ඇස් ලස්සනයි හැමෝම කියනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 21, 2023

ඇස් ලස්සනයි හැමෝම කියනවා

ස්වර්ණවාහිනී නාලිකාවේ ‘හදවතේ කතාව’ ටෙලි නාට්‍යයෙන් රසික හදවත් දිනූ යොවුන් රංගන ශිල්පිණියක වන්නේ ත්‍රිෂලා නතාෂි ය. 
ත්‍රිෂලාට තියෙන්නේ ආඩම්බර පෙනුමක් නේද?
සමහර අයට එහෙම හිතෙනවා ඇති. ඒත්, මට තියෙන්නේ දඟකාර අහිසංක පෙනුමක්. චුට්ටක් විතර ආඩම්බර ගතියකුත් ඒ පෙනුම තුළ තියෙනවා. ඒත්, මට හිතෙන විදිහට මම ගොඩක් අහිසංක සරළ විදිහට ජීවිතේ ගෙවන්න කැමති කෙනෙක් කියලා. 

පාසල් කාලේ ඔබේ දක්ෂතා මොනවද?
නර්තනයට තමයි දක්ෂ. පාසලේ තිබුණ හැම කලා කටයුත්තකටම වගේ මම නර්තනය පැත්තෙන් දායක වෙලා තියෙනවා. තව මම පෙරදිග තුර්ය වාදක කණ්ඩායමේ සාමාජිකාවක විදිහටත් පාසල් යන කාලේ කටයුතු කළා. ගොඩක්ම ඉතින් අධ්‍යාපනය පැත්තට තමයි පාසල් කාලේ මම වැඩිපුරම නැඹුරු වෙලා හිටියේ. 
ක්‍රීඩාව පැත්තට යොමු වුණේ නැද්ද?
කැමැත්තක් තිබුණා. නමුත්, මම ක්‍රීඩාව පැත්තට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි මම ක්‍රීඩාවක් විදිහට බැඩ්මින්ටන් වලට ගොඩක් ආසයි. මගේ නංගිලාත් ආසයි බැඩ්මින්ටන් වලට. ඉතින් ඒ අය සෙල්ලම් කරන වෙලාවට මාවත් ඒ වැඩේට සම්බන්ධ කරගන්නවා. ක්‍රීඩාවක් විදිහට ඉතිං කරන්න ආස මම බැඩ්මින්ටන් ක්‍රීඩා කරන එක තමා. 

විලාසිතාවලට නම් ලොකු කැමැත්තක් දක්වනවා නේද?
ඇත්ත. මට ඉන්නෙත් නංගිලා දෙන්නෙක් නේ. ඒ අයත් එක්ක හැම වෙලාවේම අලුත් අලුත් විලාසිතා අධ්‍යයනය කරලා බලනවා. හැබැයි රැල්ලට විලාසිතා නම් කරන්නේ නැහැ. ගොඩක්ම මට ගැළපෙන ඒවා තමා කරන්නේ. ගොඩක් අය විලාසිතා විඳිහට කරන්නේ ඇඳුම් නේ. මම එහෙම නැහැ. කොන්ඩේ ඉඳලා නියපොතු වෙනකම් මම විලාසිතා කරනවා. 
ඔබට ගැළපෙන ඇඳුම මොකක්ද?
ඕනෑ ඇඳුමක් මට තියෙන ඇඟට ගැළපෙනවා. නමුත්, මම ගොඩක් වෙලාවට අඳින්න කැමති ගවුම්. ඒවා දිග ද කොටට කියන ඒක මට ගැටළුවක් නැහැ. මගේ ඇඟට ගැළපෙනවා නම් මම ඒ ඇඳුම අඳිනවා. ගොඩක් මගේ නංගිලා, මගේ යාළුවෝ කියන්නෙත් මට ගැළපෙන්නේ ගවුම් විලාසිතා කියලා. 

