ආදරය ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 13, 2023

ආදරය ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්

ටීවී දෙරණ නාළිකාවේ ‘දෙවෙනි ඉනිම’, ගණනාවක සිට, ප්‍රේක්ෂක හදවත් දිනූ ටෙලි සිත්තමකි. ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයට අලුතින්ම එක් වුණු චරිතය ටීනා ය. නිරූපිකාවක සහ නවක රංගන ශිල්පිනියක වන ගීතාංජලී ලක්ෂිකා, ‘ටීනා’ගේ චරිතයට පණ පොවයි. 
ලක්ෂිකා ගැන විස්තර කියමුද?
මගේ නම ගීතාංජලී ලක්ෂිකා. පදිංචිය හොරණ. මේ වෙද්දි මට වයස අවුරුදු විසි හතරයි. 

දෙවෙනි ඉනිමට සම්බන්ධ වුණේ? 
දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ රදීශ්ගේ චරිතය රඟපාන ඉෂාර අයියා තමයි මාව දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයට සම්බන්ධ කෙරුවේ. ඒ ගැන ඇත්තටම ඉෂාර අයියට මම ස්තුතිවන්ත වෙනවා. 

දෙවෙනි ඉනිම වගේ ජනප්‍රිය ටෙලි නිර්මාණයක රඟපාන්න ලැබීම ගැන හිතන්නෙ මොනවද?
ටී.වී දෙරණ නාළිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම කියන්නෙ තාමත් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ඉතින් ඒ වගේ ටෙලි නාට්‍යයක චරිතයක් රඟපාන්න ලැබෙන එක භාග්‍යයක් කියලයි මම හිතන්නෙ.
ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද? 
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් දෙනා මට කෝල්කරලා මැසේජ් කරලා සුබ පතනවා 

නිළියක් වෙන්න කලින් නිරූපිකාවක් නේද? 
ඔව්. වසර ගණනාවක ඉඳන් මම නිරූපිකාවක විදිහට කටයුතු කරනවා. මේ වෙද්දි මම පොටෝ ෂූට්, වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝවලට නිරූපිකාවක විදිහට රංගනයෙන් දායකවෙලා තියනවා. 

නිරූපණ කටයුතුවලදී කොට ඇඳුම්, ඇඟ පෙනන විවෘත ඇඳුම් අඳින්න වෙනවා නේද?
නිරූපිකාවක වුණාම ඕනෑම ඇඳුමක් අඳින්න පුළුවන් වෙන්න ඕන. නමුත් සමහර ඇඳුම්වලට අකමැති නම් ඒවා අඳින්නෙ නැතුව ඉන්න අපට අයිතිය තියනවා. කොට ඇඳුම් සහ යම් තාක් ප්‍රමාණයකට විවෘත ඇඳුම් මම නිරූපණයේදී අඳිනවා. ඒ ඇරුණාම ගොඩක් සරාගී බිකිනි වගේ ඇඳුම් මම අඳින්නෙ නැහැ. 
රංගනය නිසා නිරූපණය මඟහැරෙයිද?
නැහැ. නිළියක් විදිහට ගොඩනගා ගන්න අනන්‍යතාවය නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකරන්න දායක කරගන්නයි මම බලාපොරොත්තුවෙන් ඉන්නෙ. 

ටැටූස්වලට කැමතියි කියලා ආරංචියි?
ඔව්. මේ වෙද්දි මම පිට ප්‍රදේශයේ ටැටූ එකක් කරලා තියනවා. 
සිරුරේ හැඩය ලස්සනට තියාගෙන ඉන්නෙ කොහොමද?
මම කවදාවත් ජිම් ගිහින් ඇඟ හදගත්තෙ නැහැ. විනෝදාංශයක් විදිහට මම නර්තන කටයුතු කරනවා. නර්තනය නිසා මගේ ඇඟ හැඩට හැදිලා තියනවා. 

ආදරය ගැන මොකද හිතන්නෙ?
ආදරය කියන්නෙ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. හොඳ කෙනෙක් අපේ ජීවිතයට ළංවුණොත් ආදරය කියන්නෙ ගොඩක් සුන්දර දෙයක්. 

මේ වෙද්දි පෙම්වතියක්ද? 
ඔව්. මම පෙම්වතියක්.
ආදර සම්බන්ධයකදී වැඩිපුර ඕනෑ ආදරයද? නැතිනම් රාගයද? 
ආදරයෙදි ආදරය තමයි වැඩිපුර තියෙන්න ඕන. ඒ වගේම ආරක්ෂාව රැකවරණය වගේ දේවලුත් තියෙන්න ඕන. මේ දේවල් හරියට ලැබෙන කොට රාගය ඇතිවෙනවා. 

ආදර සම්බන්ධතාවය නපත්තපු ගමන් සමහර කොල්ලා කෙල්ලගේ වීඩියෝ ලීක් කරනවා. මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? 
ඇත්තටම ආදරය කළා නම් කවදාවත් තමන් යාළුවෙලා හිටපු ගෑනු ළමයාගේ නිරුවත ප්‍රසිද්ධ කරන්නෙ නැහැ. ගෑනු ළමයි දැනගන්න ඕන තමන් ආදරය කරන්නෙ කාටද ඒ කෙනාව විශ්වාස කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. විශ්වාසයක් ඇතුව හරි කෙනාව ජීවිතයට ළංකර ගන්නවා නම් මම හිතන්නෙ නෑ වීඩියෝ ලීක් කරනවා වගේ සිද්ධි අපට අහන්න දකින්න ලැබෙයි කියලා. 

විවාහ වෙන්න හොඳ සාමාන්‍ය සම්බන්ධතාවයකින්ද නැත්තන් ලිවිං ටුගෙදර් ඉඳලද?
මම හිතන්නෙ විවාහ වෙන්න හොඳ ලිවිං ටුගෙදර් සම්බන්ධතාවකින් කියලා. දෙන්නට දෙන්නාගේ ආකල්ප සිතුම් පැතුම් හැම දෙයක්ම තේරුම් අරගෙන ජීවත්වෙන්න පහසුම විදිහ ලිවිං ටුගෙදර් ඉඳලා කියලයි මම හිතන්නෙ. 
ඔබ කවදාහරි විවාහ වෙන්න කොහොමද?
මම කැමතියි ලිවිං ටුගෙදර් සම්බන්ධතාවයක් පවත්වලා විවාහ වෙන්න. සමහරවිට ඉදිරියෙදි මමයි මගේ පෙම්වතයි ලිවිං ටුගෙදර් ඉන්න ඉඩ තියනවා. 

ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් එක්ක ලිවිං ටුගෙදර් ඉන්න පුළුවන්ද?
ලිවිං ටුගෙදර් සංකල්පය වැරැද්දක් කියලා දකින්නෙ නොදියුණු ගෝත්‍රික මිනිස්සු කියලයි මම හිතන්නෙ. එක පාර විවාහ වෙන්නෙ නැතුව එකට ජීවත්වෙලා තමන්ගෙ සහකරුවව තේරුම් ගන්න එකෙන් පවුල් ආරවුල් දික්කසාද ප්‍රශ්න වගේ දේවල් ඇතිවෙන එක අඩුවෙනවා. ඉතින් මම හිතන්නෙ ලිවිං ටුගෙදර් සම්බන්ධතාවක් පවත්වලා දෙන්නට දෙන්නා තේරුම් අරගෙන විවාහ ජීවිතයකට යනඑක තමයි හොඳම විදිහ කියලා.

෴  ඡායාරූප - මුහුණු පොතෙන් 

Classified_Ad

Classified_Ad_News_Bottom