May 31, 2023

'කළු-සුදු' රේඩියෝ කෙටිකතාවක් ලෙස

ජ'පුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලය ගැන සොඳුරු මතක සටහන් ගොන්නක්ම මට තියෙනවා. බෝඩිම් වල නැවතිලා, හරියට කෑමක් බීමක් නැතිව, පාඩම් කරමින් ලැබුණු අමිහිරි අත්දැකීම් ඒ සොඳුරු මතක නිසා අමතක කරලා දාන්න පුළුවන්. මගේ ලියවිලි කීපයකටම ජ' පුරේ අත්දැකීම් මුහු කරලා තියෙනවා. සිරිදාස අයියාත් නයිස් නම් බල්ලා ත් ඉන්න 'කළු සුදු' කතාව ඉන් එකක්. ඒ කතාව මගේ 'සහස් පියවර' කෙටිකතා පොතෙත් පළවූණා. ඒත් දැන් ඒ කතාවට අලුතින් හුස්ම පිඹලා රේඩියෝ නාට්‍යයක් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ස්වදේශීය සේවයේ ගුවන් සරසවිය වැඩසටහනට. මේ වෙනුවෙන් මගේ කෙටිකතා තෝරාගන්න ඉනෝකා බොතේජු මහත්මිය ඇතුළු වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායමට මගේ හද පිරි ස්තූතිය. ඉනෝකාගේ හඬින් මේ කතාව අහන එක අපූරුම අත්දැකීමක්.


5 comments:

  1. මේ කතාව කලින් කියෙව්වා වගේ මතකයක් තියෙනවා. ඒත් ආයෙ කියවන්න ලැබුනට පාඩුවක් නෑ. නයිස් හොඳින් ඉන්නවා කියල දැණගන්න ලැබෙන එක හොඳ කතා අවසානයක්.
    https://www.youtube.com/shorts/fmCYpL9SXj8

    ReplyDelete
    Replies
    1. බස්සා - අනිවාර්යයෙන් කියවලා ඇති. මුද්‍රිත මාධ්‍ය කීපයකම පළ වුණා මේක.
      මේකේ සිරිදාස අයියා ගේ චරිතේ ජ'පුරේ හිටිය හැබෑම චරිතයක් :D

      Delete
    2. ඒ වීඩියෝව! 😂

      Delete
  2. what a nice story
    i love them all
    hope you will publish a new book sooner

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පබ්ලිෂින් වලට තාම බාලගිරි දෝසෙ නේ කුමුදු. නැත්නම් අඩුම ගානේ එකක් වත් මේ වෙද්දී ඇවිත් තියෙන්න ඕන. :\

      Delete