.

.

Aug 20, 2023

පොලීසිය කාන්තාව නෝ පාකින් හා ආර්ථිකය..

 



පොලීසිය කාන්තාව

නෝ පාකින් හා ආර්ථිකය..

➖➖➖➖➖➖➖➖⭕➖


පොලීසිය කාන්තාවකට තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න යාමත්, කාන්තාව ඊට විරුද්ධ වීමත් පෙන්වන වීඩියෝව අද වෛරල් වෙලා තියෙන්නේ..


මාතලන් නම් දෙපාර්ෂවයෙම වැරදි දකිනවා. කාන්තාවට රියදුරු බලපත්‍රයක් තියෙනවා නම් මාර්ග නීතී දැන ගන්න එපෑය. අනික ලයිසම ඉල්ලපු වෙලාවේ විසි කරන්නේ නැතිව ඒක දීලා වැඩේ ගොඩින් බේර ගන්න තිබුනා.


පොලීසියේ හැසිරීම ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑ නේ. හෙට අනිද්දා පොලීසියේ එකෙක්ට ගේම දෙනකන් එයාලා පාතාලේ එක්ක හොරා පොලිස් සෙල්ලම් කරනවා. පාතාලේ රටම හෝල්මන් කරවනවා.


මට තියෙන ගැටළුව ඕක නෙමෙයි. මේ රටේ බිස්නස් ඔක්කෝම වගේ වැහිලා යනවා. පාර අයිනේ තියෙන ෂෝ රූම්ස් හා ව්‍යාපාරික ස්ථාන බොහෝමයක් වැහිලා ගිහිල්ලා. ඒ බිස්නස් නැති නිසා. 


ඒවට නොයෙකුත් හේතූන් අතරේ පාකින් නැති එකත් ප්‍රශ්ණයක්. මේ කාන්තවත් ඇවිත් තියෙන්නේ එතන තියෙන ලොන්ඩරියට. දැන් ඉතින් ආයේ එයා ජීවිතේට එතනට එන්නේ නෑ. මේ වගේ ලොන්ඩරිවලින් සේවය ලබා ගන්නෙම වාහනයක් තියෙන අය. 


අනික පාරේ එච්චර වාහන නැති බවකුත් පැහැදිලිව පේනවා. ඉස්සරහා ත්‍රී වීල් එකකුත් නවත්තලා තියෙනවා. මේක අවවාදයක් කරලා යවන්න තිබුනා. එහෙම නැත්නම් එතනට එන අය පාක් කරන්න ඕන තැන රාළහාමිට කියන්න තිබුනා.


මගේ යෝජනාව රථ වාහන පොලීසිය වගේම පොලීසි වල රථවාහන අංශත් මේ ගැන දැණුම්වත් කළ යුතුයි. 


මරදාන ඉට්ටේසමේ බුහාරිය පැත්තේ බස් නවත්තන තැනට එක නිලධාරියෙක් දාලා නවත්තන්න පුලුවන් මහා වාහන තදබදයට අද වෙනකන් සිටි ට්‍රැෆික් එකවත්, මරදාන පොලීසියවත් පියවරක් අරගෙන නෑ. ඒ මදිවට පට්ට ට්‍රැෆික් අස්සේ සහිරා එක ඉස්සරහා හාවෝ වගේ පාරට පැනලා වාහන නවත්තලා දඩ කොල ලියනවා.


මේවයෙන් වෙන්නේ කිසියම් පිරිසක් එල්ල කරලා පටන් ගත්ත බිස්නස් ඔක්කොම වැහිලා යන එක. මොකෝ කස්ටර්මස්ලා කැමති නෑ නේ නිකන් පරිප්පු කන්න.


ඒ නිසා පාරේ එක පැත්තක් හෝ පාරිභෝගිකයාට වෙන් කළ යුතුයි. නැත්නම් ආන්ඩුවෙන් වාහන ගාල් හදලා පොලීසියෙන් පාරිභෝගිකයා ඒ ගාල් වෙත යොමු කළ යුතුයි.


මොකෝ පොලීසියේ ඉන්න උන්ට ඔය ව්‍යාපරවලට ගොඩ වෙන්නවත් ආදායමක් නෑ නේ. මේවා සුළු සිද්දීන් වගේ පෙනුනට, කෙලින්ම සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ටත් ඒ වගේම රටේ සමස්ත ආර්ථිකයටත් බලපාන විශාල කාරනා.


