Main Logo

Tuesday 6 June 2023

පරගලයේ විපරිතය හා රනිල්

 

පරගලයේ විපරිතය හා රනිල්

 

ඊයේ මා ලියූ ලිපියට යහපත් ප්‍රතිචාර ලැබී තියෙනවා. සුපුරුදු පරිදි එයට හිනහ වූ අය හිටියා. ඔවුන්ට ඇත්තේ මෝඩාභිමානයක්. කාගේ යෙදුමක් වුවත් මෝඩාභිමානය කියන එක හොඳ කතාවක්. එහි වටිනාකම ඇත්තේ යෙදුම ගැන මුලින් හිතූ අය කවරකු වුවත් ඔහු ගැන හිතා ඇත්තෙත් මෝඩාභිමානයකින් වීම. අපි මෝඩාභිමානය ගැන තවදුරටත් කතා කරන්න ඕන. අද ලංකාවේ බොහෝ දෙනකුට යම් මෝඩාභිමානයක් ඇති බැවින්. එහෙත් එයට පළමුව පරගලය ගැන (එහිත් මෝඩාභිමාන තිබුණා)  වචනයක් දෙකක් කියන්න ඕන.

 

ඊටත් පළමුව කිව යුතු කරුණක් තියෙනවා. ඊයේ ලිපිය ගැන. එයට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස එක් අයකු මට කාළකාරාම සූත්‍රය ගැන සඳහන් කර තිබුණා. මා එය දැන සිටියේ නැහැ. ඔහුට පින්! මා සූත්‍රය මේ ලිපියට පසුව පළ කර ඇති. සූත්‍රයෙහි බුදුන්වහන්සේ සර්වඥතාව ගැන සඳහන් කර තියෙනවා. අනුව අපට කිව හැකි කරුණු දෙකක් තියෙනවා. එකක් සර්වඥතාව යනුවෙන් කියැවී ඇත්තේ එතෙක් පැවති දැනුම ගැන බවයි. අනෙක දැනුම ගැන බුදුහාමුදුරුවන් දේශනා කර ඇති දේ.

 

බුදුන්වහන්සේ දැනුම ගැන කියන කරුණුවලින් බොහෝ දේ පැහැදිලි වෙනවා. පිලිබඳ බුදුහාමුදුරුවන් මෙසේ දේශනා කර තියෙනවා. මා වගන්ති කිහිපයක් පමණක් උපුටා දක්වනවා. තමන්ට සූත්‍රය කියවා ගන්න පුළුවන්. මෙහි එය යනු දැනුමයි.

“එය මම මැනැවින් අවබෝධ කළෙමි. එය තථාගතයන් හට ඉතා ප්‍රකට අවබෝධ වූයේ . තථාගතයන් වහන්සේ එහි නොපිහිටා සිටියි.

එය මම සාමාන්‍ය ලෝකයා දකින පරිදි විපරීත සංඥාවෙන් දනිමි යි කියන්නෙම් නම් එය මාගේ බොරු බසෙකි (තං මම අස්ස මුසා).  

එය මම සාමාන්‍ය ලෝකයා දකින පරිදි විපරීත සංඥාවෙන් දනිමි යි කියා ත්, නොදනිමි යි කියා ත්, කියන්නෙම් නම් එය එබඳු වූ දෙයකි. එමෙන් එය මම නොදනිමි යි කියා ත්, නොදන්නේ නොවෙමි කියා ත් කියන්නෙම් නම් එය මගේ දොස් ඇති කීමකි.

අටලෝ දහමින් නොසැලෙන තාදී ගුණයෙන් යුතු මම සියල්ල කෙරෙහි තෙමේ සංවර වූයේ සත්‍ය හෝ මුසාව හෝ වශයෙන් පවසන්නා වූ අන්‍යයන්ගේ බස නොපිළිගනිමි.

එය හුලක් වශයෙන් දැක සාමාන්‍ය ජනයා පවසන අයුරින්දනිමි, දකිමියැයි පැවසුව එහිලා තථාගතයන් තුළ කිසිදු විපරීත සංඥාවක බැස ගැනීමක් නැත.”

