.

.

Aug 17, 2023

ලාංකීය හිඟන වෘත්තිකයෝ

 



ලාංකීය හිඟන වෘත්තිකයෝ

➖➖➖➖➖➖➖➖➖🔴▪️


මෑතක් වන තෙක් ලංකාවේ වෘත්තිකයින් (විශේෂයෙන් රාජ්‍ය සේවයේ හිඟන්නෝ) උන්නේ ප්‍රභූ පිරිසක් ලෙසය. (ප්‍රභූ බුරුසුවා පන්තිය). ඒ උන්ට තිබූ විශේෂ වරප්‍රසාදයක් වූ ටැක්ස් ෆ්‍රී බෙනිෆිට් එක නිසාය.


එයාලාත් ගෝල්පේස් ඇවිත් ඉල්ලුවේ ගොබ්බසේන රාජපක්ෂ එලවා දමා සිස්ටම් චේන්ජ් කරන්නෙයි කියලාය. ඉතින් ඊට පස්සේ එයාලා පත් කර ගත්ත එකා කරන්න උත්සාහ කරමින් සිටින්නේ එයය.


දැන් උන්ට ඩියුටි ෆ්‍රී ෆැසිලිටීස් ඇත්තේ නැතිය. උනුත් අනිත් උන් මෙන් බදු ගෙවන්න ඕනෑය. වෙනස්වීම් දරාගත නොහැකි ජාතියකට මෙවන් වෙනසක් දරාගැන්ම කොහොමත් අමාරුය. හැබයි රට ගොඩ ගන්න නම් සියල්ලන්ටම කට්ටක් කන්නම වෙනවාය. මෙයාලා කියන්නේ, සියල්ල නොමිළේ ලබාගත් අපට, ඉදිරියටත් සහනාධාර, ආධාර, උපකාර, උපහාර, දීපියව් කියලාය.


ඊයේ හෝ පෙරේදා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව කියා සිටියේ... කිසිම දේශපාලකයෙක් මේ මොහොතේ ජනප්‍රිය දේශපාලනයට යමින් මේ සිඳුවන දේවල් කඩාකප්පල් නොකල යුතු අතර, ලාබෙට ඉන්ධන, නොමිළේ පෝර, සැමට සමෘධි, පඩි වැඩිකිරීම් වැනි දෙකයි පනහේ බොරු පොරොන්දු ජනතාවට ලබා දී බලය ලබාගෙන පච වෙනවාට වඩා... මේ අමිහිරි සත්‍යයයෙන් ගොඩ ඒමට හැකි දේ කරන්නෙයි කියලාය.


ඊයේ මහින්දානන්ද අළුත්ගමගේ කිව්වේ... බදු එකතු කරන තැන්වල ඉන්නා හොරුන් නිසා, මේ වසරේ ඇස්තමේන්තු කළ බඳු ආදායමෙන් මේ වන තෙක් අය කරගෙන ඇත්තේ 38% පමණක් කියලාය. මෙහිදි අමතක නොකළ යුතු කාරනේ නම්, මේ ආදායම් එකතු කරන්නට ඉන්නේත්, ඉහළ වෘත්තිකයින්මය කියාය. උන් බදු එකතු නොකලාට උන්ගේ කුට්ටිය කඩාගෙන ඉවරය.


බදු එකතු කරනා ප්‍රධානම ආයතන වන, කස්ටම්මෙක, ඇක්සයිස් ඩිපාර්ට්මන්ට් එක හා ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ සුපිරි හොර ගුහාවන්ය. එකතු කරන එකටත් ෂොට් එක දෙන්නේ මුන්මය. ඒ නිසා අපරාදේ කියන්නේ... ටැක්ස් ගහපු එක, උන්ට පඩේකටවත් ගානක් නැතිය.