ආන්ඩුවයි පොලීසියයි මේ වගේ දඩකොල දීලා ආර්ථිකේ ගොඩ ගන්න යනවා නම් බිස්නස් වලට අම්මට හැමිනිලාම යන දවස වැඩි ඈතක් නෙමෙයි. ඉස්සර ජනාකීර්ණ නගරයක් වෙච්චි බොරැල්ලේ සියළුම ව්‍යාපාරික ස්ථානයන් වැසී යාම මීට එක් උදාහරණයක් .


ගොබ්බ මාධ්‍යයත් කළ යුත්තේ මේවයෙන් අන් ගෝතල් ගන්නේ නැතිව. මේන් මේ දේවල් ගැන කතා කිරීම.


ඒ ගෑණු කෙනා උනත් එතන ඒ විදියට හැසිරෙන්නේ නීතිය සැමට සමාන ලෙස ක්‍රියාත්මක නොවන බව දන්නා නිසා.


එන්න මිතුර... කිසිම වැරැද්දක් නොකරන අපි ඇයට ගල් ගසමු....


.

15 comments:

  1. මේ මොන මගුලක් ගැනද ඕයි උබ මේ ලියලා තියෙන්නේ?

    ReplyDelete
  2. කතාව ඇත්ත මාතේ රජය සහ පෞද්ගලික අංශ මැදිහත් වී වර්ටිකල් පාකින් ගොඩනැගිලි තෝරාගත් ප්‍රධාන නාගරික ප්‍රදේශ වල ඉදිකර සහන මුදලට පාකින් ලබාදීම පිළිබඳව නැවත සමාලෝචනය කරන්න ඕන ඒත් ඇත්තටම රජයට සල්ලි නැති සහ රනිල් වික්‍රමසිංහ වගේ මොළයක් නැති බූරු ගෝතයෙක් සහ අයිඑම්එෆ් නේටෝ රූකඩයක් රට පාලනය කරන මේ වගේ මෝඩ වැඩ කරන කාලෙක ඔය වගේ දෙයක් වෙයිද කියල කියන්න අමාරුයි. බොහෝ දුරට වෙන්නේ නැත. එහෙම හිතන්න රනිල්ට වත් සක්කිලි අයිඑම්එෆ් කාලකන්නින්ටවත් මොළයක්වත් අවශ්‍යතාවයක්වත් නැත.

    ඒ නිසා මම යෝජනා කරන්නේ ඔන්ලයින් ව්‍යාපාර ආරම්භ කර ඩිලිවර් කරන එක වඩාත්ම සුදුසුම ක්‍රමය බවයි.

    ReplyDelete
  3. මාතේ පාකින් නෙවෙයි සාමාන්‍යයෙන් කාන්තාවකට හා පිරිමියෙක්ට පාලු පාරක වාහනයක් තුළ ඉදිරිපස හා පිටුපස සීට් එකට වී කතා කර කර සිටීම නීති විරෝධී ද? පොලිසියට මෙයට අවහිර කළ හැකිද?

    මාතලන් හරි වෙන නීතිය දන්න කියන කෙනෙක් මෙහී නීතිමය තත්වයන් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? මට පෞද්ගලිකව සිදු වුණ සිදුවීමක් මේකට නීතිමය ක්‍රියාමාර්ග කරා යාමටද හැකියාව තියෙනවා ද කියලා බලන්න ඕනේ ඒකයි.

    ReplyDelete
  4. නොහිතන සමාජෙක පුරවැසියන් අතරෙන්
    පිරිසක් සිටිති පොලිසියෙ සේවය කරමින්
    ඉතිං කොහොම අඩු වේවිද වරදින තැන්
    රටක් සිටියි අඳුරේ අත-පත ගාමින්

    ReplyDelete
    Replies
    1. දවසක් දා මම යනකොට ගාල්ලට
      කෙට්ටු ලදක් ආවයි මගේ ඉදිරියට
      දෙකට නවල ඈට පුකේ අරිනකොට
      දිවුරුවා ඈ නිමල්ගෙ ගෑණිය බවට

