replies
    1. ....

      මේ නිසාම සැබෑ ජනාධිපතිවරයෙක් නොවන CEO කෙනෙක් කිසිවිටක අළුත් මාවතක් කපන්නේ නැත. ඉහත නම්වලින් CEO කෙනෙක් නොවී ජනාධිපතිවරයෙක් ලෙස ඉදිරියට ඒමේ පෞරුෂය එක් අයකුට හෝ තියෙනවාද....? එහෙම වෙන කෙනෙක්වත් පෙනෙන නොපෙනෙන මානයක සිටීද?

      මේවා මෙහෙම වන අතරේ මහාජනතාවක් පාරට බසින්නට හේතුව වූ ආර්ථික, දේශපාලනික අර්බුදය එක දශමයකින්වත් මේ වනතෙක් විසඳී නැත. ඩොලර් බිලියන ගණන් ණය ණයමය. ඔබට නොපෙණුනාට දිගින් දිගටම අප එම අර්බුදවල පතුලටම කිඳාබසිමින් සිටිමු. දැන් රේටින් අපිට පක්ෂව එන්නේ අපි එයාලාට හිස නමා හේත්තුවූ නිසා පමණය.

      ගෝඨාභය දිනිය යුතුවූයේ මේ මූඩියකින් පැලැස්තර දමා වසාතිබුණ ගඳ බෝතලයේ මූඩිය ඇරීම වෙනුවෙන්ය. ඔහු මූඩිය ඇර රටේ ආර්ථිකයේ සැබෑ ගඳ අපට දැනෙන්ට සැලැස්වූ අතර උඩුගුවනේ උන් ඔබ පාරට පැන්නේ ඒ ගඳ දැනීම නිසාය. අවුරුදු පණහක් පාලක පංතිය වැඩකරන්නේ මේ ගඳ ඔබට නොදැනී වසා තැබීමටය.....

      නැවතත් අළුත් වටයකින් රනිල් වික්‍රමසිංහ මේ උත්සාහ කරමින් සිටින්නේ කෙසේහෝ 'ඔබට ගඳ නොදැනෙන ලෙස' ඒ පල්වුණ බෝතලයේ මූඩිය ආපහු වැසීමටය.

      'ජන අරගලයෙන්ව' වසරකට පසු ඔබට අවශ්‍ය මූඩිය වසා තව තවත් මේ සමස්ත ආර්ථික සමාජීය යාන්ත්‍රණය පල්කිරීමටදැයි ඔබේ සැමරීම්වලට පෙර විනාඩියක් හිතාබලන්න....

      ඔතැන තිතක්ව මමද හිටියෙමි. නමුත් මම තවම ඒ ගැන ආඩම්බර නැත. මම ආඩම්බර වන්නේ ඒ 'අළුත් රටක්' නැමති අරමුණු ඉටුවූ දවසටය. නැතිනම් අඩුම ඒ දෙසට පාරක් කපන්නට පටන්ගත් විටය.....

      දැනට මේ තියෙන්නේ තිබ්බ දුර්වල, බංකොලොත් රටම තිබ්බාටත් වඩා දුර්වලව සහ බංකොලොත්වය.....

      -ලකා.

      https://m.facebook.com/story.php?story_fbid=pfbid02bhi6gMUxz5Hk1bXvLnRKw8UgjUH5dJ7mEbUTfofnQbnCZG5aCKT3rMQT1vAJxpv2l&id=100015896891927&mibextid=Nif5oz