මේවා වෙනස් කරන්න මේ ආන්ඩුවද මේ වන තෙක් කරපු ලබ්බකුත් නැතිය. සද්දෙට පඩ ඇරියාට කිසි ගඳක් එන්නේම නැතිය. ආන්ඩුවේ පාඩු ලබන ආයතන මිලදී ගැනීමට තබා... නිකන් දුන්නත් ගන්න එකෙක් එන්නේ නැතිය. ඒ, මේවායේ සිටිනා පින්බතාලා, හූනියන් හා කම්කරු නීතී රීතී නිසාමය. එව්වා එක්ක ඒ ආයතන ගොඩ ගැනීම බොරු බව ආයෝජකයෝ නොව ට්‍රැෆික් හිඟන්නෝත් දන්නවාය.


ආර්ථිකය ගැන දැනීමක් දැක්මක් ඇති උන් කියනාකාරයට, මේ ආකාරයට රට ගොඩ ගන්න නම් තා අවුරුදු පහකටවත් බැරිය. 


75% කින් පමණ ඉහල ගිය ජීවන වියදම තාමත් එසේමය. එය තනි ඉලල්ලමකට ආවා යැයි කීවාට, ජහ මනයාගේ ආදායම වැඩි වුනේ නැතිය. ආදායම වැඩි නොවන්නේ නම්, උද්ධමනය  මයිනස් (-) අගයක් වෙන්න ඕනාය.

ඒ නිසා සියල්ලන්ටම සිඳු වී තිබෙන්නේ බිල් ටික ගෙවා දමා දත් මිටි කන්නටය. 


රාජ්‍ය සේවයට සේවකයින් බඳවා ගන්නේ නැතෙයි කීවාට, පාඩුවට උඩ යන ශ්‍රී ලන්කට් එකට ගුවන් සේවිකාවෝ ගන්නවාය. මෙව්වාට කියන්නේ වඳුරු කුණුහබ්බ කියලාය.

මේ දේවල් හාල්පාරු ලේමන්ලා වෙන අපටත් තේරෙනවා නම්, වෘත්තිකයිනන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියා මාතලන්ට නම් තේරෙන්නේ නැතිය. වෘත්තිකයෝ කතා කළ යුත්තේ විරුද්ධ විය යුත්තේ මේවාටය.


එක්කෝ මුන් මේවා දැනගෙන පරණ ටැක්ස් ෆ්‍රී ෆැසිලිටි එන්ජෝයි කරමින් ප්‍රභූ බුරුසුවා පන්තියේ සැප පහසුකම් විඳින්න ඉල්ලනවාය. නැතිනම් මුන් විශයානුබද්ද දැණීමක් පමණක් ඇති අමු ළිං මැඩි ගෝත්‍රික ගං කබරයෝය.


මාතලන්ට නම් උන්ට කීමට ඇත්තේ, සියල්ලට විරුද්ධව කැෑ ගසනා මහපොල හිඟන්නෝ මෙන් නොවී, අස්වැසුම හා සමෘධි සහනාධාර ඉල්ලා පාරේ කෑ ගසනා අසරණ හිඟන්නෝ මෙන් නොවී, සැමදා සියල්ල නොමිළේ ඉල්ලනා හිඟන වී ගොවියෝ මෙන් නොවී, ටයි එකේ හා අත් දිග කමීසයේ ගෞරවයවත් ඉතිරි කර, මේ රටින් චුත වෙයල්ලා කියලාය. මොකෝ ඔය කටුත් කාගෙන රට වෙනුවෙන් සේවය කරන්නට කැමති 45% ක් පමණ ඉන්නා නිසාය.


නැත්නම් පීචං වෙන්නේ තොපි විතරක් නොව අර මිනිසුන්ද කැපවීමෙන් කරනා මහ ළොකු රැකියාවන් හෙවත් වෘත්තීන්මය.


එ වගත් මෙසේය...


.