      Delete
    2. @ නිදී

      ලස්සන කාව්‍ය නිර්මාණයක්, ඇත්තටම කවියෙක් විදියට
      ඔයා දන්නව ඇති ඔසිව්ප් එමිල්යේවිශ් මන්දෙලෙශ්තාම් ලියපු කවි නිර්මාණ ගැන, ලෝක ප්‍රකට රුසියානු කිවියර ඔසිව්ප් මන්දෙලෙෂ්තාම්ගේ මිය යාමෙන් පස්සෙ එයාගෙ බිරිඳ නදෙෂ්දා ඔහු ගැන ඉතා වැදගත් කෘති දෙකක් පළ කරනවා. ඔසිව්ප් රෝගීව මිය යන්නෙ පාලකයන් විසින් දෙවන වරටත් ඔහු දරුණු මර්දනයකට ලක් කරල තියෙන අවස්ථාවක. ඔහු එවක පැවති සමාජවාදී ජනතාවාදී බව කියාගත් සෝවියට් පාලනයේ උදහසට ලක් වෙන්නෙ පාලකයන්ට අභිමත දේ ලියන්න පිළිකෙව් කිරීම නිසා. පාලකයො ඔහුගෙන් අපේක්ෂා කරන්නෙ ආයු බෝ වේවා නායක සහෝදරයා කියල කවි ලියව ගන්න. ලංකාවේ ආයුබෝ වේවා මහරජාණනී කියලා ලියවගත්ත මයිනෙක් හිටියේ අන්න ඒ වගේ osip mandelestam ගෙනුත් ඔවුන් පැතුවේ එවන් වන්දිභට්ට භූමිකාවක්

      ඒත් ඔහු ලියන්නෙ පාලකයා දරුණු විවේචනයකට ලක් කරන සමාජයේ සැබෑ ගැටලු ගැන විවරණය කරන කවියක්. ඒ කවිය ඔහුගෙ මරණය තීන්දු කරනව. නදෙෂ්දා පසුව එක තැනක මෙහෙම ලියනව.

      "මිනිසකුට තමන් ගේ විරෝධය පළ කරන්න කිසිම ආකාරයක ඉඩක් නැත්නම් අඩු ගානෙ ඔහු හයියෙන් හඬන්නවත් උත්සාහ දරන්න ඕනැ."

      ඒ නිසා මං හිතන්නෙ සෑම නිර්මාණ කරුවෙකුටම තමන්ගේ සමාජය කියවගන්න ශක්තිය තියෙන්න ඕනැ. එය නිරාවරණය කරන්න අවංකකම තියෙන්න ඕනැ, ඒත් ලංකාව තුල ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද?

      විශ්ව විද්‍යාලවල ආචාර්ය, මහාචාර්ය කියන ගොන් හරක් ටිකත් පාරට බැහැල උද්ඝෝෂණ කරල හිටපු එකාව ඔහේ අරගල කරල සැලසුමක් නැතුව අනුන්ගේ ප්ලෑන් එකකට අහුවෙලා ඇන්දිලා නන්දසේන ගෝතයව එලෝ ගත්ත. ඊට පස්සෙ ආපු රනිලා උන්ගෙ ආදායම් බදු වැඩිකරල ණය පොලී වැඩිකරල සහනාධාර කපලා උන්ට හොඳම එකෙන් කෙලෙව්ව.

      මොළය පාවිච්චියට නොගෙන කරපු තකතීරු වැඩවල පාපය මාස දෙකක් යන්ඩ ඉස්සෙල්ල උන්ට පලදුන්න. ඒ නිසා සාහිත්‍ය තුල පවා කේවල පැවැත්මක අගය individualism වගේ සංකල්ප ඉතා ඉහලින්ම වර්ණනා කෙරෙන දේශපාලන අව සංස්කෘතියක මිනිසාගේ සාමූහික ශක්තිය සහ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටින සාහිත්‍යකරුවන් අද වඩ වඩාත් අවශ්‍යයි.

