HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කේට් කුමරිය මාලිගයේ ජීවිතයට හැඩ ගැසුණු හැටි!

ඇය හැමවිටම ප්‍රසන්නව සිනහමුසු මුහුණින් සිටිය යුතුය.

භෝජන සංග්‍රහ පැවැත්වීම 

ඇයට භෝජන සංග්‍රහ පැවැත්වීමට පවා නීති පනවා ඇත. ඇය රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන්නේ නම් ඉතා පරිස්සමෙන්, ඕනැකමින් එය කළ යුතුයි. හැම විට ම එය රාජකීය මාෂල්වරයාගේ කාර්යාලයේ සහය ලබා ගත යුතුය. කෑම මේසයට එක් වන අයගේ නාම ලේඛනය සැකසීමේ සිට අසුන් ගැන්වීමේ පිළිවෙළ දක්වා සිතාමතා සැලසුම් කළ යුතු වෙයි. කිසිම වැරදීමක් සිදු නොවීමට වග බලා ගත යුතු විය. මෙහි දී ඊට සහභාගි වන්නන්ගේ තරාතිරම, වයස, භාෂාව හා ඔවුන් උනන්දුව දක්වන කරුණු ගැන පවා විමසිලිමත් විය යුතුය. 

සුදු ලූනු ආහාරයට එක් කිරීම තහනම් 

මේ නීතිය දෙවන එලිසැබත් මහ රැජින ජීවත්ව සිටිය දී ඇය විසින් රැකිය යුතු වූ එකකි. එලිසැබත් මහ රැජින සුදු ලූනූවලට දැඩි අකමැත්තක් දැක්වූ නිසා බකිංහැම් මාලිගයේ ආහාර කිසිවකට සුදු ලූනු එක් කර ගැනීම තහනම් විය. එහෙත් මාලිගයෙන් පිටතදී ඇය සුදු ලූනු කෙතෙක් ආහාරයට ගත්තත් වරදක් නැත. 

ලැබෙන තෑගි සියල්ල බාර ගත යුතුය. 

කේට් කුමරිය ඇයට පිරිනැමෙන තෑගි කිසිවක් ප්‍රතික්ෂේප කරන්නේ නැත. රාජකීය පවුලේ හැමටම පිරිනැමෙන තෑග්ග කුමක් වුවත් සිනා පිරි මුහුණින් බාර ගත යුතුය යන්න රැජිනගේ නියමයයි. ඔවුන්ට ඒ නිසා විකාර තෑග්ගක් වුවත් එකම සතුටකින් පිළිගැනීමට සිදු වෙයි. 2015 දී ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ නම් ටීවී වැඩ සටහනෙන් ඔටුන්නක් තෑග්ගක් වශයෙන් පිරිනැමුණි. වරක් චාල්ස් කුමරුට ආචාර්ය උපාධි නිබන්ධයක් තෑගි වශයෙන් දෙනු ලැබීය. ඇන්ඩෲ කුමරුන්ට ආක්ටික් රිලවුන් ගැන නිපදවන ලද චිත්‍රපටයක සීඩී තැටියක් ප්‍රදානය කරනු ලැබීය. 

සවස හයෙන් පසු තොප්පි පැලඳින්නේ නැහැ 

කේට් කුමරිය ඇතුළු රාජකීය පවුලේ සාමාජික කතුන් සියලුම උත්සවවලදී තොප්පි පැලඳිය යුතුය. සවස හයෙන් පසු ඔවුන් කිසිවෙක් තොප්පි පැලඳින්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් රනින් කළ ටියාරාවක් හෝ ඔටුන්නක් හෝ එවැනි සිරස් අලංකරණයක් පැලඳීම කළ යුතුය. එවැනි පලඳනා නියමිත කෝනයකට සිටින ලෙස හිසහෙි රැඳවිය යුතුය. සාම්ප්‍රදායිකව එය ඔවුන් පැලඳුවේ හිසෙහි ඉදිරිපසට වෙන්නය. දැන් නවීන ක්‍රමයට ඒවා පලඳින්නේ අංශක 45 කෝණයකටය. 

ඇය පිරිසිදු ප්‍රතිරූපයක් පවත්වා ගෙන යායුතුය. 

රාජකීය පවුලේ සාමාජික කතුන් සියලු දෙනාම පිරිසිදු ප්‍රතිරූපයක් පවත්වා ගෙන යායුතුය. කේට් මිඩ්ල්ටන් කුමරිය කිසි දිනෙක ඇඳුම් පැලඳුම්වලදී වත් රූපලාවන්‍ය කටයුතුවලදී වත් පමණ ඉක්මවා කැපී පෙනෙන සේ ක්‍රියා නොකරන්නේ ඒ නිසයි. ආදිපාදවරියගේ ඡායාරූප දෙස බලන්න. ඇය වැඩි හැඩවැඩ වීම් සහිතව තද වෛවර්ණ ඇඳුම් ඇඳ සිටින බවත් ඒවායින් පෙනෙනවාද? නෑනේද? 

වේල්ස් කුමරු, කුමරිය දරු දෙදෙනකු සමග.

සංස්කෘතිය ගැන දැනුමක් අත්‍යවශ්‍යය. 