10 comments:

  1. කතාව ඇත්ත මාතේ, ලංකාවට මේ යන ක්‍රමය අනුව ගොඩ යන්න පුළුවන් කමක් නෑ. රනිල් වික්‍රමසිංහ යහපාලන රජය කාලේ කලා වගේ අයි එම් එෆ් පොතේ ගුරාලා ගහන බයිලා ක්‍රියාත්මක කරලා ආර්ථිකය හකුලනවා විතරමයි කිසිම ගොඩයාමක් නෑ.

    මැලේසියාව වගේ රටවල් ඒ කාලේ 1997 /98 කාලේ තමන්ගේම ප්ලෑන් එකකට ආර්ථිකය සංවර්ධනය කරන ගමන් සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලටත් විදේශ ආයෝජන වලටත් උපරිම සහාය ලැබෙන ආර්ථික පරිසරයක් හදලා රාජ්‍ය පාලනය සීමා කරලා පෞද්ගලික අංශය වෙත ආර්ථික නිදහස වෙළදපොල ඉඩ දීලා රට ගොඩ ගන්න කටයුතු කලා
    දේශීය ක්‍රජයක් ලෙස නන්දසේන රාජපක්ෂට දුන්න ක්‍රමය ක්‍රියාත්මක කරන්න උත්සාහ කලත් ඒක අසාර්ථක වුණා, සමහර වෙලාවට කොවිඩ් වසංගතය සහ විදේශ විනිමය ලැබෙන ක්‍රම ටික ඇහිරී ගිය වෙලාවක නිසා වෙන්න ඕන ඒත් ඇත්තටම රට ගොඩ නගන්න පෞද්ගලික අංශය මැදිහත්වී හෝ අලුත්ම ක්‍රමයක් ආරම්භ කිරීමට අවශ්‍යයි නේද? ඒකට සමාන්තරව හරි?

    ReplyDelete
  2. මුහුනු පොතේ දේශපාලන නායකෙකුට විරුද්දව පෝස්ට් එකක් පල කරා කියලා මගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩුවක් දාලා... මට දෙන්න සල්ලි වත්කමක් නෑ රැකියාවක් නෑ නඩු කියන්නවත් සල්ලි නෑ මොකද කරන්නේ කරුණාකර මේකට නීති උපදෙසක් ලබා දෙන්න ප්ලීස්

    ReplyDelete
  3. මේ ඊයේ රෑ මට ආපු whatsApp message එකක් 😌

    Message එක දකිත්දිම මේ මොකකද කියලා තේරුම් ගන්න තරම් Online Scam ගැන පරිණත වෙලා නිසා හිනාත් ගියා. 😁

    ඊට පස්සේ ඉතින් ජොලියට hi කියලා දාලා බැලුවා. ඊට පස්සේ සුපුරුදු පරිදි එයා බලාපොරොත්තු වෙච්ච විදියටම මොකද වෙන්නේ කියලා කතාවට සෙට් වෙනවා.

    ඊට පස්සේ පිළිවෙලින් වෙන ටික සැකෙවින් මෙහෙමයි,

    Scamer :- කොහොමද ඉතිං
    මං :- හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද?

    ඊට පස්සේ එයා (ඇත්තටම ඌ) එවනවා මමත් හොඳින්, හැබැයි දුකින් කියලා. එතකොට මං අහනවා ඇයි කියලා. (දුක අහන අයියා වෙනවා...🥲)

    ඊට පස්සේ කියනවා මං මේ ස්වීඩන් හරි නෙදර්ලන්තේ හරි තනියෙන් ඉන්නේ, හස්බන්ඩ් මැරිලා, දරුවෝ කසාද බැඳලා වෙන රටවල්වල, ඒ නිසා මම තනියම ඉන්නේ, ඒනිසා දුකයි කියලා... (මම දුක නිවනවා ඊට පස්සේ 😄)