      Delete
  7. යකූ තලං ටිකකලකට පෙර මමත් මවුරටේ වැඩකරපු කෙනෙක් විදියට කැම්පස් අවුට් වෙලා ලංකාවේදී රජයට අනුබද්ධිත ආයතනයක වැඩ කළේ.. ඒකෙදී මම අත්දැකීමෙන්ම තේරුම්ගත් දේ තමයි ඇත්තටම සමහර මිනුස්සුන්ගේ වැඩ දැක්කම මට රජයේ කියලා කියන්නත් ලැජ්ජ හිතුනු වෙලාවල් තිබුණා. සම"හරක්" plan එක බලන techical officer ගෙන් අදින්නේ නැතුව වෙන එකෙක්ට කියලා ඇන්දොත් plan එකට අනුමැතිය ගන්න බැරි කරන කාලකන්නි අනන්තවත් මම දැකලා තියෙනවා.හැමොම නෙමෙයි එත් බහුතරයක් එහෙමයි.අත්සන ගහන්න ඕන උනාම පැන නොදිපු වුන් දැකලා තියෙනවා.එහෙම වුන් එක්ක ඔය වගේ සංකිරණ දෙයක් කොහොමත් කරන්න ලෙසි නැති බව කියන්න ඕනේ, ඒ වගේම පිට රටක ඉන්න කෙනෙක්ට ලංකාවට email එවන්ඩ පුලුවන්ද අහපු එවුන් ඉන්න office තියන්ව බන්, ඒ උනාට උන් මෛග්රේට් කරලා ඇමරිකාව ඕස්ට්‍රේලියා ඉතාලි කැනඩා වගේ රටවල් වල පදිංචි වෙන්න බලාපොරොත්තු වෙන්නෙ, හිනා යනවා නේද? ලංකාව දියුණු කරන්න බැරි දේසපාලුවෝ ටික දෙනා හින්දම විතරක්ම නෙවෙයි කියලා මුන්ට තේරෙන්නේත් නෑ..

    ReplyDelete
  8. මාතේ නඩුකාර ජජ් උන්නාන්සෙ කෙනෙක් පාරක එද්දී පාරේ යන මිනිස්සු කානුවට බහින්න ඕන කියලා
    නීතියක් තියෙනවා ද?

    ReplyDelete
  9. මාත මචෝ ලංකාවේ රාජ්‍ය පාලනය තුල දේශපාලනය ගැන වගේම රාජ්‍ය කළමනාකරණ (නිලධාරීන්) ක්ෂේත්‍ර වල තියෙන ඔය කුසලතා සහිත දක්ෂ පුද්ගලයන්ගේ හිඟකම කියන ප්‍රශ්නය වෙනත් බොහෝ ක්ෂේත්‍ර වලත් අඩු වැඩි වශයෙන් දකින්න ලැබෙන දෙයක්

    මේ මාතෘකාව හොඳ සාකච්ඡාකව සුදුසු මාතෘකාවක්, උදාහරණ විදිහට මම දන්න ලංකාවේ ඉද්දී කටයුතු කරපු සිනමා නිර්මාණ ක්ෂේත්‍රය තුල වුණත් ඕනතරම් විවේචනය කරන්න විචාරකයන් වගේම ප්‍රේක්ෂක පිරිස හිටියත් හොඳම නිර්මාණ කරන්න පුළුවන් දක්ෂ අය ඉතාමත්ම සීමිතයි, ලංකාවේ මිනිස්සු හොයන්නේ දකුණු ඉන්දියානු සහ ඉංග්‍රීසි ටයිප් එකේ නැගල යන ගැම්මට තියෙන ෆිල්ම්. ලංකාවේ මිනිස්සු සෑහෙන විදෙස් ෆිල්ම් බලනවා. නමුත් ලක්සිනමාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරු වන ලොකුම ෆිල්ම් හදන උං ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් තත්ත්වයක ෆිල්ම් බලන්නේ නෑ. බැලුවත් ඒවයින් හරියට ඉගෙන ගන්නෙත් නෑ නැත්තං මීට වඩා උසස් තත්වයේ නිර්මාණ බිහිවිය යුතුයි

    තරුණ අධ්‍යක්‍ෂවරුන්ටත් එහෙම ඒව හදන්න නම් කෝටි 10 කට වඩා වියදම් කරන්න ඕනේ ලංකාව තුල දී. ඉතින් අලුත් අධ්‍යක්ෂක වරුන් බයයි අවදානමක් ගන්න. ඒකට හේතු ගොඩක් තියෙනවා. අධික වියදමක් දරලා හදපු ෆිල්ම් ගොඩක් ලංකාව තුල flop වෙලා තියෙනවා.

