හොඳම කළමනාකරු ගාඩියෝලා

289

මැන්චෙස්ටර් සිටි පාපන්දු කණ්ඩායමේ කළමනාකරු Pep Guardiola (පෙප් ගාඩියෝලා) “වසරේ හොඳම කළමනාකරුවා” ලෙස නම් කිරීමට League Managers Association – LMA (ලීග් කළමනාකරුවන්ගේ සංගමය) තීරණය කොට තිබෙනවා.

ලීග් තරගාවලියේ සියලු කාණ්ඩවල කළමනාකරුවන් විසින් ඡන්දයකින් තෝරාපත් කරගන්නා “වසරේ කළමනාකරුවා සම්මානය” හැඳින්වෙන්නේ “ශ්‍රීමත් ඇලෙක්ස් ෆර්ගසන් සම්මානය” ලෙසින්.

52 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික ගාඩියෝලාගේ කණ්ඩායම පිට පිට තෙවැනි වතාවටත් ලීග් ශූරයන් වූ අතර එබැවින් ඔහුට මෙම සම්මානය හිමි වුනා. කාන්තා සුපර් ලීගයේ කළමනාකාරවරියට හිමි සම්මානය චෙල්සී කණ්ඩායමේ කළමනාකාරිනි Emma Hayes (එමා හේස්) විසින් දිනා ගත්තා. චෙල්සී කාන්තා කණ්ඩායම පිට පිට සිව් වතාවක් කාන්තා සුපර් ලීග් ශූරතාවය දිනා ගත්තා.

ඔහුගේ (ඇලෙක්ස් ෆර්ගසන්) සම්මානය ලබා ගැනීම විශ්වාස කරන්න අමාරු තරම් ගෞරවයක්. අපි ඉන්නේ ලෝකයේ හොඳම ලීග් එකේ සහ මම ඔබට පොරොන්දු වෙනවා, ඊළඟ තරගවාරයෙදීත් අපි එතන ඉඳීවි,” ගාඩියෝලා BBC වෙත පැවසුවා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<