    ඉන්පසු දවස් කිහිපයක් ගියාම එයා කියනවා මට ලංකාවට එන්න ආසයි, ඇවිල්ලා ඔයත් එක්ක ලංකාව බලන්න ආසයි කියලා, (රටට ඩොලර් ගේන්න ඕනේ කියන ස්ථිර අධිෂ්ඨානයෙන් මං කියනවා හා එන්න එහෙනම් කියලා😌)

    ඊට පස්සේ එයා කියනවා මං එන්න කලින් ඔයාට තෑගි ටිකක් එවන්නම් කියලා, ඊට දවස් කිහිපයකට පස්සේ අයිපෝන් එකක්, ලැප් එකක් හෝ ටැබ් එකක්, ටීෂර්ට්, වොචර්ස්, පර්පියුම් වගේ බඩු කිහිපයක පිංතූර එයා එවනවා මේ මං ඔයාට එවන්න ගත්ත ඒවා කියලා, ආ තව සමහරවිට ලංකාවට ආවම එයාට වියදම් කරන්න ඕනේ ඩොලර් මිටියකුත් අර පෙට්ටියෙම දාලා එවන්න පුලුවන්, (මං ඉතිං ඒවා දැකලා අඳිනවා ඇදිල්ලක් කොහොමද දන්නවද...😂🙏)

    ඊට පස්සේ එයා මගේ ඇඩ්‍රස් එක ඉල්ල ගන්නවා, අර බඩු ටික පෙට්ටියකට දාන, ඒ පෙට්ටියේ මගේ ඇඩ්‍රස් එක ගහපු පොටො කිහිපයක් එවනවා මට විශ්වාසේ වැඩි වෙන්න, (දැන් මං හොඳටම ඇඳලා ඉන්නේ.. 😷)

    ඔන්න ඊට පස්සේ එයා කියනවා මං අද ඒක පෝස්ට් එකට දැම්මා හැබැයි සල්ලිත් තියෙන නිසා සාමාන්‍ය පෝස්ට් එකෙන් ගෙදරට ඒක එවන්න බැරි වෙයි, එයා දන්න ලංකාවේ කෙනෙක් ඉන්නවා ලංකාවේ එයාපෝට් එකේ වැඩ කරන, එයා ඒ පාර්සලේ අරං ඔයාට එවයි කියලා. (ඉතිං මම මාර හෝප්ස් තියන් බලන් ඉන්නවා 😌)

    ඔන්න ඊට දවස් තුනකට විතර පස්සේ ලංකාවේ mobitel නම්බර් එකකින් කෙනෙක් කෝල් කරනවා, පිරිමි කෙනෙක් ඉන්ග්ලිෂ් වලින් කතා කරන්නේ, එයා කියනවා එයා එයාපෝට් එකේ වැඩ කරන්නේ, මගේ නමට අර එවපු බඩු පාර්සලේ තියෙනවා, ඒක ගෙදරටම delivery කරන්නම්, හැබැයි ඒක release කරගන්න පොඩි tax එකක් ගෙවන්න ඕනේ කියලා (දැන් මොකද වෙන්නේ මම අදිනවා තවත් මොකද මම ඇත්තටම හිතනවා මේ කතා කරන්නේ එයාපෝර්ට් එකෙන් කියලා, mobitel නම්බර් එහෙකින් 😌)

    ඊට පස්සේ මං අහනවා කීයක් ද එකට දාන්න ඕනේ කියල, ඔන්න දැන් අර මනුස්සයා කියනවා 57,560 /= එහෙමත් නැත්නම් 97,550/= ක් වගේ රවුම් නැති ගානක්, ඒක දාන්න කියලා එවනවා ලංකාවේ කෙනෙක්ගේ එකවුන්ට් නම්බර් එකක් (මං බලනවද ඒ මොකෝ කියලා? නෑ මං බලන්නෑ, දැන් මට වටින්නේ අර බඩු ටික...😌)