පිළිගැනීමට ලක්වන චරිතයක් හැටියට ඇයට නිල හමුවීම් නිසා නිතර ගමන් බිමන් යෙදෙයි. ඒ නිසා ඇයට මුණ ගැහෙන විවිධ සංස්කෘතීන්වලට අයත් අය ගැන පැහැදිලි අවබෝධයක් හා ප්‍රශස්ත දැනුමක් ඇය තුළ තිබිය යුතුය. ඇය සංචාරය කරන තැන්වල ඉතිහාසය ගැනත් දේශීය සංස්කෘතිය ගැනත් හොඳ දැනුමක් තිබිය යුතුය. ඊට අමතරව රාජකීය පවුලේ සාමාජිකයන් සෑම දෙනෙකු භාෂා කීපයක් ඉගෙන ගතයුතුය. 

ඇය මහ රැජිනට පිටුපා නොයා යුතුය 

එලිසැබත් මහ රැජින සිටිය දී තවත් නීතියක් ඇයට පනවා තිබුණි. ඒ ඇය කිසිවිටෙක මහ රැජිනට පිටුපා නොයා යුතුය. අද එයට මහ රජුටත් අදාළය. ඇය මහ රැජිනත් සමග කිසියම් තැනක සිටියොත් ඇය පිටව යායුත්තේ රැජින නික්ම ගියාට පසුවය. රාජකීය පවුලේ අනික් සාමාජිකයන් ද නික්මිය යුත්තේ රැජිනට අනතුරුවය. 

හැමවිටම නිවැරදි ඉරියව්වල සිටිය යුතුය. 

කේට් කුමරිය ඇතුළු රාජකීය පවුලේ සාමාජික කතුන් වාඩිවෙන ඉරියව් සියල්ල ඔවුන්ගේ ගෞරවය රැකෙන ආකාරයට තිබිය යුතුය. ඔවුන් කකුලක් පිට කකුලක් දමා වාඩිවී නොසිටිය යුතුය. නිවැරදි ක්‍රමය වන්නේ දණහිස් එකට සිටින ලෙස වාඩි වීමයි. එහෙත් වළලු කර ළඟින් පා එක මත එක තබා දණිස් එක්කර කකුල් ඇළ කර වාඩිවීමේ වරදක් නැත. 

තේ පානයේ දී කෝප්පය ඇල්ලීමටත් නීතියක් ඇත. 

තේ පානය එංගලන්තයේ ගෞරවණීය කාර්යයක්. ඒත් තේ පානය නිවැරදිව කරන හැටි කේට් දැන සිටිය යුතුය. තේ පානය නිවැරදිව කරන ආකාරයට අනුව තේ කෝප්පය ඇල්ලිය යුත්තේ මහපටැඟිල්ල හා දබරැඟිල්ල එක්කර, මැදැඟිල්ලත් සුළැඟිල්ලත් ඒ යටින් පිහිටන සේ තබා ගෙනය. කෝප්පයේ අඬුව අස්සට ඇඟිල්ල කිසිසේත් නොදැමිය යුතුය. රජ මාලිගයට එන්නට කලින් මහ රැජින අසතුටට පත් නොකර මෙසේ තේ කෝප්පය නිවරදිව අල්ලන විධිය කේට් බොහෝ වාර ගණනක් පුරුදු වන්නට ඇති. 

හැම විටම පපුව ආවරණය කර ගෙන සිටිය යුතුය. 

කේට් මිඩ්ල්ටන් කුමරිය ඇඳුමේ පපු පෙදෙසේ පියයුරු අතර බෙදුම පිටට නොපෙනෙන ලෙස පෙනී සිටීමට හැම විටම වග බලා ගත යුතුය. ඩයනා කුමරිය වාහනයෙන් බසින විට පපු පෙදෙසට වම් අත තබා ගෙන බසිනු ඔබ දැක ඇත. ඒ අනුව යමින් කේට් කුමරිය ද එසේ හැසිරෙනු ඔබට දැක ගත හැකිය. ඩයනා කුමරිය එදා එසේ කළේ පැපරාසි කැමරාකරුවන් ඡායාරූප ගැනීම වැළක්වීමටයි. 

ඇය ප්‍රසිද්ධ ස්ථානවලදී උඩු කබාය ඉවත් නොකරයි. 

කේට් කුමරිය උඩු කබායක් ඇඳ සිටියොත් ඇය එය ප්‍රසිද්ධියේ ඉවත් නොකරයි. එය උණුසුම් පරිසරයක වුවත් ඇය දරා සිටිනවා මිස උඩු කබාය ඉවත් කරන්නේ නැහැ. 

උල් අඩි සහිත සපත්තු නොපැලඳිය යුතුයි. 

කේට් කුමරිය ඒ අතින් නම් ටිකක් විප්ලවකාරියි. ඇය රැජින ඉදිරියේ උල් අඩි සහිත සපත්තු පලඳින්නේ නැහැ. ඒත් පිට දී ඇය එවැනි සපත්තු පලඳිනවා ඔබ දැක ඇත. 

වේදනාව කිසිසේත් පිටට නොපන්විය යුතුයි 

කේට් කුමරිය ගැබිනිව සිටියදී පවා වේදනාව කිසිසේත් පිටතට පෙන්නුවේ නැහැ. කෙතරම් ප්‍රසව වේදනාවක් වින්දද එය පිටත කිසි කෙනකුට නොපෙනෙන පරිදි විඳ ගත් බවත් සඳහන් වෙයි. ඒ තමා විඳි වේදනාව ගැන දැන ගත් විට අනිත් අය වද වීම වළක්වන්නටය. 


Post a Comment

0 Comments