      ඒ වගේම පවත්නා දේශපාලනයේ මජර ස්වභාවය විනිවිද දකින ඊට ඉහළින් සිටින පෙරගමන්කරුවෙකුගේ භූමිකාව සාහිත්‍යකරුවාට තියෙනව. ඔහු ඒ වගකීම දෙවුර මතට ගත යුතුයි. කවර නිර්මාණකරුවෙකුට වුණත් වැදගත් වෙන්නෙ තම නිර්මාණ හරහා කරන මැදිහත්වීම මිස ඔහුගේ භෞතික දේපළ නොවෙයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

      Delete
  5. From What's app;

    Forwarded;

    මේ මහා සිදුවීමෙන් නැත්නම් 2022 ජූලි 09 දින වූ සෝ කෝල්ඩ් "මහා" විප්ලවීය මහජන ව්‍යාපාරයකින් ලංකාවේ හිටපු ජනපතිවරයා ඉතිහාසය තුල පළමු වතාවට ධූරයෙන් ඉවත් කිරීමේ සුවිශේෂී සිදුවීමෙන් අවුරුද්දකට පසුව අප නැවත සුපුරුදු පරිදිම ණයට කමින් සිටිමු.... කිසිඳු නව නිශ්පාදනයක්, නව ආර්ථික වෑයමක්, නව මාවතක් ගැන වගේ වගක් නැත.... රටක් පෙරලීමට තරම් විසාල ශක්තියක් තිබුණ බව පෙන්වන ලද මහා අරගලකාරී ජනතාවක් නැවත අද්භූත ජනක ලෙස උදාසීනව ගොස් ඇත....

    දැන් මේ දවසද වසරකට වරක් "සමරන දවසකි"..... හේතුව අපි ආසා ''සැමරීම්'' වලටය.... මේ සුවිශිෂ්ඨ දවස සැමරිය යුත්තේ එදා ඒ දවස යෝජනා කළ ''අරමුණ'' දිනාගැනීමෙනි..... නැතිව අයි.එම්.එෆ් ණයෙන් තුන්වේල කෑමේ ප්‍රීතියෙන් නොවේය.....

    රනිල් වික්‍රමසිංහ යනු 'ජනතාව විසින්' පත්කළ ජනාධිපතිවරයෙක් නොවේය. ඔහු කිසිම ආර්ථික දේශපාලන දර්ශණයක් ඉදිරිපත්කොට එය ක්‍රියාත්මක කිරීමට "ජනතා වරම" ලැබූවෙක් නොවෙයි. සත්‍ය නම් ඔහු එය ඉදිරිපත්කළ හැමවිටකම ජනතාව ඔහු ඉදිරිපත් කළ ආර්ථික දේශපාලනය ප්‍රතික්ෂේප කළ බවය. ඒ 1994 පමණ ඈතක සිට පහුගිය 2019 දක්වාම එහෙමමය.

    ඇත්තෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට 'ලංකාව' නම් සමාගමේ වැඩිම කොටස් හිමි බලය හිමි නේටෝ හවුලේ ආර්ථික අංශය වන IMF නමැති ආයතනය විසින් තමන්ගේ Funds නිවැරදිව කළමණාකරණය වෙනවාදැයි සෙවීමටත් සියලුම ප්‍රධාන අංශ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව නැටවෙන බව සහතික කර ගැනීමටත් පත්කළ ප්‍රධාන විධායක නිළධාරියෙකි (CEO). නැතිව රනිල් ජන+අධිපතිවරයා නොවේය. එහෙම නමුත් ලංකාව ඇතුලත ඔහුගේ පත්වීමේ ක්‍රමය ව්‍යවස්තානුකූලය. අපේ රටේ ජනාධිපතිලාට වඩා ඉන්නේ ඇත්තටම ඔය CEO ලාය. වැඩිම කොටස් හිමියා චීනය වන විට චීනය තම CEO පත්කරණ අතර ව්‍යපාරය පාඩුලබා එය IMF විසින් කොටස් මිළදීගැනීමකින් පසු ඔවුන් තම CEO ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ඇත.

    රනිල් වික්‍රමසිංහ ඊළඟට බොහෝවිට ජනාධිපතිවරණයකට නොයා ජනමතවිචාරණයකට යාමට ඉඩ ඇත. ප්‍රතිවාදියා ලෙස මහින්ද රාජපක්ෂ නැතිනිසාත් වැලේවැල් නැති පොහොට්ටුව රනිල්ට මුක්කුවක් ගැසිය හැකිනිසාත් චන්දයට යාමට ඉඩක් ඇතත් එය සීයට සීයක් ෂුවර් නැත. තවම ජනාතාවගේ යම් තරමක බරක් NPP එක දෙසට ඇති නිසා චන්ත්දයකට යාමේ අවදානම රනිල් ගත්තත් ඉංදියාව ගනීදැයි මට විශ්වාසයක් නැත. ඉන්දීය අධීක්ෂණය සහ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන නූතන 2023 IMF වැඩසටහනේ ​ෆන්ඩ්ස් ආරක්ෂිත බව දැනුන වහාම රනිල්ගේ වැඩකොටස අවසන් වෙයි. එවිට ඉංදියාව රනිල්ට ගෙදර යන්නට යයි දැනුම් දෙනු ඇත.

