​තවත් ප්‍රවීණ ක්‍රීඩකයෙකු IPL පිටියට සමුදෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

7429

අද (29) පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසු ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව, අත්දැකීම් බහුල ක්‍රීඩක, Ambati Rayudu ප්‍රකාශ කර තිබෙනවා.

වසර 13ක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩා දිවිය තුළ  Mumbai Indians සහ Chennai Super Kings කණ්ඩායම් නියෝජනය කළ Rayudu කණ්ඩායම් ද්විත්වයටම විශාල සේවාවක් සැපයූ ක්‍රීඩකයෙක්.

Mumbai Indians සහ Chennai Super Kings යන ශ්‍රේෂ්ඨ කණ්ඩායම් නියෝජනය කරමින් තරග 204ක්, තරග වාර 14ක්, අවසන් මහා තරග 8ක් සහ ශූරතා පහක් දිනා ගත්තා. ඒ වගේම හයවැනි ශූරතාවය අද දිනා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඇත්තටම ඒක පුදුමාකාර ගමනක්. මම තීරණය කළා අද පැවැත්වෙන අවසන් මහා තරගය මගේ ක්‍රීඩා දිවියේ අන්තිම තරගය කියලා. මම ඇත්තෙන්ම මෙම තරගාවලිය ක්‍රීඩා කරමින් විශාල උද්‍යෝගයක් ලබා ගත්තා. හැමෝටම බොහොම ස්තුතියි, නැවත හැරීමක් නැහැ, යැයි ඊයේ පැවැත්වීමට තිබූ අවසන් මහා තරගයට පෙර ඔහු ප්‍රකාශ කර තිබුණා.

ඔහු මීට පෙර පසුගිය වසරේ දී සිය සමුගැනීම ගැන ප්‍රකාශ කර සටහනක් තබා තිබුනත්, Chennai Super Kings කණ්ඩායම් බලධාරීන් සමඟ සාකච්ඡා කිහිපයකින් පසු ඔහු සිය තීරණය වෙනස් කිරීමට කටයුතු කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ තරගය 200කට වැඩි ගණනක් ක්‍රීඩා කර ලකුණු 400කට අධික සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වූ Rayudu 2011 වසරේ මුම්බායි කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරමින් ඉහළ දස්කම් දැක්වූවා.

2018 පැවති තරග වාරය ඔහුගේ ක්‍රීඩා දිවියේ ඉහළම දස්කම් දැක්වූ තරග වාරය ලෙස හැඳින්විය හැකි අතර එහි දී ඔහු ලකුණු 602ක් රැස් කිරීමට සමත් වුනේ 150කට ආසන්න ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙවර අදියරේ අවසන් තරගය ඊයේ (28) පැවැත්වීමට තිබුනත්, ඇදවැටුණු මහා වර්ෂාව නිසා තරගය අද (29) දිනට කල් දැමීමට සිදු වුනා.

එම අවසන් මහා තරගය සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. තරගයේ උණුසුම සජීවීව විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<