Real Madrid ලොව වටිනාම පාපන්දු සමාජ අතරේ පෙරමුණට

134
Real Madrid Named Most Valuable Football Club

ලොව වටිනාම පාපන්දු සමාජ අතරේ පෙරමුණට පැමිණීමට සුප්‍රකට පාපන්දු සමාජයක් වන Real Madrid කණ්ඩායමට හැකිව තිබෙනවා.

මෙය ඔවුන් එම ලැයිස්තුවේ පෙරමුණ ගත් දෙවැනි අවස්ථාව වන අතර ඔවුන්ගේ ක්‍රීඩා සමාජයේ සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 6.07ක් ලෙස දැක්වෙනවා.

“පසුගිය වසරේ දත්ත සමඟ සංසන්දනය කරද්දී ක්‍රීඩා සමාජයේ වටිනාකම 19%ක අගයකින් වැඩි වෙලා තියෙන්නේ. ක්‍රීඩා පිටියේ දැක්වූ දස්කම් නිසා ලැබූ ආදායම් ද එම වටිනාකමට ඇතුළත් වෙනවා. අවසාන ශූරයින්ගේ කුසලාන නවයෙන් පහක් ජයග්‍රහණය කර ගැනීම මෙන්ම හවුල්කාර ගිවිසුම් අත්සන් කිරීමෙන් ලැබූ මුදල් එයට ඇතුළත්,” යැයි කණ්ඩායම විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ Manchester United රැඳී සිටින අතර ඔවුන්ගේ වටිනාකම ඇමරිකානු බිලියන හයක් වෙනවා.

පසුගිය කාලසීමාවේ මූල්‍යමය පසු බෑමකට ලක් වූවත් මෙවර La Liga කුසලානය ජයග්‍රහණය කළ Barcelona ක්‍රීඩකයින් එම ලැයිස්තුවේ රැඳී සිටින්නේ තුන්වැනි ස්ථානයේයි.

ඩොලර් බිලියන 5.29ක වටිනාකමක් සහිතව Liverpool සිව්වැනි ස්ථානයේ රැඳී සිටිද්දී, බිලියන 4.99ක වටිනාකමක් සහිත Manchester City පස්වැනි තැන සහ බිලියන 4.86ක් සහිතව Bayern Munich හයවැනි ස්ථානයේ රැඳී සිටිනවා.

පාපන්දු පිටියේ අවධානය දිනා ගත් කණ්ඩායමක් වන Paris Saint-Germain බිලියන 4.21ක වටිනාකමක් සහිතව හත්වැනි ස්ථානයේ රැඳී සිටිද්දී, Chelsea අට වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

Sports NDTV ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<