    නමුත් එයින් පසුව එන නව ඇමරින්දියානු අනුප්‍රප්තිකයා කව්ද...?

    චින පිළ රාජපක්ෂවරුන් දුර්වල වනවිට තම CEO ලෙස තෝරාගෙන ඇත්තේ කව්ද....?

    මේ පිල් දෙකේ CEO කෙනෙක් නොවී සැබෑ ජනාධිපතිවරයෙක්ට බලයට පත්වීම කොයිතරම් අමාරුවෙයිද...?

    එහෙම නොවී ඉන්න දැනටමත් විදේශ අතකොලු බවට පත් වී ඇති බව පැහැදිලිව පෙනෙන අනුරට පාඨලීට හෝ සජිත් ප්‍රේමදාසට හැකිද....? එසේ කිරීමට ඔවුන් කිසිවෙකුට හෝ කොන්දක් තිබේද? යම් හෙයකින් එසේ කිරීමට තැත් කලොත් එවිට ලෝකයෙන් එන ප්‍රතිචාරය කොයිවගේ වෙයිද...?

    දැනටම රටේ හැම තැනම රිංගමින් කෝචිචියෙත්, ඉරිදා පොලේත් යමින් බලය තහවුරු කරගෙන ඇති ජුලීචන්ග් ​නෝනා ඒ වෙනුවෙන් නිකංම ඉඳියිද...? කෝන්ක්‍රීට් විතරක්ම දාන්නට නොව තවත් දිගුකාලීන වුවමනා ඇතිව ඩොලර් බිලියන ගණං අඩු පොළියට කොන්දේසි විරහිතව ණයදුන්න චීනා නිකංම බලා ඉඳියිද? අප මත අයෝමය හස්තයකින් වෙර යොදා මෙහෙයවන භාරතීය ලොකු අයියා කුමක් කරාවිද?

    ReplyDelete
    Replies
    1. මේ නිසාම සැබෑ ජනාධිපතිවරයෙක් නොවන CEO කෙනෙක් කිසිවිටක අළුත් මාවතක් කපන්නේ නැත. ඉහත නම්වලින් CEO කෙනෙක් නොවී ජනාධිපතිවරයෙක් ලෙස ඉදිරියට ඒමේ පෞරුෂය එක් අයකුට හෝ තියෙනවාද....? එහෙම වෙන කෙනෙක්වත් පෙනෙන නොපෙනෙන මානයක සිටීද?

      මේවා මෙහෙම වන අතරේ මහාජනතාවක් පාරට බසින්නට හේතුව වූ ආර්ථික, දේශපාලනික අර්බුදය එක දශමයකින්වත් මේ වනතෙක් විසඳී නැත. ඩොලර් බිලියන ගණන් ණය ණයමය. ඔබට නොපෙණුනාට දිගින් දිගටම අප එම අර්බුදවල පතුලටම කිඳාබසිමින් සිටිමු. දැන් රේටින් අපිට පක්ෂව එන්නේ අපි එයාලාට හිස නමා හේත්තුවූ නිසා පමණය.

      ගෝඨාභය දිනිය යුතුවූයේ මේ මූඩියකින් පැලැස්තර දමා වසාතිබුණ ගඳ බෝතලයේ මූඩිය ඇරීම වෙනුවෙන්ය. ඔහු මූඩිය ඇර රටේ ආර්ථිකයේ සැබෑ ගඳ අපට දැනෙන්ට සැලැස්වූ අතර උඩුගුවනේ උන් ඔබ පාරට පැන්නේ ඒ ගඳ දැනීම නිසාය. අවුරුදු පණහක් පාලක පංතිය වැඩකරන්නේ මේ ගඳ ඔබට නොදැනී වසා තැබීමටය.....