    ඔන්න ඒ අතර අර ඇන්ටි මට මැසේජ් කරනවා, ඔයාගේ පාර්සලේ ඇවිල්ලා නේද,මට මෙහෙට ඩිලිවරි රිපෝට් එක ආවා කියලා, රීලීස් කරගන්න පොඩි ගානක් ගෙවන්න ඕනේ නේද, ඒක ඔයා ගෙවලා අර පෙට්ටියේ තියෙන එයාගේ සල්ලි වලින් ඒ ගාන ගන්න කියනවා. (ඩොලර් මිටියෙන් 😍 කල්ල මරේ)

    ඔන්න දැන් අවසාන වශයෙන් මං සීරියස් වෙලා අර බඩු පෙට්ටිය release කරගන්න ඕන ගාන හොයාගන්නවා 😌 ණයක් වෙලා හරි, ළඟ තිබ්බ සල්ලි හරි එකතු කරලා අර කිව්ව ලංකාවෙ account නම්බර් එකට දානවා.

    දාලා විනාඩි පහකින් අර මට කෝල් කරපු එයාපෝට් එකේ එක්කෙනාගේ නම්බර් එකට නැවත කෝල් එකක් ගන්නවා

    ඔන්න දැන් තමයි හොඳම හරිය...😁

    ReplyDelete
  4. සල්ලි දාලා විනාඩි පහකට විතර පස්සේ මට අර කතා කරපු එයාපෝට් එක්කෙනාගෙ ෆෝන් නම්බර් එක වැඩ කරන්නේ නැතුව යනවා, ඔන්න එතකොට මං කලබල වෙනවා, මෝඩ වැඩක් කරා ද මන්දා කියලා හිතිලා ටක් ගාලා බැංකුවට කෝල් කරනවා අර දාපු සල්ලි hold කරන්න පුළුවන්ද අහන්න. ඔන්න එතකොට බැංකුව කියනවා, සල්ලි දාපු ගමන් ඒ සල්ලි ATM එකකින් අරන් ඉවරයිනේ කියලා.

    ඔන්න එතකොට මගේ දෙලොව රත් වෙනවා, ටක් ගාලා අර ඇන්ටිට මැසේජ් එකක් දාන්න බලද්දි, එයත් බ්ලොක් කරලා ගිහිල්ලා 🥲

    ඊට පස්සේ බැංකුවෙන් අහනවා අර සල්ලි දාපු එකවුන්ට් එක කාගෙද කියලා, එයාලා කියනවා කවුරු හරි වයසක අම්මා කෙනෙක්ගේ හෝ තාත්තා කෙනෙක්ගේ කියලා. ස්කෑමර් පාරේ යන වයසක කෙනෙක් බැංකුවට එක්කන් ගිහින් එයාගේ id එකට එකවුන්ට් එකක් හදවලා ඒ කෙනාට රු 1500/=ක් විතර දීලා පිට කරවලා ATM කාඩ් එක ස්කෑමර් ගන්නවා.

    ඔන්න ඔහොම ලංකාවේ හැංගිලා ඉන්න නයිජීරියන් Scamer කෙනෙක්ගේ scam එකකට අහුවෙච්ච "තවත් එක් කෙනෙක්" විදිහට කතාව අවසන් වෙනවා...

    වෙච්ච දේ කාටත් කියන්නත් බෑ, පොලිසියකට යන්නත් බෑ, වෙච්ච පාඩුව විඳගෙන ඔහේ ඉන්නවා.

    ආසන්න වශයෙන් අර එක පුද්ගලයා විතරක් මාසෙකට ඒ වගේ අය 25-30ක් විතර අන්දනවා.

    වාර්තා අනුව දැනට වසර 5-6ක ඉදන් හැම මාසෙකම ලංකාවේ මිනිස්සු 1000-1500ක් අතර ප්‍රමාණයක්, මිලියන ගාණක් මුදල් මෙන්න මෙහෙම Online Scamer කෙනෙකුට පූජා කරලා කටවල් වහන් ඉන්නවා.

