කුමර


කුමර,
හෙදියන් නයිට් ෂිෆ්ට් අතරතුර, 
ප්‍රේමයෙන් බැඳෙනු යැයි කයි කතන්දර බොහොමයි..

එනමුත්, රෙස්ටින් යන්න මත්තෙන්, 
මං සටන් කරන්නේ
වැඩ කෝටියක ප්‍රමාණය අහවර කරන්නටය.
ඒ අතරතුර, ඔබේ වදනක් අසන්නටය..

පෙම්බර, 
අනෙකුත් උන් ගැන නොදන්නෙමි.
ෂිෆ්ට් එක අතරතුර,
වදනක් නොඅසා, සියල් වැඩ හමාර කරන්නට මම වද වෙමි. 
පා රිදුම් දෙන තුරු ඇවිද යමි, රෝගීන් හා කියවමි. 
ටිකට් හරවා බලමි. අතපසු වූවක් ඇද්ද යන්න..

හැකි විගස පා අසුනක තබා ගමි.
රිදුම් දෙන පා යුගලට සහනයක් දෙමි.
විටෙක තරහ ගමි. 
වැඩ වැඩි වන තරමට.

කෙසේ මට අසම්මත ප්‍රේමයක්..

ඔබට පමණක් ප්‍රේම කරමි.
ඔබට පමණක් ළතෙත් වෙමි.
ඔබ ගැනම සිතමි.
මෙතරම් ප්‍රේමයක් ඇයිදැයි මම ඔබෙන්, ආයෙත් විමසමි.
#අරු

Comments

Post a Comment

Popular Posts