    උදාහරණ

    1. මාතා.

    ශ්‍රී ලංකාවේ හොදම යුදමය චිත්‍රපටය මේක, අලිමංකඩ වගේ ඒවත් හොඳයි ඒත් මේකෙ 2012දී ආපු ෆිල්ම් එකක් උනත් මාතා 2023 ගහපු ෆිල්ම් එකක් වගේම කොලිටියට තවම තියෙනවා. ඒ කාලේ හැටියට ලංකාවේ තිබුණු හොදම තාක්ෂණයක් යොදාගෙන හදලා තිබ්බේ. අධික වියදමක් දරල හදපු මේ ෆිල්ම් එක flop උනේ ඇයි කියලා මට නම් හිතා ගන්න බෑ. හැබැයි ඒ ෆිල්ම් එක එක්ක රිලීස් කරපු සරල කතාවක් වුණ කුස පබා එකල වැඩිම ආදායම් වාර්තාව තිබ්බා. කුස පබා industry hit එකක් වෙද්දි ඊට වඩා වියදම් කරලා හදපු මාතා flop.

    2. සිරි දළදගමනය.

    රුපියල් මිලියන 600 ක් වියදම් කරලා හදපු ෆිල්ම් එකට ගන්න පුළුවන් උනේ කෝටි 25 ක් විතරයි. ඒත් ලංකාවේ සෑහෙන්න ජනප්‍රිය උණු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක flop උණු එකෙන් පේනවා ලංකාවේ අඩු ජනගහනය එක්ක කෝටි 20 ,25 අතර තමයි උපරිමය හොයන්න පුළුවන් කියලා.

    3. සුපර් 6

    පිරිවැය අධික ෆිල්ම් එකක් උනත් flop ෆිල්ම් එකක්. මේක නම් flop උනේ මේක හදපු උන්ගේ වරදින්. මෙලොව රහක් නැති ෆිල්ම් එකක්...

    4. මැතිව්

    ෆිල්ම් එක හොඳ උනත් flop.

    5. ගාඩි

    සමහරක් විට මේක flop වෙන්න ගජ මෑන් බලපෑවා ඇති.

    6. ආලොකෝ උදපාදි

    අඩුපාඩු තිබුණත් ලංකාවේ වඩාත් ලස්සනට නිර්මාණය කරපු ඉතිහාස සිනමා නිර්මාණය මේක කියලා කියන්න පුළුවන්. තව කෙනෙක්ට කියන්න පුළුවන් අබා හෝ මහරජ ගැමුණු මේකට වඩා හොදයි කියලා. ඒ කතාව වරදක් නෑ. මොකද මහා රජ ගැමුණු සහ අබා කියන්නේ ආදායම් වාර්තා තියපු ෆිල්ම්. එකෙන් අබා කියන්නේ industry hit එකක්. මහ රජ ගැමුණු blockbuster ෆිල්ම් එකක්. ආලෝකෝ උදපාදි flop ෆිල්ම් එකක් නොවුනත් බලාපොරොත්තු උණු තරම් සාර්ථක උනේ නෑ කියන්න පුළුවන් ඒක. ෆිල්ම් එක රේට් කරොත් semi hit කියලා කියන්න පුළුවන්. කෝටි 12 ක් වගේ අධික වියදමක් දරලා හදපු ෆිල්ම් එක උපයලා තිබ්බේ කෝටි 18 ක්. සාමාන්‍යයෙන් මං හිතුවේ මේ ෆිල්ම් එක ආදායම් වාර්තා තියයි කියලා. ඒත් පිරිවැය අධික නිසා එක්දින වාර්තා සති වාර්තා තිබ්බත් අවසානය උනේ කෝටි 18 කින්.

