මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 8, 2023

පතනෙමි දිගාසිරි ඇදුරිදු සුනිලුන්ට

 





ගේ දොරකඩ පිපුණු සකුරා සිහිනයක 
තාත්තෙක් නොවූ ඔහු ලියු පිය අරුමයක 
සිතුවම් උන්මාද වුනු දුක් පෙම් ගී කවක 
අඹගස් යටට මල් හැලූ ගී කවි ගඟක 


සරුංගලේ  ජාතික සමගිය  පටලා 
ජාතක කථාවෙන් කුස පබවත මවලා 
බිම්බා දේවි  බුදු සිරිතෙන්   ඔපලා 
සිනමා ලොවේ ඔහු තම අසිරිය  සදලා 


පොත පත රැසයි ඉඩ මදි,  නම් ලියන්නට 
සරසවි සිසු කැලයි , බෑ ගාණක් කියන්නට 
රට ගිනිගත් එදා පවනක් තිලිණ කොට 
කල සේවයට ඇගයුම් ලැබුණිද නුඹට 


රට කරවන්නට විකුණන මුතු ඇටේ සිට  
රජ කරවන්නට දන මන පොබවා රහට 
මෙහෙවර කරන වෙහෙසෙන දින දින පැයට 
පතනෙමි දිගාසිරි ඇදුරිදු සුනිලුන්ට


අනුරුද්ධ වැලිගමගේ 




















2023 ජූලි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

No comments:

Post a Comment