 

සාමාන්‍ය ජනයා පවසන අයුරින් දැනුම දනිමි දකිමි කීව බුදුහාමුදුරුවන් එහි විපරිත සංඥාවක් ඇති කර ගෙන නැහැ. මා ඊයේ කී දේ වත්මන් දැනුම සම්බන්ධයෙන් සමග සසඳන්න පුළුවන්. බටහිර විද්‍යාව ගැන සාමාන්‍ය ජනයා පවසන්නේ විපරිත කතාවක්.

 

කෙසේ වෙතත් මගේ මිතුරු ජ්‍යෙතිෂවේදියකු කියන අයුරින් රනිල් වික්‍රමසිංහට ඇත්තේ විපරිත රාජයෝගයක්. ඔහු බලයට පත් වූයේ නම් විපරිත ආකාරයකට. මුළු රට විපරිත වෙලා තියෙන විට ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. 2024න් පසුවත් ඔහු විපරිත ආකාරයකට ජනාධිපති වෙන්න පුළුවන්. පරගලයේ ස්වයං පත්වීම් ලබාගත් න්‍යායාචාර්යයන්ගේ මෝඩාභිමානය ගැන කතා කිරීමට දෙයක් නැහැ. පරගලය රනිල් බලයට පත්කිරීම සඳහා බටහිරයන්ගේ සැලසුමක් බව පැහැදිලියි. එහි දී එයට දැනුවත් සහභාගි කර ගත් මෙරට ඒජන්තයන් සිටියා. දැන් පැහැදිලි වන ආකාරයට ඊනියා දෙමළ ඩයස්පෝරාව හෙවත් විසිරුණු දෙමළ ජනයා යොදා ගනු ලැබුවා. ඇතැම් මුදල් ගණුදෙනු ඔවුන් මගින් කෙරී ඇතැයි හිතන්න පුළුවන්.

 

පරගලයට පැමිණි සාමාන්‍ය ජනයාගේ කෙසේ වෙතත් එහි තිබුණේ සිංහල බෞද්ධ විරෝධයක්. සඳහා බටහිරයන්ගේ නියෝජිතයන් මෙරට පඬිනැට්ටන් වමාලා තම දායකත්වය ලබා දුන්නා. වෙසක් පොසොන් පාළු කළ අය පූජකයන් සමග එක් වී ප්‍රභාකරන්ට පහන් පූජා පවත්වා ආතල්ගම ආලෝකවත් කරන්න හැදුවා. පරගලයේ කොටස් දෙකක් හිටියා. එක කොටසක් එංගලන්තයෙන් මෙහෙයවනු ලැබූ පිරිසක්. ඔවුන් හරහා තමයි මූදල් පැමිණ ඇත්තේ. තවත් කොටසක් හිටියා පරගලය ඊනියා ජනතා නැගිටීමක් ලෙස සලකා මගින් තමන්ට බලය ලබා ගැනීමට හැකි යැයි සිතූ ඊනියා විප්ලවවාදීන්. අර න්‍යායාචාර්යවරුන් හිටියේ මේ දෙවැනි කොටස සමග. ඔවුන් අද ගලේ පැහැරූ බළලුන්ගේ තත්වයට පත්වෙලා.

 

අද බෝන් අගේන් ක්‍රියාකාරීත්වය පැහැදිලියි. ඇමරිකාවේ බෝන් අගේන් එංගලන්තයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානියට විරුද්ධයි. මා හිතන්නේ නැහැ රනිල් බෝන් අගේන් ව්‍යාපාරයට පක්‍ෂ කියා. අද විවිධ අත්අඩංගුවට ගැනීම් සිදු වෙනවා. මෝඩාභිමාන්නාක්කාරයන් අත් අඩංගුවට ගැනෙනවා. එහෙත් මේ සියල්ලෙහි යම් රටාවක් දකින්න පුළුවන්. පරගලයේ එංගලන්ත නියෝජිතයන්ට දෙවියන්ගේ පිහිට තියෙනවා. සෙප්පන්ට කෙසේ වෙතත් ජෙප්පන්ට බැල්මක් තියෙනවා.