    තව ෆිල්ම් තියෙනවා. ලොකු ගානක් වියදම් කරලා flop උණු.

    ඒත් ආදායම් වාර්තා ගද්දී..

    ගජමෑන් 60 cr(mega hit)
    ධර්ම යුද්ධය 54 cr ( industry hit)
    සිරි පැරකුම් 32 cr(industry hit)
    මහින්දාගමනය 25 cr (flop)
    කුස පබා 24 cr(blockbuster)
    අඹා 21 cr (industry hit)
    මහ රජ ගැමුණු 19 cr(super hit)
    ආලෝකෝ උදපාදි 18 cr(semi hit)
    ප්‍රවේගය 15cr(industry hit)
    කදිර දිව්‍ය රාජ 12cr*( super hit)*
    වන් ශෝට් වන් 11 cr (mega hit)
    යශෝධරා 10 cr (hit)
    මායා 8 cr (hit)
    රන්ජා 6 cr (blockbuster)
    The ගේම් 5 cr (hit)

    ඉතින් වියදම් කරලා හදනවා නම් බොහෝ විට සාර්ථක වෙනවා. සිනමාවේ ජනප්‍රියම තරු වන නලුනිලියන් එක්ක කරන ෆිල්ම් ලේසියෙන් flop වෙන්නේ නෑ. රන්ජන්ගේ ෆිල්ම් වලින් flop එක ෆිල්ම් එකයි. හේමාල් ගේ දෙකයි.උද්දික ගේ එකක් වත් flop නෑ. ඉතින් නළුවන් තෝරා ගැනීම බලපානවා ෆිල්ම් දුවන්න.

    ලංකාවේ නම් කෝටි ගණන් වලින් ආදායම් හොයන්න අමාරුයි. ලක්ෂ 25 ක් විතර ෆිල්ම් එකකට වියදම් කරනවා කියන්නේ ඒකත් ලොකු ගානක්. ලක්ෂ 25 ක් 35 ක් වියදම් කරලා ලක්ෂ 60 ක් 70 වගේ ආදායම් බලාපොරොත්තු වෙන හර්ෂ උඩකන්ද වගේ පතෝල අධයක්ෂකලා නිසා ඉතින් කෝටි ගණන් ආදායම් එන්නෙත් නෑ.

    මෙතන සදහන් කරන්න බැරි උණු ෆිල්ම් ගොඩක් තියෙනවා කෝටි වලින් ආදායම් ගත්තු. මේ ෆිල්ම් වල දත්ත පත්තර වලින්, අන්තර්ජාලයෙන්, නිව්ස් වලින්, ගත්තු ඒව. ඒක නිසා සුළු වෙනසක් වෙන්න පුළුවන් ආදායම් වාර්තා වල.

    මේක තමයි දේශපාලනය ගැනත් ලියන්න තියෙන්නේ ඒත් මගේ ළඟ ඒකට අවශ්‍ය දත්ත facts & figures නෑ, ඒ නිසාම වැඩේ කරන්න වෙන්නේ මාතාටම තමයි මාතේ

    ReplyDelete
    Replies
    1. කරනකොට යමක් දැක්මක් තිබිය යුතු
      එසේමයි අවංකව එය කෙරිය යුතු
      උඳු වපුරනවා නං හෙම ඔබ දිනෙක මතු
      තල නොලැබෙන විත්තිය දැන සිටිය යුතු

