BRC, SSC, Tamil Union, Sebastianites සහ Air Force ජයග්‍රහණ ලබයි

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

519
SLC Major Clubs T20 Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (28) පැවැත්වුනා.

එම තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට Burgher Recreation, Air Force SC, SSC, Sebastianites C & AC සහ Tamil Union C & AC කණ්ඩායම් සමත් වුනා.

දිනයේ වැඩිම අවධානය දිනා ගත් තරගය බවට පත් වූ SSC සහ Kurunegala YCC අතර තරගයේ දී ලකුණු 95ක ඉලක්කයක් ආරක්ෂා කර ගැනීමට SSC පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

අගනා පන්දු යැවීමක නිරත වූ කළණ පෙරේරා පන්දුවාර 4ක් තුළ ලකුණු 10ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර නිසල තාරක සහ ලක්ෂිත මනසිංහ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

Kurunegala කණ්ඩායම වෙනුවෙන් නවීන් ප්‍රනාන්දු පිත්තෙන් ලකුණු 46ක් සහ පන්දු යැවීමෙන් එක් කඩුල්ලක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූවත් අවාසනාවන්ත ලෙස තරගය පරාජය වීමට ඔවුන්ට සිදු වුනා.

ලක්ෂාන් ගමගේ වාර්තා කළ අර්ධ ශතක (52) සහ දුවිඳු තිලකරත්නගේ (3/15) දස්කම් නිසා Negombo කණ්ඩායම පරදවා ලකුණු 53ක ජයක් ලබා ගැනීමට BRC කණ්ඩායමට හැකි වුනා.

මෝවින් සුබසිංහ ලබා ගත් ලකුණු 55 සහ ආදිත්‍ය සිරිවර්ධන වාර්තා කළ ලකුණු 23 නිසා පොලිස් කණ්ඩායමට එරෙහි තරගයේ කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි වුනේ ගුවන් හමුදා කණ්ඩායමටයි.

කෙටි ලකුණු පුවරුව

SSC සහ Kurunegala YCC

  • SSC – 95 (16.5): අවිශ්ක ප්‍රනාන්දු 39, දිලංක අවුවඩ් 3/14.
  • Kurunegala YCC – 85 (17.4): නවීන් ප්‍රනාන්දු 46, කළණ පෙරේරා 3/10.

SSC කණ්ඩායමට ලකුණු 9ක ජයක්.

Burgher Recreation සහ Negombo CC

  • Burgher Recreation – 144/7 (20): ලක්ෂාන් ගමගේ 52, භාග්‍ය දිසානායක 36, ශේෂාන් ප්‍රනාන්දු 2/31.
  • Negombo CC – 91 (17.1): ජොහැන්නේ ද සිල්වා 26, දුවිඳු තිලකරත්න 3/15.

BRC ක්‍රීඩකයින්ට ලකුණු 53ක ජයක්.

Police SC සහ Air Force SC

  • Police SC – 115 (20): දනුජ ඉඳුවර 22, දනාල් හේමානන්ද 21, දනෝෂ් ද සිල්වා 4/9.
  • Air Force SC – 116/6 (16.2): මෝවින් සුබසිංහ 55, ආදිත්‍ය සිරිවර්ධන 23, නලින් ප්‍රියදර්ශන 2/25.

Air Force කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Sebastianites C & AC සහ Nugegoda S & WC

  • Nugegoda S & WC – 108/9 (20): තරිඳු කෞෂාල් 38*, ටී. එම්. සම්පත් 21, ශශ්රික පුස්ගොල්ල 3/12, තරිඳු රත්නායක 3/20.
  • Sebastianites C & AC – 109/3 (16): අභිෂේක් ලියනාරච්චි 50*, ශශ්රික පුස්ගොල්ල 30.

Sebastianites C & AC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

Tamil Union C & AC සහ Badureliya SC

  • Tamil Union C & AC – 147/7 (20): සම්මු අශාන් 48, කමේෂ් නිර්මාල් 35, සෙනාල් ද සිල්වා 2/10, නරේන් මුරලිදරන් 2/29.
  • Badureliya SC – 123/6 (20): අනුක් ප්‍රනාන්දු 39, විශාර ප්‍රනාන්දු 39, හසිත අමරසිංහ 29, ඉසුරු උදාන 3/22.

Tamil Union කණ්ඩායමට ලකුණු 24ක ජයක්.

Ragama CC සහ Bloomfield C & AC

  • Ragama CC – 139/ 8 (20): රන්මිත් ජයසේන 38, අවිශ්ක තරිඳු 27, ලහිරු මධුශංක 3/22, අදීශ තිලංචන 2/27.
  • Bloomfield C & AC – 140/6 (19.4): නිපුන් කරුණානායක 36*, සඳුන් වීරක්කොඩි 33, අදීශ තිලංචන 22*, ශශික දුල්ෂාන් 2/16.

Bloomfield C & AC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

2023 අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<