    ඔබත් අහුවෙන්න එපා...!
    තවත් කෙනෙක් දැනුවත් කරන්න...!

    මීළග ගොදුර ඔයාගෙ පවුලේ කෙනෙක් වෙන්න පුලුවන් ✌🏼

    ReplyDelete
  5. බදු පිට බදු ගසති - බඩු මිල වැඩි කෙරෙති
    පොඩි මිනිහාගෙ පටි තද කර ගන්නට කියති
    දේශපාලු රොත්තට ඒ කිසිත් නැති
    කොහොමද සහෝ උන් වෙන්නේ කෝටිපති

    ReplyDelete
  6. *A snap shot of Ranil Rajapakse's economic management*

    # First Q contraction of the economy 11.5%

    # Additional local debt raised to Rs 9 trillion.

    # Daily government expenditure Rs 1.45 billion

    # Government revenue ( after increasing large scale taxes and utilities rates up to unbearable levels) Rs 743 million

    # Average Daily debt repayment ( not paid, but if paid Rs 543 million )

    # 3.9 million people can afford only half of the required daily nutrition

    #10,000 families suffer from acute food shortage

    # 2.9 million children need emergency aid for food and education

    # The auditor generals report states that over Rs 5 trillion has been lost or not accounted for, for projects implemented using foreign dollar debts taken from ISB's from European and US higher interest commercial lenders during 2016 -2019 Ranil's administration.

    If you still think this mad man can take this country out of the pit, seek immediate mental treatment. He's not much different than the exiled former president either.

    ReplyDelete
  7. අයිසේ මාතලන් වෘත්තීයවේදීන්ට බනින වෙලාවේ මේක ගැන හොයල බලපන් දැන් ඔය “මෝල්ටාවේ ටිරාන් සහ අනුර කුමාර ඇතුලු ඒ සන්ධානයෙන් මුදල් විශූද්ධිකරණ ආයෝජනයක් කරලා තියෙනවා කියන එකට ෆේස්බුක්වල ලොකු කතා බහක් යනවානේ. මේවා අහම්බ නෙමේ, කතාවක් තියෙනවා මේකේ. මම දන්න තරමින් මෝලටාවම නෙමේයි, මේක බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස්.”

    “දූපතක් කියලානේ දුමින්ද නාගමුව කියන්නේ. ඒත් දුමින්ද ඇවිල්ලා කියන්න ඕනේ කොයි දූපතේ, කොයි බැංකුවකද, කොහෙද තියෙන්නේ.හැම එකම එයාට කියන්න පුළුවන් නේ. දැන් එයා සාක්ෂි ඇතත් නැතත් යම් ක්‍රමයකින් දැනගෙනනේ ඔය කිව්වේ”

    "මොකක්වත් හරියට කියන්නේ නැතිව අපිට කියනවා යුරෝපයේ දූපතක සල්ලි දාලා තියෙනවා ඒ ගැන කියන්න කියලා. ඉතින් අපි මුකුත් දන්නේ නැත්නම්, අපේ සම්බන්ධයක් නැති නම් අපිට කියන්න දෙයක් නැහැනේ. අපි මොකටද පැමිණිලි කරන්නේ,මොකටද? කාටද පැමිණිලි කරන්නේ.? ඒත් දැන් බලන්න ටිරාන් ගොයියා භූමිතෙල් වැදුන ගැරඬියා වගේ කුලප්පු වෙලා වහාම පැමිණිලි කිරීමට ගිය එකෙන් පේන්නේ නැද්ද මේ කතාවට පදනමක් තියෙන බව? අමතක කරන්න එපා ටිරාන් තමයි රාජපක්ෂ පවුල වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානයට කප්පම් දෙන්න ගිය කෙනා ඒ නිසාම රාජපක්ෂ පවුල වෙනුවෙන් බැසිල්ගේ සල්ලි එන් පී පී ජවිපෙ ජාතික ජන බලවේගයට දෙන්නේ මේ ක්‍රමයට වෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩියි එහෙම නේද?