      නැවතත් අළුත් වටයකින් රනිල් වික්‍රමසිංහ මේ උත්සාහ කරමින් සිටින්නේ කෙසේහෝ 'ඔබට ගඳ නොදැනෙන ලෙස' ඒ පල්වුණ බෝතලයේ මූඩිය ආපහු වැසීමටය.

      'ජන අරගලයෙන්ව' වසරකට පසු ඔබට අවශ්‍ය මූඩිය වසා තව තවත් මේ සමස්ත ආර්ථික සමාජීය යාන්ත්‍රණය පල්කිරීමටදැයි ඔබේ සැමරීම්වලට පෙර විනාඩියක් හිතාබලන්න....

      ඔතැන තිතක්ව මමද හිටියෙමි. නමුත් මම තවම ඒ ගැන ආඩම්බර නැත. මම ආඩම්බර වන්නේ ඒ 'අළුත් රටක්' නැමති අරමුණු ඉටුවූ දවසටය. නැතිනම් අඩුම ඒ දෙසට පාරක් කපන්නට පටන්ගත් විටය.....

      දැනට මේ තියෙන්නේ තිබ්බ දුර්වල, බංකොලොත් රටම තිබ්බාටත් වඩා දුර්වලව සහ බංකොලොත්වය.....

      ලකා.

      https://m.facebook.com/story.php?story_fbid=pfbid02bhi6gMUxz5Hk1bXvLnRKw8UgjUH5dJ7mEbUTfofnQbnCZG5aCKT3rMQT1vAJxpv2l&id=100015896891927&mibextid=Nif5oz

      Delete
  6. ඇත්කදුර ගෙවල් විස්ස බෝක්කුව අසල දී අද මෝටර් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව ඇල්පිටිය පොලීසිය කියයි.

    බෙන්ස් වර්ගයේ මෙම මෝටර් රථය දුරකථන කුලුනක ගැටීම හේතුවෙන් අනතුරට පත්වීමෙන් පසු මෙම ගිනි ගැනීම සිදුව තිබෙන බව මෝටර් රථය ධාවනය කල රියදුරා පොලිසියට පවසා ඇත.

    ReplyDelete
  7. හ්ම් මේ කතාවත්, අඳුරුයි ගුප්තය් හරියට ලෙනක් වගේ රයිට්?

    ReplyDelete
  8. දකුණු අප්‍රිකාවෙන් බිහිවුණු විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා සහ 21 වෙනි සියවසේ හොදම ටෙස්ට් වේග පන්දු යවන්නා ලෙස අවිවාදයෙන් නම් කරන්න පුළුවන්.ටෙස්ට් තරග 93කදී කඩුලු 439ක් බිදහෙලමින් දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබාගැනීමේ වාර්තාවද හොබවන්නේ ඩේල් ස්ටෙයින් විසිනි.

    ඩේල් ස්ටෙයින් ගේ ටෙස්ට් පන්දු යැවීමේ වාර්තාව
    තරග 93
    කඩුලු 439
    ඉනිමක හොදම පන්දු යැවීම 7/51 (ඉන්දියාවට එරෙහිව 2010 නාග්පුර් හිදී)
    තරගයක හොදම පන්දු යැවීම 11/60 (පාකිස්තානයට එරෙහිව 2013 ජොහැන්නස්බරග් හිදී) එනම් ඉහත වීඩියෝවේ සදහන් ටෙස්ට් තරගයයි. 🔥🔥🔥
    කඩුලු 5 බැගින් අවස්ථා 26
    තරගයක කඩුලු 10 බැගින් අවස්ථා 5
    පන්දු යැවීමේ සාමාන්‍ය 22.95
    කඩුල්ලක් ලබාගැනීමේ වේගය 42.39 ( එනම් සෑම පන්දුවාර 7කට සැරයක් කඩුල්ලක් දවාගනී )

    මේ වනවිට ඩේල් ස්ටෙයින් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබාගැනීමේ ලැයිස්තුවේ 10 වෙනි ස්ථානයේ පසුවේ.