ත්‍රිෂලාට රසට උයන්න පුළුවන්ද?
ඔව්, හැබැයි ඒකට අවස්ථාව තමා නැත්තේ. අම්මා තමා අපේ කෑම ඔක්කොම හදන්නේ. මමත් නංගිලාත් ගොඩක් වෙලාවට කරන්නේ අම්මාට කෑම හදන්න උදව් කරන එක තමා. රසට උයන්න පුළුවන්. මොකද, මම රසට උයපු අවස්ථා තියෙනවා. ගෙදර අයත් දන්නවා මට රසට උයන්න පුළුවන් කියලා. 
විවේකයෙන් ඉන්න කරන්නේ මොනවද?
ගොඩක් වෙලාවට නංගිලත් එක්ක ඇවිදින්න යනවා. චිත්‍රපට බලන්න. ඇඳුම් ගන්න යනවා. ගෙදර ඉන්නවා නම් චිත්‍රපට බලනවා. ටෙලි නාට්‍යය බලනවා. හැබැයි එහෙම අවස්ථා නම් ගොඩක් අඩුයි. මොකද නංගිලා දෙන්නා ඉතින් නිතරම වගේ මාව ඇවිදින්න එක්කගෙන යන්න තමයි. 

සිත්ගත් චිත්‍රපට මොනවද?
ඇත්තටම විවේකයක් ලැබුණ වෙලාවට මම කරන දෙයක් තමයි චිත්‍රපට නරඹන ඒක. හින්දි, දෙමළ, ඉංග්‍රීසි කියලා විශේෂයක් නැහැ කතාව ලස්සන නම් මම කැමති නළු නිළියෝ රඟපානවා නම් මේ ඕනැ චිත්‍රපටයක් මම නරඹනවා. මෑතකදි මම නරඹපු Behind Her Eyes කතාමාලාව මගේ සිත්ගත් නිර්මාණයක්. 

කලා ශිල්පිණියක් වුණාම විවිධ ප්‍රතිචාර ලැබෙනවා නේද?
ඔව්, මිනිස්සු ආදරය කරන කෙනෙක් වෙන්න ලැබුණ එක වාසනාවක් විදිහට මම දකිනවා. ඒක වෙනම අත්දැකිමක්. විශේෂයෙන්ම කලාව පැත්තෙන්. සාමාන්‍ය මනුස්සයෙක් විදිහට අපි පාර තොටේ ඇවිද්දට මිනිස්සු අපිව අඳුනන්නේ නැහැ. ඇවිල්ලා කතා කරන්නේ නැහැ. නමුත්, අපි කරන වෘත්තිය හරහා මිනිස්සු අපිව අඳුන ගත්තාම ඇවිල්ලා කතා කරනවා. සුබපතනවා ඒ අයගේ ආදරය දෙනවා. ඒක හරි අපුරු දෙයක් ඉතින්. 
ආදර යෝජනා එහෙහ නැද්ද?
ආදර යෝජනා එනවා. සමාජ මාධ්‍ය එක්ක ගනුදෙනු කරද්දි එහෙම යෝජනා එනවා. සමහරක් වෙලාවට ඒවා කරදර වෙන අවස්ථාත් තියෙනවා. නමුත්, ඒ හැමෝම මා වටා මට ආදරය කරන අය. කාගේ වත් හිත් නොරිදෙන විදිහට ඉතින් මම ප්‍රතිචාර දක්වනවා. 

ත්‍රිෂලාගේ ඇස් ලස්සනයි කියලා නැද්ද?
හැමෝම කියන්නේ නම් මගේ ඇස් දෙක ලස්සනයි කියලා. ඊට අමතරව මම හිතනවා මගේ හිනාවත් ලස්සනයි කියලා. තව මගේ උස මාව තවත් ලස්සන කරනවා. මගේ අම්මා තාත්තා දෙන්නම ගොඩක් ලස්සනයි. ඉතින් මට හිතෙනවා ඒ අයගේ ලස්සන මට ලැබිලා තියෙනවා කියලා. 

෴  උපුටා ගැනීම - සාරවිට
ඡායාරූප - මුහුණු පොතෙන්

Classified_Ad

Classified_Ad_News_Bottom