    ReplyDelete
  8. මෙහෙමයි ඔතනදි පිටරට රස්සාවකට යනවයි , migrate කරනවයි කියන්නේ දෙකක්. පලවෙනි ක්‍රමය තමයි ලංකාවේ දියුණුව සහ ණය නැවත ගෙවීම ආදිය ගැන හිතනවානම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල සේවයට යන අය දකුණු කොරියාවට යන කම්කරු රැකියාවලට යන අය වගේ එහෙ එදිනෙදා සාමන්‍ය වියදමට දෙයක් තියාගෙන වැඩි හරියක් විදෙස් විනිමය හැටියට ලංකාවට එවන එකට, රජයෙන් ප්‍රධාන වශයෙන්ම ප්‍රවර්ධනය කරන්න ඕන ඒවගේ දේවල්

    ඒ වෙනුවට ඔය ලංකාවේ බහුතරය රැල්ලට කරන්නන් වාලේ හරිහමන් skill set එකක් නැතුව ළමා ලපටි එක්ක migrate කලහම ලංකාවට එවනවා තියා එහෙ ජීවත් වෙනවා කියන්නෙත් මාරම ගේමක්. ඒ වගේ අයගෙන් ඉතින් ඔය කියන විදෙස් විනිමය පොඩ්ඩක්වත් ලංකාවට එන්නේ නැහැ. ශ්‍රමය එහෙ දියකරලා හම්බවෙන සල්ලි ටිකත් එහෙම දියකරලා දානවාට අමතරව ලංකාවෙනුත් තව ගෙන්නා ගන්නා අය ඉන්නවා යාලුවන්ට පවුලේ අයට ණය වෙලා ඒ ණයත් පොලු තියනවා. හරිහමන් skill set එකක් තියන අයට රට යන්නම ඕනේ නැහැ දියුණු වෙන්න. ලංකාවේ ස්ථීර පදිංචිය තියාගෙන පිටරට රැකියාවල් කරන ගොඩ දෙනෙක් ඉන්නවා. ඔන්ලයින් ක්‍රම නිසා IT කරන අයට මේ අවස්ථාවන් වැඩියි. ලොකුම වාසිය තියෙන්නේ පිටරටවල තියන අදික වියදම් නැතිව ලංකාවේ විදිහට සරලව ජීවත් වෙලා පඩියෙන් වැඩි හරියක් ඩොලර් හැටියටම ඉතිරු කරන්න ලැබෙන එක. ගොඩක් අයගේ argument එකක් තමා ළමයින්ගේ පාසල් අධ්‍යාපනය නිසා රට යන්න කියන එක. නමුත් හොඳට හොයල බැලුවොත් ලෝකයේ ඉහලම මට්ටමේ අධ්‍යාපනය දෙන, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 10 ට ශිෂ්‍යත්වත් සමගම බොහෝ ළමුන් සමත් වෙන පාසල් කීපයක් ලංකාවේ තියනවා. මමත් migrate කරන අදහස අත්හැර දැමුවේ ළමයින්ව මෙවැනි පාසලකට ඔබා ගැනීමට පුළුවන් උන නිසයි. 😁

    ReplyDelete
  9. රෂිනි සුරියාරච්චිට පුකේ අරින්න ආසයි

    ReplyDelete
  10. අනුර කුමාරට දැන් කියන්න තියෙන්නේ නාමල් රාජපක්ෂ කියන දේමයි.

    ‘අපේ සල්ලි මෝල්ටාවේ තියෙනවනම් ඔප්පු කරන්න කියලා අපි අභියෝග කරනවා’

    ඕන තක්කඩියෙක් අන්තිමේට කියන්නේ ඕකනේ..පුලුවන් නම් ඔප්පු කර පෙන්වන්න කියල. අද ජවිපෙටත් කියන්න වෙන්නේ ඒ ටිකම තමා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න