    වැඩිම කාලයක් ICC අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා ලෙසද ඩේල් ස්ටෙයින් සිය නාමය සටහන් කරගැනිමට සමත්විය.එනම් 2008 වසරේදී ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් සමග සම වෙමිනි.කෙසේ වුවත් 2009 සිට නොම්මර 1 ස්ථානය සියතට ගැනීමට ස්ටෙයින් වෙඩික්කරුවා සමත්විය.2008 සිට 2014 දක්වා ඩේල් ස්ටෙයින් ටෙස්ට් පිටියේ සිය අණසක පතුරවන්නට සමත් වුයේ නොම්මර එකේ පන්දු යවන්නා වෙමිනි.ඔහුගේ පන්දු යවන සගයා වූ වරනන් පිලැන්ඩර් එම කාලය අතරතුර වරින් වර නොම්මර එකට පත්වූ අතර කාගිසෝ රබාඩා,පැට් කමින්ස්,රවී අශ්වින්,ජේම්ස් ඇන්ඩර්සන් පසුව වරින් වර මෙහි පළමු තැනට පැමිණියහ.2016 පැමිණි උරහිසේ ආබාධය නිසා වසරකට වැඩි කාලයක් ඔහුට ක්‍රිකට් අහිමි විය.නැවත ටෙස්ට් පිටියට පැමිණියද උරහිසේ ආබාධය නිසාවෙන් ඔහුගේ පෙර වේගය අඩු වී තිබුණි.ආබාධ නොවන්නට තවත් වාරතා රැසක් ඔහු අතින් බිහිවනු නොඅනුමානය. ♥♥

    ReplyDelete
  9. මම හිතන විදිහට මේ ඩයලොග් එකෙන් ඕකට උත්තර දෙන්න පුළුවන්.

    "මං නන්දිතාට කාරණාවක් කියන්නද? ප්‍රේමය ගැන..
    හැබැයි බයිබලයේ තියෙන්නෙ."

    "තියෙන්නෙ ප්‍රේමය ගැන නම් මොන පොතේ තිබ්බත් මොකද සිස්ටර්."

    "ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය, ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නෙ නැත, ප්‍රේමය පාරට්ටු කරන්නේ නැත, උඩඟු වන්නේ නැත, අශෝභන ලෙස හැසිරෙන්නේ නැත, කෝප වන්නේ නැත, අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී, සැබෑව සමඟ ප්‍රීති වන්නේය, සියල්ල දරා ගන්නේය."

    ReplyDelete
  10. මිනිස්සු වර්ගයක් ඉන්නවා උන්ට තමන්ගෙ අවට තියෙන ඔපචුනිටීස් පේන්නෙම නෑ. හැබැයි එයාලට ගවු ගානක් එහා රටක දේවල්නම් පේනවා. ඕකෙ හොදම සීන් එක උන් ඒ රටට ගියාම ඒව පේන්නෑ මෙහේ තිබ්බ ඒව පේන්න ගන්නවා. පිරමිඩ කාරයො කියන්නෙත් ඒවර්ගෙ

    ReplyDelete
  11. සමහර සටන් තියෙනව හෙනම අසාධාරණයි ! නමුත් ඒවට උත්තර කොහේවත් නැ!

    බලන්න සුප්‍රකට 2020 බ්‍රසීලයයි ඡපානයයි අතර පැවති වොලිබෝල් තරගයක ඡායාරූපය, ඒකේ ඡපන් නායිකාව Nakamichi ගෙ උස අඩි 5'2" යි බ්‍රසීල නායිකාව Thaisa ගෙ උස අඩි 6 යි අගල් 5 යි බලන්න දැලට උඩින් ඩෑෂ් වගේ පහරක් ගහන්න නකාමිචිට කොචිචර උසක් උඩ පනින්න ඔනද නමුත් අරයට ඒක එචිචර අමාරු නෑ නමුත් දෙන්නටම ලැබෙන්නෙ එකම ළකුණු ප්‍රමාණය ඒකයි අවුල තියෙන්නෙ.

    ReplyDelete
  12. මේ වන විට ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ ඉතා සීමිත පිරිසකි. ආණ්ඩුව පිහිටවීමට මුල් වූ, ආණ්ඩුවට සෘජුව සම්බන්ධ පමණක් නොව ආණ්ඩුවේම කොටස් ලෙස සැලකිය හැකි බොහෝ දෙනෙක්ද දැන් ආණ්ඩුව වෙනුවෙන් කතා කරනු නොපෙනේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න