Main Logo

Sunday 28 May 2023

ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය යටතේ සිංහල බෞද්ධ සංස්කෘතිය

 

ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය යටතේ සිංහල බෞද්ධ සංස්කෘතිය 

 

බටහිර රටවල ක්‍රිස්තියානි සංස්කෘතිය ස්ථාවර කෙරුණේ සියවස් කිහිපයකට පෙර. අද ලෝකය පුරා ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක් තියෙනවා. ක්‍රිස්තු උපත පිළිබඳ කතාව විවේචනය කළ පමණින් හරි යේසුස් වහන්සේ වතුර ඇවිද්දේ කෙසේ දැයි ඇසූ පමණන් හරි  චාල්ස්ගේ විවාහය ප්‍රශ්න කළ පමණින් හරි   ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට අබමල් රේණුවක හානියක් සිදු වන්නේ නැහැ. ක්‍රිස්තියානි සංස්කෘතියේ රැකියා කරගෙන ඉන්න ඊනියා බුද්ධිමතුනට ගැන කිසිම වැටහීමක් නැහැ. 

 

පරගලය ඇති කෙළේ ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය යටතේ සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතුගා දැමීමට. බටහිර විද්‍යාව කටගාගත් සමහරුනට ඇතැම් හාමුදුරුවරුන්ගේ චර්යාව ප්‍රශ්නයක් වීමට පුළුවන්. ඔවුන් අර තාප්පවලින් පනින හාමුදුරුවරුන් ගැන කතා කරන්නේ නැහැ. සිංහල බෞද්ධයන්ට දරදඬු නීති පද්ධතියක් නැහැ. ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය මගින් සිංහල බෞද්ධ සංස්කෘතික මුල් දිය කර හැර තියෙනවා. 

 

ඉන් කියැවෙන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය උසස් කියන එක නො වෙයි. උතුරු ඇමරිකාවෙන් කතෝලික ස්පාඤ්ඤ හා ප්‍රංශ කතෝලික සංස්කෘති මුළුමනින් මෙන් අතුගා දැමීමට සමත් වූ ක්‍රිස්තියානි සංස්කෘතියේ සැලසුම් අප තේරුම් ගන්න ඕන. අවාසනාවකට බෞද්ධ යැයි කියන පාසල්වලින් තේරුම් ගැනීමට සමත් පුද්ගලයන් බිහි කෙරුණේ නැහැ. ඔවුන් සමහරකු තම ඊනියා උගත්කම ආරක්‍ෂා කර ගැනීමට බයිලා කියනවා.   අපි හෙට මෙය විස්තරාත්මක කතා කරමු.