      Delete
    2. @ Ano & පංච තන්ත්‍රය

      ජීවිතය කියලා කියන්නේ මොනවා හරි කරලා සල්ලි හොයන එකම නෙවෙයි, මොකද සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියෙනවා බොරැල්ලෙ හිගන්නොත් දවසට පන්දාහකට වඩා හොයනවා, දැනඋගත්කම සහ පෞරුෂය වගේ දේවල් සල්ලි වලටම ගන්න බැ ,හොදම දේ හොදට ඉගෙන ගන්න එක, අධ්‍යාපනය, විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපනය සහ කුසලතා පිරිපුන් වෘත්තීය පුහුණුවක් තමයි ලංකාවේ වගේ රටක ගොඩයන්න ලේසිම දේ ඒක,බැරිම උනොත් අනිත් option වලට යන්න, ලංකාවේ අය ගොඩක් කරන්නෙම මොනවයින් හරි සල්ලි හොයන්න පටන් ගන්න එක, මමත් ලංකාවේදී ජීවිතය පටන් ගත්තේ එහෙම නමුත් පරිණත වුණාම තේරුණ දේ

      1. ස්ටීව් ජොබ්ස් සහ බිල් ගේට්ස් කැම්පස් සිලෙක්ට් උනා. ඉලෝන් මස්ක් ඩබල් ඩිග්රි කාරයෙක්. ජොබ්ස් සහ බිල් ගේට්ස් ඒගොල්ලන්ගේ මනස උත්තේජනය වෙන්නේ නැතිනිසා තමයි කැම්පස් ඩ්‍රොප් අවුට් වුනේ. ඒගොල්ලන්ගෙම කම්පැනි එකක් කරන්න.

      2. ඒගොල්ලෝ exception to the rule. නව ව්‍යවසයකයන්ගෙන් 97% අසාර්ථක වෙනවා. 0.01% ප්‍රමාණයක් අති සාර්ථක වෙනවා. ඉතාමත් අතලොස්සක් ලබාගන්න දෙය සාමාන්‍ය සුලබ දෙයක් නෙමෙයි

      3. ව්‍යයවසයකයන් ඇතිකරන්න බැහැ ඉපදෙන්න ඕනා. මොකෝ මේක ඉස්කෝලේ උගන්නන පුළුවන් දෙයක් නෙමෙයි. එකට තියන පෞරුෂත්ව ලක්ෂණ ( consicentiousness සහ openness )ඉතාමත් ඉහල මට්ටමකින් තියෙන්න ඕනා. එකියන්නේ අලුත් අදහස් එනවා වගේම, ඒවා ක්‍රියාත්මක කරන්න සතියට පැය 100ක් වැඩකරන්න නිසග ලෙස ඇගෙන්ම එන්න ඕනා දෙයක්.

      4. මෙම දේවල් වයවසයකත්වය අපි දකින දේවල්. ලංකාවේ විතරක් නෙමෙයි ඕනෑම රටක. ඒවා මානව ලක්ෂණ.
      5. සතියට පැය 100ක් වැඩකරන්න අවුරුදු 25ක් එකම වැඩකට කැපකරන්න තියන කැපවීම හැමෝටම නැහැ. අපි ගොඩක් ය පවුල එක්ක යාලුවෝ එක්ක සතුටින් ජීවිතය ගත කරන්න කැමතියි. එකේ වැරද්දක් නැහැ.

      6. එක නිසා මොනවහරි අවුරුදු 20-22 වෙනකන් (මොලය පරිනත වෙන වයස) මොනවහරි දෙයක් ඉගෙන ගෙන, හිතන්න ඉගෙනගන්න නැතිනම් ස්කිල් එකක් හරි පුරුදු වෙන්න ඕන, මේක තමයි තරුණ ළමයින්ට කියන්න තියෙන දේ, මේ මගේ මතය

      දේශපාලන සහ පරිපාලන අංශ වලටත් මේක ගලපලා ගන්න පුළුවන්, රජය ව්‍යාපාර කරන එක ගැන මේ විදියට හිතල බලන්න එතකොට ප්‍රධාන ප්‍රශ්නය තේරුම් ගන්න පුළුවන් වෙයි

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න