ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකට Rashid නැහැ

630

හෙටින් (02) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකට Rashid Khan ක්‍රීඩා නොකරන බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නිත්‍ය සාමාජික Rashid Khanට ඇති වී ඇති පිට කොන්දේ ආබාධයක් නිසා ඔහු ව පළමු තරග දෙකෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත්, ඔහු දැනට පූර්ණ වෛද්‍ය පරීක්ෂණ යටතේ සිටින බවත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් නිවේදනය කර ඇති බවයි ESPN සඳහන් කරන්නේ.

ඒ අනුව ඔහු නැවතත් ජුනි 07 වැනිදා පැවැත්වීමට නියමිත තරගාවලියේ තෙවැනි එක්දින තරගය සඳහා සහභාගී වනු ඇති බව අපේක්ෂා කරනවා.

මෙම තරගාවලියේ පැවැත්වීමට නියමිත එක්දින තරග තුන ම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 02 (හෙට), 04 සහ 07 යන දිනවල පැවැත්වෙන අතර, මෙම තරගාවලියෙන් පසු ඇෆ්ගනිස්තාන කණ්ඩායම බංග්ලාදේශය සමඟ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා (14) පිටත් ව යාමට නියමිතයි.

මේ අතර නිමා වූ IPL තරගාවලියේ අනුශූරතාව දිනා ගත් Gujarat Titans කණ්ඩායමේ සාර්ථක ම ක්‍රීඩකයෙකු බවට ද පත් වූ Rashid එම තරගාවලියේ දෙවැනියට වැඩි ම කඩුලු ලාභියා (27) බවට පත් වීමට සමත් වුනා.

නමුත් හෙටින් ඇරඹෙන තරගාවලියට ඔහුගේ සහභාගී වීම අවිනිශ්චිත නිසා ම Mohommad Nabi, Mujeeb Ur Rahman සහ Noor Ahmad යන ක්‍රීඩකයින්ට ඇෆ්ගන් දඟපන්දුවේ බර පැටවෙනු ඇති. කෙසේ වෙතත් Rashid සමඟින් ම ගුජරාටය වෙනුවෙන් විශේෂ දස්කම් දැක්වීමට සමත් වූ (කඩුලු 16) Noor Ahmad මෙම තරගාවලියේ දී විශේෂ කාර්ය භාර්යයක් ඉටු කරතැයි අනුමාන කළ හැකියි.

එමෙන්ම ඇෆ්ගනිස්තානය එළඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් සෘජු සුදුසුකම් ලබා ඇති අතර ඔවුන්ට මෙම තරගාවලිය ලෝක කුසලානය වෙනුවෙන් හොඳ පෙරහුරුවක් වනු ඇති. නමුත් ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ක්‍රීඩා කිරීමට ඉතිරි ව ඇති නිසා මෙම තරගාවලිය ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී මානසිකත්වයකින් යුතු ව සිටීමට හැකි වීම අතිශය වැදගත් වනු ඇති බවත් විශ්වාස කළ හැකියි.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<