අධිපුරුෂ් අවුල් ජාලයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 18, 2023

අධිපුරුෂ් අවුල් ජාලයක්

තෙලිගු සිනමා තරුවක් වන ප්‍රභාෂ් ලොව පුරා ජනප්‍රිය වූයේ එස්.එස්. රාජ්මෝලිගේ බාහුබලි චිත්‍රපට හරහා යැයි අමුතුවෙන් කිවයුතු නැත. බාහුබලිගෙන් පසු සහෝ සහ රාදේ-සියම් චිත්‍රපට හරහා ද ප්‍රභාෂ් දකින්න ලැබුණි. 

දැන් රාමායනය ඇසුරින් නිර්මාණය වුණු අධිපුරුෂ් චිත්‍රපටයේ රාමගේ චරිතයට පණ පොවන්නේ ද ප්‍රභාෂ්ය. පැය තුනකට ආසන්න ධාවන කාලයකින් යුත් අධිපුරුෂ් චිත්‍රපටය මේ වනවිට දැඩි අර්බුදයකට ලක් වී ඇත. 

ඒ චිත්‍රපටයේ පරිගණක ප්‍රයෝග ප්‍රේෂ්කයන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇති බැවිනි. චිත්‍රපටයේ පරිගණක ප්‍රයෝග සම්බන්ධයෙන් විවේචනය කරන පිරිස් සහ ප්‍රභාෂ්ගේ රසිතයන් අතරේ සිනමාහල්වල ගුටිබැට හුවමාරු පවා සිදුවන බව වාර්තා වේ. 

ඉන්දීය රුපියල් කෝටි 500 ක් වැය කරමින් නිර්මාණය කළ අධිපුරුෂ් හින්දි සහ තෙලිගු භාෂාවලින් තිරගත වීම ආරම්භ කළේ පසුගිය 16 වැනිදා සිටය. චිත්‍රපටය ඕම් රවුත්ගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටයේ සීතාගේ චරිතයට ක්‍රිති සනොන් සහ රාවණ (ලංකේෂ්) ලෙස බොලිවුඩ් සුපිරි තරුව සායිෆ් අලී ඛාන් ද එක්වී සිටිති. 
රාමායනය විකෘති කිරීම සහ චිත්‍රපටයේ පරිගණක ප්‍රයෝග සම්බන්ධයෙන් ඕම් රවුත් ප්‍රමුඛ එහි නිර්මාණකරුවන් ජාතියෙන් සමාව ගත යුතු යැයි ඉන්දියාවේ හින්දු ජාතිකවාදී සිව්සේනා පක්ෂය පවසා ඇත. සිව් සේනා පක්ෂය දිල්ලි මහාධිකරණයට මේ සම්බන්ධයෙන් පෙත්සමක් ද ඉදිරිපත් කර ඇත. ඒ, චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කරන්නැයි ඉල්ලමිනි.

Classified_Ad

Classified_Ad_News_Bottom